IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘එල්ලුම් ගහ එපා‘

මරණ දඬුවම වහාම අහෝසි කරන ලෙස ශ්‍රී ලංකා රජයට නිර්දේශ කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දීපිකා උඩගම මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියකින් දැනුම් දී ඇත.

මරණ දඬුවම වෙනුවට බන්ධනාගාර ගත කිරීම ආදේශ කළ යුතු බවත්, එක් එක් අපරාධවල බරපතලකම සළකා සිරගත කරන කාලය තිරණය කළ යුතු බවත් මානව හිමිකම් කොමිසම ජනපතිට නිර්දේශ කර තිබේ.

සිර දඬුවම් ලිහිල් කිරීමේ දී ඒ එක් එක් අපරාධය හේතුවෙන් සමාජයට සිදුවන බලපෑම සළකා ජාතික ප්‍රතිපත්තියක් අනුව කටයුතු කළ යුතු බව ද උඩගම මහත්මිය සිය ලිපියේ දක්වා ඇත.

මූලික අයිතිවාසිකම් වැඩි දියුණු කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා  අංක 21 දරණ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත යටතේ ලැබී ඇති බලතල අනුව කොමිසම එම නිර්දේශ නිකුත් කර ඇත.

මරණ දඬුවම නිසා ජීවිතයට ඇති අයිතිය ද කෘර සහ අවමන් සහගත දඬුවම් වලින් මිදී සිටීමට ඇති අයිතියද වෙනත් මානව හිමකම් ද ප්‍රබල ලෙස උල්ලංඝණය කරන බවට ලොව පුරා ඇති පිළි ගැනීමෙන් මිදීමට ශ්‍රී ලංකාවට නොහැකි බව මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි.

මරණ දඬුවම අහෝසි කර ඇති රටවල් 100ක් සමඟ අත්වැල් බැඳ ගැනීම තුළින් ශ්‍රී ලංකාව මූලික මානව හිමිකම් පිළිබඳ පවතින කැපවීම ප්‍රත්‍යක්ෂ කළ යුතු බව ද එම ලිපියේ දැක්වේ.

1976 සිට බලයට පත් රජයන් මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අගය කරන මුත්, දණ්ඩ නීති සංග්‍රය සහ 1984 අංක 13 දරණ පනතින් සංශෝධනය වූ වස අබිං සහ අන්තරාදායක ඖෂධ ආඥා පනත වැනි නීති යොදා ගනිමින් දිගින් දිගටම මරණ දඬුවම නියම කිරීම සිදුවන බව ද කොමිසම සඳහන් කරයි.

අපරාධ නිශේෂන ක්‍රමවේදයක් ලෙස මරණ දඬුවම යොදා ගන්නා බවට මරණ දඬුවමට පක්ෂපාතී පාර්ශව කරුණු දක්වන බවත්, එනමුත් ඵලදායි අධිකරණ පද්ධතියක් සහ සාධාරණ සමාජ වටපිටාවක් අපරාධ අඩුකරන හේතුන් බවත්, අපරාධ අනුපාතය අඩුවීමට හෝ අපරාධ වැළැක්වීමට මරණ දඩුවම හේතුවූ බවට පර්යේෂණාත්මක දත්ත නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ජනපතිට යැවූ ලිපියේ දැක්වේ.

අභියාචනා කිරීම ද, නඩු විභාග කළ විනිසුරු වෙතින්, නීතිපති වෙතින් සහ අධිකරණ ඇමැතිවරයා වෙතින් නිර්දේශ කැඳවීම වැනි ව්‍යවස්ථාමය ආරක්ෂණ තිබිය දී වුවත් අපරාධයක් සිදු නොකළ අහිංසක පුද්ගලයන් මරණ දඬුවමට ලක් කිරීමේ අවධානම පවතින බව කොමිසමේ මතය වී තිබේ.

චූදිතයනට මරණ දඬුවමකට ලක් කර බොහෝ කාලයක් ඉක්මවූ පසුවත් අලුත් විමර්ශන ක්‍රමවේදයන් හා තාක්ෂණය හේතුවෙන් නව සාක්ෂි යොසා ගැනීම නිසා පළමුවන සාක්ෂිවල විශ්වාසනීයත්වය පිළිබඳ ප්‍රශ්න මතු වූ බොහෝ අවස්ථා නිරීක්ෂණය වූ බව මානව හිමිකම් කොමිසම කියයි.

