IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘ඒක සුළු අතපසු වීමක්‘

‘පිරිස විසිරුවා හැරීමේ දී සිසුවිය පාගාගෙන ගොස් තිබුණා. පොලිස් නිලධාරියා ඇය එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගත්තා මිසක ඇයට පහර දීමක් සිදු කළේ නෑ. මා එතැන හිටියා. මා මේ ප්‍රකාශය කරන්නේ වගකීමෙන්.‘ යි කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චම්පික සිරිවර්ධන මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

‘පොලිස් නිලධාරියකු ඇයට බැටන් පොල්ලකින් පහර දෙන ආකාරය හුවා දක්වමින් ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් පළ කර තිබූ ඡායාරූපයෙන් ජනතාව නොමග යැවෙනවා.

මෙම ඡායාරූප උපක්‍රමශීලීව ලබාගෙන පහර දෙන ආකාරය හුවා දක්වා තිබෙනවා.

පොලිස් දෙපාර්තමේන්තුව වශයෙන් අපි මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා සාධාරණ වෙන්න කියලා. සිසුන්ට පහර දෙන්න අපට කිසිම උවමනාවක් නැහැ. කිසිම තරහක් නැහැ. අපි කරන්නේ රාජකාරිය. එම රාජකාරිය කරන අවස්ථාවේ සුළු අතපසු වීමක් මේ ආකාරයෙන් හුවා දක්වන්න එපා කියා එම මාධ්‍ය ආයතනයෙන් ඉල්ලා සිටිනවා.‘ යැයි ද සිරිවර්ධන මහතා කීවේය.

IMG_0471 IMG_0476 IMG_0477 IMG_0478 IMG_0480 IMG_047800



අදහස් (0)

‘ඒක සුළු අතපසු වීමක්‘

පිවිතුරු Saturday, 31 October 2015 01:49 PM

අපිත් වීඩියෝ එක බැලුව..මෙතනදිනම් කෙල්ලව බය කළා මිසක් ගැහුවේ නැහැ..මේවා මාධ්‍ය සංදර්ශන..කොළඹ නගරයේ ජනාකීර්ණ ප්‍රදේශයක ජනාකීර්ණ වෙලාවක ප්‍රධාන මාර්ගයක් අවහිර කළාම ඇතිවෙන තත්වය තේරුම් ගන්න බැරිනම් මිනිස්සු පිඩා විදින එක තේරුම් ගන්න බැරිනම් ඔය විදියට ගුටි කෑවම ඒක තේරේවි.උද්ගෝෂණ කරන්න අයිතිය තියෙනවා ජන ජිවිතයට බාධා නොවන විධියට..එහෙම බාධා වෙනවනම් ඒ බාධා ඉවත් කරන එක පොලිසියේ වගකීම.පාරේ යන එන මගී ජනතාවට මානව හිමිකම් නැද්ද?..වපුරන දේ අනුව තමයි අස්වැන්න ලැබෙන්නේ..කට්ටියට සාධාරණව අස්වැන්න ලැබුන.. එච්චරයි..(බ)

:       0       0

චුල Friday, 30 October 2015 09:41 PM

මේක සමහරුන්ට නම් සුළු දෙයක් වෙන්න පුළුවන්. ඒත් දෙමාපියන්ට? (නි)

:       0       0

ප්‍රදීප් Friday, 30 October 2015 11:16 PM

වැරැද්දක් වුණා නම් සමාව ගැනීමයි කළයුත්තේ, නිහතමානිව (නි)

:       0       0

කුමාරි Saturday, 31 October 2015 01:59 AM

පොලිසියෙ වුණත් තාත්තා කෙනෙක් නේද? තමුන්ටත් දරුවන් ඉන්නවා කියලා හිතන්න තිබුණා නේද? (නි)

:       0       0

පිවිතුරු Saturday, 31 October 2015 02:21 AM

ආයෙත් නම් ඒ ගැහැණු ළමයා උද්ඝෝෂණ පෙළපාලි වලට නම් යන එකක් නැහැ, මතක තිබෙනතුරු. අපිත් වීඩියෝ එක බැලුවා. කොළඹ නගරයේ ජනාකීර්ණ ප්‍රදේශයක, ජනාකීර්ණ වෙලාවක ප්‍රධාන මාර්ගයක් අවහිර කළවිට ඇතිවෙන තත්වය තේරුම් ගන්න බැරි නම් ඔය විදියට ගුටිකෑවම ඒක තේරෙයි. වපුරන දේ අනුව තමයි අස්වැන්න ලැබෙන්නේ. කට්ටියට සාධාරණව අස්වැන්න ලැබුනා. එච්චරයි (නි)

