IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


එස් බීගේ ප්‍රකාශය රෝසි හෙළා දකියි

මේ ඡන්දයෙන් පසු හිටපු ජනපතිනියට නිරුවතින් පාරේ දුවන්නට සිදුවන බවට උසස් අධ්‍යාපන ඇමැති එස් බී දිසානායක මහතා පසුගිය දා කළ ප්‍රකාශය හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝසි සේනානායක මහත්මිය අද විපක්ෂ නායක කාර්යාලයයේ දී ප්‍රකාශ කළාය.

‘ මේ සටනේදි චන්ද්‍රිකා  පොළොවේ ගහලා දාලා රෙදි ගලවලා හෙළුවැල්ලෙන්   පාරේ දුවන්න පාර හදන්න මෙය හොඳ අවස්ථාවක්.‘ යැයි දිසානායක මහතා පසුගිය දා ප්‍රකාශ කළේය.

ඒ ගැන අදහස් දැක්වූ රෝසි සේනානායක මහත්මිය මෙසේ ද කීවාය.

‘රටේ ළමා හා කාන්තා හිංසය, අපචාර රැසක් වෙනවා. පසුගිය දවසක රජයේ ඇමැතිවරයකු ප්‍රකාශයක් කළා හිටපු ජනපතිනියගේ රෙදි ගලවන්න හොඳ අවස්ථාවක් කියා. රජයේ ඇතැම් ඇමැතිවරුන්ගේ මානසික තත්ත්වය එයින් තේරුම් ගන්න පුළුවන්. මා කාන්තාවක් විදියටත්, මහජන නියෝජිත වරියක් විදියටත් මේ ප්‍රකාශය මා දැඩි පිළිකුළෙන් හෙළා දකිනවා.‘

 

 



අදහස් (0)

එස් බීගේ ප්‍රකාශය රෝසි හෙළා දකියි

පද්මිණි Monday, 08 December 2014 07:17 PM

"ඇති හිටියා" වත් ද? මේ වගේ කතා කියන්න හොද සිහියෙන් පුලුවන්ද? (ස)

:       0       0

ලලිත් Monday, 08 December 2014 07:23 PM

මෙවන් ප්‍රකාශ වලින් හෙළිවන්නේ තම තමන්ගේ හැදියාව නොවේද? (නි)

:       0       0

දුෂාණි Monday, 08 December 2014 07:58 PM

මෙම ප්‍රකාශය මිනිස් සංහාරයටම අපහාසයක්. මේ වගේ අය මහජන නියෝජිතයන් විදියට පත්කරන්නේ කවුද? (නි)

:       0       0

සේන Tuesday, 09 December 2014 05:17 AM

චන්ද්‍රිකා කියන්නේ ගැහැණියක්, අම්මෙක්. පවුල හා දේශපාලන පසුබිම අමතක කරමු. රටේ අධ්‍යාපන ඇමති කම වැනි වගකීමක් දරණ ඇමතිකමක් තියෙන කෙනෙක් කියපු මේ කතාවම ඇති වෙන රටක නම් එයාව ගෙදර යවන්න (නදී)

:       0       0

ජේ නිමල් Tuesday, 09 December 2014 05:30 AM

පරදින බයට ඔය කෑගහන්නේ. පව් අසරණයා කලිනුත් අමාරුවේ වැටුනා කට හින්දා (නදී)

:       0       0

රංජන් බණ්ඩාර Monday, 08 December 2014 08:44 PM

ඔවුන් ගැන බලා ගැනීම ජනතාවට භාර කරමි. බුද්ධිමත් ශ්‍රී ලංකා ජනතාවනි මොවුන්ට දඩුවම් ලබා දීමට මෙය සුදුසුම කාලයයි. ජනවාරි 08 වෙනිදට ඒ අවස්ථාව ඔබට ලැබී ඇත. කල්පනාවෙන් හරි දේ කරන්න. (නදී)

:       0       0

සරත් Tuesday, 09 December 2014 05:33 AM

අධ්‍යාපන ඇමති කම දුන්නට වැඩිය හොඳයි පශු සම්පත් ඇමති කම දුන්නා නම්. (නදී)

:       0       0

කුමාර් Monday, 08 December 2014 09:15 PM

ගලවන්ට දෙයක් දැනටමත් ඉතුරුවෙලා නෑ.(ස)

:       0       0

රටේරාල Tuesday, 09 December 2014 05:51 AM

ඔයාට ඡන්දය දෙන කට්ටිය නුවර දිස්ත්‍රික්කේ ද ? (නදී)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 09 December 2014 05:51 AM

