IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ඒකල කම්හල් අධ්‍යක්ෂ මියයයි

ජා-ඇල ඒකල කර්මාන්තපුරයේදී ලක්ෂ 75 ක මංකොල්ලටය ගොදුරු වූ කර්මාන්තශාලා අධ්‍යක්ෂ, මීගමුව කදිරාන කිඹුලාපිටිය පාරේ අර්ඩ්ලි සෙන්ට් ක්ලාරි ඩේවිඩ් (56) මහතා හෘදයාබාදයකින් මියගොස් ඇතැයි පොලීසිය කියයි.

මැයි 28 වැනිදා ඔහු සිය දියණියගේ විවාහය වෙනුවෙන් මෙම මුදල් රැගෙන යමින් සිටියදී කොල්ලකෑම සිදුවිය. විවාහ උත්සවය හෙට පැවැත්වීමට නියමිතව තිබිණි.  

ඔහුගේ හදිසි මරණය පිළිබද පරීක්ෂණය මීගමුව නාගරික හදිසි මරණ පරීක්ෂක සිරි ජයන්ත වික්‍රමරත්න මහතා ඉදිරියේ අද පැවැත්විණි.



අදහස් (0)

ඒකල කම්හල් අධ්‍යක්ෂ මියයයි

ජානි Saturday, 08 June 2013 01:21 AM

අපරාදේ ජීවිතේ! චෙක් පතකින් ඔය ගෙවීම කළා නම් ජීවිතේ සහ මුදල් දෙකම ආරක්ෂා කර ගන්න තිබුනා නේද? (නි)

:       0       0

රංජනී Saturday, 08 June 2013 03:20 AM

හරිම දුක හිතෙන පුවතක්, මටත් බදින වයසේ දුවක් ඉන්නවා.ඒ අම්මා දුක කොහොම ඉවසන්නද?මටත් දැනෙනවා ඒක. (නි)

:       0       0

උපේන්ද්‍ර Saturday, 08 June 2013 03:43 AM

හොඳටම ප්ලෑන් කරලා කරපු වැඩන්. හොඳටම දන්න අය හවුල් ඇති මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

තිලක් Saturday, 08 June 2013 03:44 AM

මුදල් නෝට්ටු වල ටැග් නොම්මරයෙන් හොරු අල්ලන්න බැරිද? (නි)

:       0       0

පෙරේරා Saturday, 08 June 2013 07:06 AM

මේ වගේ මංකොල්ලකාරයෝ හුඟ දෙනෙක් දේශපාලකයින්ට සම්බන්ධ අය. පොලිසි වලටත් වැඩිය මොකුත් කරන්න බැරි ඒ නිසයි. (නි)

:       0       0

ගයනා Saturday, 08 June 2013 07:24 AM

බය වෙන්න එපා. හොරකම් කරපු අයගේ පවුලේ අයටත් ඔය ටික ඔය විදියටම වෙනවාමයි. (නි)

:       0       0

කමල් Saturday, 08 June 2013 07:45 AM

ජීවිතන් අනියතන් මරණන් නියතන් (නි)

:       0       0

කසුන් Saturday, 08 June 2013 07:52 AM

ලක්ෂ 75 කොම්පැනියෙන් ගෙවල තියෙනවලු.(නදී)

:       0       0

කෙවින් Saturday, 08 June 2013 08:55 AM

මේ හැමදෙයකටම මුල හොයලා බැලිය යුතුයි. හොරු,මංකොල්ලකාරයෝ,ගැහැනු දුෂකයෝ, ළමා අපචාරකයෝ, කුඩු විකුණන අය හැම කෙනෙක්ම දන්නවා තමන් ටික දවසකින් නිදහස් කියලා. (නි)

:       0       0

අමිල Saturday, 08 June 2013 09:06 AM

අයියෝ සල්ලි

:       0       0

අපොන්සු Saturday, 08 June 2013 09:15 AM

පොලිසියේ පරණ කෙනෙක් හෝ හමුදාවේ පැන ආපු කෙනෙක් සම්බන්ධ නොවී තිබුනොත් තමයි මට නම් පුදුමේ. කවුරු කළත් මේ අපරාධය කළවුන්ට හොදක් නම් වෙන්න එපා කියලා මම පතනවා (නි)

:       0       0

ජ.හේරත් Saturday, 08 June 2013 09:31 AM

පිටිගල මිලානෝ පිස්සු කතා කරනවා. මනුස්සයෝ, මොන දඬුවම දෙන්නත් උන්ව අල්ලගන්න ඕනෑනේ. මෙලහකටත් හොරු රටින් පැනලද දන්නේත් නැහැ. (නි)

