IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘එසැණ‘ වාර්තාකරු අලින්ට කොටුවේ

අම්පාර වලකාපිටිය වැවට ආ අලි රංචුවකට කොටුවී පැය දෙකකට ආසන්න කාලයක් සිටි ‘එසැණ‘ මාධ්‍යවේදී කුමාර සී ලියනාරච්ච බේරා ගැනීමට වනජීවී නිලධාරීහු සමත් වූහ.

‘දීගවාපි රක්ෂිතය පැත්තේ සිට අලි වැටද පෙරලාගෙන ආ බව කියන මේ අලි රංචුවේ පින්තූර ගන්න මමත්, ලියනාරච්චිත් වැවේ දෙපැත්තට ගියා. ලියනාරච්චි ගිය පැත්තට අලි රංචුව ආවා. ඔහු කොටුවූ බව දුරකතනයෙන් මට දැන්වුවා. පණ බේරාගන්න කුඹුක් ගහකට නැගීමට මොහොතකට පෙර වනජීවිය පැමිණ ඔහු බේරා ගත්තා‘

මේ ත්‍රාසජනක අත්දැකීමට ගොදුරු වූ ලියනාරච්චි පවසනුයේ ගගවයන් තණ බිම්වලට ඇතුළු කිරීම සඳහා අලිවැටේ කම්බි යටින් කපා තුබූ තැන්වලින් අලින් ගම්බිම් වලට එන බවයි.

රැලේ නායකයාගේ අණ අනිත් අලින් ඉතා හොදින් ක්‍රියාත්මක කරන බව පෙනුනායැයි ද ඔහු කියයි.

 



අදහස් (0)

‘එසැණ‘ වාර්තාකරු අලින්ට කොටුවේ

පාරු Saturday, 13 April 2013 05:26 PM

හරක් හදන අය අල්ලන්න හා හරකුන් අරගෙන වෙන අයට දෙන්න නීති හදන්න දැන්මම. ජීවිත විනාස වෙන්න ඉස්සර.(නදී)

:       0       0

කොස්වත්ත Saturday, 13 April 2013 05:30 PM

ලන්කාදිප පුවත්ත ගඅන ආඩම්බරයි. වෙන ලියන්න දෙයක් නැහැ. අනෙක් සියල්ල ඔබ ලියි ඇත.(නදී)

:       0       0

අනුරාධ. Saturday, 13 April 2013 05:44 PM

ඔයාලට කිසිකරදරයක් වෙන්නේ නැහැ. අපි සියලුම දෙනා එකතුවෙලා ඔයාලට තෙරුවන් සරණ පතනවා!ඔයාලට වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා!(නදී)

:       0       0

හේවාවිතාරණ Tuesday, 16 April 2013 04:37 PM

ඒත් ඒ පළාත් වල වෙසෙන අහිංසක ගැමියෝ කී දෙනෙක් අලින් විසින් පහර දීලා මරා දාලා ඇද්ද? (නි)

:       0       0

ආනන්ද ආර් Saturday, 13 April 2013 08:47 AM

දිවි පරදුවට තබා අප වෙනුවෙන් මෙම ඡායාරූප ලබාගත් ලියනාරච්චි මහතාණනි, ඔබට දීර්ඝායුෂ පතමි. (නි)

:       0       0

ශෙනාල් Saturday, 13 April 2013 09:11 AM

මේ අවුරුදු කටේ...? ඔහොම වෙලත් බේරුණා නම් ඒකම කොච්චර වාසනාවක්ද? ඇති යන්තම්. (නි)

:       0       0

මිහිර Saturday, 13 April 2013 09:21 AM

කවදාවත් අමතක වෙන එකක් නැහැ මේ සිදුවීම (නි)

:       0       0

හේමන්ත Saturday, 13 April 2013 09:58 AM

ලස්සන ඡායාරූප. ඔයා බයවෙලා නැහැ. හිත හොඳ අයට අනතුරු වෙනවා අඩුයි. ඔබට සුබ නව වසරක් වේවා. (නි)