සිංහල භාෂාවේදී අපි කෙනෙක්ගේ රෙදි ගලවනවා කියන්නේ ඔහු හෝ අැයගේ රහස් හෙළි කිරීමක් මිසක් නිරුවත් කරවීමක් නෙමෙයි. (නදී)

:       0       0

චානක. Tuesday, 09 December 2014 05:57 AM

කිසිම චාරයක් නැති කතාකාරයෙක් (නදී)

:       0       0

සත්‍යයා Monday, 08 December 2014 10:36 PM

ජනාධිපති මෙයාව බේර ගත්තේ අනාගතයේදී මේ ආකාරයෙන් ප්‍රයෝජනයට ගන්න බව දැන් හොඳටම පැහැදිලි වෙනවා. (ස)

:       0       0

සත්‍යපාල Tuesday, 09 December 2014 06:17 AM

මෙයාගේ කට වාචාල කමට තමයි එක පාරක් හිරෙත් යන්න උනේ. කාට උනත් කාන්තාවන්ට මෙහෙම අපහාස කරන්නේ මෙයාගේ තියන නැහැදිච්ච කමටයි, අනුවන කමටයි, මේ කතා අනුමත කරන අයත් එවැනිම අසත් පුරුෂ ගති ඇත්තන් බව තමයි පෙනෙන්නේ. (නදී)

:       0       0

සමන් Monday, 08 December 2014 10:58 PM

හරිම අශීලාචාරයි (නි)

:       0       0

මලික් Monday, 08 December 2014 02:25 PM

මේ වගේ කට්ටිය වේදිකාවලට නග්ගලා තමන්ට කියන්න බැරි දේවල් කියවන කෙනා ගැන තමයි අපේ අප්‍රසාදය. ! (බ)

:       0       0

ටි‍රෝන් Monday, 08 December 2014 11:38 PM

අනේ අපොයි දේශපාලනයකට ගිය කලක්! මේ අපේ අධ්‍යාපන ඇමති කෙනෙක් නේද? (නි)

:       0       0

කමල් Monday, 08 December 2014 02:28 PM

මේ එළියට එන්නේ තමන්ගේ පවුල් පසුබිම (බ)

:       0       0

ජයසූරිය Monday, 08 December 2014 11:41 PM

මමත් සිල්වා සමඟ එකඟයි (නි)

:       0       0

වත්සලා Monday, 08 December 2014 11:40 PM

අපිත් දැඩිව හෙළා දකිනවා. මේ කතා වැරදියි (නි)

:       0       0

ප්‍රසන්න Monday, 08 December 2014 11:59 PM

මෙම ප්‍රකාශය මුළු මහත් රටම හෙළාදකිනු ඇත. (නි)

:       0       0

පාරා Tuesday, 09 December 2014 06:51 AM

ජනාධිපතිතුමා නම් රැස්වීම් අමතා කියන්නේ "අපේ හාමුදුරුවනේ, අපි කාටවත් වෛර කරන්නේ නැහැ " කියලයි. හැම විටම ජනතාව ඉදිරියේ ප්‍රකාශ කරන්නේ, විමසා සිටින්නේ "ඇයි සමහරු අපට වෛර කරන්නේ, ඊර්ෂ්‍යා කරන්නේ, වෛරී දේශපාලනයේ යෙදෙන්නේ " යනුවෙනුයි. ගුරුන්නාන්සේ හොඳ නම් ගෝලයිනුත් හොඳ විය යුතුයි නේද? යමක් ප්‍රසන්න ලෙස ගොලයන්ගෙනුත් ප්‍රකාශ විය යුතුයි නේද? කෙසේ නමුත් මේවා පරාජයක ලකුණු බව නම් පෙනෙනවා. ඉදිරියේ ඇති පරාජය මෙතුමාට පෙනිලා වගෙයි. (නදී)

:       0       0

නදීර Monday, 08 December 2014 02:37 PM

ඒ කතාව නම් ඇත්ත.(හේ)

:       0       0

ඩෙන්සිල් Tuesday, 09 December 2014 12:11 AM

මේවා ගණන් ගන්න එපා. දිව ඕනෑ පැත්තකට හරවන්න පුළුවන්නේ! (නි)

:       0       0

සනත් Tuesday, 09 December 2014 06:59 AM

මට හිතෙන්නේ මෙහෙමයි. එස්.බී අදහස් කරන්නේ ඡන්දේ පැරදුනාට පස්සේ මේ විදිහට දුවයි කියලා. හැබැයි එහෙම වෙන්නත් බැරි නැහැ. කාලයට ඉඩදෙමු. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 09 December 2014 12:52 AM

