IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


එස්. එල්. පී. එල්. කණ්ඩායම්වලට කී‍්‍රඩකයන් තෝරා ගැනීම 20 දා

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය දෙවැනි වරටත් සංවිධානය කරන ‘ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම ලීග් (එස්. එල්. පී. එල්.) තරගාවලියේ කණ්ඩායම් සඳහා කී‍්‍රඩකයන් තෝරා ගන්නා රැස්වීම මේ මස 20 වැනිදා කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

තරගාවලිය පිළිබඳව ‘ලංකාදීප’ කළ කළ විමසුමකදී එස්. එල්. පී. එල්. තරගාවලියේ අධ්‍යක්‍ෂ අජිත් ජයසේකර මහතා පැවසුවේ මෙවර තරගාවලිය යොදාගත් පරිදි අගෝස්තු මස 10 වැනිදා සිට සැප්තැම්බර් මස 7 වැනිදා දක්වා පැවැත්වෙන බවයි.

”මෙය ක‍්‍රීඩකයන් වෙන්දේසියක්ම නොවෙයි. ඒත් ඒ ඒ ක‍්‍රීඩකයන්ට වටිනාමක් තියෙනවා, ඒ අනුව මෙහිදී සිදුවන්නේ කණ්ඩායම් අයිතිකරුවන් ඔවුන්ට අවශ්‍ය ක‍්‍රීඩකයන් තෝරා ගැනීමක් පමණයි”

”මෙම රැස්වීමට සියලූම කණ්ඩායම අතිකරුවන් සහභාගිවිය යුතුයි” යයිද ජයසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

2012 තරගාවලියේ ඇතැම් කණ්ඩායම්වල අයිතිකරුවන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ගෙවිය යුතු මුදල් මේ දක්වා ගෙවා නොමැති බවත් ඒ හේතුවෙන් එම කණ්ඩායම්වල සහභාගිත්වය 2013 තරගාවලිය සඳහා අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති බවත් වාර්තා වේ.

පසුගිය වසරේ ඇතැම් කණ්ඩායම් ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් කළ විමසීමකදී ජයසේකර මහතා පවසා සිටියේ සියලූම අයිතිකරුවන්ට මුදල් ගෙවන ලෙස දැනුම්දී තිබෙන නමුත්  මේ දක්වාම ගෙවීම් නොකළ අයිතිකරුවන්ද සිටින බවයි.

එස්. එල්. පී. එල්. තරගාවලි මාලාවේ පළමුවැන්න 2012 වසරේ අගෝස්තු මස විදේශිය ක‍්‍රීඩකයන් රැුසකගේ සහභාගිත්වයෙන් කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී සහ මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි. එම තරගාවලියට කණ්ඩායම් 7 ක සහභාගි විය. එම තරගාවලියේදී ඌව කණ්ඩායම විසින් ශූරතාව දිනාගන්නා ලදි.



අදහස් (0)

එස්. එල්. පී. එල්. කණ්ඩායම්වලට කී‍්‍රඩකයන් තෝරා ගැනීම 20 දා

ධනු Tuesday, 16 July 2013 01:34 PM

අනුන් කරන දේ කරනන් ගියොත් නම් අපිත් වදුරන් වෙනවා (දී)

:       0       0

අසංග Tuesday, 16 July 2013 01:50 PM

මමත් මේ තරඟය නම් අනුමත කරන්නේ නැහැ.මුදල් නාස්ති වෙන වැඩ. (දී)

:       0       0

වසන්ත Tuesday, 16 July 2013 10:07 AM

අනේ බැරී දේවල් නොකර රටේ සල්ලි කන්නේ නැතුව ඉන්නවද? ගියපාර දැක්කා ආපු සෙනග.ග්රවුන්ඩ් එකේ හිටියේ සත්තු විතරයි (දී)