:       0       0

දයා අළහකෝන් Saturday, 08 June 2013 09:38 AM

මේ පියා සිය දියණිය ගැන තිබුණු බලාපොරොත්තු, දියණියගේ සිතේ තිබුණු බලාපොරොත්තු, මවගේ බලාපොරොත්තු කොතෙක් වන්නට ඇද්ද? නමුත් මංකොල්ලකරු තවම නිදැල්ලේ? (නි)

:       0       0

නිශේන්ද්‍ර Saturday, 08 June 2013 09:44 AM

මෙය තවත් සිදුවීමක් පමණි. ඉවසීම නැති නිසා අපිට කේන්ති යනවා ඉක්මන් ප්‍රතිපල නැති නිසා. නමුත් මංකොල්ල කරුවන්ට නිසි දඩුවම් ලැබේවි ස්වභාව ධර්මයෙන්. කාලයක් ඉන්න වේවි ඒකට. මෙවැනි සිදුවීම් නවත්තන්න නම් සාමාන්‍ය ජනයා නිරායුධ කළ යුතුුයි. පොලිසියෙන් පමණක් ප්‍රතිපල බලාපොරොත්තු නොවන්න. ඔබට නිවන් සුව. ඔබ පවුලට මගේ කණගාටුව. මගෙත් සියලු දේ නැති වුනා රාජගිරියේදී. පැමිණිල්ලක් දැම්මා.අදටත් එය පැමිණිල්ලක් පමණි. (නි)

:       0       0

අසංග Saturday, 08 June 2013 10:20 AM

ඒවා සාදාරන මුදල් නිසා තමයි ඒ මනුස්සයා මියගියේ...නිවන් සැප ලැබේවා.... (ස)

:       0       0

ජීවන්ත Saturday, 08 June 2013 10:46 AM

කමල්, කණගාටුදායක ප්‍රවෘත්තියක් හාස්‍යයට ලක් කරන ඔබලා වගේ නරුමයෝ සමග එකම ජාතියක ඉපදීමත් කරුමයක්. අනෙක් අයගේ ප්‍රතිචාර බලලාවත් ප්‍රතිපත්ති නිවැරදි කරගන්න. විරාජ්. ඒ මහතා ධනය උපයා ඇත්තේ අවශ්‍යතාවයන්ට වියදම් කිරීම සඳහායි. එය 'ආශා' කිරීමක් වන්නේ කෙසේද? බුද්ධ දේශනාවලත් ධනය ඉපයීම වරදක් ලෙස සඳහන් වන්නේ නැහැ. මිල මුදල් 'සර්පයකු' ලෙස සඳහන් කොට ඇත්තේ මාර්ග ඵල ලබා ගැනීම සඳහා ශාසනයට පිවිසි බුද්ධ ශ්‍රාවකයන්ටයි. දේශනා වල වැරදි අගින් අල්ලාගෙන ලාභ මානසික තෘප්තීන් අපේක්ෂා කරන ඔබ වැන්නවුන් නිසා නිර්මල බුදු දහම කිලිටි වනු ඇත. (නි)

:       0       0

පද්මිණි Saturday, 08 June 2013 10:55 AM

නමේ හැටියෙන් සුදු ජාතිකයෙක් වගෙයි. බෞද්ධයෙකුට නම් මේ දේ බුදුබණ සිහි කරලා සිත නිවාගන්ට තිබුනා කියලා මට හිතෙනවා.ඔහුට මොක් සුව පතමු. (නි)

:       0       0

අමිල Saturday, 08 June 2013 11:02 AM

මංගල සිරියෙන් බබලන්න කිබූ නිවසක්. මේ අමනුශ්‍යයින් නිසා අවමංගලයකට පත් වූ සෝචනීය අවස්ථාවක්. ඇතමුනට සුවබර නින්දක්. ළමයාට යහපත් අනාගතයක්. (ස)

:       0       0

කැනඩා දිසා Saturday, 08 June 2013 11:07 AM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. සුදු වෑන් එකකින්ද කොල්ලකන්න ඇවිත් තියෙන්නේ? (නි)

:       0       0

ජානි Saturday, 08 June 2013 10:37 PM

ගෆූර් ගේ අදහස හරි. පවුලේ අය සිද්ද වුන දෙය තුල මැරී මැරී ජීවත් වෙයි. අනිත් අය‍ට නම් තව ටික දවසකින් අමතක වෙලා යාවි. ලංකාවේ හැටි එහෙමනේ.(නදී)

:       0       0

ජානකී Saturday, 08 June 2013 11:29 AM

ඉතාමත් කණගාටුයි. (ස)