එස්. බී. කියන්නේ අපේ කොඳු නාරටියක්. එතුමාගෙන් යමක් ඉගෙනගන්නවා ඇරෙන්නට එතුමාට උගන්වන්නට යාම මම නම් කිසිසේත් අනුමත කරන්නේ නැහැ (නි)

:       0       0

උපාලි Tuesday, 09 December 2014 12:53 AM

සෙළවෙන අඩු කළයක තිබෙන්නේ වතුර වෙනුවට කුණුජරාව නම්, අපි එවිට දකින්නේ මහත්වරුනි, කුණුදිය කළයක් නොවේද? (නි)

:       0       0

අනුර Tuesday, 09 December 2014 07:11 AM

චන්ද්‍රා වීරසිංහ මුට්ටිය උඩට හරවල අල්ලන්න. කට බිමට හරවා ඇල්ලුවොත් ඇඟ හැමතැනම වැටිලා නාන්න වෙනවා. චෙහ් විතරක්. (ස)

:       0       0

සිල්වා Monday, 08 December 2014 02:55 PM

අනිවාර්යෙන්ම අපිත් හෙළා දකිනවා. එයාට වෙන්නේ ඇටිකෙසෙල් කාපු රිලවට වගේ වල්මත් වෙන්නයි මේ ඡන්දෙන් පස්සේ. ඔහු මෙවන් අපහාස කරන්නේ ගැහනියකටයි. තමාද මෙලොවට බිහි උෟවේ ගැහැනියකගෙන් බව අමතක වීම කණගාටුවට කරුණකි. රටේ උසස් අධ්‍යාපන ඇමති විදියට මාධ්‍යට අදහස් දක්වන්නේ ගල් යුගයේ ඇමති කෙනෙක් විය යුතු බව මට හැඟේ. කෙසේ නමුත් තමන්ගේ භාෂාව සහ සදාචරය රටට පෙන්වන්නේ ඔහුගේ පවුල් සංස්කෘතිය බවද යමෙකුට හැඟෙනු ඇත. මෙවන් චරිත දේශපාලනයෙන් නෙරපා දැමීම ජනතාවගේ වගකීමක් සහ යුතු කමක්. (නදී)

:       0       0

ලුම්බිණි Tuesday, 09 December 2014 01:10 AM

මේ රටේ සියලු දෙනාම එක්විය යුතුයි මෙවැනි ප්‍රකාශයන් කරන එකට විරුද්ධව. විශේෂයෙන් මහජන නියෝජිතයෙක් වශයෙන් ඇමතිතුමා ලැජ්ජා වියයුතුයි තමන් කියූ දෙයට. (නි)

:       0       0

උමේෂ් Monday, 08 December 2014 03:04 PM

මේ අය මේ වගේ තත්ත්වයකට ඇඳ වැටීම පුදුමයක් නොවේ.(හේ)

:       0       0

තරිදු Monday, 08 December 2014 03:04 PM

මොහු ගමන් කරන්නේ වනචාරී යුගයට. මේ රජයට ඔහු එක්ක ලබන මාසේ කැලේටම යන්න පුළුවන්. (නදී)

:       0       0

හසිත් Tuesday, 09 December 2014 01:28 AM

මේ ඉතින් තමන්ගේ පවුල් වල කතා කරන භාෂාව තමයි. (නදී)

:       0       0

ජිනප්‍රිය Tuesday, 09 December 2014 01:31 AM

තමන්ගේ ගෙවල් වලත් බවලතුන් ඇති නේද ? අනේ මෙහෙමත් අධ්‍යාපන ඇමතියෙක් අපිට උපන් තේකට ලැබිලා නැතිව ඇති. (ස)

:       0       0

සරසි Tuesday, 09 December 2014 01:33 AM

මේ වගේ අවිචාරවත් වචන පිට කරන කටක් තිබෙන කෙනෙක්ව හැදෙන තරුණ ළමයින් ශිෂ්‍යන් සම්බන්ධව කටයුතු කෙරෙන රාජකාරියකට කොහොම පත් වුනාද මන්ද (ස)

:       0       0

ශ්‍රීපාලී Tuesday, 09 December 2014 01:34 AM

කිසිම හැදිච්චකමක් නැති අමන කතාවක් (ස)

:       0       0

ගාමිණී Monday, 08 December 2014 03:17 PM

පසුගිය අවුරුදු වල එනම් 60 දශකයේ 78 , 94 වගේ විශාල වෙනසක් මෙවරත් අපි බලාපොරොත්තු වෙනවා (බ)

:       0       0

විජේදාස Tuesday, 09 December 2014 01:41 AM

අනේ මන්දා මෙහෙම කතාකරන්නේ කොහොමද කියලා (නි)

