IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


එස්ටීඑෆ් ආරක්ෂාව මැද ඥානසාර හිමි වැලිකඩට

භික්ෂූන් පිරිසක් හෝමාගම උසාවිය වට කරගෙන සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකාය බන්ධනාගාර නිලධාරීන් සමග එහි ගොස් බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානාසාර හිමියන් විශේෂ කැබ් රථයකට නංවාගෙන වැලිකඩ බන්ධනාගාරයට රැගෙන යනු ලැබීය.

නීතියට ගරු කළ යුතු බව ඥානසාර හිමියෝ කියනු ඇසුණු බවද කියති. අවට රැස්ව සිටි පිරිස සිය විරෝධය දක්වමින් ගල් මුල් ප්‍රහාර හා ජල ප්‍රහාර එල්ල කළහ.

මේ වන විට උසාවි භූමිය අවට කලහකාරී තත්ත්වය සංසිඳී ඇතැයි පොලිසිය කියයි.

ඥානසාර හිමි රැගෙන ගියේ උසාවි වැඩ අවසන් වී පැය හතරකට පසුවය.

_DSC1307 _DSC1389 _DSC1675 _DSC1746 _DSC1767

ජායාරූප - ඉෂාන්  සංජිව

welikada_20161261298 welikada_201612612928 welikada_2016126129233 welikada_2016126129234 welikada_2016126129235 welikada_2016126129236 welikada_2016126129238 welikada_2016126129239

ඡායාරූප - ප්‍රියන්ත ජයලත්

වීඩියෝ - සිරි මහබෙල්ලන



අදහස් (0)

එස්ටීඑෆ් ආරක්ෂාව මැද ඥානසාර හිමි වැලිකඩට

හේරත් Wednesday, 27 January 2016 03:08 AM

ක්‍රියාව කෙසේ වෙතත් හැසිරීම සංඝ නොවේ. (බ)

:       0       0

දර්ශන Wednesday, 27 January 2016 03:15 AM

සිංහලකම, බෞද්ධකම ගැන කතා කරන්න ගියාම, වර්තමානයේදී සිද්ධ වන දේ. ඔන්න යහපාලනය. සනීපද ? (බ)

:       0       0

රාජිත Wednesday, 27 January 2016 03:16 AM

ඉතිහාසයේ අපේ රට රැකුණේ හාමුදුරුවෝ නිසා තමයි. මේවට කව්රුත් කතා කරන්නේ නැත්නම් ඔය ලොකු ටෝක් දාන එවුන් අද මේ ලෝකේ නෑ (බ)

:       0       0

ආසිරි Tuesday, 26 January 2016 03:00 PM

හාමුදුරුවෝ ආදර්ශමත් විය යුතු නමුත්. මේවා වැරදි ආදර්ශ. අනෙකුත් ආගම් වල නායකයින් හරිම ආදර්ශමත්. (බ)

:       0       0

ශානක Tuesday, 26 January 2016 03:15 PM

ඕක මුලින් කරන්න තිබ්බේ ,(කෞ)

:       0       0

තිලක් Thursday, 28 January 2016 06:33 AM

ජස්ටින්ගේ, කතාව හරියට හරි.මේක ප්ලැන් එකක්. මේක සැලසුම් කරපු තැන ළඟදීම හෙළිවේවි. (බ)

:       0       0

රෝහිත සමරකෝන් Tuesday, 26 January 2016 03:28 PM

ඔය උඩින් ලියල තියන ඔක්කොම එවුන්ටයි මම මේ කියන්නේ...මොකා වුනත් ඒ අපේ හාමුදුරු නමක්... බිස්නස් කරලා ,ජඩ වැඩ කරලා , දේශපාලුවන්ට පන්දම් අල්ලලා නෙමෙයි මේ සිංහල අපි ගැන කෑ ගහපු නිසයි මේ.......ඔලුවෙන් හිතපල්ලා මේ වෙමින් පවතින දේ.....(බ)

:       0       0

සුදේශ් Wednesday, 27 January 2016 04:01 AM

අප්පුහාමි, එතකොට අර හිරුණිකාලා එහෙම හිටියේ නීතියට යටින්ද? (නි)

:       0       0

චන්දිම පීරිස් Tuesday, 26 January 2016 03:43 PM

මෙහෙම වෙන්නෙ භික්ෂුන් සදහා නීති නොමැති නිසාය. එවැනි නීතිවල අවැසි එදාට වඩා අදටයි. (බ)

:       0       0

තුෂාර Tuesday, 26 January 2016 03:50 PM

බැඳ දාන්න ඕනා හැකි ඉක්මනටම (බ)