:       0       0

නාමල් Tuesday, 16 July 2013 04:51 PM

ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කිව්වලු ජනග්‍රහණය ගොඩක් ඉන්න රටවල් කරන දේවල් අපට කරන්න බෑ තව වෙන ක්‍රමයක් ගැන හිතන්න බලන්න විකාර ලජ්ජා නැති වැඩ නොකර (අ)

:       0       0

වරුණ Tuesday, 16 July 2013 10:13 AM

මේ පාරත් විදෙස් ක්‍රීඩකයන්ට පොලු තමා. නමක් නැති දෙවන පෙළ කණ්ඩායමක ක්‍රීඩකයන් ගෙනල්ලා ගස්සවයි. ඕවා බලන්න සෙනගත් නැහැනේ. ගිය සැරේ වගේ ක්ලබ් මැච් වගේ තියේවි (දී)

:       0       0

අශෝක Tuesday, 16 July 2013 02:24 PM

සමහර මැච් වලට 50ක් වත් හිටියේ නැහැ.ඉන්දියාවේ මැච් වලට ග්‍රවුන්ඩ් එක පිරෙන්ඩ සෙනග .ලැජ්ජාවේ බැහැ. (දී)

:       0       0

සමින්ද Tuesday, 16 July 2013 10:47 AM

මොන එස්.එල්.පී.එල් ද ? දකුනු අප්‍රිකානු කණ්ඩායම ලංකාවේ. තව දවස් 5 කින් මැච් එක. ඒත් අපේ කණ්ඩායමවත් තාම නම් කරලා නැහැ. තේරුම් කමුටුව නිදිද ? කිත්රුවන් විතානගේ, ඇන්ජිලෝ පෙරේරා, තිසර පෙරේරා කණ්ඩායමට දාන්න. ඒ වගේම අඩුම ගානේ තරඟ 3 ක් වත් එක දිගට අවස්ථාව දෙන්න, ජීවන් මෙන්ඩිස්, ලහිරු තිරිමාන්න හරියන්නේ නැහැ. ලහිරු ටෙස්ට් වලට විතරක් දැනට තිබ්බානම් හොදයි කියල තමා මගේ හැගීම. දකුණු අප්‍රිකානු තරගාවලියට මගේ කණ්ඩායම , කුසල් ජනිත් ,උපුල් තරංග ,කිත්රුවන් විතානගේ ,කුමාර සංගක්කාර ,මහේල ජයවර්දන ,ඇන්ජෙලෝ මැතිව්ස් ,ඇන්ජෙලෝ පෙරේරා ,තිසර පෙරේරා ,සචිත්‍ර සේනානායක ,රංගන හේරත් ,ලසිත් මාලිංග හෝ නුවන් කුලසේකර (සනිප නම් ).(නදී)

:       0       0

ඇලෙක්ස් Tuesday, 16 July 2013 05:42 PM

වෙන්දේසියක් නෙමෙයි නම් මොකක්ද. කටින්ද කතාකරන්නේ?කන්නේ බත්ද. අපේ අය අයි.පි . එල් යන කොට කියපු කතා පිටරට වලිත් ආ ක්‍රීඩකයන්ට කීවොත් මොකද වෙන්නේ? (දී)

:       0       0

කසුන් Tuesday, 16 July 2013 07:19 PM

බලමුකෝ මොකද වෙන්නෙ කියල (අ)

:       0       0

දසුන් Tuesday, 16 July 2013 03:21 PM

අනේ අපේ කට්ටිය මැච් ගහල හොයන සල්ලි ටික මුන් බෙදාගන්න යන්නේ.(අ)

:       0       0

ශාන්ත Tuesday, 16 July 2013 03:22 PM

ඉන්දියාවේ ක්‍රිකට් පිස්සෝ හිටියට ලංකාවේ අපිට වැඩ තියෙනවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමරිකා ජනපති අනුරට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 27 0 0

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පළ කර තිබේ.


ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 283 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 2065 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 229 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 937 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1017 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37580 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24769 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site