IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


එස්.බී යෝෂිත ගැන දුක්වෙයි

සීඑස්එන් නාලිකා සිද්ධිය සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂට අත්වූ ඉරණම ගැන තමා දුක්වන බව සමාජ සුබ සාධන හා සමාජ සවිබල ගැන්වීමේ ඇමැති එස්.බී.දිසානායක කියයි.

මේ සම්බන්ධයෙන් ඔහු නිවේදනයක් ද නිකුත් කර ඇත. යෝෂිත රජයේ සේවකයකු ලෙස මෙන්ම දේශපාලකයකු ලෙසද දීප්තිමත් අනාගතයක් ඇති තරුණයකු බවත් ඔහු කියයි. ඔහුට එරෙහි පරීක්ෂණ හා අධිකරණ ක්‍රියාවලිය ඉක්මනින් අවසන් වනු ඇතැයි තමා බලාපොරොත්තුවන බවද දිසානායක මහතා පවසයි.

 



අදහස් (0)

එස්.බී යෝෂිත ගැන දුක්වෙයි

ලක්විදු Sunday, 07 February 2016 12:44 PM

එයා හරියටම හරි, (හේ)

:       0       0

ලක්විදු Sunday, 07 February 2016 12:37 PM

එයා හරියටම හරි, ලංකාවේ දීප්තිමත් අනාගතයක් තියෙන්නේ ඔය වගේ පල් හොරුන්ට තමයි. (හේ)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 07 February 2016 01:01 PM

මේ රට හදන්න නම් ජෙනේරල් ෆොන්සේකා වගේ කොන්ද කෙලින් තියන් වැඩ කරන කෙනෙකුගේ අවශ්‍යතාවය තිබෙනවා.කම්බා හොරු සියල්ලෝම "මහගෙදර" යවල ඔවුන් ගසා කාපු දනස්කන්දයෙන් අසරණ මිනිස්සුන් දුප්පත් කමෙන් තුරන් කලානම් කිසිම චන්දෙකට බියක් වෙන්න ඕනේ නැහැ.(කෞ)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 07 February 2016 01:03 PM

"නාවිකා හමුදා ලූතිනන් යෝෂිත රාජපක්‍ෂ අවස්ථා 70 ක දී පමණ විදේශ සංචාර සඳහා රටින් පිටව ගොස් ඇතත් ඒ සඳහා නාවික හමුදාවෙන් අනුමැතිය ලබාගෙන ඇත්තේ සංචාර 27 ක් සඳහා පමණක් බව මේ වන හෙලිවී ඇතත් නාවික හමුදාපතිවරයා ලුතිනන් යෝෂිතගේ විනය උල්ලංඝනය කිරීම ගැන මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන සිටීමෙන් නාවික හමුදාපතිවරයා හමුදාවේ විනය උල්ලංඝනය කිරීමට සහාය දක්වා ඇතැයි නාවික හමුදාවේ සෙසු නිලධාරීහු පවසති".......කට්ටිය කියනවනේ යෝෂිත යුද්ද කලා කියල.අනේද කියන්නේ.. (කෞ)

:       0       0

ශාන්ත Sunday, 07 February 2016 01:03 PM

ඔබතුමා ඔහොම කිව්වට ඔබතුමාගේ පුතාලත් හැසිරුනේ ඔහොම තමයි. කුණු එකතු වෙන්නේ කුණු ගොඩටමයි කියන්නේ ඔන්න ඕකට තමයි. (කෞ)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 07 February 2016 01:12 PM

"යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිස මුදල් විශුද්ධිකිරීමේ වරද පමණක් නොව කූඨ ලේඛන පිළියෙල කිරීම, සාපරාධී විශ්වාසය කඩකිරීම, සාපරාධී සාවද්‍ය පරිහරණය, රේගු පනතට ගැනෙන වැරදි සිදු කිරීම, සමාගම් පනත උල්ලංඝනය කිරීම ඇදී වරදවල් සිදු කර ඇති අතර රාජ්‍යය දේපළ අවභාවිතය සිදු කිරීමේ අපරාධයද සිදුකර ඇතැයි යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිස අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම පිලිබඳව නීතිය හා සාමය පිලිබඳ අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසයි". (කෞ)

