IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


එස්.එම්. රංජිත්ගෙන් අභියාචනයක්

(මනෝප්‍රිය ගුණසේකර)

ඉන්ධන දීමනාව වැටුපට එක්කර තිබියදී උතුරුමැද පළාත් සභා මුදලින් රුපියල් ලක්‍ෂ 80කට අධික ඉන්ධන ලබාගැනීමේ චෝදනාවන්ට වරදකරුවන් කරමින් තමන්ට පැනවු දඬුවම් වලින් තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා  උතුරුමැද පළාත් සභාවේ හිටපු මහ ඇමති එස්.එම්. රංජිත් මහතා සහ ඔහුගේ ණෑනා වන ශාන්ති චන්ද්‍රසේන මහත්මිය අභියාචනයක් අද (03) ඉදිරිපත් කළහ.

තමන්ට එරෙහි චෝදනාවන් ඔප්පු කර නොතිබියදී මහාධිකරණ විනිසුරුවරයා තමන් වරදකරුවන් කර ඇතැයි සඳහන් කරන එස්.එම්. රංජිත් මහතා සහ ශාන්ති චන්ද්‍රසේන මහත්මිය දේශපාලන උවමනාවන් මත මෙම පැමිණිල්ල කල බව පැමිණිල්ලේ පළමුවන සාක්කිකරු වන කිරිබණ්ඩාගේ නිමල් විජේතිලක මහතාගේ සාක්කි වලින් හෙළි වු කරුණු පිළිබඳව හෝ විනිසුරුවරයා සැළකිල්ල දක්වා නැතැයි අභියාචනයේ සඳහන් කර ඇත.

ඉන්ධන දීමනාව වැටුපට එක්කර තිබියදී උතුරුමැද පළාත් සභා මුදලින් රුපියල් ලක්‍ෂ 80කට අධික ඉන්ධන ලබාගැනීමේ චෝදනාවන්ට එස්.එම්. රංජිත් මහතා සහ ශාන්ති චන්ද්‍රසේන මහත්මිය වරදකරුවන් කරමින් ඔවුන්ට වසර 16 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් ලක්‍ෂ 02 බැගින් දඩ නියම කරමින් කොළඔ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා පැනවු තීන්දුවට හා දඬුවමට එරෙහිව අභියාචනාධිකරණයට මෙලෙස අභියාචනා ඉදිරිපත් කර ඇත.

උතුරුමැද පළාත් සභාවේ හිටපු මහ ඇමති එස්.එම්. රංජිත් සමරකෝන් මහතා සහ ඔහුගේ ණෑනා වන හිටපු ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ශාන්ති චන්ද්‍රසේන මහත්මිය ගොනු කළ මෙම අභියාචනයන් වල වගඋත්තරකරු වශයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම නම් කර ඇත.

නීතීඥ අංජන කළිඳු මහතා මඟින් ඉදිරිපත් කළ සිය අභියාචනා පෙත්සම් අද (03) පෙරවරුවේ මහාධිකරණ ලේඛාධිකාරීවරයාට බාරදුන්හ.

2012 සැප්තැම්බර් මස 27 වැනිදාත් 2014 දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලයේ අනුරාධපුරයේදී උතුරු මැද පළාත් සභාවේ මහ ඇමතිවරයා වශයෙන් හා ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය වශයෙන් කටයුතු කරමින් සිටියදී අල්ලස් පනත යටතේ විග්‍රහ කෙරෙන දුණෂය නමැති වරද කළ බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම නඩු පවරා ඇත.

උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම්වරිය වශයෙන් කටයුතු කළ දෙවැනි විත්තිකාරියට හිමි ඉන්ධන දීමනාව ඇගේ වැටුපට එක් කර තිබියදී උතුරු මැද පළාත් සභාව එහි ප්‍රධාන ඇමතිවරයා වශයෙන් පළමු විත්තිකරුට නිකුත් කර තිබු වව්චර් පත් මඟින් රුපියල් 26,80,528/-ක ඉන්ධන ලබාගැනීම සහ එලෙස ඉන්ධන ලබාගැනීම සඳහා පළාත් සභා නිලධාරීන් පොළඔවන ලදැයි විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නඟා ඇත.

රජයේ චක්‍රලේඛණය අනුව උතුරුමැද පළාත් සභාවේ ප්‍රධාන ඇමතිවරයා වශයෙන් තමාට හිමිව තිබු මෝටර් රථ දෙකට හා ආරක්‍ෂක රථයට අමතරව තවත් වාහන තුනක් තමාට මුදාහැරීමට පළාත් සභා නිලධාරීන් පොළඔවන ලදැයි විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම වැඩිදුරටත් චෝදනා නඟා තිබිණී.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අදාළ චෝදනාවන්ට විත්තිකරුවන් වරදකරුවන් බව තීරණය කළ විනිසුරුවරයා ඔවුන්ට වසර 16 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් ලක්‍ෂ 02 බැගින් දඩ ගෙවීමටද නියම කෙරිණී.

එම තීන්දුවට හා දඬුවමට එරෙහිව අභියාචනය කරන එස්.එම්. රංජිත් මහතා සහ ශාන්ති චන්ද්‍රසේන මහත්මිය නඩුවේ දෙවැනි විත්තිකාර ශාන්ති චන්ද්‍රසේන මහත්මියට රජයෙන් නිල වාහනයක් දී ඇති බවට පැමිණිකාර අල්ලස් කොමිසම කිසිඳු ලියවිල්ලක් හෝ සාක්කියක් අධිකරණයට ඉදිරිපත් කර නැති බවත් ඇයට ඉන්ධන දීමනාවක් හෝ දුන් බවට අල්ලස් කොමිසම සාක්කි ඉදිරිපත් කර නැති බවත් සඳහන් කර ඇත.

