IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


‘ඒඑස්පී ඕඅයිසී පොලිස් මහගෙදර‘

ඉහළ පොලිස් නිලධාරියෙකුගේ බලපෑමක් ඇති නිසා ඇඹිලිපිටියේ සාදයේ ගැටුමින් මියගිය එක්දරු පියාගේ මරණයට වගකිවයුතු බව කියන පොලිස් නිලධාරින් අත්අඩංගුවට නොගන්නා බව නිතීඥ විජිත ජී. පුංචිහේවා මහතා පවසයි.  

ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත්වරයා 27දා දුන් නියෝගය අනුව එදින සාක්කි දුන් මිය ගිය සුමිත් ප්‍රසන්නගේ බිරිය දුන් සාක්කියෙන් කියවුණු සැකකරුවන් දෙදෙනකු පොලිස් මුලස්ථානයේ  සේවය කරන නමුදු ඔවුන් අත්අඩංගුවට නොගන්නේ පොලීසිය අධිකරණයටත් ඉහළින් ක‍්‍රියා කරන නිසාදැයි ජනතාවට සැකයක් මතුවන බවත් නීතීඥවරයා පැවසුවේ ය.

‘මහේස්ත‍්‍රාත්වරයා පැහැදිලි නියෝගයක් දුන්නා සාක්කිකාරිගේ සාක්කියෙන් කියවෙන සැකකරුවන් සියලූ දෙනාම අත්අඩංගුවට ගන්න කියලා. ඇත්තටම එහෙම නියෝගයක් දීම අවශ්‍ය නෑ. පොලිසියට පුළුවන් විමර්ශනයේදී අනාවරණය වන සැකකරුවන් අත්අඩංගුවට ගන්න. එහෙම නොවුන නිසා තමයි රජයේ නිතීඥ දිලීප පිරිස්  විශේෂ ඉල්ලිමක් කරලා එහෙම නියෝගයක් ලබාගත්තේ. තියන ප‍්‍රශ්නය තමයි දැන් පැය විසිපහක් ගතවෙලා තියන මොහොත වනවිටත් ඔවුන් අධිකරණයක් හමුවට හෝ පොලිසියකට බාරවීමක් හෝ අත්අඩංගුවට ගැනීමක් හෝ නෑ. මොන හේතුවක් මත ඉහළ පොලිස් නිලධාරීන් නිද්‍රාශිලිව කටයුතු කරන්නේ දැයි මම දන්නේ නෑ. මේ නිසා මහජනතාවගේ නොසන්සුන්තාවක් ඇතිවෙනවා. අධිකරණය දීපු නියෝගයක් ක‍්‍රියාත්මක නොකිරිම පිළිබඳව පොලීසිය ගැන කනස්සල්ලක් ඇතිවෙනවා. මේක ඉතා කණගාටුදායක තත්ත්වයක්’ යැයි පුංචිහේවා මහතා කීවේය.

පොලීසියේ ඉහළම නිලධාරියකුගේ කකුලෙන් ඇදීමක් නිසා සැකකරුවන් අත්අඩංගුවට  නොගන්නා බවත් පරීක්‍ෂණ හරියට කිරීමටවත්, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටවත් යුහුසුළු නොවන්නේ ඔවුන්ගේ බලපෑම නිසා බවත් මෙය පොලිස් දෙපාර්තමේන්තුවටම මහා නිග‍්‍රහයක් බවත් නීතිඥ පුංචිහේවා සඳහන් කළේ ය.             



අදහස් (0)

‘ඒඑස්පී ඕඅයිසී පොලිස් මහගෙදර‘

සුමිත්‍ර බස්නායක Thursday, 28 January 2016 03:39 PM

මම නම් කියන්නේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න බැරිනම්, කොන්ද කෙලින් තියන සුදුස්සෙකුට දීල නම්බු පිටින් ගෙදර ගියානම් ඉවරනේ.අහිංසකයන්ට තමයි හැම තැනින්ම කෙනහිලි. (බ)

:       0       0

ශෂිකා Thursday, 28 January 2016 03:46 PM

අනේ විජිත් ..ගරු පොලිස්පති තුමාට ඔහොම කියන්න එපා අනේ.දැන් වයස හින්දා ඇස පේනවා අඩු ඇති.දැක්ක ගමන් අත්අඩංගුවට ගනීවිනේ...(බ)

:       0       0

අයිවන් Thursday, 28 January 2016 03:48 PM

දැන් ලංකාවේ පොලිස් කොමිසමක තියෙද්දිත් මෙහෙම නම් තව මොනවා කියන්නද. මෙය යහපාලන රජයකින් නොවිය යුතු දෙයක්ද (බ)

:       0       0

බමුණු ආරච්චි Thursday, 28 January 2016 04:49 PM

හොඳයි නේද යහපාලනය? (නි)

:       0       0

අරවින්ද Thursday, 28 January 2016 05:15 PM

පොලිසිය ප්‍රතිසංවිධානය කළයුතුයි. එහෙම නොකළොත් මේ රටේ ආපසු ජනතා නැගිටීමක් සිද්ධවෙන එක වළක්වන්න බැහැ (නි)

:       0       0

නිපුණ Thursday, 28 January 2016 05:44 PM

බය වෙන්න එපා. දැන් යහපාලනයක්නේ තියෙන්නේ (නි)

:       0       0

සිල්වා Friday, 29 January 2016 06:34 AM

දැන් කරන්න තිබෙන්නේ පොලිස්පති උසාවි ගෙනවිත් , රිමාන්ඩ් කරන එකය. (බ)

:       0       0

නීල් Thursday, 28 January 2016 06:22 PM

මොන වගේ නීතියක්ද මේ? (නි)

