IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


එස්. එල්. පී. එල්. තරගාවලියේ අව්‍යාජත්වය අනතුරේ

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයෙන් ශී‍්‍ර ලංකා පිල පරාජය වීමෙන් පසුව කි‍්‍රකට් ලෝලීහු සිය අවධානය මුදලට තරග පාවාදීමට සූදානම් වූ විනිසුරුවරුන්ට එල්ලවූ චෝදනා දෙස යොමු කළහ. එහෙත්, කිසිවකුට නොදැනෙන නමුත්, ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාව තවත් බරපතළ අනතුරකට මුහුණ දී තිබේ. විනිසුරුවරුන්ට එල්ල වූ චෝදනා සමගින් ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධානතම විස්සයි 20 කි‍්‍රකට් තරගාවලිය වන එස්. එල්. පී. එල්. තරගාවලියේ අව්‍යාජත්වය පිළිබඳව බරපතළ ගැටළුවකට එහි සංවිධායකයෝ මුහුණ දී සිටිති. විනිසුරුවරුන් මුදලට තරග පාවාදීමට සූදානම් වූයේ යයි හෙළිදරව් කරමින් ව්‍යාජ මෙහෙයුමක් දියත් කළ ඉන්දීය රූපවාහිනී සේවයේ වෙස්වළාගත් නියෝජිතයන් සමග සන්දීප් බාමර් මහතාද අනුග‍්‍රාහක ගනු දෙනු සම්බන්ධයෙන් කතිකා කළ බවද වාර්තා වේ. සන්දීප් බාමර් යනු අන් කවරකු හෝ නොව, එස්. එල්. පී. එල්. තරගාවලියේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන කොටස්කරු වන සර්සෙට් එන්ටටේන්මන්ට් ව්‍යාපාරයේ සභාපතිවරයාය. කෙසේ වෙතත් සන්දීප් බාමර් මහතා පවසන්නේ එස්. එල්. පී. එල්. තරගාවලිය සම්බන්ධයෙන් තමන්ගේ කාර්යභාරය අනුව, එවන් සාකච්ඡා කිරීමට තමන්ට බලය ඇති බවයි. ඇත්ත වශයෙන්ම අනුග‍්‍රාහකයන් ලෙස ඉදිරිපත් වූ අයට තරගාවලිය අළෙවි කරන්නට මා උත්සාහ කළා. අනුග‍්‍රාහකයන් අපේක්‍ෂිත සීමාවන්හි රැඳී සිටිනවා නම්, ඒක මගේ අයිතියක්” හේතුව, එස්. එල්. පී. එල්. තරගාවලියට සහභාගි වූ එක් කණ්ඩායමක අයිතිය මටත් තිබුණ නිසා” යයිද සන්දීප් බාමර් මහතා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර සිට ‘ඬේලි මිරර්’ පුවත් පතට පැවසීය. කෙසේ වෙතත් ඉන්දීය රූපවාහනී සේවාවකට අයත් මෙම වෙස්වලාගත් වාර්තාකරුවා, කී‍්‍රඩා ඒජන්තවරයකු වශයෙන් තමන්ට මුදල් දීමට සූදානම් වූ අවස්ථාවේදී තමන් ඒ බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට දැන්වූ බවද සන්දීප් බාමර් මහතා පවසයි. එහෙත් මෙම තත්ත්වය මාධ්‍යවලින් වසං කර තැබීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය උත්සාහ ගැනීම වටහාගත නොහැකිවා මෙන්ම ඒ බව අන්තර්ජාතික කි‍්‍රකට් සභාවට දැනුම් දීමට ඔවුන් පියවර ගෙන ඇතිද යන්නත් පැහැදිළි නැත. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ඒ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්‍ෂණයක් කළ බවක්ද වාර්තා නොවේ. බාමර් මහතා පවසන්නේ දුරකතන ඇමතුම ලැබෙද්දීම කිසියම් අප‍්‍රසන්න යමක් සිදුවේගන යන බව තමන්ට වැටහුණ නමුත් අදාළ පාර්ශවයේ තොරතුරු වැඩිදුර ලබාගැනීම සඳහා දිගින් දිගටම දුරකතනයේ රැඳී හුන් බවයි. මේ පිළිබඳව මා එදිනම ශී‍්‍ර ලංකා කි‍්‍රතට් ආයතනය දැනුම්වත් කිරීමෙන් පෙනෙන්නේ මට ඔවුන් සමග කටයුතු කිරීමට වුවමනාවක් නොතිබූ බව මිස වෙන මොකක්ද?” යයිද බාමර් මහතා පැවසීය. එස්. එල්. පී. එල්. තරග මුදලට පාවාදීමේ උත්සාහයට අදාළ දුරකතන සංවාදය ඇතුළත් හඬ පටය ‘ඬේලි මිරර්’ මගින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය වෙත බාර දෙන ලද නමුත් මාස දෙකක් යන තුරුත් ඒ් පිළිබඳව කිසිදු තොරතුරක් දැනගන්නට නැත. එස්. එල්. පී. එල්. තරගාවලියේ කණ්ඩායම් අයිතිකරුවන් කිසිවකු එහිදී ලාභ අපේක්‍ෂා නොකළ බවත් ඒ වෙනුවට විශාල පාඩු විඳ දරා ගැනීමට ඔවුන් සූදානම් වූ බවත් වැඩි දෙනාගේ කතාබහට ලක්වී තිබිණ. එස්. එල්. පී. එල්. තරගාවලියේදී කඳුරට වොරියර්ස් පිලේ අයිතිකරුවා වූයේ සන්දීප් බාමර් මහතාය. කඳුරට වොරියර්ස් පිලේ අයිතිය සම්බන්ධයෙන් මුල සිටම අපැහැදිළි තත්ත්වයක් පැවැති අතර තරගාවලියේ පරිපාලන සමාගමේ සභාපතිවරයා එහි කණ්ඩායමක හිමිකරුවා වීම ‘වෘත්තීමය සදාචාරය’ සම්බන්ධයෙන් බරපතළ ගැටළුවක් ඇති කරන්නකි. ඇතැම් විට කඳුරට වොරියර්ස් පිලේ සැබෑ හිමිකරුවා කවුරුන්ද යන්න පිළිබඳව ජනතාවට හෙළිදරව් වූ පළමු අවස්ථාවද මෙය විය හැකිය. ‘වෘත්තීමය සදාචාරය’ සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බව සන්දීප් බාමර් මහතා පිළිගන්නා නමුත්, එම අවස්ථාවේදී තිබූ තත්ත්වය අනුව, කඳුරට කණ්ඩායම තමා විසින් මිලදී ගැනීම හැර වෙනත් විකල්පයක් නොතිබූ බවද බාමර් මහතා පවසයි. පටිගත කරන ලද රූපවාහිනී වැඩසටහනට අනුව තමන්ගේ කඳුරට වොරියර්ස් කණ්ඩායමට අනුග‍්‍රහය දැක්වීම සඳහා ඇමරිකානු ඩොලර් 1,20,000 ක් (රුපියල් කෝටි එක හමාරක්) තමන්ට අවශ්‍ය යයි සන්දීප් බාමර් මහතා පවසා තිබේ. මේ සම්පූර්ණ මුදල ඉන්දියාවේදී ඇමරිකානු ඩොලර් වලින් ගෙවිය යුතු යයි කොන්දේසියක්ද ඔහු විසින් පනවන ලදි. සන්දීප් බාමර්