:       0       0

සුමනා Friday, 07 June 2013 07:55 PM

පව් ඒ ළමයා.(නදී)

:       0       0

ප්‍රේම Friday, 07 June 2013 08:03 PM

මේ හොරුන්ට මේ ආත්මෙදිම කළකම් පලදෙනු එක වෙනවාමයි.(නදී)

:       0       0

රොහාන් Friday, 07 June 2013 08:11 PM

මාත් දුවෙක් ඉන්න තාත්තා කෙනෙක්,කොච්චර අමාරුවෙන් හම්බුකරපු සල්ලි වෙන්න ඇතිද තමන්ගේ දුව වෙනුවෙන්? (නි)

:       0       0

චතුල වෙරෝනා Friday, 07 June 2013 08:15 PM

අයියෝ මොන අපරාධයක්ද වුනේ? මේ හොරු නිසා වටින ජීවිතයක් නැති වුනා. නමුත් හොරු නිදෑල්ලෙ (නි)

:       0       0

පුබුදු Friday, 07 June 2013 08:43 PM

කණගාටුදායක පුවතක් , මුදල් ගැන හරි අවබෝදයක් නැහැ වගේ ?(නදී)

:       0       0

ජනක Friday, 07 June 2013 08:51 PM

අනේ මේ සල්ලි ගත්ත අයට මොනවද නොවෙන්න ඕනේ.(නදී)

:       0       0

චූලා Saturday, 08 June 2013 12:05 PM

ධනයට ආසා නොකරන්න, මුදල් සර්පයෙක් වගේ. අශෝබන කතා කියන අයගෙන් මන් අහන්නේ මේ හොරකම සාදරනිකරණේ කරන්න හදන්නේ ඇයි? (ස)

:       0       0

අරුණ Friday, 07 June 2013 08:53 PM

සාමදානයේ සැතපේවා! (නි)

:       0       0

රසිකා Friday, 07 June 2013 09:00 PM

මේ ලෝකදිම පලදෙයි ඔය මිනිස්සුන්ට.(නදී)

:       0       0

දිනූ Friday, 07 June 2013 09:02 PM

මංකොල්ල කාපු අයගේ හත්මුතු පරම්පරාවටම මේවා පලදෙයි.(නදී)

:       0       0

සුජාන් Saturday, 08 June 2013 12:32 PM

ජීවිත කාලයේම හම්බ කරපු සල්ලි මගුල් ගෙයකට වියදම් කරන්න ගිය නිසා තමයි එකවර මේ වගේ මුදලක් අහිමි වෙන්න මග පෑදුනේ. මේ කතාව පිටුපස සමාජයේ මහා කෙදවාචකයක් තියෙනවා. තමන් සතු සියලු මුදල් අහිමි වීම නිසා තමයි මේ මහත්තයට හර්දයබාදය හැදෙන්න ඈත්තේ. ලක්ෂ 10කින් 15කින් මගුල කරන්න සුදානම් උනානම් එම මුදල හොරු ගත්තත් ඉතිරි මුදලින් සැහීමකට පත්වෙන්න තිබුනා. මේ වගේ දේවල් සමාජයේ හැමෝටම හොඳ පාඩමක්. (ස)

:       0       0

සරත් ඩු Friday, 07 June 2013 09:11 PM

ජිවිතයක් නැතිවූ එක ගැන දුක් වෙනවා. එතුමාට නිවන් සුව පතනවා. (නි)

:       0       0

කමල් Friday, 07 June 2013 09:19 PM

නැකැත් වෙලාව එච්චර හොඳ නැහැ වගේ කියලයි මට නම් හිතෙන්නේ. අනේ මන්දා මම හරිද කියලා (නි)

:       0       0

සනත් Friday, 07 June 2013 09:27 PM

හොරකම කළ අය කොහේ හැංගිලා අනුන්ගේ සල්ලි වලින් මොන සැප ගත්තත් තමන්ගේම හෘද ශාක්ෂියෙන් ගැලවීමක් නැහැ.මේ ආත්මයේදීම පොලියත් එක්කම ගෙවයි. (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 07 June 2013 09:30 PM

මන්කොල්ලකාරයෝන්ට මරණ දඬුවම දිය යුතුයි.(නදී)

:       0       0

රන්ජන් හරිස්චන්ද්‍ර Friday, 07 June 2013 09:33 PM

මැද පෙරදිග රටවල් දිහා බලන විට මෙවැනි දේ අපේ රටේ සිදු වන්නේ ඇයි කියලා සොයා ඒවාට නිසි පිළිතුරු සම්පාදනය කලොත් අනිවාර්යෙන්ම මෙවැනි දේ අපේ රටෙන් සදහටම තුරන් වේවි. (නි)

