IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


එස්. එල්. පී. එල් - අයි. පී. එල් තරගාවලි හේතුවෙන් දකුණු අපි‍්‍රකා - ශී‍්‍ර ලංකා ටෙස්ට් තරගාවලිය කල්

ලබන වසරේ ජූලි සහ අගෝස්තු මාසවලදී දකුණු අප‍්‍රිකානු පිල ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරග තුනකට සහභාගි වීමට නියමිතව සිටිය ද එස්. එල්. පී. එල්. සහ අයි. පී. එල්. තරගාවලි නිසා එම ටෙස්ට් තරග තුන 2015 දක්වා කල්දමනු ලැබ ඇත. කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා-දකුණු අපි‍්‍රකානු එක්දින තරගාවලිය නියමිත පරිදි පැවැත්වෙන බව ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් ආයතනය පවසයි. මේ සම්බන්ධයෙන් ඊයේ (31 වැනිදා) කළ විමසීමකදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ ඈෂ්ලි ද සිල්වා මහතා පැවසුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිල ලබන වසරේ (2013) ටෙස්ට් තරග අටකට සහභාගි වීමට නියමිතව ඇති බවයි. එම වසරේදී ශ්‍රී ලංකා පිල  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ටෙස්ට් තරගයකටද, බංග්ලාදේශයට සහ සිම්බාබ්වේට එරෙහිව ටෙස්ට් තරග දෙකකට බැගින්ද සහ පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරග තුනකටද සහභාගි වීමට නියමිත බවද ඈෂ්ලි ද සිල්වා මහතා පවසයි. ලබන වසරේ ජනවාරි 3 වැනිදා  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව සිඞ්නි නුවරදී පැවැත්වෙන ටෙස්ට් තරගය මේ වසරේ (2012) තරග කාලසටහනට ඇතුළත් තරගාවලියක අවසන් ටෙස්ට් තරගය වන අතර පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවේදී බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරග දෙකට ශ්‍රී ලංකා පිල සහභාගි වීමට නියමිතය. ලබන වසරේ බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැත්වීමට නියමිතව තිබූ ටෙස්ට් තරග දෙක පමණක් අවලංගු කර තිබෙන බවද ඈෂ්ලි ද සිල්වා මහතා පවසයි. ”ලබන වසරේ ටෙස්ට් තරග සංඛ්‍යාව පිළිබඳව මේ දිනවල ප‍්‍රචාරය වන කරුණුවල සත්‍යතාවක් නෑ” ”ලබන වසරේ ශ්‍රී ලංකා පිල ටෙස්ට් තරග වැඩි සංඛ්‍යාවකට සහභාගි වෙනවා. එම රටවල් එකඟ වන ආකාරය අනුව තරග සංඛ්‍යාව තීරණය කර තිබෙනවා” යැයි මෙහෙයුම් අධ්‍යක්‍ෂ ඈෂ්ලි ද සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය. ශ්‍රී ලංකා පිල ඔක්තෝබර් මස සිම්බාබ්වේ සංචාරය කිරීමට නියමිත අතර එම සංචාරයට ටෙස්ට් තරග දෙකක් ඇතුළත් බවත් දෙසැම්බර් මස පාකිස්තානය සත්කාරත්වය දරණ තරගාවලියක් පැවැත්වීමට නියමිත අතර එම සංචාරයේදී ශ්‍රී ලංකාව ටෙස්ට් තරග තුනකට ක‍්‍රීඩා කිරීමට නියමිත බවත් ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය. සිම්බාබ්වේ පිල නැවතත් ටෙස්ට් තරග සඳහා අවතීර්ණ වී සිටින නමුත් ඔවුන් කී‍්‍රඩා කර ඇති ටේස්ට් තරග සංඛ්‍යාව ප‍්‍රමාණවත් නොවන නිසා ඔවුන්ට ටෙස්ට් ශ්‍රේණිගත සටහනේ ස්ථානයක් හිමිවී නැති අතර ප‍්‍රසාද ලකුණු 1 ක් හෝ ලබාගැනීමට අසමත්ව සිටින බංග්ලාදේශ පිල සිටින්නේ ටෙස්ට් ශ්‍රේණිගත ලයිස්තුවේ අවසන් ස්ථානයේ හෙවත් 9 වැනි ස්ථානයේය. ප‍්‍රසාද ලකුණු 98 ක් ලබා සිටින ශී‍්‍ර ලංකා පිල ටෙස්ට් ශ්‍රේණිගත ලයිස්තුවේ 6 වැනි ස්ථානයට පත්ව සිටින අතර එස්. එල්. පී. එල්. සහ අයි. පී. එල්. තරගාවලි නිසා කල්දමන ලද ටෙස්ට් තරගාවලියට සහභගි වීමේ සූදානමින් සිටි දකුණු අපි‍්‍රකානු පිල මේ වන විට ටෙස්ට් කි‍්‍රකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු ස්ථානය හිමිකරගෙන සිටින්නේ ප‍්‍රසාද ලකුණු 120 ක් හිමිකරගනිමිනි.



