IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


එල්.ටී.ටී.ඊයට උපකාර කරන්නැයි ඉන්දිරා රෝ සංවිධානයට කිවුවා - කේ.පී.

එල්.ටී.ටී.ඊ සංවිධානයට උපකාර කරන්නැයි හිටපු ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි මහත්මිය රෝ සංවිධානයෙන් ඉල්ලා සිටි බව එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායකයකු වන කුමාරන් පද්මනාදන් ප්‍රකාශ කරයි.

එල්.ටී.ටී.ඊ සංවිධානයේ ප්‍රධාන පෙළේ නායකයකු සහ එම සංවිධානයේ ජාත්‍යන්තර මූල්‍ය නිලධාරියා වශයෙන් කටයුතු කළ කේ.පි නොහොත් කුමාරන් පද්මනාදන් ඒ බව සඳහන් කර ඇත්තේ ඉන්දියාවේ ‘වියෝන්’ පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.


එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මරණයත් සමඟ එම සංවිධානයේ නායකයා ලෙසින් ද හැඳින්වූ කේ.පි. ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධිගේ ඝාතනය සම්බන්ධයෙන්ද ඉන්දියාවට අවශ්‍යව සිටි තැතැන්තෙකි.


එල්.ටී.ටී.ඊ සංවිධානයට උපකාර කරන්නැයි ඉන්දිරා ගාන්ධි මහත්මිය රෝ සංවිධානයෙන් ඉල්ලූ බව එම සම්මුඛ සාකච්ඡාවේදී අනාවරණය කරන කේ.පී තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමති එම්.ජී.ආර් ලෙසින් ජනප්‍රිය වූ මරුදූර් ගෝපලන් රාමචන්ද්‍රන් මහතා එල්.ටී.ටී.ඊ සංවිධානයට මුදල් සැපයූ බව ද සඳහන් කර ඇත.


කුමරන් පද්මනාදන් ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධය අවසන් වීමෙන් අනතුරුව අනන්‍යතාව හා ලිපින වෙනස් කරමින් සැඟව සිටියේය. මැලේසියාවේදී අත්අඩංගුවට පත්ව 2009 වසරේදී ශ්‍රී ලංකාවට රැගෙන ආ කේ.පී පසුකාලීනව තමා කළ කී දෑ ගැන පසුතැවුණු බව වාර්තා වූ අතර වර්තමානයේ ඔහු උතුරේ අනත් දරු නිවසක් පාලනය කරමින් සිටියි.


සී.අයි.ඒ සහ එම්.අයි 5 වැනි ලොව බුද්ධි අංශ රැසක් ඔහුගෙන් තොරතුරු ලබාගැනීමේ අපේක්ෂාවෙන් පසුවෙයි.


එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් ජාත්‍යන්තර වත්කම් රැසක හිමිකාරීත්වය ඇත්තේ කේ.පී සතුව බවත් ඔහු එම වත්කම් සඟවාගෙන සිටින බවත් විශ්වාස කෙරේ. එමෙන්ම රජිව් ගාන්ධි ඝාතනය සඳහා සිංගප්පූරුවේ සිට චෙන්නායි වෙත පුපුරණ ද්‍රව්‍ය එවා ඇත්තේ කේ.පී බව 1997 වසරේදී ස්වේචාඡවෙන් විශ්‍රාම ගිය ඉන්දියාවේ මධ්‍යම විමර්ශන ඒකකයේ පරීක්ෂකවරයකු පවසා තිබිණි.  


කුමාරන් පද්මනාදන්ට රටින් පිටවීම තහනම් කරමින් ශ්‍රී ලංකාවේ අභියාචනාධිකරණය 2015 වසරේදී නියෝගයක් ලබා දී තිබේ.

-055



අදහස් (0)

එල්.ටී.ටී.ඊයට උපකාර කරන්නැයි ඉන්දිරා රෝ සංවිධානයට කිවුවා - කේ.පී.

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජනපතිගේ ප්‍රකාශයට කොමිසමෙන් 21 තීරණයක්
2025 අප්‍රේල් මස 18 33 0

ජාතික ජන බලවේගයේ පළාත් පාලන ආයතන වලට මහා ආණ්ඩුවෙන් ඇස් පියාගෙන මුදල් වෙන් කරන බවට ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සම්බන්


සැමියාගේ පොරෝ පහරින් බිරිය මරුට
2025 අප්‍රේල් මස 18 35 0

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් හිගුරක්‌ගොඩ කිරිමැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු සිය බිරිදට පොරොවකින් පහරදී ඝාතනය කර ඇතැයි හිගුරක්ගොඩ පොලිසිය කියයි.


අපේක්ෂා රෝහලේ කෝටි 40ක් පුස්කන්න අැරලා
2025 අප්‍රේල් මස 18 71 0

මහරගම අපේක්ෂා රෝහල සඳහා වන පරිත්‍යාග ගිණුමේ රුපියල් කෝටි හතළිහකට වැඩි මුදලක් තිබූ නමුත් පසුගිය වසර දෙකේදී මෙම අරමුදල් කිසිදු ඵලදායි කාර්යයක් සඳහා භ


මාස හතරට සංචාරකයන් ලක්ෂ අටක් පනී
2025 අප්‍රේල් මස 18 210 0

පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්


ජනපති දළදා වඳී
2025 අප්‍රේල් මස 18 708 2

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප


“සිරි දළදා වන්දනාව” ගැන ව්‍යාජ ආරාධනා පත්‍රයක්
2025 අප්‍රේල් මස 18 341 2

“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 206 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1130 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site