IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


එළියෙදි බලාගනිමුයි වෙල්ගම කියලා?

ලංගමයට බස් 2200ක් ගෙන්වූ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයකදී කුමාර වෙල්ගම හිටපු ප්‍රවාහන ඇමැති තමාට තර්ජනය කළ බව එජාප මන්ත්‍රී ආශුබෝධ මාරසිංහ අද (3) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

බස් ගෙන්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී තමා මතුකළ ප්‍රශ්නයකදී ‘එළියෙදි බලාගමු‘ යනුවෙන් වෙල්ගම මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයෙන් තම වරප්‍රසාද කඩවී ඇතැයි මුලසුනේ සිටි ආනන්ද කුමාරසිරි මන්ත්‍රීවරයාට පැමිණිලි කළ බවත් ඔහු කීවේය.

නියෝජ්‍ය ඇමැති අජිත් පෙරේරා මහතා පාර්ලිමේන්තුවට කියා ඇත්තේ මාරසිංහ මන්ත්‍රීවරයා විපක්ෂ දොරටුවෙන් එළියට යන හෙයින් ඔහුගේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවයි.

මේ ගැන විමසීමට වෙල්ගම මහතා දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.

webMarasingha_2015123



අදහස් (0)

එළියෙදි බලාගනිමුයි වෙල්ගම කියලා?

චන්දන Friday, 04 December 2015 03:14 AM

ඔබතුම පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රශ්න කිරීමට අදාළව නිවැරදි තොරතුරු ඇත්නම් මහජන මුදල් අයථා පරිහරණයට අදාළව නීත්‍යානුකූලව පියවර ගැනීමට ක්‍රියාකරන්න (නි)

:       0       0

මහේෂි Friday, 04 December 2015 03:16 AM

මෙතුමා ගැන නොදන්නේ කවුද? (නි)

:       0       0

කිත්සිරි Friday, 04 December 2015 03:17 AM

මෙන්න අපේ ජනතා නියෝජිතයෝ... (නි)

:       0       0

දුමින්ද Friday, 04 December 2015 03:25 AM

මෙතුමාගේ හැකියාවෙන් වැඩක් ගන්න ...මාද්‍ය සංදර්ශන වැඩක් නැත (රේ)

:       0       0

ඩිල්ෂාන් Friday, 04 December 2015 03:36 AM

පාර්ලිමේන්තුවේ කොහොමටත් ඔය වගේ කතා අහන්න ලැබෙනවානේ. (නි)

:       0       0

පියුමික Friday, 04 December 2015 03:46 AM

ප්‍රියංකර කිව්වා හරි. වැඩක් පටන් ගත්තොත් හරි පිළිවෙලට ක්‍රමානුකලව ඉවර කරන්න දක්ෂයෙක්. ඒ වගේම ඕනෑම තරාතිරමක කෙනෙක් එක්ක බොහොම සුහදශීලිව වැඩකරන්න පුළුවන් කෙනෙක්. ඉංජිනේරු අංශයෙන් ලෝකයේ ඉන්න ප්‍රමුඛයෙක්. මෙතුමාගේ පර්යේෂණ වාර්තා බොහොමයක් අන්තර්ජාලයේ තිබෙනවා. බොහොම ප්‍රායෝගික මහාචාර්යවරයෙක් (නි)

:       0       0

නදීෂා Thursday, 03 December 2015 12:52 PM

මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා දන්නෙත් අදයි. (ර)

:       0       0

පිටිගල Friday, 04 December 2015 04:45 AM

මහාචාර්ය කෙනෙක්, උගතෙක් දක්ෂයෙක් නම් අනිවාර්යයෙන්ම ඔය වගේ තර්ජන වලට ලක්වෙනවා. ඒකයි අපේ පාර්ලිමේන්තුවේ තත්වය. (නි)

:       0       0

ප්‍රියංකර-ටෝකියෝ Thursday, 03 December 2015 01:30 PM

මෙතුමා අවුරුදු ගානක් ජපානයේ හිටියේ. සුපිරි වැඩකාරයෙක්. ඕනෑ ව්‍යාපෘතියක් ගානට කරන්න දන්නවා. මහාචාර්ය කෙනෙක් වුණාට කම්කරුවෙක් එක්ක වුණත් බැහැලා කරට කර වැඩ කරන්න පුළුවන් නිහතමානී කෙනෙක්. එතුමාගෙනුත් වැඩක් ගන්න බලන්න... (නි)

:       0       0

දහම් Thursday, 03 December 2015 01:39 PM

කවුද මන්දා මේ? මේවා ප්‍රසිද්ධ වෙන්න කරන වැඩ. (නි)

