IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


"එල්ලූවත් මගේ දිරිය එහෙමමයි."

දුක, දූෂණය, ආර්ථික අහේනියෙන් රට බේරාගෙන සාධාරණය හා යුක්තිය රජයන රටක් හැදීමට එක් වන්නැයි හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකා බොරැල්ලේ බන්ධනාගාරය ඉදිරිපිට දී මහජනතාව අමතමින් ප්‍රකාශ කළේය. මහා සංඝරත්නය හිර ගෙදර ඉදිරිපිය පාරේදී පිරිත් කියා සෙත් පැතූහ. ‘මට කළ අසාධාරණයට ජනතාව සාධාරණයක් ඉටු කරාවි. ජනතාවගේ සුසුම්, කඳුළු, දහඩිය සුවඳ මට කවදාවත් අමතක වෙන්නේ නෑ. අද සිට ජනතාව වෙනුවෙන් මගේ ජීවිතය කැප කරනවා. ජනතාව මට දුන් ශක්තිය මට මහත් ශක්තියක් වුණා. එය මට කවදාවත් අමතක වෙන්නේ නෑ. මා දේශපාලන වෛරයකට ලක්වී අසාධාරණයකට ලක් වුණා. ඒ අසාධාරණය සාධාරණය කරගන්න මා සමග එක් වන්න. ඒ අසාධාරණය නිසා වසර දෙක හමාරක් ඔබගෙන් ඈත් වී සිටීමට සිදු වුණා. මගේ ජීවිතය තිබෙන තුරු මා ඔබ සමගයි. මා කවදාවත් මට සහාය දුන් අය පාවා දෙන්නේ නෑ. මේ රටට රණවිරුවන් ගෙන දුන් සාමය ඉදිරියට ගෙන ගොස් සාමාය සතුට රජයන රටක් බිහි කරන්නට දායක වන්න. මගේ ධෛර්ය කවදාවත් කඩා වැටෙන්නේ නෑ. මම එල්ලුවත් මගේ ධෛර්යය නැති කරන්න බැහැ. ඉදිරියේදීත් මම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනවා.  බඩගින්න ඉවසාගෙන මට ශක්තිය දුන් මුහුණු කවදාවත් අමතක කරන්නේ නෑ. මා සමග රැඳී සිටින්න කියා මා එයගෙන් ඉල්ලනවා. සියලු ශ්‍රී ලංකා වාසීන්ට, දූදරුවන්ට, යහළු යෙහෙළියන්ට හා අන් සියලු දෙනාට ජයෙන් ජය පතමි.  

.....ඡායාරූප.....

 

සබැඳි පුවත්.......



අදහස් (0)

"එල්ලූවත් මගේ දිරිය එහෙමමයි."

Tuesday, 22 May 2012 10:49 AM

හරකෙක් උනාට උම්බෑ කියන්න එපා අනේ.... !!!!!!!!

:       0       0

ඉශාන් Tuesday, 22 May 2012 11:05 AM

ඒ හරක්ට උම්බෑ කියන මේ හරක් කවුද??

:       0       0

නිශ්ශංක Tuesday, 22 May 2012 11:11 AM

තියනදෙයක් කාලා පන්සලට චෙලා සිල් ගත්තොත් නරකද..

:       0       0

එරන්ග Tuesday, 22 May 2012 11:12 AM

යකෝ මේක හරි වැඩක්නේ. SFට වෙච්ච අසාධාරණය ගැන කවුරුවත් කතා කරන්නේ නැද්ද?

:       0       0

සේන Saturday, 26 May 2012 01:43 PM

ඉවත දැමු ඔබ පුටුව මත තැබු අය අමතක කලාම කලකමී පල දිල බුදුදහම අනුව කර්‍මය පලදිල කියලයි අපට නමි හිතෙන්නේ.රට හදන්න හැකි කෙනා දැන්‍ රට හදාගෙන ඉදිරියට යනව.පවිලෙ අයත්‍ එක්ක පාඩුවෙ සිටිම ඔබටත්‍ රටටත්‍ ඉතා සුබයි.