:       0       0

ජෙනී Tuesday, 09 December 2014 01:43 AM

මේ වගේ කටවල් සංවර්ධනය කරන ඇමතිකමක් ගැන ඉදිරියේදී හිතන්න වෙනවා (නි)

:       0       0

කපිල Tuesday, 09 December 2014 01:50 AM

අන්තිම අශීලාචාරයි (නදී)

:       0       0

ක්‍රිස්ටි ලෙනාර්ඩ් Monday, 08 December 2014 03:34 PM

සමහරු කොහොමත් නහින්නේ කට හින්දා තමයි (නි)

:       0       0

සුදේශ් Tuesday, 09 December 2014 07:34 AM

මේ වගේ කට්ටිය වේදිකාවලට නග්ගලා තමන්ට කියන්න බැරි දේවල් කියවන කෙනා ගැන තමයි අපේ අප්‍රසාදය.(හේ)

:       0       0

මොරිස් Tuesday, 09 December 2014 02:01 AM

මෙයා කට නිසා කීප වාරයක් උසාවි ගියා. එක වරක් හිරෙත් ගියා. මේ ගැන කව්රුත් කලබල විය යුතු නැහැ. ඒ නොහැදියාවයි. (නදී)

:       0       0

විනීත Tuesday, 09 December 2014 02:05 AM

මේ වගේ කතා නම් අනුමත කරන්න බැහැ (නි)

:       0       0

තිලක් Monday, 08 December 2014 03:39 PM

අනේ මන්දා! පොඩිකාලේ ඇ‍ඳෙන් වැටිලාද කියලා. ඒකද දන්නෙ නැහැ මේ විදියට අශීලාචාරව කතා කරන්නේ. (නි)

:       0       0

සිරිනිමල් හඟුරන්කෙත. Monday, 08 December 2014 03:40 PM

කතාකරලා වැඩක් නැහැ එයා ගැන නම් (නි)

:       0       0

වික්‍රම Tuesday, 09 December 2014 02:28 AM

පසුගිය මැතිවරණ සමයකදී එ.ජා.ප යේ මැතිවරණ වේදිකාවකදී "අරලියගහ මන්දිරයේ වැසිකිලි බට හිර කරලා ගඳ ගස්සවලා චන්ද්‍රිකා එලවන්න කටයුතු කරනවා" කියලා පුරසාරම් දෙඩුවෙත් මේ මහත්මයාම නේද? මට හරියට කාල වකවානුව මතක නැහැ.(නදී)

:       0       0

පිටිගල Monday, 08 December 2014 03:45 PM

ඔය වගේ කතාවක් කලින් ජනාධිපතිවරනයකදී කිව්වා ඔය වගේම තවත් ඇමති කෙනෙක්. ජනාධිපති මන්දිරයේ වතුර කපන කතාවකුත් එක්ක, ඒවා වගේම ඕකත් කාලයේ වැලි තලාවට යටවී යාවි. අපේ ඇමතිවරු එහෙම තමයි. ගණන් ගන්න එපා රෝසි නෝනා (නදී)

:       0       0

ගුනේ Tuesday, 09 December 2014 02:31 AM

චන්ද්‍ර වීරසිංහත් භාගෙට සිංහල කියවලා. හොඳට සොයා බලන්න මේ ඇමතිතුමා කල කතාව නිරුවතින් පාරේ දුවන්න වෙන කතාවක් කියල තියෙන්නේ. ඉතින් එහෙම වෙන්නේ කොහොමද? (නදී)

:       0       0

ජනක Tuesday, 09 December 2014 02:34 AM

චන්ද්‍රා වීරසිංහ මෙතන සුදු හුණු ගාන්න එපා. ඔය කියන කතාව මෙතන මේ පුවත් තීරයේ පල කරන්න බැරි තරම් අශික්ෂිත වචනයෙන් සමන්විත දේශපාලකයෙකුට නොහොබිනා කතාවක්. (නදී)

:       0       0

කුෂාන් Tuesday, 09 December 2014 02:37 AM

ගෙදර නෝනාට කතා කරන හැටි හිතා ගන්න පුළුවන්. (නදී)

:       0       0

මලික් Tuesday, 09 December 2014 02:42 AM

මෙහෙම හැකර කටවල් දම්මලා පරිභව කරලා මිනිස්සුන්ව වට්ටන්න පුලුවන්ද ? (නදී)

:       0       0

හෂාන් Tuesday, 09 December 2014 02:48 AM

ජනපතිතුමනි, ඔබගේ ගරුත්වයයි මේ කෙලසන්නේ. (නදී)

:       0       0

නිහාල් Monday, 08 December 2014 03:55 PM

සුළු දෙයක් (නදී)

