IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


‘‘එළියට යනවා නම් කාඩ් එක අවශ්‍යමයි‘‘

(සුජිත් හේවාජුලිගේ )

දිවයින පුරා ප්‍රසිද්ධ ස්ථානවලට පැමිණීමේදී එන්නත් මාත්‍රා දෙකම ලබාගත් බවට සඳහන් එන්නත් කාඩ්පත ළඟ තබා ගැනීම ලබන මස 15 වැනිදායින් පසු අනිවාර්ය කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොරෝනා පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බවද හෙතෙම සඳහන් කළේය.

 



අදහස් (22)

‘‘එළියට යනවා නම් කාඩ් එක අවශ්‍යමයි‘‘

මහසෙන් Friday, 13 August 2021 05:11 PM

සාක්කුවේද කාඩ් එක දාගෙන එන්න ඕනෑ. නැත්නම් බෙල්ලෙ එල්ලගෙන එන්නද? 15 වෙනකොට කොහොමත් ජීවත් වෙලා ඉන්න පිරිසට 2ම ගහන්න පුලුවන් වෙයි. මොකද මේ යන විදියට...

:       8       35

SIRIMALFriday, 13 August 2021 11:46 PM

කාඩ් එක අවශ්‍යමයි, නමුත් කාර්ඩ් එක කුඩු කර ගන්න එපා

:       0       0

Koka Friday, 13 August 2021 05:27 PM

ලබන මාසේ 30 වෙනකොට ප්‍රසිද්ධ ස්ථාන වලට යන්න මිනිස්සු ඉතුරු වෙයිද?

:       9       27

D.P.Liyanage Friday, 13 August 2021 05:29 PM

එතකොට අවුරුදු 30ට අඩු ගහපු නැති අයට මොකද වෙන්නේ? මෙය හැමෝටම ලබාදී ක්‍රියාත්මක කරන්න.. නොමැති නම් සැමටම එන්නත ඉක්මණින් ලබාදෙන්න කටයුතු කරන්න.. මොකද අඩු වයස් කාණ්ඩවල අයටත් අත්‍යාවශ්‍ය කටයුතු වලට යා යුතුම වෙනවනේ...!!!

:       5       23

sachith Friday, 13 August 2021 05:44 PM

නරිවාදම් රෙද්ද අස්සෙන් බේරෙනවා කියන්නේ මේවට තමයි ඉතින්...

:       5       29

Kasun Friday, 13 August 2021 05:57 PM

ඕක තමයි වෙන්න ඕනෑ. නියම තීරණයක්... ඇයි ලැප්ටොප්, බත් පාර්සල් අරන් හැමදාම බස්එකේ, කෝච්චියේ යන මිනිස්සුන්ට දැන් ඔය කාඩ්එක අරන් යන එකද අමාරුව..?

:       33       12

Prabha Friday, 13 August 2021 06:41 PM

දැන් ඕනෙම කෙනෙක්ට අවශ්‍ය මොහොතක ගහගන්න තරම් එන්නත සුලබද?

:       0       0

Nadun Friday, 13 August 2021 07:04 PM

අනේ මාසේ පඩි ගන්න මහත්වරු පොඩ්ඩක් දවසේ පඩියෙන් ජීවත් වෙන මිනිස්සු ගැනත් හිතන්න.

:       0       0

jayarathna Friday, 13 August 2021 08:17 PM

කණගාටුයි. ඔබතුමා ඔහොම කියන්නේ හරියට මේ වෙනකොට රටේ අදාළ පුරවැසින් සියලු දෙනාටම එන්නත විදලා වගේ. තව 30ට වැඩි තියා 60ට වැඩි එන්නත් නොදුන් කී දෙනෙක් ඉන්නවාද? ඔබලා ඔය කියන්නේ බස්නාහිර පළාතේ දත්ත අනුව වෙන්න ඇති. කරුණාකරලා සියලු දෙනාටම එන්නත ඉක්මණින් දෙන්න... රටේ බහුතර පිරිසක් බලාගෙන ඉන්නවා අද විදියි, හෙට විදියි කියලා. නමුත් සෞඛ්‍ය කාර්යාලවලින් අහනකොට කියනවා තාම එන්නත් අවේ නෑ කියලා. ඕකයි ඇත්ත තත්වේ...

