IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


එ. ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන්ගෙන් අනතුරු ඇඟවීමක්

‘කොවිඩ්-19’ ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ මළ සිරුරු සම්බන්ධයෙන් අවසන් කටයුතු කිරීමේදී ඇති එකම විකල්පය ආදාහනය යැයි තීරණය කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමකට මුල පුරන බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් අනතුරු අඟවා ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනට් සභිකයකු වන ක්‍රිස් වැන් හොලන් මහතා ප්‍රකාශ කරයි.

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා වෙත ලිපියක් යවමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

 

ක්‍රිස් වැන් හොලන් මහතා ඇමෙරිකා එක්සත් ජනපද සෙනට් මණ්ඩලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පත් කර තිබෙන කමිටුවේ හිටපු සම සභාපතිවරයා ද වේ.

 

අනිවාර්ය ආදාහනය මුල් කරගනිමින් ක්‍රිස් වැන් හොලන් මහතා මෙලස රවිනාථ ආර්යසිංහ මහතාට ලිපිය යවා ඇත.

 

ක්‍රිස් වැන් හොලන් මහතා යැවූ ලිපියේ මෙසේ ද සඳහන් වේ.

 

‘‘කොවිඩ්-19 ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මළ සිරුරු භූමදානය කිරීමෙන් භූගත ජලයට වයිරසය එකතු වන බවට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළ ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ මගින් භූමිදානය සහ ආදාහනය යන දෙකටම අවසර ලබා දී තිබෙනවාගිකොවිඩ්-19’ ආසාදිත මළසිරුරු භූමදානය කිරීමෙන් කොවිඩ්-19’ වයිරසය පැතිරීම වැළැක්වෙන බවට කිසිදු ප්‍රමාණවත් සාක්ෂියක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර තිබෙනවා. කොවිඩ්-19’ ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු සම්බන්ධයෙන් අවසන් කටයුතු කිරීමේදී ඇති එකම විකල්පය ආදාහනය බවට පත් කිරීම මානව හිමිකම් උල්ලංඝනයකට මුල පුරන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ විශේෂඥයන් අනතුරු අඟවා තිබෙනවා. මේ නිසා කොවිඩ්-19’ ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ මළ සිරුරු බලහත්කාරයෙන් ආදාහනය කිරීම නවත්වන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයට මහත් ඕනෑකමින් බල කර සිටිනවා’’.

 

මේ අතර නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පුවත් දැනුම් දීම සඳහා සති අන්තයේ දහවල් පැවැති මාධ්‍ය හමුවකදී ද මේ කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබේ.

 

සන්ඩේ ටයිම්ස්

055



අදහස් (10)

එ. ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන්ගෙන් අනතුරු ඇඟවීමක්

kamal Sunday, 31 January 2021 11:13 AM

නිව්යෝර්ක් නගරයේ, ඉතාලියේ කොරෝනාවෙන් මියගිය දසදහස් ගණනක් භූමදානය කළා. ලංකාවේ උගත්තු දැක්කේ නැතිද?

:       0       0

fairoos Sunday, 31 January 2021 12:42 PM

කෝ අපේ විමල් මන්ත්‍රීතුමා. වහාම උපවාසයක් ආරම්භ කළොත් නරකද? මේවා විදෙස් ක්‍රමන්ත්‍රණ...

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 31 January 2021 01:35 PM

මිනිසෙකු මියගිය විට පිළිස්සීම හෝ භූමදානය ගැන හොයා බලනවට වඩා ජීවත්ව ඉන්නා මිනිසුන් ගැන මීට වඩා යමක් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සිතා බලන්නේ නම්, මැනවි. අනික, කෝවිඩ් ලෝක වසංගතයක් ලෙස පැතිරෙන්නේ නැති බව කී ලෝක සෞඛ්‍ය සංවිධානය දෙන නිර්දේශ පිළිගෙන ඇතැම් අපරදිග රටවල් වැටුණු තත්ත්වය ගැන මේ ප්‍රකාශ නිකුත්කරන අඳ බාලයන් නොදැන සිටීම කණගාටුවට කරුණකි. අප රටේ වෛද්‍ය අංශ තීරණ ගනුයේ අපගේ රටේ භූගෝලීය සාධක ගැන විශේෂ අවධානයක් සහිතවය. ජල ගැලීම්, ගංවතුර ආදී පාරිසරික හේතූන් නිසා වෛරසය ජලයට මුසුවීමක් සිදුවිය හැකි බව මේ ළදරුවන්ට අවබෝධ නොවන්නේ ඇයි? මේ ගෝලීය වසංගතයට පෙර මෘතදේහ භූමදානය කිරීමට කිසිඳු බාධාවක් නොතිබුණි. වසංගතය නිමවූ පසු ඒ තත්වය සමනය වනු ඇත. මේ අවස්ථාවේ මළමිනීවල මානව හිමිකම් දෙස බලනුයේ, ඔවුන්ට විරුද්ධව සිටින මුස්ලිම් වර්ගයා දිනාගැනීමට උපක්‍රමයක් ලෙසින් බව නම් පෙනේ. ලංකාවට එක් ඇඟිල්ලක් දිගුකරනා විට තවත් ඇඟිලි 4 ක් තමන්ගේ පැත්තට ඇති බව ඔවුන්ට නොපෙනේ. මළමිනී ගැන මේ හදිසියේම විශේෂ අනුකම්පාවක් ඇතිවූයේ එසේ හෙයින් බව පෙනෙනා කරුණකි.