:       0       0

අශාන්ති Tuesday, 09 December 2014 02:52 AM

මෙයා කට නිසා හිරෙත් ගියා මතකද? (නදී)

:       0       0

කුමාර් Tuesday, 09 December 2014 02:53 AM

මේ මහතා තවම මට්ටු වී නැති හැටි. මෙවැන්නන් දේශපාලනයෙන් පන්නා දමන්න සියලුම මිනිසුන් වග බලාගත යුතූ බව සියලුම රටේ පුරවැසියන් මතක තබා ගන්න (නදී)

:       0       0

තිලක් Monday, 08 December 2014 04:08 PM

රටක අධ්‍යාපන ඇමති කෙනෙක් නේද මෙහෙම කතාකරන්නේ? (නදී)

:       0       0

නිල්මිණි Monday, 08 December 2014 04:10 PM

සිල්වා ඔබ හරියට හරි (නදී)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Tuesday, 09 December 2014 02:59 AM

මෙහෙම කටවල් වලින් කියන දේවල් අහලා මිනිස්සු කාණු වලට වැටෙන්නේ නැහැනේ. ඕවා ගණන් ගන්න එපා. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 09 December 2014 03:00 AM

ඔහු සරසවියේ හිටි කාලයේ ඉතාමත් සුහදශීලී, ප්‍රජාතන්ත්‍රවාදී, විමුක්තිකාමී පුද්ගලයෙක්. ඒත් මොහු දේශපාලකයෙක් වුණාට පස්සේ බුද්ධිය උඩුයටිකුරු වෙලා. විශේෂයෙන්ම තමන් කියන්නේ මොනවද කියලා තේරුම් ගන්නත් බැරිවෙලා. කට නිසා හිරේ ගිය එකත් අමතක වෙලා. මම නම් කියන්නේ දැන් තියෙන්නේ ඔය දේශපාලන කෙරුවාවෙන් ඉවත්වෙන්න කියලයි. (නි)

:       0       0

ලලිත් Tuesday, 09 December 2014 03:04 AM

බොහෝදෙනෙක් හැමවෙලාවේම ඇඳුම් ඇඳලා හිටියත් නිරුවත්වෙලා වගේ ඉන්නේ කියලා දන්නේ නැහැ. (නි)

:       0       0

ඒඩ්‍රියන් ද මෙල් Monday, 08 December 2014 04:19 PM

මෙයා මේ විදියටම චන්ද්‍රිකාට කලින් අපහාස කළා. ඒ වෙලාවේ මේ කඳුළු සලන අය නිහඬව හිටියා. මේ සියලුම දේවල් තමන්ගේ වාසියට පමණක් බව කියවන අය දැනගත යුතුයි (නදී)

:       0       0

මද්‍රී Tuesday, 09 December 2014 03:13 AM

එඩ්රියන් ඔබ සමග මා 100%ක් එකගයි (නදී)

:       0       0

නිහාල් Monday, 08 December 2014 04:27 PM

පුදුම කතා තමයි මේවා! (නි)

:       0       0

කුමාර Tuesday, 09 December 2014 03:15 AM

මෝඩකමට කියන කතා (නදී)

:       0       0

චාමර Monday, 08 December 2014 04:28 PM

සිල්වා රෝසිටත් වැඩිය කිපිලනෙ. (නි)

:       0       0

දිනේෂ් Tuesday, 09 December 2014 03:17 AM

වික්‍රම, වැසිකිලි කතාව කිව්වේ රාජිත මැතිතුමා නේද. මට ඒ බව හොඳට මතකයි. කලින් එයාට ඡන්දය දීපු අපේ පවුල්වල ගැහැණු උදවිය ඔය කතාවට බැන බැන හිටියා. එ් වෙලාවේ තමයි කට්ටියක් කඩාගෙන යුඑන්පී එකට ගියේ. මේ දෙන්නා, මහින්ද විජේසේකර, බන්දුල ගුනවර්දන ගිහින් ඇමතිකම් ගත්තා. දැන් ඡන්ද කාලෙට චන්ද්‍රිකා සහ රාජිත ආයිමත් එකතුවෙලා (නදී)

:       0       0

ගුණසේකර Monday, 08 December 2014 04:29 PM

හැමදාම ඉතින් සමහරු ඔවැනි කතා තමයි කියන්නේ. (නි)

:       0       0

අමල් Monday, 08 December 2014 04:35 PM

මවකගෙන් ඉපදුනා නම් මෙවැනි දේ නොකියයි (නදී)

:       0       0

කෝසලාජ් Monday, 08 December 2014 04:37 PM

මෙයා දිනන පැත්තට හිමින්ම හේත්තු වෙයි (නදී)