:       0       0

ක්‍රිස්ටි Monday, 21 May 2012 05:42 PM

හැමෝම ඔහොම තමයි කීවේ. ඔබට නිදහස ලැබීමනම් යහපතක්!

:       0       0

සහන් සෞදි අරාබි Monday, 21 May 2012 05:41 PM

පොඩි ඔවුන් උනත් වැඩියෙන් දැගලුවහම ඉක්මණින් නිදා ගන්නාව කියල කතාවක් තිබෙනවා අපි බලමු ඉදිරියෙ මොනාද වෙන්නේ කියල.

:       0       0

චමල් Monday, 21 May 2012 05:41 PM

දැන්වත් පැත්තකට වෙලා ඉන්න

:       0       0

නිහාල් Monday, 21 May 2012 05:43 PM

ඔබට සියලු දෙවියන්ගේ පිහිටයි

:       0       0

පීරිස් Monday, 21 May 2012 05:48 PM

නියම නිදහස බුක්ති විඳින්න පූළුන් වෙන්නේ අදයි අපට

:       0       0

සරාජ් Monday, 21 May 2012 05:48 PM

ජයෙන් ජය සෙන්පතියාණෙනි

:       0       0

සුරාජ් Monday, 21 May 2012 05:47 PM

ජයන් ජයම වේවා අපේ සෙන්පතියාණෙනි!

:       0       0

අජිත් විරසුරිය Monday, 21 May 2012 05:58 PM

සිංහයන් මැද ඉන්න හිවලුන් හඳුනගෙන ප්‍ර වේශම් වෙන්න. ජීවිතයේ පරණ වැරදී හොඳින් හඳුනගගෙන දේශාපලනයට පිවිසෙන්න. ඔබට දීර්ඝායුෂ

:       0       0

පිස්සු බල්ලා Monday, 21 May 2012 05:56 PM

මෙයාවහරි තැනට ගෙනියන්න. 134 බස් එක යන්නේ?

:       0       0

chandana Monday, 21 May 2012 06:46 PM

යහපත් රටක් යහපත් හෙටක් වෙනුවෙන් ඔබේ නිවැරදි එඩිතර අවංක නායකත්වය පොදු ජන පැතුමයි

:       0       0

sa Monday, 21 May 2012 06:57 PM

සර් නිහඬව ඉන්නකම් ඔබ වීර‍යෙක්

:       0       0

අලිබබා Monday, 21 May 2012 06:59 PM

කවුරු මොනව කිවුවත් මටනමි තවම කිසිම දෙයක් හිතාගන්න බෑ දොරේ. මොවයින් මොනව වෙයිද කියල.එක පැත්තකින් අලි ඉන්නවා. අනෙක් පැත්තෙන් සීනු තියෙනවා. තවතව අළුත් ලාංජන ගොඩක්වටේට. මෙ ජනමාධ්‍යවල ඉන්නඅයත් මොන මොන වගේ ප්‍රවෘත්ති දායිද දන්නෑ. එදා යුද්දේ දිනපු දවසෙ ජනාධිපතිව පිළිගත්තෙත් මේ විධියටම තමා.

:       0       0

Nirandana Attygalle Monday, 21 May 2012 07:02 PM

නියම ශ්‍රී ලංකිකයා අපි ඔබ සමගයි

:       0       0

අසංක බරිගම Monday, 21 May 2012 07:04 PM

අපි කවදත් ඔබ සමගයි ජයවේවා.

:       0       0

Sam Monday, 21 May 2012 07:09 PM

අපේ වීරයට ජයවේවා!

:       0       0

පුවත් විපරමා Monday, 21 May 2012 07:10 PM

මාලුවා නහින්නෙත් කට හින්දා කියන එක ෆොන්සේකා මහත්තයා දැන්නෙනෑ වගේ. ජනාධිපති නිදහස් කරන්න අවසර දුන්නේ නැත්නම් කොහොමද දන්නෙනෑ එළියට එන්නේ..