:       0       0

Asanga Sunday, 31 January 2021 02:20 PM

කළින්ම කිව්වා නම් මෙච්චර කරන්න ඕනෑ නැහැනේ මේ ප්‍රශ්නය...

:       0       0

චින්තක Sunday, 31 January 2021 02:53 PM

එතකොට "කෝවිඩ් මළසිරුරු භූමදානය කිරීමෙන් රෝගය පැතිරීම පිළිබඳ ප්‍රමාණවත් සාක්කි නැත" කියන්නේ රෝගී සිරුරු භූමදානය නිසා රෝගය බෝ වුණු කෙනෙක් නැහැ කියන එකනේ.., තාම අපේ රටේ රෝගී සිරුරු භූමදානය කරලාත් නැති එකේ භූමදානය නිසා රෝගීන් හම්බවෙන්නේ නැහැනේ... ඔන්න මිනී වැලලුවාට පස්සේ ජල මුලාශ්‍ර නිසා රෝගීන් ඇති වුණාම ඔය මානව හිමිකම් ඈයොම කියයි "ඔන්න භූමදානය නිසා රෝගය බෝ වුණා" කියලා. අන්න එදාට අර රෝගියාගේ "මානව හිමිකම" ගැන කතා කරන්නේ කවුද? ඇත්තටම ඔය කියන "මානව හිමිකම් සංවිධානේ" පෙනී ඉන්නේ ජීවත්වන මිනිසුන්ගේ හිමිකම් වෙනුවෙන්ද? නැත්නම් මළ මිනිසුන්ගේ හිමිකම් වෙනුවෙන්ද?...

:       0       0

Deepal Nirosh Sunday, 31 January 2021 03:28 PM

තමුන්ගේ රටේ දිනකට කෝවිඩ්-19 රෝග තත්ත්වයෙන් දිනකට දහස් ගණනක් මැරෙද්දී මේ අයට තියෙන එකම ප්‍රශ්නේ මේ පොඩි ලංකාවේ දිනකට එම රෝගාබාධයෙන් මැරෙන 5-10 දෙනාගේ ආදාහන, භූමදාන ගැටළුවයි...

:       0       0

de silva berlin Sunday, 31 January 2021 08:59 PM

පුරවැසියන්ට රටට ඇතුලු වීමට ඉඩ නොදී නිරෝධායන මාෆියාවක් පවත්වාගෙන යෑම මෙයට වැඩිය ලොකු මානව හිමිකම් කඩකිරීමක් නොවේද?

:       0       0

vikum Sunday, 31 January 2021 11:31 PM

ඔබලාම ඕවා හදනවා, ඔබලාම ඔවා කඩනවා, අන්තිමට අපට අවවාද දෙනවා. දැන් ඉතින් කියයි භූමදානයට ගැටලුවක් නැහැ කියලා... පාලු ගේ වලං බිඳින්න නුඹලා දක්ෂයි.. අපේ දේශපාලයින්ට තේරෙන්නේ නැතිකමට මොනවා කරන්නද?

:       0       0

Kasun Monday, 01 February 2021 03:27 AM

මමත් මෙයාට ලියනවා රටේ මිනිස්සුන්ට, රටට එන්න දෙන්නේ නැතිව මානව හිමිකම් උල්ලංඝනය කරනවා කියලා.

:       0       0

69lakshaya Monday, 01 February 2021 03:38 AM

ලංකාව වැඩකරන්නේ ලංකාවේ නීතියට අනුව... ඔය ජාත්‍යන්තර නීති රෙගුලාසි අපිට වැඩක් නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

‘උසස් පෙළ අසමත් දරුවන්ටත් වැඩපිළිවෙලක් තියෙනවා‘
2025 අප්‍රේල් මස 28 69 0

උසස් පෙළ විභාගය අසමත් වූ සමහර ළමුන් දැනටමත් දෙවැනි වරට, තුන්වෙනි වරට විභාගය කරන්න සූදානම් වන බවත් සමහර දරුවන්ට මොනවා කරනවද කියලා අරමුණක් නොමැති වුවත්


තැපැල් ජන්දය යළිත් අද හෙට
2025 අප්‍රේල් මස 28 47 0

පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්දය සළකුණු කිරීම අද (28) සහ හෙට (29) රාජ්‍ය ආයතනවලදි පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


යාපනේ නිවුන් සොහොයුරෝ උසස් පෙළින් කප් ගහලා
2025 අප්‍රේල් මස 28 610 0

මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු


පළාත් රැසකට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි
2025 අප්‍රේල් මස 28 302 0

උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති ක


කිලිනොච්චිය ගංවතුරින් යටවේ
2025 අප්‍රේල් මස 28 509 0

කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස


මහනුවර ශුද්ධ කරයි
2025 අප්‍රේල් මස 28 996 0


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 946 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 420 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 566 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site