අදහස් (0)

එස්. එල්. පී. එල්. තරගාවලියේ අව්‍යාජත්වය අනතුරේ

චන්ද්‍රසිරි Friday, 12 October 2012 03:32 PM

මම තව දුරටත් ක්‍රිකට් ලෝලියෙක් නොවෙමි .තත්වය වෙනස් උනොත් ඒ ගැන හිතලා බලනවා (ස)

:       0       0

නිරාන් Friday, 12 October 2012 11:25 AM

මේ හැම ප්‍රශ්නෙටම මුල සල්ලි (ස)

:       0       0

සෑම් Friday, 12 October 2012 11:33 AM

මේ හැම දෙයකටම මුල කොහෙවත් නැති ඉන්දියාවක් ගාවගැනීම....ඉන්දියාව අපට උදව්කරන්න එන්නේ සත්භාවයකින්නම් නොවේ.... (ස)

:       0       0

සෑම් Friday, 12 October 2012 11:42 AM

ඉදිරියට අපට ලංකාවේ කියා කිසිම දෙයක් නැති පාටයි... (ස)

:       0       0

ශිවන්ත Saturday, 13 October 2012 12:33 AM

මම ආයේ ශ්‍රී ලංකාවේ මැච් බලන්නේ නැත. ලංකාවේ ක්‍රිකට් අවසාන මැච් එක හැමදාම පරදින්න හේතුවක් ඇති.

:       0       0

වරුණ Friday, 12 October 2012 12:33 PM

කොහොමද එහෙම උනේ

:       0       0

රිස්වාන් - සවුදි Friday, 12 October 2012 12:47 PM

ඉන්දියාව, චීනය, පකිස්ථානය,මේ රටවල් අපට උදවු කරන්නේ ආදරය නිසා නොවේ. චීනය උදවු කරන නිසා ඉන්දියවයි, ඉන්දියාව උදවු කරන නිසා පකිස්තනයයි අපට උදවු කරනවා. (නි)

:       0       0

අතුල Friday, 12 October 2012 01:46 PM

අපරාදේ

:       0       0

සුමනා Friday, 12 October 2012 01:47 PM

අයියෝ ලංකාවේ ක්‍රිකට්

:       0       0

මාටින් Friday, 12 October 2012 02:06 PM

ඔය එළිවෙන්නේ කාගෙ කාගෙත් තොරතුරු... (නි)

:       0       0

තුෂාර Tuesday, 16 October 2012 07:19 AM

කොදෙව්වෝ කප් එක අරන් ගියා දන්නෙම නැතුව අපේ ලයිට් බිලත් ගියා සිමෙන්තිත් ගණන් ගියා අපිට මොන ක්‍රිකට්ද? (නි)

:       0       0

ලලිත් Friday, 12 October 2012 08:26 PM

මේ යන විදියට මේවා ගියොත් ඊළග පාඨකයා කියාවිද දන්නේ නැහැ මම තවදුරටත් ලාංකිකයෙක් නොවෙමි, කියලා. (නි)

:       0       0

රාජා Saturday, 13 October 2012 11:17 AM

ඉන්දියාවට තියෙන්නේ එයාල T 20 එකෙන් එලියට වැටුණ ඉරියාව. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 1 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 61 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1677 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 477 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 85 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 431 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39700 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 8 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1229 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site