:       0       0

චතුරි Sunday, 07 February 2016 01:07 PM

විශ්ව විද්‍යාලවල දරුවෝ ගැනත් මේ විදියට දුක් වෙන්න බැරිද . ඒ දරුවන්. ඉගෙනීම වෙනුවෙන්. ඉල්ලීම් ඉල්ලනකොට. ඇදන් ගිහින් හිරේ. දමන්නේ. ඒ රත්තරන් දෙමව් පියන්ගේ. සුබ අනාගතයක්. තියෙන දරුවෝ , ප්‍රභූන්ගේ දරුවෝ හොරෙන් කාල ,හොර සහතික අරගෙන ලෝකේ බැබලෙන්න හදනවා දැන් වෙලා තියෙන්නේ. ප්‍රභූ කියන කට්ටිය. කාපුවා වමාරන කාලේ(කෞ)

:       0       0

සමන්ත Sunday, 07 February 2016 01:16 PM

බොරු පූචානම් කියවන්නේ නැතිව අර කොළඹ විශ්වවිද්‍යාලයට අයත් ගේයි ඉඩමය් බාර දීලා හිටියනම් හොඳයි (කෞ)

:       0       0

බමුණු Sunday, 07 February 2016 02:38 PM

ඔව් ඔව් මේ පැත්තට එන්න ඉඩ තියා ගන්න එපාය (කෞ)

:       0       0

සුබාෂ් Monday, 08 February 2016 05:56 AM

අපේ ඇස් බී තුමා කට අරින්නේ ආපහු පිම්මක් පනින්නද. නැත්නම් මෙයාවත් එෆ් සී අයි ඩී ගෙනියාවී කියලා බය වෙලාද. (බ)

:       0       0

ආනන්ද Sunday, 07 February 2016 04:11 PM

"අපි වෙනුවෙන් අපි " වගේම "උන් වෙනුවෙන් උනුත්" ඉන්න එපාය (කෞ)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Sunday, 07 February 2016 06:31 PM

[ යෝෂිත රජයේ සේවකයකු ලෙස මෙන්ම දේශපාලකයකු ලෙසද දීප්තිමත් අනාගතයක් ඇති තරුණයකු බව...] මොකද්ද එයා කළ රජයේ සේවය? අප්පච්චි බලයේ ඉන්න කාලේදී නම් රාජපක්ෂ දරුවන්ට අනිත් දරුවන්ට නැති දීප්තිමත් අනාගත තිබුණා. ඔවුන් ඒවායින් අයුතු, සාපරාධි ප්‍රයෝජන ගත් නිසා නේද එස්.බී. මහත්තයෝ මෙහෙම වුණේ? අපේ රටේ මහජනතාවට පහුගිය වසර කිහිපය තුළ සිදුවූ දේවල් අමතක කරන්න බැහැ. කරන්නෙත් නැහැ. (නි)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 07 February 2016 07:23 PM

මට තවමත් අපුරු සතුටක් දැනෙනවා මොහු හිරේ සිටි එක මතක් වෙනකොට. (නි)

:       0       0

අතුල Sunday, 07 February 2016 07:37 PM

අනේ ඉතින් පේනවා නේද මෙයාලගේ හැටි? (නි)

:       0       0

ශ්‍රීමාල් Sunday, 07 February 2016 09:23 AM

යෝෂිත රජයේ සේවකයෙක් ද? නමුත් පහුගිය කාලේ රජය යෝෂිතගේ සේවකෙයක් කියලයි අපි හිතුවේ .(කෞ)

:       0       0

ශාන් Sunday, 07 February 2016 07:37 PM

දේශපාලු පවුල් වල අය ගැන විතරයි දුක මෙයාට (නි)

:       0       0

සුදේශ් Sunday, 07 February 2016 09:33 AM

කිඹුල් කදුළු එපා (කෞ)

:       0       0

සෑම් Sunday, 07 February 2016 09:27 AM

අපිට එස් බී ගැන දුකයි (කෞ)

:       0       0

ටෙශාන් Sunday, 07 February 2016 09:54 AM

මෛත්‍රීපාල ජනාධිපති එකක් තේරුම් ගත යුතුයි. ඒ තමාගේ විශ්වාසවන්තම පිරිස ලෙස වටේ තබා ගෙන ඉන්නේ සර්පයන් පිරිසක් බව. මහින්දට වල කැපුවෙත් මේ පිරිසම තමා. (බ)

:       0       0

සිරි Sunday, 07 February 2016 09:26 PM

තිලක් ඩුුබායි, ඔබ වැනි අය සිටිය යුත්තේ දකුණු ඉන්දීය දේශපාලන ගැලරියේ බව නම් ඉතා පැහැදිලියි (නි)