ශාන්ති චන්ද්‍රසේන මහත්මියට ඉන්ධන දීමනාවක් දුන් බව හෝ කේ.සී. 1335 දරණ වාහනයට ඉන්ධන ලබාගත් බවට කිසිඳු ඇණවුම් වව්චර්පතක් පැමිණිල්ලෙන් ඉදිරිපත් කර නැති බව අභියාචනයේ සඳහන් කරන පෙත්සම්කරුවෝ මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වු කිසඳු කරුණක් පිළිබඳ මහාධිකරණ විනිසුරුවරයා තීන්දුව දීමේදී සැළකිල්ලට ගෙන නැතැයි පෙන්වා දෙති.

චෝදනා වල සඳහන් වැරදි කිරීමට පළමු විත්තිකාර උතුරුමැද පළාත් සභාවේ හිටපු මහ ඇමති එස්.එම්. රංජිත් සමරකෝන් මහතා ආධාර අනුබල දුන් බවට හෝ විත්තිකරුවන් රජයට පාඩු කළ බවට පැමිණිල්ලෙන් ඔප්පු කර නැතැයිද දේශපාලන උවමනාවන් මත පැමිණිල්ල කල බවට පැමිණිලිකරුගේ සාක්කි වලින් හෙළි වු කරුණු පිළිබඳව හෝ විනිසුරුවරයා සැළකිල්ල දක්වා නැතැයිද පෙන්වා දෙන පෙත්සම්කරුවෝ මහාධිකරණ විනසසුරුවරයාගේ දෝෂ සහගත තීන්දුව ඉවත දමා තමන් සිය`ථ චෝදනා වලින් නිදොස් කර නිදහස් කරන්නැයි ඉල්ලා සිටිති.



අදහස් (8)

එස්.එම්. රංජිත්ගෙන් අභියාචනයක්

පිටිගල මිලානෝ Thursday, 03 April 2025 02:30 PM

සාධාරන සැකයකින් එහාට ඔප්පු කරගා තියෙන්නේ….. තවත් මොනා ඔප්පු කරන්නද….

:       4       24

පිටරටවැසියා Thursday, 03 April 2025 04:51 PM

උසාවියට සැකයක් නැතිව ඔප්පු වුණාට මිනිහටයි, නෑනටයි සැකයි වාගේ, ඒක හින්ද තවත් වරක් ඔප්පු කරගෙනම අව්රුදු 16 කට වැඩිකාලය ආණ්ඩුවේ බෝඩිමේ ලගින්නයි කල්පනාව.

:       0       3

රිෆාන් Thursday, 03 April 2025 06:10 PM

මේක තමයි අපේ රටේ නීතිය. හොරු අල්ලන්න කලින් මේ අඩුපාඩුව හදන්න ඕන. එහෙම නැත්නම් රටේ ජනතාවගේ වටිනා කාලයයි මුදලයි නාස්ති වෙලා හොරු එලියට එන එක විතරයි අවසානයේ සිදුවන්නේ.

:       0       2

Manga Thursday, 03 April 2025 08:09 PM

මුන් හොරා කාපුවා මටම මතක නැහැ, අයියලා, මල්ලීලා, නෑනලා ඇති වෙන්න හම්බ කරලා තියෙනවා. නගරයෙන් පිට රජරට ගම් වලට ගිහින් ඇහුවොත් මිනිස්සු පෙන්වයි—අක්කර ගණන් කැලේ කපපුවා, කුඹුරු අස්වැද්දපුවා, කැලේ ගස් කපපුවා එහෙම.

:       0       1

Pradeep Kumara Thursday, 03 April 2025 08:53 PM

සිවිල් ආරක්ෂක නිළධාරියෙකුව සිටි මොහු අද මේ ගත කරන සුපිරි ජීවිතය සහ කෙටිකලකදී උපයාගත් අති මහත් වූ ධනස්කන්ධයම සාක්ෂි දරනවා කරලා තියන කෙරුම් ගැන. අයියයි මල්ලියි දෙන්නා අයිති කරගෙන සිටින ඉඩම් ගැනත් හොයලා බැලුවොත් තවත් අවුරුදු 100ක් විතර හිරේ ලගින්න වෙයි.

:       0       3

රුවන් Thursday, 03 April 2025 11:03 PM

හොරා කෑවා කියලා ඔප්පු වෙලා තියෙන්නේ තව මොනද?

:       0       1

Mohan Mangala Mapa Friday, 04 April 2025 07:27 AM

මේක තමයි හොරුන්ට දඬුවම් කරද්දී එන ප්‍රධාන අභියෝගය. සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරේ නැහැ කියලා ඇපීල් කරලා නිදහස් වෙනවා. හොඳ සාක්ෂි තිබුණොත් මොවුන්ට ගැලවීමක් නැහැ. එයින් ඉගෙන ගන්න පුළුවන් පාඩම - ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා නම් සෑම අමාත්‍යංශයකම හොඳට ඩිජිටල්කරණය කරලා, සියලු දෙවල් විගණනය කිරීම.

:       0       5

Kazi Shajahan Friday, 04 April 2025 02:31 PM

ඕවා දැම්මට වැඩක් නැහැ. ඔය ඇන්ද ජම්පරේ අවුරුදු 16 ඇඳගෙන ඉන්න . තව ඉස්සරහට අයියවත් එවනවා. කොච්චර තොපි දෙන්නා හොරකම් කරලා තියෙනවද අපේ මහජන ධනය ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 202 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 275 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 99 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 288 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 536 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 234 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 501 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 442 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site