:       0       0

සුපුන් Wednesday, 17 April 2013 04:46 PM

ඔබතුමාට කරදරයක් නොවුණු එක ගැන අපිට සතුටුයි (නි)

:       0       0

පද්මි Saturday, 13 April 2013 10:37 AM

මෙවැනි සම්පතක් ලබන්න අපි කොයිතරම් වාසනාවන්තද? උදේ පාන්දර සිත් නිවන දසුනක්! (නි)

:       0       0

අනුර Saturday, 13 April 2013 10:44 AM

සියළුම ලංකාදීප ක‍තෘ මණ්ඩලයට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)

:       0       0

උපාලි Saturday, 13 April 2013 10:54 AM

කවදත් අපට වටිනා පුවත් දෙන ලංකාදීපයටත් මේ මොහොතේදී විශේෂයෙන් ලියනාරච්චි සොහොයුරාටත් මගේ ගෞරවය පුද කරමි. ඔබට ජයෙන් ජය !!! මේ පින්තුර ජාත්‍යන්තර ප්‍රදර්ශනයකට හෝ වෙබ් අඩවියකට දමන්න. (නි)

:       0       0

සෑම් Saturday, 13 April 2013 11:15 AM

මහත්තයෝ, ඔය දීඝවාපිය පැත්තේ විනාශ කරපු අර අපේ චෛත්‍යය වලත් පින්තූර ටිකක් දැම්මොත් නරකද ඔය කාට කාටත් බලාගන්න???? (නි)

:       0       0

අනුරාධ Sunday, 14 April 2013 04:38 AM

අයියෝ! ඔය අලි රංචුවේ නායකයා අහවලානේ. අපරාදේ. එක කෝල් එකෙන් වැඩේ ෂේප් කරගන්න තිබුණා, පොඩ්ඩක් කල්පනා කළා නම්. (නි)

:       0       0

ලක්ෂ්මන් Saturday, 13 April 2013 12:09 PM

මෙහෙම අන්තරාදායක වැඩ කරන්න යන්න එපා. ඔබට අනතුරක් වුනා නම් ගෙදර අයට අවුරුදුත් නැහැ නේද ? (නි)

:       0       0

චානක Saturday, 13 April 2013 12:48 PM

බලන්න ලස්සන බෝල වගේ අලි ටික. (නි)

:       0       0

සමන් - ඕමානය Saturday, 13 April 2013 01:43 PM

ඔබ සඳහන් කර ඇති එක දෙයකට වග කිවයුත්තන්ගේ අවධානය යොමුවිය යුතුයි. එනම්, අලි ගමට ඇතුල් වන්නේ "ගවයන් තණ බිම්වලට ඇතුළු කිරීම සඳහා අලිවැටේ කම්බි යටින් කපා තුබූ තැන්වලින්" බවයි. අලි වැටක් ඉදිකරන්නේ ගමේ ආරක්ෂාව සඳහායි. එය සිතා මතාම කපා ඉවත්කිරීම බරපතල අපරාධයකි. සමාජ විරෝධී ක්‍රියාවකි. ගම්මුන්ට මෙන්ම අලින්ටද කරන අනතුරකි. ඒ සඳහා කර ඇති ආයෝජනය අපතේ හැරීමකි. තමන්ගේ වාසියට එවන් අකටයුතු කරන්නන් අල්ලා නිසි දඬුවම් වලට යොමු කිරීම අනිකුත් ගම්වාසීන්ගේ හා වනජීවී නිලධාරීන්ගේ යුතුකම හා වගකීම බව විශ්වාස කරමි. (නි)

