IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


“ඒකාබද්ධය දැන් හනුමගේ වලිගෙ එල්ලිලා“

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පාලමක් තැනීමේ කිසිඳු සැලසුමක් නැතැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ඒකාබද්ධ විපක්‍ෂයේ පිරිස සෑම දිනකම උදෑසන එල්ලෙන්නට දෙයක් සොයමින් සිටින බව කී අමාත්‍යවරයා හනුමාගේ වලිගයේ හෝ එල්ලී බලයට ඒමට ඔවුන් උත්සාහ කරමින් සිටින බව ද සඳහන් කළේය.

අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව පැවසුවේ ප‍්‍රමුඛතා මාර්ග ව්‍යාපෘතිය තුන්වැනි අදියර යටතේ ආරම්භ කෙරෙන සබරගමුව පළාතේ මාර්ග සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ ආරම්භක අවස්ථාවට එක්වෙමිනි.

රඹුක්කන මාවනැල්ල මාර්ගයේ සංවර්ධන කටයුතු මෙහිදී ආරම්භ කෙරුණු අතර එම උත්සවය රන්දිවෙල මංසන්ධියේදී පැවැත්විණි.

“ඒකාබද්ධ කල්ලියේ අය එක කාලයක් බැඳුම්කරයේ එල්ලූණා. වැට් එකේ එල්ලූණා. විදේශ විනිශ්චයකාරවරු ලංකාවට ගේනවා කියලා ඒකේ එල්ලූණා. දැන් පාලමේ එල්ලිලා ඉන්නේ. අන්තිමට හනුමාගේ වලිගයේ එල්ලිලා ඉන්නේ. ඔය පාලම හදන්න කිසිම උවමනාවක් නැහැ. මේ රටේ හදන්න කොච්චර පාලම් තියෙනවද? ඒ හදන පාලම් සේරම නවත්වලා ඔය පාලම හදන්නද කියන්නේ.“ යනුවෙන් අමාත්‍යවරයා ප්‍රශ්න කළේය.



අදහස් (0)

“ඒකාබද්ධය දැන් හනුමගේ වලිගෙ එල්ලිලා“

ප්‍රියන්ත Friday, 05 August 2016 12:13 PM

වේදනාවෙන් ඉන්න අයත් ඉතින් වේදනාවට සහනයක් හොයාගන්න එපැයි. (නි)

:       0       0

ගමගේ Friday, 05 August 2016 12:20 PM

වැලේ වැල් නැතුව ඉන්න අය‍ට එල්ලෙන්න මොකක්හරි තියෙන්නත් ඕනෑනේ. (නි)

:       0       0

ලුසේනා Friday, 05 August 2016 12:43 PM

ඔයාගේ වටේ එල්ලිලා ඉන්න උපදේසකයෝ ගැන මොකද කියන්නේ, තමන්ගේ පොල්කෙන්ද දකින්න අනුන්න්ගේ පරාලයට වඩා.(අ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Friday, 05 August 2016 12:44 PM

ඒ වලිගේ අනිත් කොනේ ඉන්නේ ගම්මන්පිල උන්නැහේ !!!!! (අ)

:       0       0

දිල්ෂාන් Friday, 05 August 2016 12:54 PM

ඒවගේම ඇමතියන් කියන කිසි දෙයක් අපි පිළිගන්නෙත් නැහැ. (අ)

:       0       0

ජනහිත Friday, 05 August 2016 02:05 PM

එහෙම දෙයක් කරන්නේ නෑ කියල අවංකවම මහජනතාවට දුන්න පොරොන්දුවක් කියල අපි මේක බාර ගන්නවා .එත් අපේ ජනතාවට මේවා මතක තියෙන්නේ ටික කාලයයිනෙ . ඒ නිසා සියලුම ජනතාවට මේ බව දැන ගන්න සලස්වන්න අනාගත ප්‍රයෝජනය පිණිස . (අ)

:       0       0

රාමන් Saturday, 06 August 2016 08:02 AM

රනිල් කී වරක් කියලා තියෙනවද පාලම හදනවා කියලා. එතකොට කව්ද බොරු කියන්නේ? (නි)

:       0       0

රොහාන් Friday, 05 August 2016 03:01 PM

මහත්යෝ හනුමාගේ වලිගයේ එල්ලිලා හනුමා කියන විදියට නටන්නේ විපක්ෂය නෙමෙයි තමුන්නාන්සෙලයි. (අ)

:       0       0

ඩිලාන් Saturday, 06 August 2016 08:57 AM

අනේ මේ, ඇත්ත නම් ඇත්ත, බොරුව නම් බොරුව! ඒ නිසා වහෙන්ඔරෝව නැතුව කියනවද පාලමක් හදනවද නැද්ද කියලා. ඉන්දියාවේ ඇමතිලා කියනවා හදනවා කියා. මොකක්ද මේ ජනතාව රැවටිල්ල. (නි)

:       0       0

මාධව Saturday, 06 August 2016 09:00 AM

අර චිනේ තානාපති කියලා තිබුනේ ඇත්ත තමා. මේ කිසි ආණ්ඩුවේ කිසිකෙනෙක් කිසිදෙයක් දන්නේ නැහැ. වගකීමෙන් දෙයක් ප්‍රකාශ කරන්නේ නැහැ. ජනතාව මෝඩයන් ගානට දාලා මේ අය ජනතාව විහිළුවකට අරන් ඉන්නවා. මෙහෙමත් ආණ්ඩුවක් (නි)