:       0       0

ප්‍රනාන්දු Monday, 08 December 2014 04:49 PM

රෙදි නැතුව ඉඳලා හොඳට පුරුදු අය තමයි අනුන්ගේ රෙදි ගලවන්න හදන්නේ. මෝඩකමට බෙහෙත් නැහැ. (නදී)

:       0       0

කේ පෙරේරා Monday, 08 December 2014 04:50 PM

කූඩැල්ලෙක්ව මෙට්ටයක තියන්ඩ බැහැනේ! ඒවගේම බලු නකුට කෙලින් කරන්නත් බැහැනේ! ඕව ගනන්ගන්ඩ අවශ්‍ය නැහැ ඒක එයා හැදිච්ච පරිසරයේ වැරැද්ද. (නදී)

:       0       0

සුනිල් Tuesday, 09 December 2014 08:30 AM

චන්ද්‍රා නැවත හෝඩිය පන්තියට යන්න (නදී)

:       0       0

අමල් Tuesday, 09 December 2014 03:28 AM

සිල්වා, ඔබ සමඟ මාත් එකඟයි (නි)

:       0       0

යශෝධා Monday, 08 December 2014 04:52 PM

අනේ මන්දා! කටින්ද මෙහෙම කතාකරන්නේ? (නි)

:       0       0

ශාන්ත Tuesday, 09 December 2014 03:31 AM

මෙයා කියන කුණුහරුප කව්ද ගණන් ගන්නේ. (නදී)

:       0       0

මාටින් Tuesday, 09 December 2014 03:32 AM

මට නම් හිතෙන්නේ ආණ්ඩුව ඇතුලේ ඉදගෙන මෛත්‍රීට උදව් කරන අයගෙන් ප්‍රධාන පුද්ගලයෙක් තමයි මෙයා. තවත් එහෙම අය ඉන්නවා. මෙයාල පුළුවන් තරම් උත්සහ කරන්නේ රජය අපකීර්තියට පත් කරන්නත්, රජය පිළිබද මහජනතාව තුල කලකිරීමක් ඇති කරවන්නත්. මේක හිතාමතාම කරන එවැනි දෙයක් වෙන්න පුළුවන් (නදී)

:       0       0

මතුගම Monday, 08 December 2014 04:54 PM

මෙය ඉතා කැත භයානක කතාවකි. ගැහැනියක් නිරුවත් කිරීම සදාචාරය වළලා දමන්නකි. (නි)

:       0       0

ජිම් කුරු Tuesday, 09 December 2014 03:33 AM

එස්.බී ට තියෙන්නේ ජරාම විදියට කතා කරන කටක් (නදී)

:       0       0

ටීෂා Monday, 08 December 2014 05:01 PM

බොහොම කැත කතාවක් (නි)

:       0       0

ටිරාන් Tuesday, 09 December 2014 08:43 AM

චන්ද්‍ර,එස්. බී. ට කඩේ යන්න එපා. (නි)

:       0       0

උක්කුන් Tuesday, 09 December 2014 03:38 AM

කතාව වැරදියි. මෙතුමා විපක්ෂයට වැඩ කරනවා වගේ. (නදී)

:       0       0

රංජිත් සිල්වා Tuesday, 09 December 2014 03:38 AM

මෙතරම් අප්‍රසන්න කතා කියන අය තව දුරටත් අපේ මුදලින් නඩත්තු කරනවාද නැත්ද කියන එක ලබන ජනවාරි 6 වෙනිදාට තීරණය කිරීම ඔබ සැමට බාරයි. මෛත්‍රී කරන්න. (නදී)

:       0       0

සමන්ති Monday, 08 December 2014 05:24 PM

මහනෙල් සුවඳමය - කුඩමසු පිලී ගඳමය - දෙකට එක දියමය - හොඳට නරකට එකම කටමය (නි)

:       0       0

රණසිංහ Tuesday, 09 December 2014 03:41 AM

චන්ද්‍රිකා විහින්මයි මේවා අහන්නේ. කාලයක් එයා දේශපාලනය කළානේ. දැන් නම්බු පිටින් ඉවත්වෙලා දරුවන්ගේ ගෞරවයත් රැකගෙන ගැහැණියකගේ ගෞරවයත් රැකගෙන ඉන්නේ නැතුව පිස්සු නටන්න ගිහින් තමා මේවා අහන්නේ. (නි)

:       0       0

සුගත් Tuesday, 09 December 2014 03:49 AM

මෙයාට සදාචාරයක් කියල එකක් නැහැ . මෙයා ඉන්නකම් අපේ ළමයිට උසස් අධ්‍යාපනයෙන් නම් දෙවියන්ගේම පිහිටයි (බ)