:       0       0

මුතුකුඩ Saturday, 13 April 2013 02:09 PM

මේ අලින්ටත් දැන් මිනිස්සුන්ට වඩා ප්‍රශ්ණ. මිනිස්සු බදු බරින් තෙරපෙනවා වාගේම අලින් විදුලි වැටවල්වලට කොටුවෙලා. එහෙන් වෙඩි ප්‍රහාර.. දුම්රිය අනතුරු, ආහාර ප්‍රශ්ණ... අලි ප්‍රශ්ණ විසදීමට අලි ඇමති කෙනෙකු පත්කිරීමට දැන් කාලය පැමින ඇතිබව අපේ හැගීමයි. (නි)

:       0       0

ජයී තිසර Saturday, 13 April 2013 02:19 PM

දෛනික ජීවිතයෙ කරදර අඩුවේවා.. ලස්සන පිංතූර අප වෙත ගෙනදේවා.. ආදර්ශමත් චරිතය ලොව රැව්දේවා.. නව වසරේ ඔබට කිරි පැනි ඉතිරේවා (නි)

:       0       0

තිලක් Sunday, 14 April 2013 10:13 PM

රැලේ නායකයාගේ අණ අනිත් අලින් ඉතා හොදින් ක්‍රියාත්මක කරන බව පෙනුනායැයි ද ඔහු කියයි. එකට අපේ පාර්ලිමේන්තුවේ අලි ටික !(නදී)

:       0       0

ජුඩ් සමන්ත. Saturday, 13 April 2013 02:44 PM

ඇත්තටම හොද ප්‍රවෘත්තියක් ගේන්න අපි මොන තරම් දුක් විදිනවද?ජීවිතය පරදුවට තියනවද?මේ කථාව ඊට හොදම උදාහරණයක්.(නදී)

:       0       0

කුරුවිට Saturday, 13 April 2013 03:01 PM

දරු සෙනහස පෙන්වන හොද අවස්ථාවක්. ළමයි හදලා කැලේට දාන අයට මේවා හොද පාඩම්. අලි අම්මයි තාත්තයි දෙපැත්තේ. අලි පැටියා මැද.(නදී)

:       0       0

රූපවතී Saturday, 13 April 2013 03:06 PM

මට අද වෙනවිට දුෂණයෙන් තොර විශ්වාසයෙන් බර , අවංකව අප අතර සිටින එකම හිතවතා, වගේම කැපකිරීමෙන් ජනතාවගේ දුකට පිහිටවෙන, අප දෑසට පෙනෙන එකම දෙවියානම් ලංකදීපයයයි. ඒ වගේ උතුම් මිනිසුන්ට කිසිම දාක අනතුරක් ජීවිත හානියක් නොවෙන්න දෙවියන් ඔවුන්ව ආරක්ෂා කරනවා . මම එය අප ආගමතුලින් දුටු දෙයකි . ඔබට සදා ජය!(නදී)

:       0       0

අමර් Sunday, 14 April 2013 10:09 AM

ඔබට තුනුරුවන්ගේ සරණින් සුභ නවවසරක් වේවා!(නදී)

:       0       0

බංඩාර කුවෛට් Saturday, 13 April 2013 03:51 PM

ඔබගේ රැකියාව ඉහලින්ම ඉටුකර තිබෙනවා අවදානම වැඩි වෙන තරමට ඡායාරූපයේ ගුණාත්මක බව වැඩිවෙනවා ඔබටත් ආයතනයටත් සුභ නවසරක් වෙවා!(නදී)

:       0       0

නාමලී Saturday, 13 April 2013 04:44 PM

ඇත්තටම අලි ජරමරයක්නේ වෙලා තියෙන්නේ.කරදරයක් නොවීම ගැන සතුටුයි. (නි)

:       0       0

සුමිත් Saturday, 13 April 2013 05:03 PM

අර බල සේනාවට පහර ගහන අපේ සහෝදරයෝ ටික කොහෙද දන්නේ නැහැ. මොකද දන්නෙ නැහැ මේ වගේ දෙයකට අදහස් දාන්නේ නැත්තේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 391 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 124 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 1841 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2339 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3724 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38558 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25376 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 927 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site