:       0       0

චරිත් Monday, 21 May 2012 07:12 PM

කට කට

:       0       0

සුසිර Monday, 21 May 2012 07:21 PM

ජයවේවා එස්.එෆ්. අපි ඔබ සමගයි

:       0       0

රෝහිත Monday, 21 May 2012 07:30 PM

සහාය දුන්න අය නම් පාව දෙන එක ඇත්ත

:       0       0

anura silva london Monday, 21 May 2012 08:20 PM

අපේ ජනාධිපති තුමා ..මෙතුමාට එලියට එන්න උදව් කලේ මෙයාගෙන් ජනාධිපති තුමාට තරගයක් නැති නිසා...අනිත් ඇත්ත තමා ජෙනරාල්ගේ සෞඛ්‍ය තත්වය

:       0       0

kamal Monday, 21 May 2012 08:23 PM

නැවතත් ඔබ වට රොක් වෙන්න ඉන්න ඔබව මේ විපතෙහි හෙලා තමන්ගේ ඇග හා බඩගෝස්තරය ආරක්ෂා කොරගත්තු අර දේශපාලන කැනහිලුන් ටික නැවතත් දැන් ඔබ ගාවට දුව එවි. ඔය කනහිලුන්ගේ බසට යටවෙන්නේ නැතුව, ඔබේ සබැ මිතුර වන ජනපතිතුමන් සමග සිංහ කාහල නදට එක වන්න, සබැ සේවයක් කල හැක්කේ එතකොටයි.

:       0       0

රෝහණ Monday, 21 May 2012 08:25 PM

කොහොමත් අපි ඔබ සමග තමයි

:       0       0

සමන්ත Monday, 21 May 2012 08:30 PM

බොරු කාරයින්ට අහු වෙන්නේ නැතුව වැඩක් කරන්න පුළුවන් මොළයක් තියෙන රනිල් මහත්තයත් එක්ක එකතු වෙන්න

:       0       0

තුසී Monday, 21 May 2012 08:32 PM

ඔබේ වචන ලංකාවේ අනාගතයට ලොකු විනාශයක්

:       0       0

සුප්රා Monday, 21 May 2012 08:40 PM

ඩෙන්සිල් කොබ්බෑකඩුවට වුණ දේවල් දැක්කම ඔබතුමා කොයි තරම් වාසනාවන්තද කියලා හිතෙනවා, මේ තරම් කට මැත දොඩවලත් ඔහොම ඉන්න ලැබිච්ච එකට

:       0       0

lal galabada Monday, 21 May 2012 08:50 PM

ලාල් ගලබඩ.. "මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි",තවම එහෙම කෙනෙක්‌ රටට වැඩ කරන්න කැමති පාලකයෙක්‌ බිහිවෙලා නැත.පේන තෙක්‌ මානෙකවත් නැත.නායකයෝ කොච්චර බිහි උනත් පාලකයෙක්‌ බිහි වෙන දවසක්‌ අපි බලා සිටිමු.

:       0       0

ජගත් Monday, 21 May 2012 08:53 PM

ඔය ඉතිං ඉල්ලං කන්න තමයි හදන්නේ

:       0       0

මොහොමඩ් Monday, 21 May 2012 09:02 PM

අදින් පසු රටට සේවයක් කිරීමට විපක්ෂය සමග එක්ව රජයට සහාය දෙන්න

:       0       0

රත්නායක Monday, 21 May 2012 09:11 PM

අරාබියේ අපි ගැන ඔබතුමාවත් හිතන්න

:       0       0

අනුර ශාන්ත Wednesday, 23 May 2012 09:27 AM

බලන්නකෝ තියෙන එඩිතර කම

:       0       0

රටේ ඇත්තෝ Monday, 21 May 2012 09:13 PM

යහපත් දෙයක් කරන්න හිතනවනම් අයහපත් දේශපාලනෙන් අයින් වෙන්න. දැන්වත් හිතන්න.නැත්තන් කලවැදි පප්පො සුදු කොඩි පෙන්නලා සුදු වෑන් එහෙක ගෙනිහින් වැඩේ දීලා අණ්ඩුවෙ එකවුන්ට් එකටම බැර කරයි.87 - 89 කරෙත් ඔය ටිකමයි.කාට ගේම දීලා හරි රජ වෙන්න බලන එක තමයි උන්ගෙ එකම දේශපාලන දර්ශනය.