:       0       0

හුසේන් Tuesday, 09 December 2014 03:50 AM

කාලයක් එස්. බී. කට නිසා හිරබත් කෑවා. දැන් ආයෙත් කියවනවා. එදා චන්ද මගඩියක් කරපු හැටි කිව්වා, දැන් රෙදි ගලවන්න හදනවා. ඔය ලංකාවේ අධ්‍යාපනයට සම්බන්ධ ඇමති කෙනෙක් නේද ? රටේ ජනතාවටයි සමස්ත සිසු සිසුවියන්ටයි හොඳ ආදර්ශයකුයි ඔය දෙන්නේ. ඔන්න උතුම් ලංකාවේ රජයේ කැබිනට් ඇමතිවරයෙක්ගේ තත්වය. හැලිය රත්වෙන තුරුලු කකුළුවන්ගේ නැටිල්ල. (බ)

:       0       0

කිඹුලාපිටිය Monday, 08 December 2014 05:49 PM

මේ කතා ගැන එතරම් කලබල වියයුතු නැහැ. සමහර දුර්වලකම් බොහෝ දෙනකුට වෙනස් කරගන්න අමාරුයි.කටට ආ පළියට ඕන එකක් කියනවා. ඇමතිවරයකු වුණාම වඩාත් ආත්ම සංයමයකින් කතාකරන්න ඕනෑ. ඒක තේරුම්කරගන්න බැරි උදවියට ඇමතිකම් ලැබුනහම මේවා සිදුවනවා.මොන අඩුපාඩු තිබුනත්, චන්ද්‍රිකා මහත්මිය අප රටේ හිටපු ජනාධිපතිවරියක්. අප රටෙත් විදෙස් වලත් ඉමහත් ගෞරවයට පත්වූ නායක යුවලකගේ දියණියක්. (නි)

:       0       0

රන්ජිත් Monday, 08 December 2014 05:52 PM

නිමයි. මේ ශ්‍රී ලංකාව කියන පුංචි දුපතේ රජකරන උසස් අධ්‍යාපන ඇමති මහජනයා අමතන ආකාරයද මේ? මේ කතා අහන බාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් මොනවා නොකර ඉඳීවිද? මේකද මේ මහා ලොකු ආශ්චර්යය? (නි)

:       0       0

වසන්ත Tuesday, 09 December 2014 04:02 AM

ඔව් ඒ ප්‍රකාශය නම් හෙළා දැකිය යුතුයි.(හේ)

:       0       0

හෆීල් Monday, 08 December 2014 05:55 PM

එස් බී දිසානායකගේ කට නිසා තමයි එක පාරක් හිරේ ගියෙත්. නමුත් ලජ්ජාවක් නැහැ. (නදී)

:       0       0

දුල්මි Tuesday, 09 December 2014 09:07 AM

ඔබ හිතන්නේ නම්බු පිටින් ගෙදර යන්න ඕන චන්ද්‍රිකා නෝනා විතරද ? ඒක අනෙක් අයට අදාළ නැද්ද එතකොට ? (නදී)

:       0       0

කුමාර Monday, 08 December 2014 06:02 PM

මෝඩකමට කියන කතා (නදී)

:       0       0

සුනිල් Tuesday, 09 December 2014 04:06 AM

සිල්වා කාන්තාවට නීසි ගරුත්වය දුන්නට ස්තුතියි. ලුම්බිණි ඔබ 100% හරි. චන්ද්‍රා සහ බන්දුල නැවත මොන්ටිසෝරියට යන්න. රට ඉන්න අපිත් මේවා බලනවා ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට (නදී)

:       0       0

කරුණාජීව Tuesday, 09 December 2014 09:19 AM

ගණන් ගන්න එපා .එයා බන්දුලගේ අයියා.(දිල්)

:       0       0

සදුනි Tuesday, 09 December 2014 09:32 AM

බන්දුල අයියේ, ඔයත් ලබන මාසේ රට යනවද ? (ර)

:       0       0

නඩරාජා Tuesday, 09 December 2014 04:18 AM

එස් .බී. මහත්තයෝ, මම නම් කියන්නේ ඔබ හරි (නි)

:       0       0

මහින්ද රත්නායක Monday, 08 December 2014 06:17 PM

එස්.බී මොනවා කියනවද කියල එයාටවත් තේරුම නැහැ. අහිංසක මනුස්සයා. පව්. (ස)

:       0       0

ලසිත් Tuesday, 09 December 2014 04:21 AM

දේශපාලනය පැත්තකට දමා මම කියන්නේ, කාන්තාවක් ගැන මෙහෙම නොහොබිනා ප්‍රකාශයක් කරන කෙනෙක් තමන්ගේ අම්මා,සහෝදරියක් ගැනවත් නොසිතුවාද මන්දා. (නි)