:       0       0

නිල්මිණි Saturday, 31 October 2015 02:32 AM

ගනුන්ට ගහන මොකා උනත් ඌ ......... ඕකටත් දරුවෝ ඉන්නවා නම් උන්ටත් දෙවියන්ගේ පිහිට තමා. (අ)

:       0       0

රුමේෂ් Friday, 30 October 2015 12:53 PM

පේනවනෙ නැගිට්ටෙව්වද කියලා. (ර)

:       0       0

ධනුෂ්ක බුද්ධීක Friday, 30 October 2015 01:06 PM

එතකොට මේ ගෑනු ළමයා කෑ ගහන්නේ ඇයි. පේනවා නේද ගහන හැටි.(හේ)

:       0       0

පවන් Friday, 30 October 2015 01:23 PM

පොල්ලෙන් ගහලද නැගිට්ට වන්නේ (හේ)

:       0       0

මංජුලා Friday, 30 October 2015 01:21 PM

මෙහෙම දිගට හරහට ගහන එකට සුළු වැරදීම කියන්නේ.(හේ)

:       0       0

නුවන් Friday, 30 October 2015 01:26 PM

මාර නැගිටවිල්ල... මගේ තරහා කාරයෝ වගයක් ඉන්නවා.මටත් හිතෙනවා මේ විදියට නැගිට්ටවන්න ...(හේ)

:       0       0

නසාර් Friday, 30 October 2015 01:31 PM

අනේ මොකට කියනවද? ගහලා නෙවේ අත ගාලා තියෙන්නේ (හේ)

:       0       0

පෙරේරා Monday, 02 November 2015 08:28 AM

මට කියන්න තිබෙන්නේ මේපමණි. 8 පාස් මෑන් උගත් ළමයකුට එයා දන්නා විදියට සලකනවා. ( මොලේ තිබෙන තරම තමා . ) (බ)

:       0       0

ළහිරු Friday, 30 October 2015 01:43 PM

අවම බලේ කියන්නේ මේක මං හිතන්නේ?(හේ)

:       0       0

සංජය Friday, 30 October 2015 02:16 PM

මමත් මේ මාධ්‍යයට කියන්නේකොහෙවත් යන මිනිස්සු රඟපාන දර්ශන ඔයාලගේම ශිල්පීන් ලවා අරගන අපේ දාරක ස්නේහයෙන් ඔද වැඩුණු හදවත් කාකි ඇඳුමෙන් පොලිෂ් කරගත්තු මාමිලට ආදරේ කරන අයගේ හිත කැඩෙන විදියේ පෝස්ට් හදලා මොකක්ද ඔයාලා බලාපොරොත්තු වෙන්නේ? (බ)

:       0       0

චින්තක රුවන් Friday, 30 October 2015 03:11 PM

පොලිසියෙ ලොක්කො හිතන් ඉන්නෙ අපි බූරුවො කියලද දන් නෑ.. පොලිසිය කරන බලු වැඩ ඔය විදිහට සාදාරණීකරණය කරන නිසා තමයි හැමදාම මේ විදිහට බයක් නැතුව තිරිසන් විදිහට හැසිරෙන්නෙ..(බ)

:       0       0

කමල් Friday, 30 October 2015 03:31 PM

මෙයා හිතන්නේ මාධ්‍යයි මහා ජනතාවයි ගොන්නු කියල (බ)

:       0       0

පිවිතුරු Friday, 30 October 2015 03:33 PM

අවුලක් නැහැ..පොලිසියට දැන් තියෙන්නේ යහපාලනෙට වෙලා දෙයියනේ කියල පිනක් දහමක් කරගෙන යන තැනකට වැඩක් කර ගන්න..සැක කාරයෙක් අල්ලන්න බැහැ..ඒකාගෙන් තොරතුරක් ගන්න බැහැ.උද්ගෝෂණයක් විසුරු වන්න බැහැ පොඩ්ඩ වැරදුනොත් මානව හිමිකම් කොමිසමෙන් නතර වෙන්නේ..මිට පස්සේ ඔය යක්කුන්ට ඕන මගුලක් කර ගන්න කියල පැත්තකට වෙන්න.උන් පාරවල් හරස් කරලා පාරවල් වහගෙන ඒවායේ උයාගෙන කෑවත් දවස්ගානක් මිනිස්සු මහා මග හිර වුනත් පැත්ත බලන්න එපා..යකෝ මුන් ටික එතන දාපු සෙල්ලම් ඔක්කොම පැත්තක ..දැන් එ්ක විසුරුවපු එකට පොලිසිය (බ)