:       0       0

රජීව් Tuesday, 26 January 2016 04:24 PM

එක්කෙනෙකුට පැයෙන් ඇප දීමයි තවත් කෙනෙකුට ඇප නොදී සති දෙකක් රිමාන්ඩ් කිරීමයි අතරේ සියුම් සමානකමක් තියනවා.ඒක තේරෙන්නේ බුද්ධිමතුන්ට පමණයි. (බ)

:       0       0

දේවි Tuesday, 26 January 2016 04:34 PM

අපේ ලොකු හාමුදුරුවෝ හිටියනම් කියනවා අනිවාර්යෙන්ම මේගොල්ලෝ සාසනෙත් කාල රටත් කන්න ආපු ජාතියක් කියල. (බ)

:       0       0

රුවන් Tuesday, 26 January 2016 04:34 PM

මෙතන අනිල්ගේ අදහසට මම කැමති.අනිත් උන්ට මට කියන්න තියෙන්නේ උඹලට කියා රටක් නැතී දාට දෙස්තියා ගනුව් තොපිලාගේ ආත්මෙටම.අපේ අනිත් පොඩි උන්ට ඉන්න තැනක් නැතී කලදී (බ)

:       0       0

ගොඩගේ Tuesday, 26 January 2016 05:10 PM

රායප්පු ජෝෂොප් එළියේ ගලබඩඅත්තේ හිමි ඇතුලේ අපිට පිස්සු (බ)

:       0       0

නිව්ටන් Tuesday, 26 January 2016 05:05 PM

ආසිරි : අර රායප්පු ජෝසේෆ් කියන කොටි හිතවාදී පුජකයා ගැන ඔයා ඔහොම කිව්වේ නැහැනේ (බ)

:       0       0

අතුල Tuesday, 26 January 2016 05:56 PM

දෙයියනේ! මගේ පපුව පත්තුවුණා (නි)

:       0       0

රසික Tuesday, 26 January 2016 06:02 PM

උසාවිය ඇතුළේ කෑගැහුවාම වෙන දේ නොදන්නවා නෙමෙයිනේ (නි)

:       0       0

තාරක Tuesday, 26 January 2016 06:12 PM

අපේ හාමුදුරුවො, අපේ නායකයා, අපේ ළමයා කියලා වැරැද්දක් කළාම ඒක වැරැද්දක් වෙන්නෙ නැද්ද? පිහිය රත්තරන් වුණත් ඇන්නොත් මැරෙනවා. වරදට වරද කියන්න පුළුවන් වෙන්න ඕනෑ කවුරු කළත් (නි)

:       0       0

රත්නසිරි Tuesday, 26 January 2016 06:10 PM

මේ හාමුදුරුවෝ කළ වැඩේ නීතියට අනුව වැරදි ඇති. එහෙත් ජාතියේ පැවැත්මට කළ වටිනා දෙයක් (නි)

:       0       0

සුසන්ත Tuesday, 26 January 2016 07:03 PM

මේ රටේ යුද්ධයක් තිබුනද, කවුරු කා වෙනුවෙන්ද ජීවිත, ඇස, ඉස්, මස්, ලේ නැති කරගෙන යුද්ධ කළේ, ත්‍රස්තවාදියෝ කවුද, ත්‍රස්තවාදීන්ට උදවු කළේ කවුද අමතක ජනතාවක් ඉන්න රටක මිනිස්සුන්ට මේ හාමුදුරුවරු මෙතන උද්ගෝෂණය කරන්නේ, කෑ ගහන්නේ කා වෙනුවෙන්ද කියල අමතක එක, නොපෙනීම පුදුමයක්නම් නෙවෙයි. මේ කෑ ගහන්නේ බුද්ධි අංශ වල නිලධාරීන්ට කරන අසාධාරණයට විරුද්ධව. (බ)

:       0       0

අචිර Thursday, 28 January 2016 12:56 AM

අනගාරික ධර්මපාලතුමා කිවුව කතාව හරියටම හරි, අපේ රට විනාශ කරන්නේ බොරු වීරයන් කියලා (නි)

:       0       0

සුසන්ත Tuesday, 26 January 2016 07:20 PM

අනිත් ආගමික නායකයින්ට මෙහෙම කරන්න ඕන කමක් නෑ, සුළු ජාතික ඡන්ද වලට හැම ආණ්ඩුවක්ම පෙරේත නිසා ඔක්කොම ඉල්ලීම් ඉල්ලන සැණින් ලබා දෙනවා. අනිත් එක අමතක කරන්න එපා, මෙතන විරෝධතාව දැක්වුවේ අපේ බුද්ධි අංශ වල වීරයින් හිරේ දමාගෙන ඉන්න එකටයි (ඔවුන්ගේ නඩුව වෙලාවේ). වෙන ආගමික නායකයින් කවදාවත් අපේ හමුදා, බුද්ධි අංශ වෙනුවෙන් පෙනී ඉන්නවා දැකල තියෙනවද කවද හරි? (බ)