:       0       0

සුරන්ග Monday, 21 May 2012 09:20 PM

මතක නැතිවද කොහේද ජනරාල් තනතුරෙන් ඉන්නකොටම ලංකාවේ කිසිවිටක නොවුන විදිහට යුධ හමුදාපති කරලා ලංකාවේ ඉහලම වීරයා කරලා දුන්නේ කවුද කියලා ඒකෙන්ද මේ ආයුතු ප්‍රයෝජන ගන්නේ? ඕකට තමා කියන්නේ කන්න දීපු අත හපා කනවා කියලා

:       0       0

සනා Monday, 21 May 2012 09:35 PM

ඔබ වීර‍යෙක්

:       0       0

රවීන්ද්‍ර Monday, 21 May 2012 09:50 PM

ෆොන්සේකා මහත්මයානණි, ඔබතුමා ඔබගේ රාජකාරියේඳි වීරයෙක් වුන බව හැබෑව. එයට අපි ඔබට ගරු කරමු. නමුත් මුල අමතක කරන්න එපා. මීට පෙර හිටපු හමුදාපතිවරුන්ට වීරයන් වෙන්න ඉඩ නොදුන්නේ රටේ පාලකයන්ම බව අමතක කරන්න ඵපා. ඔබතුමාට දැන් කරන්න තියෙන්නේ එකදෙයයි. රටේ ජනාදිපතිතුමන් සමග එක්වී රටට යහපතක් කරන්න. නැත්නම් ඇමරිකාවට යන්න.

:       0       0

දිනේන්ද්‍ර Monday, 21 May 2012 09:54 PM

තාමත් වටේට ඉන්නේ හිවල්ලු ටිකක්නේ

:       0       0

ෂාන් Monday, 21 May 2012 10:05 PM

හෙට අනිද්දට ප්‍රතිකාර ගන්න කියලා උසාවියෙන් අවසර අරන් රට ගිහින් කොටින්ගේ කපටිකම් වලට අහු වෙයිද දන්නේ නෑ

:       0       0

අයෝමි Monday, 21 May 2012 10:08 PM

තාරුණ්‍යයේ නැවුම් බලාපොරොත්තුව නුඹයි සෙන්පතියාණෙනි. බඩ ගෝස්තරවාදී දේශපාලන කැනහිලූන්ට සාපවේවා

:       0       0

අනිල් Monday, 21 May 2012 10:17 PM

SF තවදුරටත් තියාගෙන ඉන්න පුළුවන් කමක් නැති නිසා නිදහස් කලා... පවු අසරණයා... බලා ඉන්න කල කල දේ පලදෙන හැටි තව ඉස්සරහට...

:       0       0

රන්දුනු Monday, 21 May 2012 10:38 PM

30ස් වසරක යුද්දයේ මර උගුල් වලින් බේරී ඉදිරියට ගිය ඔබට දේශපාලන පිටියේද මර උගුල් වලින් බේරී අහිංසක ජනතාවගේ දුක් කදුලු පිසලන්න හැකිවේවා!

:       0       0

හර්ෂන Friday, 25 May 2012 11:29 AM

දග ගෙයි දඩුවම් සියුමැලි වැඩිනම්, අලුගෝසුවනේ එල්ලාපන්, අලුගෝසුවනේ එල්ලාපන්, කටු ඉබුලේ අපි එල්ලාපන්

:       0       0

සුනිල් Monday, 21 May 2012 11:17 PM

අපේ සෙන්පතියාණෙනි! ඔබතුමාට ජයෙන් ජය පතමි. සියලු දෙවියන්ගේ පිහිටයි

:       0       0

කලු-korea Monday, 21 May 2012 11:25 PM

ඔබ යුද්ධයේදී සතුරන් පාලනය කළාට කවදාවත් රටක් නම් පාලනය කරන්න බෑ

:       0       0

මාලක Monday, 21 May 2012 11:36 PM

අනුර, ජනපතිට තරගයක් නැත්න්ම ඇයි මෙතුමාව ඇතුළට යැවුවේ?

