සුවකළ නොහැකි අසනීපයකින් පසුවන ජනප්‍රිය නිවේදක එල්මෝ ප්‍රනාන්දු මහතාගේ සුව දුක් විමසීමට පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පසුගියදා තලංගම පිහිටි ඔහුගේ නිවසට ගියේය.
හලාවත උපත ලද එල්මෝ ප්‍රනාන්දු වසර 47ක පමණ කාලයක් ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරවද තම නිර්මාණශීලී කටහඬ උපයෝගී කරගෙන මාධ්‍ය මෙහෙවරක නිරතවිය.
එල්මෝ වසර 47ක් පුරා ප‍්‍රකට නිවේදකයෙකු ලෙසද කටයුතු කර තිබේ. බී.බී.සී ලෝක ප‍්‍රවෘත්ති සේවයට සම්බන්ධ ශී‍්‍ර ලාංකිකයෙකු ලෙසට යුග මෙහෙවරක් ඉටු කර ඇති එල්මෝ ප‍්‍රනාන්දු ගේ සුවදුක් බැලීමට ගිය ජනමාධ්‍ය ඇමතිවරයා ඔහුගේ අමිල සේවය ඇගයීම ලක් කළේය.
දරු තිදෙනෙකුගේ පියෙක් වූ එල්මෝ ප‍්‍රනාන්දු මහතා බොහෝ කාලයක් ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප‍්‍රවෘත්ති නිවේදකයෙකු ලෙසද කටයුතු කර තිබේ. තමාගේ සුවදුක් බැලීමට තම නිවසටම පැමිණීම පිළිබඳව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතාට තම කෘතඥතාවය පළකර සිටි එල්මෝ ප්‍රනාන්දු ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් තමාට ලැබිය යුතු විශ‍්‍රාම වැටුප ලබා දෙන ලෙස ඇමැතිවරයාගෙන් ඉල්ලීමක්ද කළේය.
ඇමැති ගයන්ත කරුණාතිලක මහතා එම අවස්ථාවේදීම ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නන්ද මුරුත්තේට්ටුවගම මහතාට දුරකථනයෙන් කථා කර මෙම ඉල්ලීම පිළිබඳව හැකි ඉක්මනින් කටයුතු කරන ලෙසද දැන්වීය.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
මාතර මැතිවරණ කොට්ඨාසයේ ජය / ජාතික ජනබලවේගයේ ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.
දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .
කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .
අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .
මඩකළපුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද රනිල් වික්‍රමසිංහ මහතා දිනාගත්තේය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5967කි. සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ච 3205 හිමි විය. අනුරකුමාර ද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
එල්මෝගේ දුක සැප බලන්න ජනමාධ්‍ය ඇමැති යයි
කොඩිකාර Tuesday, 20 October 2015 07:52 AM
අපිට කවදාවත් මේ හඬ අමතකවෙන්නේ නැහැ. හැබැයි රුව දැක්කේ අදයි (නි)
ජයනාත් Wednesday, 21 October 2015 03:44 PM
සම්පත් පතිරණ ඔබ හරි..! එල්මෝ මහතාණනි ..! ඔබේ කටහඬ වැනි ලෝක ප්‍රවෘත්ති වලට ගැලපෙන තවත් සිංහල කටහඬක් වෙන නැහැ.ඔබ බීබීසියේ මතය නේ කියන්නේ..! .එය ඔබේ රාජකාරිය මිස ඔබේ මතය නොවන්නට පුළුවන් .සාමාන්‍යයෙන් බීබීසී කාරයෝ ගන්නේ සුළු ජන කොටස් වල පැත්ත...පුවත් වල වටිනාකම වැඩිකරගන්නත් එක්ක..! ඒ වගේම අකාලයේ ඝාතනය වුන යාපනේ බීබීසී වාර්තාකරු නිමලරාජන් වත් අමතක කරන්න බැහැ . ඔබට නිරෝගී සුව...! ලංකාදීපයට තුති ..! එල්මෝ ව පෙන්නුවාට. (බ)
අජිිත් කුමාර Wednesday, 21 October 2015 03:47 PM
අදහන්න ඔිින මිිනිහෙක් තාවමත් කටහඬ අැහෙනවා වගේ (රේ)
චන්දික Tuesday, 20 October 2015 08:43 AM
එල්මෝ කියන්නේ ඇති දක්ස නිවේදකයෙක්.ගයන්ත මැතිතුමාට ස්තුති.(රේ)
සඳරුවන් Tuesday, 20 October 2015 09:11 AM
ඒක ඇත්ත නිමන්ත, මට මෙතුමන්ලා ගැන දකිනකොට මතක් වුනේ ' මගේ දේශය මගේ ජාතිය' නන්දා මාලනී මහත්මිය කියන ගීතයයි. (බ)