:       0       0

මාධවී Friday, 30 October 2015 03:37 PM

අදමයි එහෙම දෙයක් දැක්කේ.(හේ)

:       0       0

සාගර Friday, 30 October 2015 03:50 PM

මේ සිද්ධිය වුන වෙලාවේ ඒක වලක්වන්නේ නැතුව ලඟට වෙලා බලන් හිටියයි කියන උසස් නිලධාරියෙක් කියා ගන්නා කෙනා ඒ තනතුරට සුදුසු නෑ. ඉස්සෙල්ලම එයා ගෙදර යවලා ඉන්න ​ඕනේ. (හේ)

:       0       0

ඉසුරන්දි Sunday, 01 November 2015 06:26 AM

කිසිසේත්ම අතපසු වීමක් සිදු වී නැත.(හේ)

:       0       0

බණ්ඩාර Saturday, 31 October 2015 09:30 AM

මොනවා ලියන්නද. උද්ඝෝෂණය කරන්න නිදහස තියෙනවා තමන්ගේ අයිතිවසිකම් වෙනුවෙන්. එක විසුරුවා හරින්නත් බලය තියෙනවා,නමුත් එක මෙහෙම නරක විදිහට නෙමේ කරන්නේ ...එකට ඕන බුද්දිය , අවබෝදය, එහෙම නිළධාරීන් බොහොම අල්පයි . (අ)

:       0       0

සමන් Friday, 30 October 2015 04:34 PM

‍මම නම් කියන්නේ උද්ඝෝෂණ කිරීම ජනතාව‍ගෙ අයිතියක් කියලයි. ඒවා වළක්වන්න නම් නිසි විසඳුම් ‍ දෙන්න ‍ වෙනවා. (නි)

:       0       0

ලියොන් ගුනවර්දන Friday, 30 October 2015 04:37 PM

විශ්ව විද්‍යාල සිසුන් වීදි බැස විවිධ කරුණු නිසා නීතිවිරෝධීව මෙවැනි උද්ඝෝෂණ කිරීම නිසා නීතිය ආරක්ෂා කිරීමට ඔවුන් පොලිසියේ බැටන් ප්‍රහාර වලට ලක්වූ විවිධ අවස්ථා මීටපෙරත් අපි අසා ඇත්තෙමු. එබැවින් අපට මෙය අරුමයක් නොවේ (නි)

:       0       0

නිහාල් Wednesday, 04 November 2015 10:58 AM

රටේ මිනිස්සු හරක් කියලද හිතාගන ඉන්නේ (බ)

:       0       0

සමන් Saturday, 31 October 2015 01:03 PM

අට පාස් සතුටට බිලි වුණූ ඒ3 තාරුණ්‍ය නීතිය රැකුමට සිටින මහතුන්ගේ ඇගපත හිරි ඇර ගැනීමට නොහැකි වූයේ කුඩ්ඩන්, මැරයින්, ජනතාව නියෝජනය කිරීමට ඉදිරිපත් වී සිටින ලොකු මහතුන් තම දෑසට නොපෙනෙන නිසාවෙන් වෙන්න ඇති නේද?. ඔවුන්ගේ එම හිරි ඇර ගැනීම සඳහා වස්තු බීජය වන්නේ අසරණ දෙමව්පියන්ගේ දූ පුතුන්ය. අට පාස් මහත්තයලට ඔය ලොකු ලොකු බඩවල් තියෙන හොරු අල්ලගෙන ඔබතුමාලගෙ මහත්මා ගති පෙන්නන්න බැරි. බයයි නේද? ඇයි ලොකු බඩවල්වලට සැලුට් එක ගහලා බඩගගා වදින්න එපැයි නේද ? (බ)

:       0       0

රත්නායක Friday, 30 October 2015 07:19 PM

බිම වැටී තුවාලව හඩන දැරියක නැලවීමට "ලී කෙලි" නැටුමේ යෙදෙන පොලිස් පියෙක් (රේ)

:       0       0

ලීලන් Friday, 30 October 2015 07:31 PM

මේවට කියන්න වචන නැ (රේ)

:       0       0

සිසිර Monday, 09 November 2015 10:11 AM

මොනා කියන්නද මන්දා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 752 0

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 344 0

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 516 1

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


නව ආරක්ෂක ලේකම්වරුන් පත් කරයි
2024 සැප්තැම්බර් මස 23 1772 1

නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙ


ඩොලර් බැඳුම්කර අගය පහත යයි
2024 සැප්තැම්බර් මස 23 1816 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය


ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 835 2

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22521 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22487 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 119 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 355 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 179 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site