IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


එලීලන්ගේ බිරිය ජගත් පරීක්ෂණයක් ඉල්ලයි

මුලතිව්හි වෙල්ලමුල්ලිවයික්කාල්හි අවසන් සටන සිදුවූ බිමේ දී මිය ගිය සාමාන්‍ය වැසියන් සුදුසු අවස්ථාවේ දී ස්මාරකයක් ඉදි කළ යුතු යැයි කියන යෝජනාවක් උතුරු පළාත් සභාවේ දී සම්මත විය.

මන්නාරමේ සමූහ මිනීවලේ ඇටකටු පරීක්ෂා කිරීමට එක්සත් ජාතීන්ගේ රසායන විද්‍යා විශේෂඥයකු කැඳවන්නැයි කියන තවත් යෝජනාවක් ද සම්මත විය.

කොටි සංවිධානයේ නායකයෙකු වූ එලීලන්ගේ බිරිය ආනන්දි ශෂිධරන් මන්ත්‍රිනිය යෝජනාවක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ යුද්ධයේ අවසන් සමයේ සිදුවූ ‘සමූල ඝාතනය‘ ගැන අන්තර් ජාතික පරීක්ෂණයක් අවශ්‍ය බවයි.

‘සමූල ඝාතනය‘ යන වචනය පාවිච්චි නොකරන ලෙස මහ ඇමැති සී වී විග්නේෂ්වරන් මහතා ඇයට උපදෙස් දුන්නේය.

යෝජනා තුනම සම්මත විය.

 

 



අදහස් (0)

එලීලන්ගේ බිරිය ජගත් පරීක්ෂණයක් ඉල්ලයි

අනුර Tuesday, 28 January 2014 08:46 AM

ඇමරිකාව කැලේ මාරු කරලා වගේ.(නදී)

:       0       0

අනුර ශාන්ත Tuesday, 28 January 2014 09:34 AM

මිනිස් ගාතන කවුරුකලත් උන් ම්නිමරුවෝම තමයි. කොටි සංවිධානයේ නායකයෙකු වූ එලීලන්ගේ බිරිය ආනන්දි ශෂිධරන් මන්ත්‍රිනිය ඔය යෝජනාව කරන්න ඕනේ මන්නාරමට විතරක් නොවේ. ඔබතුමියගේ මහත්තයා එල්. ටි. ටි. ඉ. සංවිදානයත් සමග කරපු සමුල මිනිස් ඝාතන කොපමණද? ඒ වටත් එක්ක යෝජනා සම්මත කරගන්න. එතොකටනේ ඔබතුමියගේ සමබරතාවය පෙනෙන්නේ. (නදී)

:       0       0

ඉන්දික Monday, 27 January 2014 06:24 PM

කොටි කරපු මිනීමැරුම් ගැනත් හොයන්න කියල යෝජනා සම්මත කරනම් තමා හොද. එලිලන් කරපුවත් එක්කම. (අ)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 28 January 2014 11:30 AM

මගේ මල්ලි මේජර් හේමසිංහ එක්ක දහසක් පමණ යුධ හමුදා නිලධාරීන් මුලතිවු කඳවුරේදී මරල වල දාපු එකත් හොයන්න ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලන්න එම නිලධාරීන්ගේ දෙමව්පිය බිරින්දෑවරු සහ දරුවන් සමග පෙළ ගැහෙමු. (නදී)

:       0       0

චන්දන Monday, 27 January 2014 06:43 PM

කරුණාකර එළිලාරින්ලා කරපුවට බිරිදට නඩු දමන්න (අ)

:       0       0

නුවන් Monday, 27 January 2014 06:48 PM

කෝ මේ දකුණේ පළාත් සභා නැද්ද මේවට උතර දෙන්න (අ)

:       0       0

කුමාරන් Monday, 27 January 2014 07:07 PM

ඔය කාන්තාවග ස්වාමිපුරුෂයා මිනිසුන් මරද්දි ඔය තැනැත්තිය මොනවද කළේ? මරණයට අනුබල දීමත් වැරද්දක්.එයට හරි යන්නේ පළාත් සභාව නොව වැලිකද මහා උළුගෙදරයි (අ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 27 January 2014 07:49 PM

දැන්නේ කොටි අවතාර නැගිටලා තියෙන්නේ. මේ අයට ප්‍රජතන්තරේට වැඩ කරන්න නිදහස දීපු අපිටයි ගහන්න ඕනේ.(නදී)

:       0       0

ලියනගේ Monday, 27 January 2014 08:03 PM

මේවට තමා ඇදගෙන නෑම කියන්නේ. (නදී)