:       0       0

ගයාන් Saturday, 06 August 2016 09:02 AM

අපිට සුදු ලුණු පොඩිකරන්න එපා. ඉන්දියාව කියනවා පාලමක් හදනවා, සල්ලි පාස්වුණා කියලා. මේ අය කියනවා නැහැ කියලා. (නි)

:       0       0

ලාලනී Saturday, 06 August 2016 09:03 AM

ඇත්තටම මේ කතා කරන්නේ අවසිහියෙන්ද? එකක් මතක් තියා ගත්තොත් හොඳයි. මේ කරන වැඩ වල පව් අාත්ම හතකටවත් ගෙවා ඉවර කරන්න බැරිවේවි (නි)

:       0       0

කෝසල Saturday, 06 August 2016 08:59 AM

අනේ මන්දා මොනවද කියලා මේ කතා? (නි)

:       0       0

ඩිල්ෂාන් Saturday, 06 August 2016 10:04 AM

හැමදාම විපක්ෂය ගැන කතාකරන්නද මෙවුන්ව පත්කළේ? වැඩක් කරන්න බැරි නම් ඡන්දයක් තියන්න (නි)

:       0       0

සමන් - ඕමානය Friday, 05 August 2016 04:51 PM

මේ පාලම ඉදිකරන්න ආසියානු සංවර්ධන බැංකුවෙන් ඉන්දියාවට දැනටමත් ණය ආධාර දීලා නේද තියෙන්නේ. ලංකාණ්ඩුව ඒ ගැන හොඳාකාරව දන්නවා. (නි)

:       0       0

ක්‍රිෂාන්ත Friday, 05 August 2016 06:27 PM

එහෙම අදහසකට ඔබතුමන්ලාගේ රජය කැමැත්ත දැක්වුවේ නැත්නම් ඉන්දියාව විසින් ආසියානු සංවර්ධන බැංකුවෙන් පාලම බැඳීම සඳහා මුදල් ඉල්ලුවේ අැයි. (නි)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Friday, 05 August 2016 06:34 PM

“අරයා මට ගැහුවා! මෙයා මට ගැහුවා“ ඇරෙන්නට රටට යමක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද මහත්තයෝ? (නි)

:       0       0

රුක්මිනි Friday, 05 August 2016 06:33 PM

එ්කාබද්ධයට විරුද්ධව කරන චෝදනා රැලට පළාත් පාලන ඡන්දය එකතු නොකළේ ඇයි. කරුණාකරලා පළාත් සභා ඡන්දය පවත්වන්න මැතිතුමනි (නි)

:       0       0

ඇන්ජලෝ Friday, 05 August 2016 08:15 PM

මෙහෙම දේශපාලනයක් ලෝකයේ තිබෙන එකම රට ලංකාව වෙන්න ඇති (නි)

:       0       0

සිරි Friday, 05 August 2016 09:26 PM

අපොයි! ඕනෑම ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් වගේම ඕනෑ කෙනෙකුට කැමති වලිගයක එල්ලෙන්නත් පුළුවන් නේද? දැන් ශ්‍රීලනිපයේ ඡන්ද වලින් ඇවිල්ලා අලි වලිගයේ එල්ලිලා තනතුරු අරගෙන වැජඹෙන්නේ කවුද? (නි)

:       0       0

වසන්ජය Sunday, 07 August 2016 03:35 AM

ඉන්දියාව මොකාටද මේ එන්න හදන්නේ (රේ)

:       0       0

බණ්ඩාර -කැකිරාව Sunday, 07 August 2016 04:17 AM

ඒකාබද්ධ විපක්ෂ බොරුකිවේ නැහැ. ඔවුන් කියපු සේරම් හරි...,දිවහැරෙන හැරෙන පැත්තට කතාකරන කිරිඇල්ල ඇමති නම් කියන්නෙම බොරු. (රේ)

:       0       0

මුණසිංහ Saturday, 06 August 2016 01:26 AM

මෙයාල ඉඳලා හිටලා පාරක් හදන්න පටන්ගෙන රටටම ඇහෙන්න කෑ ගහනවා. පහුගිය රජයත් මෙහෙම උත්සව කළා නම් එක දවසකට රට පුරා උත්සව 100 වත් තියන්න වෙනවා. (නි)

:       0       0

ආර්. වික්‍රම Saturday, 06 August 2016 01:31 AM

එ්කබද්ධය හින්දා ඔබතුමන්ලාට හරි ප්‍රශ්න වගෙයි (නි)

:       0       0

නාලක Saturday, 06 August 2016 03:38 AM

පහුගිය කාලේ පත්තර වල තිබුනේ බොරුද එතකොට? ජනතාවට බොරු කියන්න එපා (නි)

:       0       0

ශානක Saturday, 06 August 2016 05:09 AM

අපරාදේ කියලා හිතෙනවා අපි මේ රටේ ඉපදුනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 530 1

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 476 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්‍රා‍ඩෝව හංගලා
2024 ඔක්තෝබර් මස 06 2662 1

ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.


පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 1010 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 865 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 366 1

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39167 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25594 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 326 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site