IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


එල්ලේ තරගාවලියෙන් පසු මරණ තර්ජන එල්ල වෙයි

පසුගිය 25 වෙනිදා නාපෝලි නගරයේ පැවැත්විමට නියමිතව තිබු ආන්දෝලාත්මක එල්ලේ තරගාවලියේ උණුසුම තවත් පහවගොස් නොමැත. මෙම තරගාවලිය සදහා එල්ලේ සම්මේලනයේ සභාපති යෝෂිත රාජපක්ෂ මහතා සහභාගි වන බවට සංවිධායකයින් ඉතාලිය පුරා ප්‍රචාරය කළ නමුත් ඔහු ඊට කලින් පැමිණ ගියේය.

ඒත් සමග ඔවුන් නොයක් නගරවලින් ශ්‍රි ලාංකිකයින්ට මේ තරගාවලියට සහභාගි වීම සදහා රෝමයේ තානාපති කාර්යාලයෙන් නොමිලේ බස් රථ 12 ක් ඉල්ලා සිටි බවත් ඒ සදහා එකගත්වය පළකර සිටි බවත් නාපොලි නුවර ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ශාඛාව කියයි.

තරුණයින් පිරිසක් විසින් පෞද්ගලිකව සංවිධානය කරන එල්ලේ තරගාවලියක් වෙනුවෙන් රටේ විශාල මුදලක් නාස්ති කිරිමට විරුද්ධව තම සංවිධානය ජනාධිපතිට ලිපියක් යොමුකළ බවත් වැඩබලන තානාපතිනි ගෝතමී ඉඳිකඩහේන මහත්මියටත් ඉල්ලිම පිට එහි පිටපතක් යොමුකල බව එම සංවිධානය කියයි.

මේ අතර නාපොලි ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ශාඛාවේ සභාපති ඈන්ටනි රණසිංහ මහතා කියනුයේ තමාටත්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා නිලධරයින්ටත් මරණ තර්ජන එල්ල වී ඇති බවත්  ඒ පිළිබඳ පරීක්ෂණ ඉල්ලා තම සංවිධානය විදේශ ලේකම්ට  යොමු කළ බවත්ය. මේ පිලිබදව විමසීමට ගෝතමි ඉදිකඩහේන මහත්මිය දුරකතනයෙන් සම්බන්ධ කරගෑනිමට උත්සහ කළද එය සාර්ථක නොවිය.

 



අදහස් (0)

එල්ලේ තරගාවලියෙන් පසු මරණ තර්ජන එල්ල වෙයි

අතුල Thursday, 29 August 2013 06:17 PM

එල්ලෙ ගහන්නේ නැති අය එල්ලෙ ගැන මොනවද දන්නෙ? (නි)

:       0       0

තුෂාර Thursday, 29 August 2013 01:52 AM

නලින්, ඔයා කියපූ දේ නම් හරියටම හරි (නි)

:       0       0

නිමල් Thursday, 29 August 2013 01:56 AM

ඇන්ටනී අයියේ, නාපෝලියේ ඔයා කාටද පෙත්සන් නොගැහුවේ? (නි)

:       0       0

ඇන්ටෝ Thursday, 29 August 2013 02:21 AM

ඇත්තටම මේක ජාතික ආලයෙන් කළා නම් ගොඩක් අගය කරනවා (නි)

:       0       0

ෂෙහාන් Thursday, 29 August 2013 06:29 PM

ඇන්ටනි අයියෙ තර්ජන ගැන බොරු ප්‍රචාර කරන්නේ ඇයි ඔබ ජනප්‍රිය වෙන්න ආසයි නේද තරුණ අය කරන වැඩ වලට ඉරිසියා නොකරන්න (අ)

:       0       0

කැලුම් Thursday, 29 August 2013 03:23 AM

සමහර මිනිස්සු සමග කිසිම දෙයක් හරියට කරන්න බැහැ (නි)

:       0       0

තුෂාර Thursday, 29 August 2013 06:37 PM

තරුණ ක්‍රීඩා සමාජයට ඇයි ඔබ වෛර කරන්නේ? (නි)

:       0       0

පියසීලි නාපොලි Thursday, 29 August 2013 06:47 PM

ඔබ මහත් සේ ඉරිසියාවෙන් පෙලෙන කෙනෙක් කියලයි අපිට දැන් පෙනෙන්නේ (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 29 August 2013 04:51 AM

නාගදීපයට වත් යන්න තරම් උගත් කමක් නැති මිනිස්සු තමයි ඉතාලියට ඇවිත් ඉන්නේ. පෙනෙනවානේ කරන දේවල් වල තරම. (අ)

:       0       0

ඇන්ටන් Thursday, 29 August 2013 05:37 AM

ඇත්ත කටත් තිත්තඊ.සාක්කුව පුරවා ගන්ඩ ගිය වැඩෙ හරිගියේ නැහැ (අ)

:       0       0

නාපොලි එන්. Thursday, 29 August 2013 07:03 PM

මම හිතන්නේ ඒ මහත්තයාට එතනට සම්බන්ධ වෙන්න බැරි වුන හින්දා වෙන්න ඇති (නි)