:       0       0

ඇසළ Monday, 27 January 2014 08:42 PM

හතරවෙනි යෝජනාව ඊළගට ගෙනෙයි වෙනම රටක් හැටියට උතුරු නැගෙනහිර පාලනය ඉල්ලලා. (නදී)

:       0       0

ලංකා Monday, 27 January 2014 09:13 PM

සමුල ඝාතනයකින් යුද්දය දිනුවා නම් කොහොමද ඔයාලා ඉතුරු වෙලා ඉන්නේ කොටියෝ? (නදී)

:       0       0

දිනේන්ද්‍රා Monday, 27 January 2014 09:29 PM

අපේ තාත්ත නැති උනේ මහා බැංකු බෝම්බෙන් , අපි අසරණ උනා. ඒවා ගැන මේ අයට කතා කරන්න බැරි මොකද? (නදී)

:       0       0

සාමා - ඇමරිකාව Monday, 27 January 2014 10:16 PM

කෝ අර බල සේනා.(නදී)

:       0       0

හේරත් Monday, 27 January 2014 10:26 PM

එලීලන් ඇතුලු කොටි නායකයින් කළ ම්ලේච්ඡ සංහාරවලට නඩු දමන්න. උත්තර දෙන්න බිරිඳට එන්න වේවි. ඒකීය රටේ නීතිය කාටත් පොදු බව ඔප්පු කල යුතුයි. විග්නේශ්වරන් දමා ගත් උරචක්‍රමාලාවෙන් නැසෙන්නේ ඔහු මිස අනෙකෙකු නොවේ.(නදී)

:       0       0

පාලිත Monday, 27 January 2014 10:34 PM

එලීලන්ගේ බිරිය ආනන්දි ශෂිධරන් මෙයා කොටි කතක් නේද(අ)

:       0       0

නඩරාජා Tuesday, 28 January 2014 04:00 PM

තවමත් කොටි ගොරවන හැඩයි. හැකි ඉක්මනට පිළියම් යෙදෙව්වොත් තමයි හොඳ.(නදී)

:       0       0

දොන් රොෂාන් ද සොයිසා Tuesday, 28 January 2014 12:08 AM

එලීලන්ගේ බිරියම යෝජනාව ගෙනාපු එක හොදයි. පූහුල් හොරා කරෙන් දැනේ වගේ නේද ? (නදී)

:       0       0

පෙරේරා Tuesday, 28 January 2014 02:02 AM

යුද්දේ දිනුවට ප්‍රශ්නේ විසඳිලා නැහැ වගේ. (දී)

:       0       0

චානක. Tuesday, 28 January 2014 02:52 AM

මේ අරගලයේදී දමිල ජනයා පමණක් මියගියානම් යෝජනාව හොඳා .එදා ඩී එස් සේනානායක ඉස්කෝලේ බේස් බෝල් ටීම් එක බෝම්බයට බිලි වුනු ශෝකයට එම දෙමාපියන් තවම කඳුළු සලනවා.ඔවුන් සාමාන්‍ය සිවිල් ජනයා නොවේද? (දී)

:       0       0

චින්තක Tuesday, 28 January 2014 02:59 AM

මොනවා කරන්නද ජගත් පරීක්ෂණ කරන්නේ "ජගත් මල්ලි ඔන්න ඔය ගිහිල්ලා පරීක්ෂණයක් තියලා එන්න " (දී)

:       0       0

චානක Tuesday, 28 January 2014 04:41 AM

මේවා හොද ආදර්ශ නොවෙයි අපේ ජනාධිපති තුමා ඉන්නකල් අපි බය නැහැ (දී)

:       0       0

සරත් පර්ත් Tuesday, 28 January 2014 06:23 AM

අපේ ගොඩක් දේශපාලකයෝ කොහොම කොහොමහරි තමන්ගේ මඩිය තරකරගන්නම වෙහෙසෙනවා මිසක් රටට විනකකරන අයගේ ක්‍රියා පිලිවෙලගන කිසිම තැකීමක් නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් මාර්ග රැසක් යටවෙයි:ජන ජීවිතයටත් බාධා
2024 ඔක්තෝබර් මස 11 25 0

තැනින් තැන ඇඳහැලෙන මහ වැසි සමඟ ගම් රැසකජනතාව පීඩාවට පත්ව සිටී.


ධීවර ජනතාවට විශේෂ නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 11 47 0

පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ


රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 11 2260 5

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ


කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 1818 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 382 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 634 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39893 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25898 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 125 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 398 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1275 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site