:       0       0

සුසන්ත Tuesday, 26 January 2016 07:17 PM

අද මේ බුද්ධි අංශ වල නිලධාරීන් ගැන කතා කරන්න කවුරුවත් නැහැ. ඔවුන්ගේ නඩුවලට ඔවුන්ට උදවුවට කවුරුවත් නැහැ. අපි වෙනුවෙන් යුද්ධ කරලා ඔවුන් අද අසරණ වෙලා. ඔවුන්ගේ නඩුව වෙලාවේ ඔවුන්ගේ සහයටයි මේ හිමිවරු වැඩියේ. මෙතන හැසිරීම දරුණු වැඩි තමයි, එත් රට වෙනුවෙන් මෙහෙම ලේ උණු වෙනවද වෙන ආගමික නායකයින්ගේ? හමුදා වෙනුවෙන් පෙනී සිටිනවද වෙන ආගමික නායකයෝ? හිතල බලන්න. හැබැයි හාමුදුරුවරුන්ට බනින්නනම් ඕන තරම් සෙනග. (බ)

:       0       0

ජනක Wednesday, 27 January 2016 05:31 AM

රෝහිත .අනිල් ඔබ දේපොළ හරියට හරි . මේ වගේ සිංහල මිනිස්සු එදා හිටියනම් හික්කඩුවේ ශ්‍රී සුමංගල හාමුදුරුවන්ටත් කියන්නේ ඔය ටිකම තමා.(බ)

:       0       0

සමන් Tuesday, 26 January 2016 08:55 PM

අයියෝ මේවගේ අයද ලංකාවේ ඉන්නේ ....(බ)

:       0       0

දිනුෂෟ Tuesday, 26 January 2016 08:55 PM

චේතනාව කුමක් වුවත් රටේ නීතියට ගරු කිරීමට ඕනෑම පුරවැසියෙක් කටයුතු කළ යුතුයි. මේ විදිහට ගියොත් නඩු අහන්ඩ වෙන්නේ උසාවියේ නෙවෙයි, පන්සලේ. (බ)

:       0       0

රෝහිත Tuesday, 26 January 2016 10:12 PM

මමත් ඔය හාමුදුරුවරුන්ට අපහාස කරලා උඩින් ලියලා තිබෙන අයගෙනුයි මේ අහන්නේ. නුඹලා සිංහලද? (නි)

:       0       0

ලොකුලියන Tuesday, 26 January 2016 10:23 PM

බුද්ධ පුත්‍රයෙක් මෙහෙම දේවල් කරන එක ගැන මට නම් සතුටුවෙන්න බැහැ (නි)

:       0       0

කුමාර Tuesday, 26 January 2016 10:17 PM

අවවාද කරලා යවන්නයි තිබුනේ (නි)

:       0       0

ටිකිරි Tuesday, 26 January 2016 10:22 PM

මොනවද දෙයියනේ මේ සිද්ධවෙන්නේ? (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 26 January 2016 10:45 PM

සිංහලයිනි, ඔබ සිතනවා නම් ඔබ බෞද්ධයෙක් නොවෙයි කියා, ඔබ සිංහලයෙක්ද නොවන්නේය. (නි)

:       0       0

සිරිමල් Tuesday, 26 January 2016 10:47 PM

වචනය රළු වුණත් සිංහල බුදු පුතුගේ.... ජාතික කැක්කුමෙන් පිරුනා හද ඔබගේ... ඔබ වසනා තැන පුදදෙයි වුව සිරගේ... කඳුලක් නැඟේ එනමුත් අද මා නෙතඟේ.... (නි)

:       0       0

සරත් Wednesday, 27 January 2016 06:02 AM

අපේ රටේ නිර්භීත හිමි නමක් ඔබ වහන්සේ තෙරුවන් සරණ පතමි (බ)

:       0       0

සුරන් Wednesday, 27 January 2016 06:14 AM

කීර්ති: වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැද්ද? අතීතයේ හාමුදුරුවරු රැක්කේ දහම විතරද? එදා ඉඳන්ම මේ වගේ හාමුදුරුවරු නිසා තමයි රටත්, ජාතියත් ආගමත් රැකුනේ. (බ)

:       0       0

බෙන්තර මහේෂ් Tuesday, 26 January 2016 12:50 PM

ඡන්ද ගොඩක් ලැබිල පාර්ලිමේන්තු ගියා නම් මේවා මොනවත් නෑ (බ)

:       0       0

බෙන්තර මහේෂ් Tuesday, 26 January 2016 12:56 PM

විශ්වවිද්‍යාලවල හාමුදුරුවෝ පාරට බැස්සම වැරදියි කියන අය ගොඩක්, ජාතිවාදය අවුස්සන හිමිවරුන්ව ජාතික වීරයෝ කරනවා (අ)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Wednesday, 27 January 2016 06:51 AM