සමහර චූදිතයන් වැරදිකරු වන්නේ එම වරදට වරදකරු වීම නිසා නොව ප්‍රමාණවත් ලෙස කරුණු ඉදිරිපත් කිරීමට නොහැකියාව නිසා බවත්, චූදිතයන් අඩු ආදායම් තත්ත්වයක සිටින විට දක්ෂ නීතීඥයන්ගේ සේවය ලබා ගැනීමට හැකි මූල්‍ය ශක්තියක් නැතිකම ද මරණ දඩුවමට ලක්වීමේ අවස්ථා වැඩි කරන බව කොමිසම සඳහන් කරයි.

 



අදහස් (0)

‘එල්ලුම් ගහ එපා‘

ලාල් Monday, 04 January 2016 01:24 PM

තවමත් ගල්යුගයේ අදහස් සමග ජීවත්වන මිලේඡ්ජ අදහස් ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව නොවැටිය යුතුයි.බෞද්ධ රටක මරණ දඞුවම කිසිසේත්ම ක්‍රියාත්මක නොවිය යුතුයි.අපරාධවල බරපතලකම සළකා සිරගත කරන කාලය තිරණය කළ යුතු බවට නිර්දේෂ ඉදිරිපත්වීම ගැන සතුටුවිය හැකියි. (ස)

:       0       0

හේමන්ත Tuesday, 05 January 2016 04:19 AM

ඉන්දික 2016-01-04 16:18:11 මහත්තයෝ ඔයා දන්නවද ඔය ක්‍රම දෙකම දරුණු අමානුෂික ක්‍රම දෙකක් කියල. එන්නත් ලබා දෙන්න වෛද්‍යවරු ඉදිරිපත් නොවෙන නිසා ඕක කරන්නේ ගොඩක් වෙලාවට සාමාන්‍ය අය. හරියට නහර අල්ලන්න දන්නේ නැති නිසා මේ දඩුවමට ලක්වෙන අය ගොඩක් විදවනවා. විදුලි පුටුවේ යන අය එක පාර මරුනේ නැත්තන් තප්පර 30 කින් ආයෙත් වෝල්ට් 200-2000 ක් අතර ආයෙත් දෙනවා. මේ අමානුෂික ක්‍රම ලෝකයේ තවමත් පැවතීම ගැන මිනිසුන් විදිහට අපි ලජ්ජා විය යුතුයි. (බ)

:       2       0

ශාන සෞදි Tuesday, 05 January 2016 04:25 AM

මරණ දඩුවම කියන එක හැමදේටම නොවෙයි බරපතල වැරදි සඳහා ක්‍රියාත්මක විය යුතුයි. වැරදි කරපු මිනිහගේ මානව හිමිකම් බලන්න කට්ටිය හිටියට ඒ වැරැද්දට භාජනය වන පුද්ගලයා වෙනුවෙන් ඇයි මිනිසුන් නිහඩ. (ම)

:       0       0

සාගර මුතුනායක Monday, 04 January 2016 01:51 PM

දීපිකා උඩුගම නෝනේ ඔය වගේ ලිපියක් සෞදියටත් ලිව්වනම් නේද හොද. (බ)

:       0       1

බණ්ඩාර රුසියාව Monday, 04 January 2016 02:31 PM

අපේ රටට ඕනේ සෞදි රටේ නීති. මරණ දඩුවම ලිහිල් වැඩියි කරන අපරාධවලට. (බ)

:       0       0

තරංග Monday, 04 January 2016 02:49 PM

අසාද් මම එකඟයි ඔබේ අදහසට (බ)

:       0       0

සජිත් Monday, 04 January 2016 02:57 PM

අසාද්..ඔයා හරි.තව කෙනෙකුගේ ජීවත්වීමේ අයිතිය නැති කරපු කෙනෙකුට කොහෙද මානව හිමිකම්.මේ අදහස් ඇතුලේ ඉන්නේ අපරාධකරුවන්ගෙන් යැපෙන අය. ඒ ගොල්ලන්ට ඕනේ අපරාධකරුවන්ගේ රැකවරණය. (බ)

