IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


එෆ්.සී.අයි.ඩී ලොක්කා මොණරාගලට මාරු

මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුර ප්‍රේමශාන්ත මහතා වහා ක්‍රියාත්මක වන පරිදි මොණරාගල දිස්ත්‍රික්කයට මාරු කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි.

ඔහු නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස්කර මෙම ස්ථාන මාරුව ලබා දී ඇතැයි ද කියති.

පොලිස් අධිකාරීවරයකු ලෙස සිටි ප්‍රේමශාන්ත මහතාට උසස්වීම් ලබානොදීමට එරෙහිව ඒ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුවක් අනුව ඔහුට මෙම උසස්වීම ලැබිණී.

 සාමාන්‍ය පොලිස් ක්‍රියාපටිපාටිය අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරීවරයකු විශේෂ පොලිස් අංශයක හෝ ක්‍රියාකාරී අංශයක අධ්‍යක්ෂක ධුරය හොබවනු ඇත. සුදුසුකම් ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු නැති අවස්ථාවක පොලිස් අධිකාරීවරයකු එම තනතුරට පත් කැරෙනු ඇත. එමෙන්ම එලෙස අධ්‍යක්ෂක ධූරය දරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු නියොජ්‍ය පොලිස්පති ධුරයට උසස් කළහොත් නියෝජ්‍ය පොලිස්පතිවරයකු අවශ්‍ය දිස්ත්‍රික්කයකට හෝ පොලිස් අංශයකට මාරු කරනු ඇත.

නමුත්  සමහර අවස්ථා වලදී එලෙස උසස්වීම් ලද නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉහළ නිපුණතාවයක් හිමි නිලධාරියකු නම් සුදුසු නිලධාරියකු අදාළ පොලිස් අංශයේ අධ්‍යක්ෂක ධුරයට පත්වන තුරු එම අංශයේ අධ්‍යක්ෂක ලෙස තබයි.

නමුත් ප්‍රේමශාන්ත මහතා ස්ථාන මාරු කළ ද මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ අධ්‍යක්ෂක ධුරයට සුදුසු නිලධාරියකු නොමැති හෙයින් එම අංශයේම සහකාර පොලිස් අධිකාරී පවිත්‍ර දයාරත්න මහතා වැඩ බලන අධ්‍යක්ෂක ලෙස පත් කර තිබේ.

පොලිස්පති පුජිත ජයසුන්දර මහතා මෙම උසස්වීම හා ස්ථාන මාරුව ජාතික පොලිස් කොමිසමේ අවධානයට යොමුකර ඇත්තේ ප්‍රේමශාන්ත මහතා මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක තනතුරට ගැලපෙනම නිලධාරියා හෙයින් ඔහු  එම තනතුරේ තබන ලෙස එම අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යාලංකාර මහතා විශේෂ ඉල්ලීමක් කර තිබියදී ය.

ජනාධිපති ආරක්ෂක අංශයේ හා රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂකවරුන් නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් කර ඇතත් තවමත් ඔවුහු එම අංශ වල අධ්‍යක්ෂක ධුරය දරති.

මෙම ස්ථාන මාරුව දේශපාලන පළිගැනීමක් බව සිවිල් සමාජ කණ්ඩායම් චෝදනා කරති.



අදහස් (0)

එෆ්.සී.අයි.ඩී ලොක්කා මොණරාගලට මාරු

උපසේන Tuesday, 03 January 2017 07:53 PM

දැන් ඕකෙ කිසිම වැඩක් කෙරෙන පාටක් නැහැ. කවුරු හිටියත් ගියත් මොකද? (නි)

:       0       0

අසෝක Tuesday, 03 January 2017 09:39 PM

ඔකේ සර්, යස් සර්, හරි සර්, ඇරෙස්ට් කරන්නේ නැහැ සර් ... (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 03 January 2017 11:47 PM

වැඩක් කරන්න පුළුවන් කෙනෙකුට කවදාද ලංකාවේ තැනක් ලැබුනේ? (නි)

:       0       0

ජයාත් Wednesday, 04 January 2017 12:53 AM

සත්‍යපාල එ්කවත් දන්නේ නැද්ද? ඒ රටේ වගේම අපේත් අහේතුව තමයි (නි)

:       0       0

යටවත්ත Wednesday, 04 January 2017 03:09 AM

මේක ඉතින් සිරි ලංකාවනේ! (නි)

:       0       0

සත්‍යපාල Tuesday, 03 January 2017 01:07 PM

හේතුව මොකක්ද?(හේ)

:       0       0

කුමාර් Tuesday, 03 January 2017 01:22 PM

දැන් මේ අයගෙම කෙනෙක් දා ගනිවී.(හේ)

:       0       0

රොකී Tuesday, 03 January 2017 02:28 PM

"යස් සර්, යස් සර්, ත්‍රී බෑග්ස් ෆුල්!" සිංදුව මතක්වුණා (නි)

:       0       0

ජනහිත Tuesday, 03 January 2017 04:47 PM

මම නම් කියන්නේ ඇත්තටම මේවා හොඳ වැඩ නොවෙයි. තම උසස්වීම සම්බන්ධව අධිකාරිය හමුවට යන්න වෙන විදිහේ වැඩක් නොවුණා නම් කාගේත්, ස්ථානයේත් හොඳ නම රැකෙනවනේ. මේ අත්දකීම් මටත් තියෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 301 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 671 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 114 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 576 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 6618 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 2162 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26134 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 341 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 425 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1370 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site