අදහස් (0)

එස්. එල්. පී. එල් - අයි. පී. එල් තරගාවලි හේතුවෙන් දකුණු අපි‍්‍රකා - ශී‍්‍ර ලංකා ටෙස්ට් තරගාවලිය කල්

චන්ද්‍රසිරි Thursday, 01 November 2012 12:18 PM

ඔව් බෙනට් ඇත්ත ඒක තමයි (ස)

:       0       0

සිල්වා Thursday, 01 November 2012 08:39 PM

දිගට තිබුණු කොන්ඩෙත් දැන් ටික ටික ගැළවෙනවා. (නි)

:       0       0

වරුණ Thursday, 01 November 2012 12:55 PM

ඉන්දියාවෙ සල්ලිවලට අපේ අය කෙළ හලනවා.. අපේ තරගාවලින නතර කරනා අයි.පී.එල්. ගහනවා.. එස්.එල්.පී.එල් ගහන්න එක ඉන්දියාවෙ ක්‍රීඩකයෙක් ආවද? කෙලින් තීරණ නොගැනීම නිසා ලංකාවෙ හැමදාම ඉන්දියාවෙ රූකඩයක්.!(නු)

:       0       0

කැල්වින් Thursday, 01 November 2012 01:21 PM

ලංකාවෙ ක්‍රිකට් වැඩිකල් නොගොස් සිම්බාබ්වේ වගේ තත්ත්වයකට පත් වෙනවා.. නැත්නම් පුදුම හතෙන් එකක් වෙනවා..!(නු)

:       0       0

හර්ෂණ අරවින්ද බණ්ඩාර Thursday, 01 November 2012 01:38 PM

ශ්‍රී ලංකාව වගේ රටවලට ටෙස්ට් ක්‍රිකට් කියන දේ වටිනාකමක් නැහැ.. කොහොමත් අපේ ක්‍රිකට් මණ්ඩලයට අවශ්‍ය මුදල්නෙ... ඒ නිසා ටෙස්ට් ක්‍රිකට් නොගහා විස්සයි විස්ස ම ගහනවානම් තමයි හොද?(නු)

:       0       0

අසන්ග Thursday, 01 November 2012 06:04 PM

තරග පාවාදීම් නැත්තම්, එස්.පී.එල්, අයි.පී.එල්, බී.පී.එල්.හොදයි. ටෙස්ට් අනිවාර්යෙන්ම තියෙන්න ඕනෑ, ක්‍රීඩකයන්ගේ තාක්ෂණය දියුණු වෙන්න. (නි)

:       0       0

නිලන්ත Thursday, 01 November 2012 02:07 PM

බෙනට් ඔබ හරි.. මමත් ඔබ සමග එකගයි..!(නු)

:       0       0

නුරේක Friday, 02 November 2012 08:12 AM

ඇත්ත මේ කියන කතා සේරම ඇත්ත (ස)

:       0       0

බෙනට් Thursday, 01 November 2012 11:06 AM

දැන් ලංකාවේ ක්‍රිකට් කියන්නේ රටේ ජනතාවට සතුටක් විනෝදයක් ලබාදෙන්න කරන ක්‍රීඩාවක් නෙමෙයි ... ඉන්දියාවේ IPL තරඟ පටන් ගත්ත අවුරුද්දේ ඉඳල ඒක වෙනස් උණා .... දැන් ලංකාවේ කට්ටිය ක්‍රිකට් ගහන්නේ තමන්ට සහ ක්‍රිකට් ආයතනයට සල්ලි හොයන්න මිස ලංකාවේ ජනතාවට සතුට විනෝදය ලබාදෙන්න නෙමෙයි ....මේවගේ තීරණ ඒ සඳහා හොඳම සහ වටිනාම උදාහරණ ... ඒ අනුව ලෝක කුසලාන ෆයිනල් පරදින එකත් ක්‍රීඩකයන්ට සහ ක්‍රිකට් ආයතනයට මුදල් හොයන්න කරන වැඩ බව ඉතාම විශ්වාසයි ..1995 සිට 2000 වගේ යුගයක් නැවත කිසිදාක ලංකාවේ ක්‍රිකට් වලට උදාවෙන්නේ නැ... ඒක සහතිකයි ...(ස)

:       0       0

රාජා Thursday, 01 November 2012 11:49 AM

හැමදාම නොගහන්න තීරණය කරනවනන් වඩාත් හොදයි.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඔප්පු හැදූ අයෙක් වසරකට හිරේ
2024 ඔක්තෝබර් මස 09 234 0

හොරු ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයාට ලබා දුන්නේ යැයි කියන හෝකන්දර පුද්ගලයකුට වසරක බරපතල වැඩ සහිත ස


මෛත්‍රිට අතුරු තහනමක්
2024 ඔක්තෝබර් මස 09 1137 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී


වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 2338 2

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 1380 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 1615 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1797 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39578 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25764 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 363 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1203 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site