අනගාරික ධර්මපාල තුමා කිවව කතාව හරියටම හරි සුද්ද කවද හරි අපේ රට දාල ගියත් සුද්දට ආවඩන කට්ටියක් ඉතුරුකරලා තමයි උන් යන්නේ කියලා.උඩ ලියල තියන සමහර අයගේ අදහස් දැක්කම.අතීතයේ ඉදන්ම බත් ගිල ගිල පන්සලට වෙලා හිටියනම් දහම විතරක් රැකගෙන අපේ සමහරක් එඩිතර හාමුදුරුවරු සුද්දාගෙන් වෙඩි කන්නේ නැ.එහම වුණානම් අපට රටක් .ජාතියක් ආගමක් නෑ. (බ)

:       0       0

ඩී.උපුල් Tuesday, 26 January 2016 01:20 PM

කව්ද අර දෙවෙනි පින්තුරේ ඉන්න රතු හැට්ට කාරී? (බ)

:       0       0

ජස්ටින් Wednesday, 27 January 2016 07:03 AM

මේවා විදේශ බලවේග සහ හිටපු ආණ්ඩුවේ කට්ටිය ගසාකපු සල්ලි වියදම් කරලා කරන වැඩ. හිරේ යන්නෙත් ඕනෑකමින්. එකත් සැලසුමේ කොටසක්. ජනපතිතුමනි, ඔබේ ගමන නොසැලී නොනැවතී යන්න. ඔබට ජය. (බ)

:       0       0

රාජසිංහ Wednesday, 27 January 2016 12:54 AM

අහෝ! දෙවියන් රකිත්වා ලංකාවේ බුද්ධ ශාසනය (නි)

:       0       0

පාලිත Wednesday, 27 January 2016 01:37 AM

රට ජාතිය වෙනුවෙන් ඇඟේ ලේ උණුවෙන මේ වගේ සංඝරත්තනය නොසිටින්න අද ලංකාවක් නොමැති වනු ඇත (නි)

:       0       0

ලාල් Tuesday, 26 January 2016 01:54 PM

රටේ නීතියට සහ අධිකරණයට ගරු නොකරන හාමුදුරුවරු රටකට මොකටද ? මේ වගේ එවුන්ට හාමුදුරුවරු කියන එක සිල්වත් වැදගත් හාමුදුරුවරුන්ට කරන අපහාසයක් (කෞ)

:       0       0

ශ්‍රීසර Wednesday, 27 January 2016 02:07 AM

කමක් නැහැ. පාරේ ඇවිස්සෙන දූවිල්ලට හරි පාරට වතුර ඉසීමෙන් සෙතක් වුණානේ (නි)

:       0       0

අනිල් රෝහණ Tuesday, 26 January 2016 02:05 PM

දරුණුයි රළුයි නිරබය වචන ඔබේ ,,,,,,, ජාතිය ආගමට ජවයක් දැනුන වගේ ,,,,, කුදලන් යද්දී මේවිදියට බුදු පුතෙක් අපේ ,,,,,නොදැන ගහපු කතිරේට හෙනගහපන් මෙමට අනේ !!!!!!! (බ)

:       0       0

ධම්මික Wednesday, 27 January 2016 07:18 AM

මම නම් මේ හාමුදුරුවෝ කියන බණක් කවදාවත් අහලා නැහැ (නි)

:       0       0

අප්පුහාමි Wednesday, 27 January 2016 02:30 AM

රෝහිත, හාමුදුරු නමක් වුණාම විනයක් කියලා එකක් තියෙන්න ඕනෑ. උසාවියකට ගිහිල්ලා ගිරිය පුප්පාගෙන කෑ ගහලා හරියනවද? රටේ නීතිය කාටත් එකයි. එයා හිතාඉන්නේ එයා නීතියට උඩින් ඉන්නේ කියලා. (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Tuesday, 26 January 2016 02:13 PM

රටේ නීතිය කාටත් සමාන විය යුතුයි, අද ප්‍රවෘත්ති වල පෙන්නපු හැටියට ඥානසාර හිමිගේ ගෝල හිමිවරුත් අත් අඩංගුවට ගත යුතුයි. පොලිස් නිලධාරීන්ගේ තොප්පි ගලවනවා කියන්නේ රටේ නීතියට අපහස කිරීමක්. (අ)

:       0       0

පියුමි Tuesday, 26 January 2016 02:25 PM

හොඳ වැඩේ (අ)

:       0       0

කීර්ති Wednesday, 27 January 2016 03:09 AM

හාමුදුරුවෝ ඉන්නේ දහම රකින්න මිසක් රටේ ප්‍රශ්න විසදන්න නොවේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1771 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1117 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2048 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 511 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2941 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37168 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24478 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 624 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site