:       0       0

සමන් පෙරේරා සෞදි Saturday, 08 June 2013 01:31 PM

ඉතාමත් කණගාටු පුවතක්, ඔබතුමාට සල්ලිත් ජීවිතයත් නැතිවුනා, සමාගම් අධ්‍යක්ෂක කෙනෙක් හැටියට මීට වඩා සැලකිලිමත් වෙන්න තිබුනා. (ස)

:       0       0

පෙරේරා Friday, 07 June 2013 10:07 PM

මංකොල්ලයට තියා ඇස් ඉදිරිපිට මිනිමරුවත් ප්‍රසිද්ධ මරණ දඩුවම නැහැනේ. ඒකයි වරද (නි)

:       0       0

චන්දි Friday, 07 June 2013 10:34 PM

අනේ ..මේ මොන අපරාදයක්ද? ඒ දුව කොහොම දරා ගන්නද? නීතියට අහුවෙලා දඩුවම් නොලැබුනත්,අනිවාර්යෙන්ම දෙවියන්ගෙන් දඩුවම් ලැබෙනවාමයි (නි)

:       0       0

මලිත් Friday, 07 June 2013 10:35 PM

මේ අපරාධ පාලනය කරන්න නොහැකි වන තාක්කල් අපේ රට ආාගාධයට වැටීමත් නවත්වන්න බැහැ (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Saturday, 08 June 2013 02:23 PM

මෙතනදී මෙම කොල්ල කරුවන් අපරාධ කිහිපයක් ම සිදු කරලා තිබෙනවා. (1) මුදල් කොල්ල කෑම (2) අහිංසක වයාපාරිකයෙක්ව ඝාතනය කිරීම (3) ඔහුගේ දුවගේ මංගල්‍ය උත්සවය කල්යාමෙන් ඇගේ හිමිකම් කඩකිරීම. (4) අනුන්ගේ සතුටට බාධා කිරීම. ඒ තුලින් මංගල්‍ය උත්සවයක් අවමංගල්‍ය උත්සවක් ලෙස පරිවර්තනය කිරීම. මේ වගේ වැරදි වලට මොන වගේ දඩුවම් දිය යුතුද? මේ වගේ අපරාධ කරුවෝ මේ ලෝකේ ජීවත් විය යුතුද? සුජාන්, දෙමාපියන් ජීවත් වෙන්නේ තම දරුවන් නිසා ඔවුන්ගේ මංගල්‍ය උත්සවයට කෝටියක් වියදම් කලත් කාටත් ඇති අමාරුව මොකක්ද? මේවා තමා ජීවිත කාලය පුරා දෙමාපියන් දකින සිහින අමනුෂයෝ නිසා මේ ආදරණීය පියාට තම සිහිනය සබෑ කිරීමට නොහැකිවුනා පමණක් නොව තම දියණියගේ මංගල්‍ය තම දෑසින් දකින්න නොලැබීම තරම් අවාසනාවන්ත වුන. අපේ රටේ නීතියේ ඇති වරද. ඒ නිසා කිසිම අපරාධයක් කරන්න කවුරුත් බිය වන්නේ නැහැ. (නදී)

:       0       0

විරාජ් කාලිංග Friday, 07 June 2013 10:59 PM

එකක් තාත්තාගේ මරණය, අනික දුගේ අනාගතය... මේක තමයි ලෝක ධර්මතාවය. සියල්ල නැසෙන සුලුයි. ධනයට ආසා නොකරන්න. අසීමිත ආසාවන් දුකක්. බුදුන් වහන්සේ ධනය සර්පයෙක් හැටියටයි දැක්කේ (නි)

:       0       0

ශීලා Friday, 07 June 2013 11:16 PM

මේකට කවුරු හවුල්ද දන්නේ නැහැ . (නි)

:       0       0

පියල් Friday, 07 June 2013 11:30 PM

මැදි වයසේ පුද්ගලයින්ට දැඩි මානසික පීඩනයන් උසුලන්ට බැරි බව බොහෝ දෙනෙකුට තේරෙන්නේ නැහැ.මුදල් ගත් නරුමයන්ට හොදක් නම් නොවේවා! (නි)

:       0       0

රන්ජන් Saturday, 08 June 2013 01:01 AM

වැරදිකරුවන් සොයා ඉක්මන් දැඩි දඬුවම් දිය යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 90 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


අදත් සවස තද වැස්ස
2024 සැප්තැම්බර් මස 29 130 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 692 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 478 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 3147 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1737 7

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37994 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site