(නිමල කොඩිතුවක්කු)
වෙළඳපොලේ එළවලු සහ මාලු මිල ගණන් මේ වනවිට සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
ඒ අනුව බොංචි, කැරට්, ගෝවා, තක්කාලි, දෙහි සහ මාලු මිළ ගණන් සැලකිය යුතු අගයකින් ඉහළ ගොස් ඇතැයි ඔව්හු සඳහන් කරති.
ඒ අනුව කොළඹ මැනිං වෙළඳපොලේ බොංචි කිලෝවක් රුපියල් 400 කටත්, කැරට් කිලෝවක් රුපියල් 150 කටත්, ගෝවා කිලෝවක් රුපියල් 150 කටත්, තක්කාලි කිලෝවක් රුපියල් 230 කටත්, වම්බටු කිලෝවක් රුපියල් 150 කටත් දෙහි කිලෝවක් රුපියල් 300 කටත්, අමුමිරිස් කිලෝව රුපියල් 200 කටත් අළෙවි වන බව පාරිභෝගිකයෝ පවසති.
මෙයට අමතරව නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ බොංචි කිලෝවක් රුපියල් 560 කටත්, කැරට් කිලෝවක් රුපියල් 240 කටත්, ගෝවා කිලෝවක් රුපියල් 200 කටත්, තක්කාලි කිලෝවක් රුපියල් 360 කටත්, වම්බටු කිලෝවක් රුපියල් 300 කටත් දෙහි කිලෝවක් රුපියල් 600 කටත්, අමුමිරිස් කිලෝව රුපියල් 400 කටත් අළෙවි වන බව පාරිභෝගිකයෝ කියති.
වෙළඳපොළේ මාලු මිළ ගණන්ද ඉහල අගයක් ගෙන ඇති අතර පෑලියගොඩ මතස්‍ය වෙළඳපොලේ කෙලවල්ලා කිලෝව රුපියල් 1400 කටත්, බලයා කිලෝව රුපියල් 1100 කටත්, පරා කිලෝව රුපියල් 1300 කටත්, තලපත් කිලෝව රුපියල් 1750 කටත්, සාලයා කිලෝව රුපියල් 480 කටත්, ලින්නා කිලෝව රුපියල් 1000 කටත් අළෙවි වන බවද පාරිභෝගිකයෝ පවසති.
මෙම මිළ ගණන් වලට සාපේක්ෂව සාමාන්‍ය වෙළඳපොලේ එළවලු සහ මාලු මිළ ගණන් මිළ ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ කියති.
ශ්රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
එළවලු-මාළු මිල ඉහළට
Pradeep Kumara Thursday, 11 May 2023 02:21 PM
මැනිං මාර්කට් එකේ මිළ වගේ දෙගුණයක් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ. පේනවද අතර මැදියන්ගේ සූරාකෑම. කෝ මේවට පිළියම්. ගොවියා සහ පාරිභෝගිකයා හැමදාම අසරණයි.
මුදළාලි Thursday, 11 May 2023 06:47 PM
පෑලියගොඩ පරා මාලු කිලෝවක් රුපියල් 1300/= වෙද්දී කොළඹට කි.මී 72 ක් දුර නගරෙක පැරැණි මාලු කඩේක ග්‍රෑම් 500ක් රුපියල් 1350/= වෙනවා කොහොමද සූරාකෑම .ඒ අසලම ධීවර සංස්ථාවේ වෙළඳ සැලක් තිබුනට එතැනින් කිසිදාක හොද මාලු නම් ගන්න බැහැ