ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයය කොළඹ ලුම්බිණි විද්‍යාලයය අතර අද එස්එස්සී පිටියේ පැවති මහා ක්‍රිකට් තරඟයෙන් පසු දෙපිරිසක් පිටිය මැදට පැන කලබලයක් ඇති විය.
සිසුහු සහ ආදි සිසුහු පාලනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් ද කැඳැවිණි.
අද පැවති මහා ක්‍රිකට් තරගයේ මුලින් පන්දුවට පහර දුන් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයය පන්දු වාර 48කදී සියල්ල දැවී ලකුණු 151ක් ලබා ගත් අතර ලුම්බිණි විද්‍යාලයය පන්දු වාර 48ක දී ලකුණු 152ක් ගනිමින් ජයග්‍රහණය කළේය.
ඉන් පසු දෙපිරිසක් පිටිය මැදට පැනීමෙන් පසු කලබලය ඇරැඹිණි.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
එස්.එස්.සී පිටියේ අතින් පයින් ගහ ගනිති
සමන්ත Friday, 18 March 2016 09:36 AM
මොන ක්‍රිකට්ද මෙයාලට (බ)
දුමුදු Friday, 18 March 2016 05:03 AM
කලබල කරපු අය අත්අඩංගුවට ගන්න . (ර)
ඕෂධී Friday, 18 March 2016 01:29 AM
ඔය ලුම්බිණිය මුලින්ම බිග් මැච් ගැහුවේ අපේ පාසල වන හොරණ ශ්‍රී පාලිය එක්ක. එ් කාලෙත් ලුම්බිණිය ඔහොමමයි. එ්කයි අපි බිග් මැච් නැවැත්තුවේ (නි)
සංජීව Friday, 18 March 2016 08:58 AM
ක්‍රිකට් කියන්නේ මහත්මා ගුණ දන්නා අයට පමණක් සීමා විය යුතු ක්‍රීඩාවක්. බලන්න ගිය සතියේ රාජකීය-සාන්ත තෝමස් තරගය ඔය ක්‍රීඩාංගනේම තිබුනා . තෝමස් ලා දවස් දෙකක් ඉදිරියෙන් හිටිය නමුත් අන්තිම දවසේ ඇන ගත්තා. රාජකීයයන් දිනුවා. එක වැලි කැටයක්වත් විසිකරලා කරදර කෙරුවේ නැහැ. තරගයට බාධා කෙරුවේ නැහැ. තරගෙන් පස්සේ කණ්ඩායම් දෙකම එකතු වෙලා එකට විනෝද වුණා. (ර)
සොපි Thursday, 17 March 2016 01:45 PM
පාසල් ක්‍රිකට් තරඟ වලින් පස්සේ මේ කුලල් කා ගැනිල්ල දැන් මෝස්තරයක් වෙලා . අනිත් හැම දෙයකින්ම වගේ ක්‍රීඩාවෙනුත් විනය පිරිහීගෙන යන හැටි හරිම ශෝචනීයයි (බ)
තුසිත Friday, 18 March 2016 03:12 AM
මී හරක් මී හරක් පිට්ටනිය මැද්දේ ඇරගෙන. බලන්න රාජකීය ශාන්ත තෝමස් , ආනන්ද නාලන්ද වගේ ලංකා ක්‍රිකට් පිටියට ක්‍රීඩකයින් රැසක් තිලින කරමින් වසර සියයකට වැඩ එසේත් නැතිනම් වසර සියයකට අසන්නව තරඟ කරන පාසල්. කොපමණ විනයක් ඔවුන් සතුද ? (හේ)