IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


එයා මට විවිධ SMS එවනවා

ප‍්‍රියන්ත හොඳම නළුවා වෙද්දි හොඳම නිළිය වුණේ නිල්මිණි තෙන්නකෝන්. පුංචි තිරේදී අපිට අමතක නොවන ඒ වගේම අමතක කළ නොහැකි චරිත ගණනාවක්ම කළ සම්මානනීය නිළිය නිල්මිණි අපි කැඳවා ගත්තා.

 

20160829Nilmini-2ඔබට සතුටුයිද දැන්?

ඇත්තටම.. මම රංගන කටයුතු පටන්ගත් දවස්වල ඉඳලා මට සම්මාන ලැබුණා. මුලින්ම මට ලැබුණේ රූපවාහිනියේ ජනප‍්‍රිය නිළියට හිමි සම්මානයයි. ඊට පස්සේ සිනමාවෙදී නැගී එන නිළියට හිමි සම්මානය ලැබුණා.

ඊට පස්සේ හොඳම නිළිය මේ වෙනකොට මම විසිඑක් වතාවක් සම්මානිත නිළිය බවට පත් වෙලා තියෙනවා. ඉතින් මට සතුටු නැද්ද?

 

ඔබ හොඳම නිළිය වුණේ ?

තිළිණ බොරලැස්ස අධ්‍යක්ෂණය කළ අම්මා ටෙලිනාට්‍යය ඩිංගිරි අම්මා කියන චරිතයට.

 

ඔබ හොඳම නිළිය වෙන්න, මේ චරිතය වෙනුවෙන් ගොඩාක් කැපකිරීම් කරන්න ඇති?

එහෙම නැතුව බැහැ. අපිට චරිතයක් ලැබුණම ඒ චරිතය ගැන මහ ලොකු හැදෑරීම් කරන්න  ඕනෙ. එහෙම නැතුව අපිට යම් චරිතයක සැබෑ ඇතුලාන්තය තේරුම් ගන්න බැහැ. ඉතින් මේ චරිතය මට ලැබුණම, මම මුලින්ම කළේ උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මා පොත අරගෙන කියවපු එක. මේකෙන් මම ඩිංගිරි අම්මා කියන්නෙ මොන වගේ ගැහැණියක්ද කියන එක දරුවො දහදෙනෙක් එක්ක ඇය මොනතරම් දුකක් වින්දද කියන එක තේරුම් ගත්තා. ඒත් එකෙකින් සෑහීමකට පත් වෙන්න මට බැරි වුණා.

පස්සේ මම උපුල් ශාන්තගෙන් අහගත්තා මේ ඩිංගිරි අම්මාගෙ චරිතයෙ තවත් අභ්‍යන්තර දේවල්.

ඊටත් පස්සෙ මං ගල්වළවල්වලට ගිහින් ඒවායෙ ගෑණු ගල් කඩන්නෙ කොහොමද කියන එක හොයලා බැලූවා.

ඇත්තෙන්ම මට පුදුම හිතුණා. ගල්වළවල්වල ගැහැණු දහඩිය මුඟුරු දාගෙන ගල් කඩන්න විඳින වදය දැක්කාම. ඒ වගේම පුදුම දුකක් හිතට දැනුණා.

මට දැනුණ ඒ දුක... ඒ හැඟීම... ටෙලි නාට්‍යය නරඹන පේ‍්‍රක්ෂකයන්ගෙ හිතේ ඇති කරන්න මං පුළුවන් තරම් උත්සාහ ගත්තා. මම හිතනවා මම සාර්ථක වුණයි කියලා.

නමුත් මට මතකයි මීට පෙර පැවැති සම්මාන උළෙලකදී මේ නාට්‍යය, මේ චරිතය නිර්දේශ වෙලාවත් තිබුණෙ නැතිවග. නිල්මිණිට මොකද එතකොට හිතුණෙ.

පුදුම හිතුනා මිස මම වෙන මොනවා හිතන්නද?

 

20160829Nilmini-1එතකොට මෙවර හොඳම නිළිය වීම ගැන ඔබට පුදුම හිතෙන්නේ නැද්ද?

මට පුදුම හිතෙන්නේ මම හොඳම නිළිය වීම ගැන නෙමෙයි, මට ලැබුණු ඒ සම්මානය දරාගන්න බැරිව මට තර්ජනාත්මකව එස් එම් එස් එවන සමහරු ගැන.

 

ඒ කියන්නේ?

මගෙත් එක්ක මේ සම්මානයට නිර්දේශ වුණු එක්තරා නිළියකට ඒ සම්මානය නොලැබීම ගැන එක් කෙනෙකුට රිදිලා. එයා මට විවිධ එස් එම් එස්  එවනවා. නමුත් කාගේවත් තර්ජනයකින් සැළෙන හිතක් මට නෑ. මම තව අඩි දහයක් ඉස්සරහට යන්න ඒ තර්ජනය ශක්තියක් කර ගන්නවා........

නමුත් මම ඒ ගොල්ලන්ට කියනවා මෙන්න ඇවිත් මට ලැබුණු සම්මානය අරගෙන යන්න කියලා.

 

නිල්මිණි මේ  දවස්වල තවත් ටෙලිනාට්‍යයක රඟපානවා නේද?

ඔව්. හිරු නාළිකාවේ විකාශය වෙන අඳුරු සෙවනැළි නාට්‍යයෙත් රඟපානවා. නිහාල් ප‍්‍රනාන්දු අලූතින්ම අධ්‍යක්ෂණය කරන තවත් නාට්‍යයක රඟපාන්න සූදානමින් ඉන්නවා. තවම ඒකට නමක් දාලා නැහැ. කොහොම හරි මම රඟපාන්නෙ අවුරුද්දකට ටෙලි නාට්‍යය දෙකක විතරයි.

 

ඒ කියන්නේ නිල්මිණි ආවට ගියාට ටෙලිනාට්‍ය බාර ගන්නේ නැහැ.

ඇත්තටම ඒකට එක හේතුවක් තමයි මම කාර්යබහුල වීම. මගේ සැලෝන් එකේ වැඩ වගේම මගේ දුවගේ වැඩත් ගොඩාක් මට තියෙනවා. ඒ හින්දා මම ටෙලිනාට්‍යයක් තෝරාගනිද්දී මට කරන්න පුළුවන් මිනිස්සුන්ට දැනෙන චරිතයක් තෝරා ගන්න උත්සාහ ගන්නවා. එහෙම නැතුව එක එක චරිත රඟපාන්න මම බාර ගන්නේ නැහැ.

 

ශාන්ත කුමාර විතාන



අදහස් (0)

එයා මට විවිධ SMS එවනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 199 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 2409 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 892 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 2606 1

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1563 8

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 2863 7

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39327 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25643 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 339 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1121 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site