:       0       0

නිපුන මාදව Thursday, 29 August 2013 07:04 PM

නාපොලියේ එල්ලේ ක්‍රීඩාව පටන් ගෙන අවුරුදු පහළොවකට වැඩි කාලයක් වුවත් එල්ලේ සම්මේලනය මගින් සංවිධානය කළ තරුණ ක්‍රීඩා සමාජයක් විසින් පවත්වන්නට ගිය මෙම තරගය ජනප්‍රිය වෙන බව සිතාද මෙලෙස ඊර්ෂ්‍යා කළේ? (නි)

:       0       0

තුෂා Thursday, 29 August 2013 07:23 PM

තර්ජන ගැන කවුරු මොන ප්‍රචාර කළත් නීතියේ ඕනෑම තැනකට යාමට සුදානම් බව ප්‍රකාශ කරමි (නි)

:       0       0

නාමල් Wednesday, 28 August 2013 01:22 PM

ඉතාලියේ ඉන්නේ 90% ක්ම අඥානයෝ. තව කියන්න ගොඩක් දේවල් තියෙනවා. පස්සේ දවසක ලියමු (නි)

:       0       0

ගමගේ Wednesday, 28 August 2013 07:10 PM

ඕනෑම හොද වැඩක් කරනකොට මැද්දට පැනලා අවුල් කරන එක අපේ වාසනාවන්ත ජාතියේ හැටියක්නේ (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Wednesday, 28 August 2013 07:20 PM

මෙහෙමත් නුගත් ශ්‍රී ලාංකිකයෝ... (නි)

:       0       0

තරංග Wednesday, 28 August 2013 02:08 PM

ඉඳිකඩහේන මහත්මියට යවන ලද ලිපිය ඇය විසින් තරඟ සංවිධායකවරුන්ට පෙන්නු බව ඒ අය මා සමඟ පවසූවා. (ස)

:       0       0

කුමාරි Wednesday, 28 August 2013 02:22 PM

ඉතාලි ඉන්න අපේ මිනිස්සු ගැන නම් මොන කතාද? දැන් එයාලට රැකියා ගොඩක් අඩුයි. 90% ඉන්නේ නුගත් අය. (නි)

:       0       0

ජෝයි ඩයස් Wednesday, 28 August 2013 08:06 PM

නාමල් මහත්තයෝ, මිනිස්සුන්ට ඔහොම අපහස කරන්න එපා.නියම උගත්කමක් තිබෙන මහත්මයෙක් නුගත් කියලා ඒ අයට අපහාස කරන්නේ නැහැ. (නි)

:       0       0

නලින් නාපොලි Wednesday, 28 August 2013 09:54 PM

දුප්පතාගේ ක්‍රීඩාවටත් දේශපාලනේ ගාගෙන නාගන්නෙක හොදමදී නේද ඇන්ටනි අය්යා (අ)

:       0       0

දසුනි Wednesday, 28 August 2013 03:53 PM

රටේ මුදල් නාස්තිවෙන එක පිටරටකදී හරි නවත්තන්න පුලුවන්නම්, ඉතා හොඳයි.අපේ රටේ කවදාවත් කරන්න බැරි දෙයක් නිසා. (ස)

:       0       0

නාපොලි තුෂාර Thursday, 29 August 2013 10:41 PM

ඇන්ටනි අයියේ, ඔයාට මතක තියෙනවද? මම මතක් කරලා දෙන්නද? තමන් කරන විදියට අනිත් මිනිස්සු ගැනත් හිතන්න එපා. (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 28 August 2013 04:17 PM

මේවා බොරු.මේවා මේ ලොකුකම පෙන්නන කියන කතා .මමත් නාපොලි වාසය කරන කෙනෙක්. (ස)

:       0       0

ප්‍රසන්න Thursday, 29 August 2013 05:35 PM

මෙතන මේ තියෙන්නේ ශාඛා සමිති ප්‍රශ්නයක්. මරණ තර්ජන එන්නේ වෙනත් ප්‍රශ්න හින්දා මිසක් එල්ලේ තරගාවලියේ ගැටළු නිසා නෙමෙයි කියලයි මට නම් පෙනෙන්නේ (නි)

:       0       0

අරුණ කුමාර Wednesday, 28 August 2013 05:37 PM

කිසිම ලොකුකමක් නෙමෙයි තරඟයක් සංවිධානය කරනවා කියන්නේ.තමුන් මුදල් හොයාගෙන සංවිධානය කරලා ඒකේ ප්‍රතිපලයක් විදියට ලංකාවේ දුප්පත් එල්ලේ කණ්ඩායමකට උදව් කරන එකයි. ඒකට විරෝධයක් හෝ පැහැදිලි කිරීමක් කරපුවම ඒ ලියුම් පෙන්නලා ප්‍රශ්න ඇති කරන නිලධාරීන් ගැන කතා කරන්න දෙයක් නැහැ. වහාම පියවර ගන්න කියලා ජනාධිපතිතුමා, විදේශ ඇමතිතුමා, විදේශ ලේකම්තුමාගෙන් ඉල්ලා සිටිනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 605 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 853 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 37 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 1288 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2486 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 3274 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35030 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24040 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 162 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 494 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 219 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site