:       0       0

සිරි Sunday, 07 February 2016 09:30 PM

කකුල් දෙක දෙපැත්තේ නේද? (නි)

:       0       0

ජයවික්‍රම Sunday, 07 February 2016 10:04 AM

මෙයත් ඉතිං ඒ කාලේ නිල නොවන මාලිගා හදපු කෙනෙක් නෙ. ඔවා දෙනු පරහට...(බ)

:       0       0

සිරිමල් Sunday, 07 February 2016 10:45 PM

මේ වගේ අයට ඇමතිකම් දීපු එක ලොකුම මෝඩකමක්. දැන් ඔය කකුල් දෙක දෙපැත්තේ තියාගෙන ඉන්නේ. (නි)

:       0       0

සෙනෙවිරත්න Monday, 08 February 2016 12:09 AM

ශ්‍රී ලංකාවේ දීප්තිමත් අනාගතයක් හිමිවන්නේ දේශපාලුවන්ගේ තක්කඩි දරුවන්ට විතරයිනේ (නි)

:       0       0

ජෝන් Sunday, 07 February 2016 10:29 AM

අනේ මෙහෙමත් වී අයි පීලා ටිකක්.(හේ)

:       0       0

දිනේෂ් Monday, 08 February 2016 01:25 AM

තිලක් ඩුබායි, ෆොන්සේකා මහතා යුධ හමුදාවේදී රට වෙනුවෙන් කළ සේවය ගැන අපි කවුරුත් ඔහුට ණයගැතියි. ඒ අතරම මේ එස් බී කිඹුල් කඳුළු හලන්නේ මොකද කියලා බලන්න වෙනවා (නි)

:       0       0

රාජා Monday, 08 February 2016 01:27 AM

අපේ දේශපාලකයොත් හොඳයි පරණ සිනමාවේ කඳුළු බින්දුවක් වෙන්න. දැන් මාස ගානකට කලින් මහින්දට කැපිල්ල දැම්මා. දැන් ඒක මදිවෙලා වෙන්න ඇති. (නි)

:       0       0

අබේරත්න Sunday, 07 February 2016 10:49 AM

කිඹුල් කඳුළු. (බ)

:       0       0

සොපි Monday, 08 February 2016 02:00 AM

මොකක්ද මේ එකපාරටම ඇතිවෙච්ච අනුකම්පාව .....? (නි)

:       0       0

දහම් Sunday, 07 February 2016 11:08 AM

මොකද අප්පා මේ කරුණාව. රටේ නියම මහජන මතය අවබෝධ වෙලාවත්ද? (බ)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 07 February 2016 11:02 AM

මට වගේම නේද ? අනේ මගේ කට ! (බ)

:       0       0

වින්සන්ට් Sunday, 07 February 2016 11:06 AM

සමාජ විරෝධී සහ නීති විරෝධී ක්‍රියාවල යෙදෙන දීප්තිමත් අනාගතයක් හිමි සෑම දෙනාගේ නිදහස් වීම අපිද බලාපොරොත්තු වෙමු. අපේ සැපවත් අනාගතයද ඒ තුළය. (බ)

:       0       0

චරිත් මිලානෝ Sunday, 07 February 2016 11:20 AM

හොරු දුක්වෙන්නේ හොරු ගැන තමයි. (බ)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 08 February 2016 02:18 AM

මෙයා මොනවද මේ කියන කතා? යෝෂිත දේශපාලකයෙක්ලු? කොහෙද එයා දේශපාලනය කළේ? රජයේ සේවකයෙක් නම් දේශපාලනය කළ එක හරිද? (නි)

:       0       0

සමීර Sunday, 07 February 2016 11:23 AM

එක වල්ලේ පොල් (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 07 February 2016 11:27 AM

මේ එස්.බී හොරා, කවදාද කරපු හොරකම්වලට නීතිය යටතට ගෙනෙන්නේ? (බ)

:       0       0

ශ්‍රී ලාල් Sunday, 07 February 2016 11:41 AM

හොරු වෙනුවෙන් හොරුන්ගේ තද අනුකම්පාව !!!! (බ)

:       0       0

නිමල් රජපක්ෂ Sunday, 07 February 2016 12:00 PM

ඔහු තාම නීතියෙන් වැරදි කරුවෙක් වෙලා නැහැ , (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 276 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 2049 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 228 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 926 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1016 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1242 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37580 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24768 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site