:       0       0

අබය Friday, 04 December 2015 04:48 AM

කවුද මේ? (නි)

:       0       0

ඉන්දික Thursday, 03 December 2015 01:51 PM

කවුද බොලේ මේ? (නි)

:       0       0

ඉන්දික Thursday, 03 December 2015 01:52 PM

අදමයි මෙහෙම කෙනෙක් ඉන්නවා කියලත් දන්නේ. (නි)

:       0       0

විල්සන් Friday, 04 December 2015 05:07 AM

මෙන්න නියම චණ්ඩි... (නි)

:       0       0

මහේන් Friday, 04 December 2015 05:15 AM

වැඩක් කරන්න පුළුවන් මහත්තයෙක්. මෙතුමාගෙන් වැඩ ගන්න. (නි)

:       0       0

කමල් Thursday, 03 December 2015 03:17 PM

අම්මෝ මෙයාලගේ චණ්ඩිකම? (නි)

:       0       0

නිලන්ත Friday, 04 December 2015 02:06 PM

එහෙනම් එතුමාට තියෙන්නේ ඒ අභියෝගයට මුහුණදෙන්න (නි)

:       0       0

සුපුන් Friday, 04 December 2015 03:13 PM

අනේ ඇත්තට මෙහෙම අයනේ අපි පත්කර හැරියේ (නි)

:       0       0

විජිත් Thursday, 03 December 2015 04:45 PM

එළියේදී බලාගමු කිවුවා නම් ඔබටත් සූදානම්වෙලා යන්න තිබුනේ, කට්ටියක් එක්ක. (නි)

:       0       0

අනුර Thursday, 03 December 2015 04:43 PM

එහෙම දෙයක් කිවුවා නම් නියම වීරෝධාර පිරිමියෙක් වගේ බයනැතුව මුහුණදෙන එකයි තියෙන්නේ (නි)

:       0       0

අමල් Thursday, 03 December 2015 04:51 PM

චන්ඩි කමෙන් හැමදේම විසඳන්න අමාරුයි. (ර)

:       0       0

පෙරේරා Thursday, 03 December 2015 04:51 PM

මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා දන්නෙත් අදයි. (ර)

:       0       0

සමන් Thursday, 03 December 2015 04:51 PM

මාර චන්ඩිනේ ඉන්නේ. (ර)

:       0       0

චන්න බුවනක Thursday, 03 December 2015 05:35 PM

මේ මන්ත්‍රී තුමා ගැන දන්නේ නැහැ. අදමයි දන්නේ. (ර)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Thursday, 03 December 2015 08:37 PM

මේ වගේ කතා නිතරම හවසට කටගොන්නක් බීගත් අයගෙන් නම් අපිට අහන්න ලැබෙනවා. කොහොම වුණත් රටේ උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුව ඇතුළෙන් මෙවැනි දේ අහන්න ලැබීම නම් සතුටුදායක දෙයක් නෙමෙයි (නි)

:       0       0

රමසි Friday, 04 December 2015 03:55 PM

ඒක හරි. ඒ මහත්තයට පුරුදු එහෙම වෙන්න ඇති (නි)

:       0       0

සමන් Friday, 04 December 2015 04:19 PM

ලංකාවේ පාර්ලිමේන්තුවට මෙහෙම උගතුන් ඕනෑ නැහැනේ ඉතින්. (නි)

:       0       0

අපොන්සු Thursday, 03 December 2015 10:36 PM

මම මොහු විශ්ව විද්‍යාල කාලයේ සිටම හඳුනමි. (නි)

:       0       0

පෙරේරා Friday, 04 December 2015 12:31 AM

මේ ඉන්නේ මහාචාර්යවරයෙක්. මෙවන් උගත්තු තමයි පාර්ලිමේන්තු යවන්න ඕනෑ. (නි)

:       0       0

විපුල Friday, 04 December 2015 01:06 AM

කවුරු වුණත් රට සංවර්ධනය වෙන එක ගැන නෙමෙයි කතාකරන්නේ. (නි)

:       0       0

ද සිල්වා Saturday, 05 December 2015 03:25 PM

ලංකාවේ පාර්ලිමේන්තුවට උවමනා මෙහෙම උගත්තු නොවේ. අර කෝච්චියේ මාල කඩපු අය, මිනිස්සු ගස්බඳින අය, එතනෝල්කාරයෝ වැනි පුද්ගලයන්ය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 43 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 653 0

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 745 0

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 743 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 873 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 972 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23448 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23077 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 370 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site