:       1       16

ගමේවෙදාSaturday, 14 August 2021 07:16 AM

ජයරත්න මහතා කියනදේ නිවැරදියි. දැනටත් ගම්මට්ටමේ ජනයා දේශීය ඔසුවර්ග පාවිච්චි කරමින් දිවි ගැටගසා ගන්නවා. ආයුර්වේද කොමසාරිස්තුමා කියා තිබෙනා ආයුර්වේද බෙහෙත් ප්‍රතිකාර ගත් පිරිස කිසිම අාසාත්මිකතාවකින් තොරව සුවවී ගිය බවත් ආයුර්වේදයට ඇතුලත් කිසිවකු මිය නොගිය බවත්. දක්ෂ දේශීය වෛද්‍යවරුන් ඖෂධ මාෆියාවේ රසායනාගාර වෙන්න අකමැති නිසා එන්නත් ගන්නවාද සැකයි.. එතුමන්ලාට එතුමන්ලාගේ වෙදකම විශ්වාසයි. මේ කියන කාඩ්පත නැතිව සිටින අයට අවහිර කිරීම දේශීය වෙදකම වල පල්ලට යැවීමක් කියලා දේශීය වෛද්‍ය ඇමති සිසිරට තොතේරේද?

:       2       3

Gamini Friday, 13 August 2021 08:59 PM

දෙකම තියා එකක්වත් දීපුනැති අය ගමේ 30ට වැඩියෙන් ඉන්නවා පී.එච්.අයි. ලාගෙන් අහපුවාම බෙහෙත් ඇවිත් නෑලු... කෙලින්නේ පිස්සු...

:       1       13

Rohana Friday, 13 August 2021 10:52 PM

මේ කඩදාසි කාඩ්පත වෙනුවට කල්පවතින පහසුවෙන් පරිහරණය කළහැකි කාඩ්පතක් සැමදෙනාම පූර්ණ එන්නත් කරණයෙන් අනතුරුව නිකුත්කළ හැකිනම් වඩා සුදුසුයි. තාවකාලිකව කාඩ්පතේ ඡායාපිටපත පිළිගන්නේ නම් කාඩ්පත නැතිවීම් දුර්වර්ණ වීම් වළක්වා ගත හැකියි...

:       0       0

Chandima Saturday, 14 August 2021 03:07 AM

සමහර වයසක අම්මලාට හැඳුනුම්පත නැති වී ඇති නිසා විදීම ප්‍රතික්ෂේප කොට ආපසු එවා තිබෙනවා .මේ ගැනත් යමක් කරන්න හමුදාපති තුමනි

:       0       1

Jude Saturday, 14 August 2021 06:09 AM

එන්නත් අනිවාර්ය කරන්න ඔබට බැහැ. WHO එකෙන් අනුමත කරන්නේ නැතිව ඔයා කොහොමද එහෙම කියන්නේ? ඔය උගුල ලංකාවේ ඉන්න අය දන්නේ නැතිවුණාට දන්නෝ දනිති..!!! හෙළයින්ට විනකරන පරයින්...!!!

:       0       2

තිලකරත්න Saturday, 14 August 2021 07:11 AM

රජයත්, ජනාධිපතිත්, මැති ඇමැතිවරුත්, හමුදපතිතුමාත් සෞඛ්‍ය බලධාරිනුත් සිතන්නේත්, තීරණ ගන්නේත් කොළඹ හා බස්නාහිර පළාත සලකා බලා පමණි.. අපි එකක් විදගෙන දෙක විදින තෙක් කුණ්ඩසාලේ මාස 2 කට වඩා බලා ඉන්නවා.. විදින්නේ නැතුව දෙකේ කාර්ඩ් කොහොමද? . ස්පුට්නික් 2 ගේන කතාවක්වත් පුවත් පතකවක් නැත. මාධ්‍ය අහන්නේත්, කියන්නෙත් නැත. අපි අසරණයි. එළියට යන්නේ කොහොමද, පොලීසියට තමයි යන්න වෙන්නේ... !!!