නිමන්ත Tuesday, 20 October 2015 04:53 AM
එල්මෝ මහත්තයා බී.බී.සී. සිංහල සේවය මඟින් යුද්ධය තිබෙන කාලයේ කළ මෙහෙවර අපිට තාම මතකයි. (නි)
අයිකේඑස් චන්ද්‍රසිරි Tuesday, 20 October 2015 09:12 AM
අපිත් නිතරම මුමුණන පදයක් එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට (බ)
ඉෂාර Tuesday, 20 October 2015 04:55 AM
අගය කළයුතු කටයුත්තක්. මොවුන්ගේ සේවය ඇගයිය යුතුයි (නි)
කමනි Tuesday, 20 October 2015 09:17 AM
මට හිතෙන විදියටනම් විශ්‍රාම වැටුප ප්‍රමාද වුණ කරණය හොයල විෂය බාර ලොක්කව ගෙදර යැව්වනම් තමයි හරි. ගණන් ගන්න එපා මං දකින්නේ දවල් හිනයි. (බ)
ධර්ම ජයවික්‍රම Tuesday, 20 October 2015 05:19 AM
'දුක් සැප කුමන්දා - අසන මැතිදෝ වෙන කොයින්දා.' විශ්‍රාම වැටුපවත් ගෙවා නැති හැඩයි. (බ)
සුපුන් Tuesday, 20 October 2015 05:28 AM
විශ්‍රාම වැටුප දෙන්න කියලා ඇමතිතුමා හරහා ඉල්ලීමක් කරන්න ඕනෑද? නිලධාරියෝ සහ සේවකයෝ හරියට වැඩ කරනවා නම් ඇමතිට කියන්න ඕනෑද....? (නි)
උපාලි Tuesday, 20 October 2015 05:50 AM
විශ්‍රාම වැටුපට සිදුව ඇති දේ ගැන නම් බොහොම කණගාටුයි (නි)
උපුල් Tuesday, 20 October 2015 05:57 AM
...“.......බී.බී.සී.ලෝක සේවයේ සන්දේශයට... එල්මෝ ප්‍රනාන්දු කොළඔ සිට..“. ඔහුගෙ ලස්සන ප්‍රවෘත්ති ශෛලියට මම තාමත් ආසයි... (නි)
නුවන් Tuesday, 20 October 2015 05:56 AM
ඇත්ත උපුල්, ඒ හඬ තවමත් ඇහෙනවා වගෙයි (නි)
වෙනුර Tuesday, 20 October 2015 06:00 AM
මටත් ඒ අතීතය අද වගේ මතකයි. හරිම සුන්දර මතකයක් ඒක (නි)
අයි. කේ. එස් චන්ද්‍රසිරිි Tuesday, 20 October 2015 09:20 AM
මෙතුමව ෆොටෝ එකකිින් හරි දැක්නේ අද තමයි කොයි තතරම් සමීප කෙනෙත් උනත් (රේ)
රදේ-බර්ලින් Tuesday, 20 October 2015 05:58 AM
ඔබේ කටහඬ සදා මතකයේ තියෙනවා. අද තමා රූපය දැක්කේ. කරුණාරත්න අබේසේකර, ලලිත් එස්. මෛත්‍රීපාල වැනි නිවේදකයන්ට නොදෙවෙනි වන ඔබතුමාට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය සැළසී චිර ජීවනය සැළසේවා. මෙබඳු ශූරින්ගෙ කටහඬවල් ඇතුළත් වැඩසටහන් නැවත ප්‍රචාරය කිරීම ශ්‍රාවකයන්ට මිහිරකි. අද ඉන්න නිවේදකයන්ට පාඩමකි. (නි)
සම්පත් පතිරණ Tuesday, 20 October 2015 09:26 AM
උපුල් ..බී.බී.සී.ලෝක සේවයේ සන්දේශයට... එල්මෝ ප්‍රනාන්දු කොළඔ සිට..“ එ්ක අපිටත් කවදාවත් අමතක නොවන වදන් පෙළක් (බ)
රංගන Tuesday, 20 October 2015 06:09 AM
මෙතුමා වැනි අය අද බොහොම විරලයි. ඔහු හැබෑම දක්ෂයෙක් (නි)
චින්තක Tuesday, 20 October 2015 09:41 AM
ඔබතුමාගේ සේවය ඇති විශිෂ්ටයි.මේ ලෝකයේ හිත ඇත්නං කල නොහැක්කක් නොමැත. ඉක්මන් සුවය ලබා ඔබගේ ඒ සේවය නැවත ලක් මාතාවට ලබා දෙන්න. (ම)
දයාජ Tuesday, 20 October 2015 06:12 AM
''බීබීසී සංදේශයට -එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට'' යනුවෙන් මට කාලෙකින් අසුනේ නැහැ. මහතාණෙනි, කුමන හාස්කමකින් හෝ ඉක්මන් සුවය ලබා, නැවතත් ලියුම්කරු වශයෙන් වැඩසටහනට එක්වන්නට සිත ධෛර්යමත් කරගන්න.ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවායි මගේ පැතුමයි! (නි)
හේමන්ත Tuesday, 20 October 2015 10:00 AM
මේක හොද දෙයක්. එතුමා දක්ෂයෙක්, නමුත් බි.බි.සි. නිවුස් හරහා කළ කී ඔක්කොම අනුමත කරන්න නම් බැහැ. (බ)
කුමාර Tuesday, 20 October 2015 07:19 AM
සදා මතකයේ රැඳුන හඬක් (නි)