:       0       0

ශාන්ත Thursday, 28 January 2016 07:00 PM

විජිත් මහත්මයා සමඟ මගේ අදහසත් එකඟයි (නි)

:       0       0

රූපවතී Friday, 29 January 2016 07:19 AM

ඇත්තටම ලංකාවේ ජනාධිපතිටවත් බලයක් නැහැ දැන්. ලංකාවේ පොලිසියට තරම් නේද ? මම රටේ නායකයනම් මුළු ශ්‍රී ලංකා පොලිසියටම සීල් තියල හමුදාව. යටතට දෙනවා එහි පාලනය ....? (බ)

:       0       0

මහින්ද සෞදි Thursday, 28 January 2016 08:38 PM

ඇස් ගෙඩි වලට හෙණ ගහලද මන්දා මේ වගකිවයුත්තන්ගේ? (නි)

:       0       0

මහින්ද සෞදි Thursday, 28 January 2016 08:52 PM

වැරදිකරුවන් තාම නිදැල්ලේ (නි)

:       0       0

මහින්ද සෞදි Thursday, 28 January 2016 08:56 PM

සුරාවට ගිජුුවීමේ ආදීනව නේද මේ? එදා තමන්ගේ මුදලින් බෝතල් දෙකක් බිවුවා නම් ඉවරනේ. මින් ඉදිරියටවත් සිතා බලන්න. (නි)

:       0       0

දිනේෂ් Thursday, 28 January 2016 09:12 PM

නීතිය තදබලව ක්‍රියාත්මක කරන හැටි පෙන්විය යුතුයි. ‘බෙදන්න හැඳි දෙකයි‘ කිව්වාලු. (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 28 January 2016 09:20 PM

මෙන්න යහපාලනය!! (නි)

:       0       0

ජගත් Friday, 29 January 2016 03:09 PM

අනේ අපේ මකුළු දැල් නීතිය..! නිවට ඇම්බැට්ටයා දුටුවම එළුවාත් රැවුල පානවලු..(බ)

:       0       0

ප්‍රනාන්දු Thursday, 28 January 2016 11:49 PM

යහපාලනයේ හැටි මෙහෙම තමයි. හිරුණිකාලට එකක්, හිමි නමට තව එකක්, මොවුන්ට මොන ක්‍රමයද? (නි)

:       0       0

සකුන්තලා Friday, 29 January 2016 09:04 AM

ඇත්තටම උසාවිය විසින් ලබා දෙන ලද නියෝගයක් නොපිළිපැද සිටීම නීතියට අනුව උසාවියට අපහාස කිරීමකි. උසාවියට අපහාස කිරීමක් සම්බන්ධයෙන් පියවර ගැනීමේ බලය ගරු අභියාචනාධිකරණය සතුයි.මෙවර උසාවියට අපහාස කර ඇත්තේ පොලිපති විසින් බවක් අපිට හැඟේ.මහින්ද මහත්තය ඉන්න කාලේ නියෝජ්‍ය පොලිස්පති වරයකු වූ වාස් ගුණවර්ධන අත් අඩංගුවට ගත්තේ මෙතරම් ජනතා කැළඹීමක් ඇති නොවී තිබියදීය . යාපනයෙන් සහකාර පොලිස් අධිකාරී වරයෙකුත් නීතියට ඉහළින් තබා ජනාධිපතිවරයාට පමණක් හිමිවන මුක්තිය ලබා දී ඇති බව පෙනේ. අනේ දෙවියනේ අපේ රටට ගිය කලක් ? (බ)

:       0       0

විජිත් Friday, 29 January 2016 01:01 AM

නීතිය ක්‍රියාත්මක කිරීමට, අණදීමට නොහැකි අය ගැන කුමක් පවසන්නද? (නි)

:       0       0

කිත්සිරි Friday, 29 January 2016 03:29 AM

දැන්නම් අපිට යහපාලනය ගැන ඇත්තේ කළකිරීමක් (නි)

:       0       0

සුරන් Friday, 29 January 2016 03:23 AM

අපිට නීතිය ක්‍රියාත්මකවීම පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. හාමුදුරුවන්ට එක නීතියක්, එක්තරා මන්ත්‍රීනියකට තව නීතියක්, පොලිසියේ අයට තව නීතියක්. මොකක්ද මේ වෙන්න යන්නේ

:       0       0

දහම් Thursday, 28 January 2016 03:20 PM

හැබැටම එ්ක එතකොට අධිකරණයට අපහාස කිරීමක් නෙමෙයිද? (බ)

:       0       0

විජිත් Thursday, 28 January 2016 03:27 PM

ගරු.පොලිස්පතිතුමනි.ලැජ්ජයි.මම ඔබනම් තව මොහොතක්වත් ඔය වගකිවයුතු තනතුරේ රැඳී සිටින්නේ නැහැ. ඒ මම මගේ ප්‍රතිපත්ති නිසි ලෙස රකින නිසයි .ගරු අධිකරණයෙන් කළ නියෝගයට පිටුපාන්නට තරම් උද්දච්ච පිරිසක් ඔබ යටතේ සිටින්නේ නම් තවත් මොන කතාද.තීරණය ඔබසතුයි. කෙසේ වෙතත් ඔබ තවදුරටත් ඔය " උතුම්, නීතිගරුක,විනය ගරුක ආසනයේ " අසුන්ගෙන සිටීමෙන් පෙනෙන්නේ ,ඔබත් නීතියට පිටුපාන ..නීති විරෝධී පුද්ගලයෙක් බවයි.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2312 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1518 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2304 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 555 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3207 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37179 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24489 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site