:       0       0

සලී Monday, 21 May 2012 11:40 PM

බුද්ධියට ඉඩදී වැඩ කර ජාතියක් වශයෙන් රැකිය යුතු පිළිවෙත් රකින්න

:       0       0

අමිල Monday, 21 May 2012 11:47 PM

මින් ඉදිරියට ඔබට කරදරයක් නොවේවා

:       0       0

ජයන්ත Tuesday, 22 May 2012 12:13 AM

අපේ රටේ අපේ අයගේ හැටියක් තමා ඕනම දෙයක් ඉක්මනට බදාගන්න එකත්,ඉක්මනට අතඅරින එකත්,

:       0       0

හේවා Tuesday, 22 May 2012 12:15 AM

ඉටුකළයුතු යුතු යුතුකම් - ලෝකෙන් ලැබුනත් ගැරහුම් ඉවසන්නට පුලුවන්නම් - ඔබයි පුතේ රටේ උතුම් යු.එන්. දැක හැකිළෙන්නේ- රට වැසියාට පුප්පන්නේ නිවටුන් බව දැනගන්නේ - ඔබ මතු දින රජ වන්නේ.

:       0       0

ඇලෙක්ස්-DUBAI Tuesday, 22 May 2012 12:36 AM

අනුර සිල්වා තමයි ඇත්ත කීවේ

:       0       0

දුමි Tuesday, 22 May 2012 12:40 AM

සුභ පැතුම්!!!

:       0       0

මධුර Thursday, 24 May 2012 08:25 PM

නිමල්, ඔයා රටට කරපු බම්බුවක් නැ.කරන්නේ රටට වැඩක් කරපු මනුස්සයෙක්ට බනින එක විතයි. රටේ ඉන්න මෙ වගේ කෙනෙක් හිරේට දානව කියන්නෙ, ජාතික අපරාධයක්.

:       0       0

රෂීඩ් Tuesday, 22 May 2012 01:50 AM

පුවත් විපරමාටයි මේ කියන්නේ, ඔබ නියම නමින් පෙනී හිටින්නේ නැතුව බොරු ගහනවා.නිකං අනුන්ට කඩේ යන්නේ නැතුව ඉදින් යාළුවා

:       0       0

ලක්මිණි Tuesday, 22 May 2012 01:51 AM

කැනහිලුන් ඔහේ කටමැත දෙඩෙවුවද වීරයන් හදුනන්නේ තවත් වීරයෙක්ම පමණි. ඔබට ජය ශ්‍රී!!!

:       0       0

nimal siritissa Tuesday, 22 May 2012 03:19 PM

මාලු වෙළදාමට උනත් හැතියාවක් පුරැද්දක් තියෙන්න ඔනැ දේශපාලනය කරන්නත් හැකියාවක් පුරැද්දක් තියෙන්න ඔනැ හැමෝම ආශයි රජසැප විදින්න හොදම උදාහරනය තමයි ලෙඩ කියල නවලෝකෙට වෙලා කරපු බොරැව මෙහේම අයද ජනකාවට අවංකව සේවය කරනව කියන්නෙ තැනක් හමිබ උනොත් රටම විනාශයි අඩුම තරමෙ හරවත් දේශනයක් කරන්න දන්නවද කවුරැහරි ලියල දුන්නොත් කොලය බලාගෙන කියවයි එහේම නැතිව ජනාධිපති මහින්ද රාජපක්ෂ මයා වගේ හරවත් විධියට කථාකරන්න‍වත් පුලුවන්නමි කමක් නැ.බලයට තන්හාවෙ හා ඊර්‍රෂ්‍යාවෙ මැරෙන්න හදනව.