:       0       0

බීටා Tuesday, 09 December 2014 04:26 AM

කිසිම ප්‍රතිපත්තියක් නැහැ. එදත් එකයි, අදත් එකයි, හෙටත් එකයි. බලුනගුට උණපුරුකේ දැම්මත් කෙළින් කරන්න බැහැ කියනවනේ (නි)

:       0       0

බන්ඩා Tuesday, 09 December 2014 04:28 AM

චන්ද්‍රා වීරසිංහ, එහෙනම් රෙදි ගලවල පාරේ දුවවනවා කියන්නේ මොකද්ද ? අපි නොදන්නා ඔහේ දන්නා අලුත් සිංහල උපමා උපමේය කියන්නකෝ බලන්න (නදී)

:       0       0

වික්‍රම Tuesday, 09 December 2014 04:29 AM

දිනේෂ් 2014-12-09 03:17:45 ඔබට ස්තූතියි දිනේෂ්. මම හිතන්නෙ මට පැටලුනා. ඔබ හරි. ඔය දේශපාලඥයෝ කවුරුත් ලැජ්ජා නැති මිනිස්සු. (නදී)

:       0       0

ගංගා Tuesday, 09 December 2014 04:31 AM

චන්ද්‍රට වඩා රෝසිට සිංහල චතුර ලෙස කතා කරන්න පුළුවන්. (නදී)

:       0       0

ඒඩ්‍රියන් ද මෙල් Tuesday, 09 December 2014 04:31 AM

අවංකවම කිව්වොත් මේ අදහස් වලින් පෙනෙන්නේ මේ අය එස් බී මහතාගේ කතාවෙන් අමුතු ආශ්වාදයක් ලබනවා රජයට එරෙහිව. මතක තබාගන්න මහත්වරුනි එස් බී ගේ අදහස් සමස්ත රජයේ අදහස් නොවන බව (නදී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Monday, 08 December 2014 06:30 PM

රෝසි දන්නේ නැති සිංහල ගැන කතා කරන්න එපා. රෙදි ගලවනවා යන්නෙන් කියවෙන්නේ චන්ද්‍රිකා කවුද මොනවාද කලේ කියල රටට කියන බවනේ. ඕකනේ කියන්නේ ඔහෙලා ඉන්නේ පොදු ජනයාගේ ලෝකේ නෙමේ කියල. (ස)

:       0       0

ස්ටැන්ලි Tuesday, 09 December 2014 04:39 AM

තව පාරක් විඳවන්න තියෙන නිසාද මන්දා ඔහොම කතා කරන්නේ (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 08 December 2014 06:46 PM

මේ වගේ අයද මේ රටේ අධ්‍යාපනය කරන්නේ? (නි)

:       0       0

සඳුන් Tuesday, 09 December 2014 04:52 AM

බලමුකෝ කියන අයගෙම රෙදි ගැලවෙයිද කියලා.(හේ)

:       0       0

රවින්ද Tuesday, 09 December 2014 04:54 AM

සිල්වා ඔබ හරියට හරි. එස්.බී එක පාරක් කට වරද්දාගෙන හිරේ ලැග්ගා. මේ පාරත් එ්කට අර අදිනවා වගේ. ගැහැනියකට අපහාස කරන්නේ නීච බයගුල්ලන්. උසස් අධ්‍යාපන සිසුන්ට සලකන විධිය අපට තේරෙනවා. ඔය ක්‍රියා කලාපය තරයේ හෙළ දකිනවා. (නදී)

:       0       0

උඩුරාවන Tuesday, 09 December 2014 04:54 AM

මෙම කතාව වැරදියි. අර ආසියාවේ අස්චාර්ය රෙද්ද අස්සෙන් බේරෙන කතාවත් වැරදියි. අපි ගල් ගැහුවොත් අපිටම ආපසු ගල් වදිනවා (නදී)

:       0       0

කල්ප Tuesday, 09 December 2014 10:05 AM

ප්‍රසිද්ධියේ ඔය වගේ කතා කියන්න ලැජ්ජ නැද්ද දන්නේ නෑ.(හේ)

:       0       0

මොහොමඩ් ඛාන් Tuesday, 09 December 2014 04:56 AM

කතාව අප්‍රසන්නයි. ඔය පිරිමැහුවේ පරණ තරහක් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 0 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 371 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


‘පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ නෑ‘
2024 ඔක්තෝබර් මස 04 860 2

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 788 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 136 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


ඇමෙරිකාවට පහර දෙන්න පැකිලීමක් නෑ
2024 ඔක්තෝබර් මස 04 821 0

දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38854 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25497 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site