:       0       2

mp Saturday, 14 August 2021 07:30 AM

කාඩ් එක අතේ තිබුනොත් ලෙඩේ හැදෙන්නේ නැද්ද, මිනිස්සු මැරෙන්නේ නැද්ද මහත්තයෝ..? නීතිවලින් රෝග නිවාරණය කරන්න පුළුවන්ද? එන්නත්වලට ආසාත්මිකතාවන් ඇති රෝගීන් ගැන වගකියනවද?

:       0       4

mp Saturday, 14 August 2021 08:55 AM

හරිම පහසුවෙන් තමා මිනිස්සු එන්නත ගහගන්නේ. පැය 3-4ක් පෝළිමේ ඉඳලා. හොඳයි නේද මහත්තයෝ...? රට අමුසොහොනක් කරලා තියෙන්නේ...

:       0       4

Disnaa weerasinhe Saturday, 14 August 2021 01:05 PM

අසාධාරණයි, මෝඩ තීරණයක්... මනුස්සයෙකුට පරීක්ෂාවක්වත් නොකළ එන්නත් බලෙන් ලබාදීම මානව හිමිකම් අහිමි කිරීමත්...

:       0       3

Srimal Saturday, 14 August 2021 02:53 PM

සුදු අයියේ ඔයාගේ මොළේ තරම ඔය කතාවලින් හොඳටම තේරෙනවා අපිට. අපේ රට කියන්නේ හමුදා කඳවුරක් නෙවෙයි ඔයා කියන කියන දේ කරන්න හොඳේ... මේකෙ ඉන්න ඔක්කොම බූරුවොත් නෙවෙයි..

:       0       2

Srimal Saturday, 14 August 2021 02:54 PM

ජයරත්න..., නියම නම මෙයාට ගැලපෙනවා.

:       0       0

Lanka Saturday, 14 August 2021 07:50 PM

කොළඹට කිරි... වයඹට කැකිරි... ජයවේවා...!!!

:       0       0

Sri Lanka Saturday, 14 August 2021 07:57 PM

එදා අවුරුදු 30ක යුද්ධය ඉවර කළ ඔබතුමාලා අද පිටරට සංවිධානවලට ඕනෑ විදිහට නටනවා. කොරෝනා සහ එදා යුද්ධය සංසංදනය කරන්න පුළුවන්ද? එහෙම එකේ ඇයි ඔබතුමාට බැරි අපේ ක්‍රමයට කොරෝනා ඉවර කරන්න... ස්තූතියි...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’වඩාත් කැමතිම දූපත’’ හිමි රන් සම්මානය ශ්‍රී ලංකාවට
2024 නොවැම්බර් මස 07 180 0

එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති


ඡන්ද නීති කඩකළ අපේක්ෂක 9කට වැඩ වරදී
2024 නොවැම්බර් මස 07 220 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි


ලග්ගල පතලකට යට වී අයෙක් මරුට
2024 නොවැම්බර් මස 07 178 0

මාතලේ, ලග්ගල පල්ලේගම පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේදී මැණික් පතලක පස්කණ්ඩියකට යට වීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ලග්ගල පොලීසිය කියයි.


ලොහාන් යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 07 903 0

කොටස් එකළස් කළ සුඛෝප භෝගී වාහනයක් සන්තකයේ තබා ගැනිම සහ එය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ


උපයනවිට බද්ද සුබවාදී ලෙස සංශෝධනය කරයි
2024 නොවැම්බර් මස 07 1431 0

ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා


ඡන්දෙ ගන්න ජල -විදුලි බිල්පත් ගෙවලා
2024 නොවැම්බර් මස 07 723 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 52 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 441 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1383 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site