:       0       0

උපාලි සුදසිංහ Tuesday, 22 May 2012 03:23 PM

අද අපි භුක්ති විදින්නේ ඔබගේ ඒ නිර්භීත  ශක්තියයි. මේ වදන්පෙළේ වටිනාකම කියලා නිමකළ නොහැකි. ඔබට ජය නියතයි!!

:       0       0

ඩී.එස්. නාවුල්ලා Thursday, 24 May 2012 04:22 AM

ජයවේවා ඔබට!!

:       0       0

ගාමිණී Tuesday, 22 May 2012 02:35 AM

අපි ජීවත් වෙන්නේ ඇමරිකා වේවත් එංගලන්තේ වත් නෙවේ ආසියානු රටක. මේවයේ වෙනදේවල් දන්නේ උඩ ඉන්න දෙවියෝ විතරයි.

:       0       0

ගාමිණී Tuesday, 22 May 2012 02:33 AM

අපි ජීවත් වෙන්නේ අමෙරිකා වේවත් එංගලන්තේ වත් නෙවේ ආසියානු රටක. මේවයේ වෙනදේවල් දන්නේ උඩ ඉන්න දෙවියෝ විතරයි.

:       0       0

අජිත් කුමාර Tuesday, 22 May 2012 02:49 AM

ඔබේ දිරිය ගැන අපිට සතු‍ටුයි

:       0       0

මල්දේනීයේ සීමියොන් Tuesday, 22 May 2012 03:32 AM

එතුමා ගේ දේශපාලන දර්ශණය සමඟ පෞද්ගලිකවම මම එකඟ නොවූවත් එතුමා නිදහස් වීම පිළිබඳ ව සතුටු වෙමි....පීම්බුවාට බඩ ගෙම්බන්ගේ නැහැ හැඩ ඔබේ වටේඉන්න අය හැම දාම පුම්බන්ඩ කියයි බඩ.....

:       0       0

බබා Tuesday, 22 May 2012 03:53 AM

ඔක්කොම දැන් බලන් ඉන්නේ බල්ලගේ ඇගේ එල්ලෙන මැක්කෝ වගේ ඔබතුමාගේ ඇගේ එල්ලෙන්න.උන්ව අයින් කරලා ඔබතුමා ජනපතිතුමන් සමග එක් වෙන්න

:       0       0

ප්‍රදීප් Tuesday, 22 May 2012 03:40 PM

මට ඔබ ගැන ආඩම්බරයි යුද්ධය ඉවර කළ නිසා. ඉස්සරහට පරිස්සමෙන්...

:       0       0

රූපසිංහ Tuesday, 22 May 2012 04:42 AM

ඕනෑම රටක ඕනෑම සමාජයක විවිධ අදහස් තියන මිනිස්සු ඉන්නවා. ඒ මිනිසුන් කිසියම් මිනිසෙකු ගේ අදහස් වලට කැමතිවී ඔහු වටා රැස්වෙන්න පුළුවනි.නායකත්වයක් ගෙන රටක් පලනය කරනවා කියන්නේ පහසු දෙයක් නෙවෙයි. බලන්න පිටකොටුවේ ගස්යට කතා කරන අය වටා කීදෙනෙක් ඉන්නවා දකියා. සරත් පොන්සේකා මහතා රට බේරගන්න නායකත්වය දුන්න බව ඇත්ත. ඔහුට දේශපාලනය කිරීමට අය්තියක් ඇති බවත් යුක්ති සහගත බව ඇත්තය.නමුත් රටක් පාලනය කිරීමත් හමුදාවක් පාලනය කිරීමත් එක සමාන නොවන බවයි මගේ හැගීම.

:       0       0

සන්ජීව Tuesday, 22 May 2012 04:53 AM

ඔබේ දිවියේ ඉතුරු කාලයට අපි සුභ පතමු!

:       0       0

ධර්මා Tuesday, 22 May 2012 06:17 AM

පුරුදු පුහුණු වූ රෝගියෙක්

:       0       0

ජගත් Tuesday, 22 May 2012 06:16 AM

දෙවන මෙහෙයුමද???