:       1       2

කේ පෙරේරා Monday, 04 January 2016 03:09 PM

මිනීමැරුම්, ස්ත්‍රී දුෂක, ළමා අපරාද , සහ මත් කුඩු ජාවාරම් කරුවන්ට අනිවාර්යෙන්ම මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙනවා. (බ)

:       0       0

නීලා Tuesday, 05 January 2016 05:17 AM

එතකොට අමනුසික විදියට මැරුම් කන්න වෙන අහිංසක වින්දිතයන්ට වෙන අසාධාරණය පෙන්නේ නැද්ද? (ම)

:       0       0

දිලුම් Tuesday, 05 January 2016 05:30 AM

මේ වගේ හිතන හින්දා තමයි මේ රට හදන්න බැරි. අපරාධකාරයො බය නැතුව අපරාධ කරනවා. අහිංසක මිනිස්සු දරුවො අකාලෙ මැරෙනවා. අසාද් වගේ අයගේ අදහස් ඇයි මේ නෝනලට පහළවෙන්නේ නැත්තේ. (නි)

:       0       0

හේමපාල ලියනගේ Monday, 04 January 2016 03:43 PM

අසාද් සමග එකඟයි.වැරදි කරපු මිනිහගේ මානව හිමිකම් බලන්න කට්ටිය හිටියට ඒ වැරැද්දට භාජනය වන පුද්ගලයා වෙනුවෙන් ඇයි මිනිසුන් නිහඩ රටේ සිදුකරන අපරාධ නතරකිරීම කොමිසමට බාරයි. (බ)

:       0       0

නිමල් Monday, 04 January 2016 03:52 PM

මානව හිමිකම් කාරයන් හැමදාම ඉන්නේ අපරාධකාරයන්ගේ පැත්තේ. එක අපරාධකාරයෙක් වෙනුවෙන් කතා කරනවා. නමුත් එම අපරාධකාරයා නිසා බොහෝ දෙනෙක්ගේ මානව හිමිකම් කඩ වෙලා ජීවත් වීමේ අයිතිය පවා උල්ලංගනය වෙනවා. ඒවා පෙන්නේ නෑ (බ)

:       0       0

ඉන්දික Monday, 04 January 2016 04:18 PM

මෙයාලා අපරාධකාරයන්ව ආරක්ෂා කරනවා. ඔච්චර දියුණු ඇමෙරිකාවෙත් මරණ දඩුවම තියෙනවා. විදුලි පුටුව හෝ විෂ එන්නත . ඒ දෙකෙන් ඕනේ එකක් අපරාද කාරයට තෝරා ගන්න පුළුවන්. (බ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ Monday, 04 January 2016 04:26 PM

මේ කට්ටිය මරණ දඬුවම දෙන්න එපා කියන්නේ එයාලගේ කාටවත් තවම කෘර විදිහේ කරදරයකට මුණ දෙන්න සිද්ධ වෙන්නේ නැතුව ඇති...මරණ දඬුවම දෙන්න යන්නේ මිනී මරුවන්ට ජීවිත විනාශ කරන කුඩු කාරයොන්ට එ්කෙන්වත් සමාජයේ හොඳ පැත්ත දකින්න මිනිසුන් යොමුකිරීමට ගන්න උත්සාහයට මොකද මෙතරම් අනුකම්පාවක් ...(බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 04 January 2016 04:32 PM

හරියට හරි මහින්ද. තුවාලයේ වේදනාව තියෙන්නේ තුවාලය තිබෙන කෙනාට. අදහස්,විවේචන තර්ක ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන්. කොහොම වුණත් අමානුෂික විදියේ දෙයකට ගොදුරුවුණ කෙනෙක් කවමදාකවත් එල්ලුම්ගහ එපා කියන්නේ නැහැ. (නි)

:       0       0

මිනිපෙ Monday, 04 January 2016 05:42 PM

මරණ දඬුවම කියන්නේ, මිනීමැරුමක් වගේ කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 04 January 2016 06:38 PM

ලාල්, මරණ දඬුවම එපානම් හිර දඬුවම් දෙන්නේ ඇයි? ඒකත් පවක්නේ. මොන අපරාධය කළත් අපරාධකරුගේ මානව හිමිකම් ගැන හිතලා ඔහුට සමාව දෙන්න. (නි)

