IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ඒකාබද්ධ පිලට දිල්හාර අහසින් පාත්වෙයි

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඒකාබද්ධ පිලට දිල්හාර ප‍්‍රනාන්දු කැදවා තිබේ. දකුණු අප‍්‍රිකානු පිලට එරෙහිව මේ මස 20 වැනිදා ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ක‍්‍රීඩකයන් කීප දෙනකු තෝරා ගැනීම සඳහා පුහුණු තරග දෙකක් පැවැත්වෙයි. මෙම පුහුණු තරග සඳහා සහභාගි වන ශී‍්‍ර ලංකා ඒකාබද්ධ පිලට දිල්හාර ප‍්‍රනාන්දු  කැඳවා තිබේ.

මෙම පුහුණු තරග දෙක මේ මස 14 සහ 15 දෙදින කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න ද, ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඒකාබද්ධ පිලේ නායකයා ලෙස ඩිල්ෂාන් මුණවීර ද, කටයුතු කරති.

දකුණතින් වේග පන්දු යවන දිල්හාර ප‍්‍රනාන්දු 2012 වසරේ ජනවාරි මස 11 වැනිදා දකුණු අප‍්‍රිකාවේ පාල් නුවරදී, දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව සභාගිවූ එක්දින තරගයෙන් පසු මාස 19 කින් එක්දින ජාත්‍යන්තර තරගයට ක‍්‍රීඩා කර නැත. එම තරගයේදී දිල්හාර යැවූ  ඕවර 9 න් ලකුණු 65 ක් ලබා ගැනීමට දකුණු අප‍්‍රිකානු පිතිකරුවෝ සමත් වූහ. 33 හැවිරිදි දිල්හාර එක්දින තරග 147 කදී කඩුලූ 187 ක් දවාගෙන තිබේ.

ශ්‍රී ලංකා ‘ඒ’ පිල:

දිමුත් කරුණාරත්න (නායක), මහේල උඩවත්ත, ඇන්ජලෝ පෙරේරා, තිළිණ කණ්ඩම්බි, කෞෂාල් සිල්වා, ජනක ගුණරත්න, චතුරංග ද සිල්වා, ෆර්විස් මහරුෆ්, ඩිල්රුවන් පෙරේරා, ධම්මික ප‍්‍රසාද්, විමුක්ති පෙරේරා, මධුර ලක්මාල්, ඉෂාන් ජයරත්න සහ මාලිංග බණ්ඩාර

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඒකාබද්ධ පිල:

ඩිල්ෂාන් මුණවීර (නායක), චාමර කපුගෙදර, සචිත‍්‍ර සේරසිංහ, සමීර සොයිසා, අෂාන් ප‍්‍රියංජන්, මිලින්ද සිරිවර්ධන, තිසර පෙරේරා, සීකුගේ ප‍්‍රසන්න, දිල්හාර ප‍්‍රනාන්දු, තිළිණ තුෂාර, ළහිරු ගමගේ, කෝසල කුලසේකර සහ ඉසුරු උදාන

(●●)


 



අදහස් (0)

ඒකාබද්ධ පිලට දිල්හාර අහසින් පාත්වෙයි

මනෝජ් Friday, 12 July 2013 11:08 PM

දිල්හාරගේ පන්දු යැවීමේ විනයක් නැහැ. වාස් ට ලොකු දෙයක් ලංකාව වෙනුවෙන් කරන්න තියෙනවා. වේගයට වඩා වැදගත් විනයක් සහිතව ඔලුව පාවිච්චිකරලා පන්දු යැවීම. මොකද අපිට වඩා වේගපන්දු යවන කට්ටිය දකුනු අප්‍රිකාවේ ඕන තරම් ඉන්නවා.(නදී)

:       0       0

මනෝජ් Friday, 12 July 2013 11:11 PM

දිල්හාර ඉස්සර ඉදලම එකපාරට උඩින් තමයි එන්නේ. (නදී)

:       0       0

නිසල් Friday, 12 July 2013 11:19 AM

දිල්හාරගෙන් අපිට ලොකු දෙයක් කරගන්න තිබ්බා. එයාව එක දීගට තරඟ වලට දැම්මා නම්. හැම තේරීම් කමිටුවක්ම එයාව කැපුවා (දී)

:       0       0

අපේක්ෂා Monday, 15 July 2013 06:58 AM

ෂෙහාන් ජයසුරියව මේ පාරත් දාලා නෑ නේද.(නදී)

:       0       0

කවිදු Monday, 15 July 2013 07:19 AM

ඒවාට කතාකරන්න කඋරුත් නැහැ. (නි)

:       0       0

දිනේෂ් Friday, 12 July 2013 06:19 AM

දකුණු අප්‍රිකාව එක්ක තරග කරන කොට වේගයෙන් පන්දු යවන ක්‍රීඩකයන් කණ්ඩායමේ සිටිය යුතුයි. ද.අප්‍රිකාව සමග ක්‍රීඩා කරන සෑම කණ්ඩායමක්ම කරන දෙයක් තමයි පැයට කිලෝ මීටර් 140 ඉක්මවා පන්දු යවන්නන් කණ්ඩායමට ඇතුල් කර ගන්න එක. දැනට එසේ පන්දු යැවීමට හැකි අය සිටින්නේ මාලිංග විතරයි. කුලසේකර අබාදයකට ලක්ව ඇති නිසා දිල්හාර කණ්ඩායමට ඇතුල් වෙන එක වැදගත්. බලමු පුහුණු තරග වල දිල්හාරගේ රග දැක්වීම කොහොම වෙයිද කියලා.(නදී)

:       0       0

සුරේෂ් Friday, 12 July 2013 09:55 AM

ඇන්ජලෝ හොදට බැට් කළොත් හොදයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 37 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 168 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 176 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 278 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 956 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 577 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37673 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24836 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site