:       0       0

ලාන්කිකයා Tuesday, 22 May 2012 06:27 AM

සමහරුන් හිතන්නෙ හරි පටු විදියට,වචනයෙන් මිස ක්‍රියාව නෑ බොහෝ විට...

:       0       0

අමිල කටුනායක Tuesday, 22 May 2012 04:01 PM

කාලය අනුව හැම දේම තීරණය වෙයි....

:       0       0

කසුන් Tuesday, 22 May 2012 07:59 AM

නොදන්න දේවල් නොකිය ඉන්නවනම් නේද හොඳ.....

:       0       0

මකරා Tuesday, 22 May 2012 08:03 AM

SFඉවසීමෙන් තැන්පත්ව දුරදිග බලා වැඩකරන්න. තෙරුවන් සරණයි !

:       0       0

යාඵවා Tuesday, 22 May 2012 08:07 AM

දෙයියනේ.... දැංවත් හොද කල්‍යාණ මිත්‍රයෙක් හොයාගන්න.

:       0       0

Tuesday, 22 May 2012 08:07 AM

හරකෙක් උනාට උම්බෑ කියන්න එපා අනේ.... !!!!!!!!

:       0       0

රෝෂන් රෝලංකා Tuesday, 22 May 2012 08:12 AM

ඔබ දෙවිවරයෙක් යුද්ධය දිනා දුන්න ජනාධිපතිතුමා වගේම. එත් දේශපාලන ඌරු කොටුවට අයෙත් බහින්න එපා......එ ඌරු වල අයිති ඌරෝන්ට විතරයි දෙවි වරුන්ට නොවෙයි...

:       0       0

රුවනි Tuesday, 22 May 2012 08:37 AM

ආ......................

:       0       0

මොහාන් Tuesday, 22 May 2012 09:02 AM

Please MR.SF, කරුණාකර දේශපාලයෙන් ඈත් වෙන්න.මම ඉල්ලන්නේ එච්චරයි

:       0       0

ප්‍රිමේෂි Tuesday, 22 May 2012 09:12 AM

මෙතුමා ඡන්දේ ඉල්ලන පක්ෂය දෙවෙනි තැනට එද්දි යූ.එන්.පී.ය ඉබේම තුන වෙනවා

:       0       0

ඩාක් ඒන්ජල් Tuesday, 22 May 2012 09:22 AM

දැන් ඉතිං කරන්න තියෙන්නේ තමන්ගේ නම්බුව තියා ගෙන ඉන්න එක තමයි

:       0       0

පෙරේරා Tuesday, 22 May 2012 09:52 AM

සෙනඟ දැක්කම උන්හිටි තැන් අමතක වෙනවනේ....

:       0       0

ගාමිණී Friday, 25 May 2012 01:01 AM

එල්ලුවට පස්සේ ආයේ ඉතුරුවන දහිරියක් ගැන අපිනම් දන්නේ නැහැ ජනරාල් තුමා. මොනවා කරන්ඩත් කලින් ටිකක් නිදහසේ කල්පනා කරන්ඩ. ඕක ඇතුලට වෙලා ඉඳල විඳපු දුක අපිදන්නවා. ඔලුවට ටිකක් සහනයක් දීල සුවපත් වෙලා ඉන්ඩ. ජනතාවට ඒ තරම් හදිස්සියක් නැහැ. ඔබතුමා සුදානම් වෙනතුරු එයාල ඉවසන් ඉන්න සුදානම්.

:       0       0

මලිති Tuesday, 22 May 2012 10:06 AM

රොලංක ,රූපසිංහ, ඔබ දෙපලගේ අදහස් වලට මාත් එකඟයි...

:       0       0

s,j.m.italy Friday, 25 May 2012 03:34 PM

දිරිය නම් අගෙයි.හැබැයි බැරිය ඔය කට සමග

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 906 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 318 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4056 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1460 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 695 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2456 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site