:       0       0

නිවන්තක Tuesday, 05 January 2016 06:06 AM

සුබ පැතුම්! (නි)

:       0       0

ලසන්ත Tuesday, 05 January 2016 11:08 AM

මම ලංකාවේ උසස්ම නීතිය රකින නිලධාරීන් කීප දෙනෙකු සමග කතා කළා ඔබල සියලු දෙන විශ්වාස කරාවිද මන්ද සියයට අසූවක් අහිංසකයෝ හිරබත් කනවා. දීපිකා මැතිනිය මේ ගැන සෙව්වොත් හොඳයි (බ)

:       0       0

නිමල් රාජපක්ෂ Monday, 04 January 2016 10:40 PM

අපට ලෝකේ කොහොමද මරණ දඬුවම දෙන්නේ කියන එකට වඩා, කෙනෙක් මොකටද තව කෙනෙක් මරන්නේ කියන හේතුව සෙවිය යුතුයි. අන්න එකට හේතු සොයා පිළියම් යෙදුවා නම්, අපට මරණ දඬුවම ගැන සිතීමට හෝ කතාකිරීමට පවා සිදුවන්නේ නැත (නි)

:       0       0

මනෝජ් Monday, 04 January 2016 11:10 PM

ඇමෙරිකාවේ සමහර ප්‍රාන්ත සහ වෙනත් රටවල් කීපයක මරණ දඬුවම ක්‍රියාත්මක වෙන බව ඇත්ත. ඒ වගේම ඇමෙරිකාවේ නීතියක් තිබෙනවා. ලංකාවේ මේක ක්‍රියාත්මක කළොත් වෙන්නේ දුප්පත් අහිංසකයෝ මැරිලා, සල්ලි තිබෙන මිනිස්සු බේරෙන එක. (නි)

:       0       0

සමන් Tuesday, 05 January 2016 12:17 PM

එහෙම කියලා කොහොමද? (නි)

:       0       0

රන්ජිත් Tuesday, 05 January 2016 01:37 AM

අපරාධ කාරයන්ට විටමින් දෙනවා! තමන්ගේ කෙනෙකුට දෙයක් වෙනකම් මෙහෙම කියාවි. නීතිය ක්‍රියාත්මක කරනු. (ස)

:       0       0

හේමන්ත Tuesday, 05 January 2016 02:28 AM

අපි මේවට අදහස් දාන්නේ නැත්තේ හරි දේ රටේ ක්‍රියාත්මක වෙන නිසා අමුතුවෙන් ලියන්න මහන්සියක් වෙන්න ඕනේ නැති නිසයි. ඔය මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න කියන කට්ටිය රටේ බහුතරය නෙමෙයි. බැරි වෙලා හරි මරණ දඩුවම ගෙනාවොත් අපි බහිනවා පාරට. කෙනෙක් මිනිමරුවෙක් වෙන්නේ අපරාදකාරයෙක් වෙන්නේ සමාජයේ ,ක්‍රමයේ තියෙන අඩුපාඩු නිසා. ඉස්සෙල්ල ඒවා හදල ඉන්න. (ස)

:       0       0

හිමාල් Tuesday, 05 January 2016 03:07 AM

ප්‍රශ්නේ තියෙන්නේ නිවැරදි පුද්ගලයෙක් හිරේට ගියොත් පස්සේ නිවැරදිබව ඔප්පු වුනොත් ඔහුව නිදහස් වෙනවා. ඒත් මරණ දඬුවම ක්‍රියාත්මක වුනොත් පස්සේ නිවැරදිබව ඔප්පු වුනොත් ඒක හරි ගස්සන්නේ කොහොමද? (ස)

:       0       0

අසාද් Monday, 04 January 2016 12:20 PM

මරණ දඩුවම කියන එක හැමදේටම නොවෙයි බරපතල වැරදි සඳහා ක්‍රියාත්මක විය යුතුයි. වැරදි කරපු මිනිහගේ මානව හිමිකම් බලන්න කට්ටිය හිටියට ඒ වැරැද්දට භාජනය වන පුද්ගලයා වෙනුවෙන් ඇයි මිනිසුන් නිහඩ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 748 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 875 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 1600 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2026 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 514 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1057 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35811 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24107 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 510 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site