IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ඒරොප්පේ තානාපති පුටුත් හිස්

ඉතාලිය ඇතුළු යුරෝපා රටවල් කිහිපයක ශ්‍රී ලාංකික තානාපති පුරප්පාඩු මාස කිහිපයක සිට පවතින බව එරටවල ශ්‍රී ලාංකිකයෝ පවසති. ගිය රජයේ දේශපාලන පත්වීම් ලබා තානාපතිවරුන් වශයෙන් සිටි බොහෝ දෙනා නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන ඇතත් නව තානාපතිවරුන් මේ වනවිටත් පත්කොට නොමැත. තානාපති කාර්යාලවල සිටි අමාත්‍ය උපදේශකයින්ද නව ආණ්ඩුව බලයට පත්වීමත් සමග ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන ඇත. යුරෝපය ඇතුළු බොහෝ රටවල පවතින ශ්‍රී ලංකා තානාපති පුරප්පාඩු පිලිබදව විමසීමේදී විදේශ අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සත්‍යා රුද්‍රිගෝ මහතා කියා සිටියේ පුරප්පාඩු පිරවීම දවසින් දෙකින් කළ නොහැකි බවයි. නව තානාපති වරුන් පත් නොකොට හිටපු තානාපතිවරුන් හදිසියේ ගෙන්වා ගත්තේ මන්දැයි එසැණ කළ විමසුමට ඒ මහතා මෙසේ පැවසිය.

‘මම ඒවා ගැන දන්නේ නැහැ. තානාපති වරුන් පත්කොට අපට දැනුම් දුන්නට පසු මාධ්‍යට කියන්න අපිට පුළුවන්. එච්චරයි අපි දන්නේ.‘

 



අදහස් (0)

ඒරොප්පේ තානාපති පුටුත් හිස්

යහම්පත් Wednesday, 01 April 2015 05:25 PM

යුරෝපයට තානාපතිවරුන් එවනවිට විදේශ අමාත්‍යංශයේ සේවය කර පළපුරුදු නිලධාරීන් තානාපති කර එවන්න.නැත්නම් වන්නේ කිසිදෙයක් නොදන්නා ඇමති පවුලේ හෝ හිත මිතුරුකමට එවන නිලධාරීන් රටේ මුදල් වියදම් කරමින් සැපසහිත ජීවිතයක් ගෙවීමත් සහ එම රටවල සිටිනා අය සංවිධාන වලට ගොස් බොරු සංදර්ශන දැමීමත් පමණය (නි)

:       0       0

සරත් Wednesday, 01 April 2015 05:39 PM

හිටපු තානාපති හේමන්ත වර්ණකුලසූරිය මහත්තයාගේ කාලයේ නියමෙට වැඩ තිබුනා. එතුමා වීඩියෝ කැමරා එතුමාගේ කාර්යාල කාමරයේ සවිකරගෙන බලාගෙන හිටියා වැඩකරන විදිය.අනේ මන්දා! කොහොම වුණත් උගත් බුද්ධිමත් මහත්මයෙක් එවන්න. (නි)

:       0       0

සරත් රෝමය Wednesday, 01 April 2015 06:19 PM

ඔන්න පසුගිය ආණ්ඩුවේ නුසුදුස්සන්ට තනතුරු දුන් අපේ තානාපති සේවයේ ඇත්ත තත්ත්වය! (නි)

:       0       0

ලංකාසිරි Wednesday, 01 April 2015 07:51 PM

එංගලන්තයේ තානාපති කාර්යාලයට මටත් යන්න වුණා පහුගිය රජය කාලේ. අනේ ඇත්තට! එතන වැඩකරන අය දැක්කහම දුක හිතෙනවා. මගේ ගනුදෙනුවක් තවම පියවා නැහැ. ලිපිවලට උත්තරයක්වත් එවන්නේ නැහැ. (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 02 April 2015 08:36 AM

දයා ඔච්චර ආවේගශීලි වෙන්න එපා. (දිල්)

:       0       0

වසන්ත Wednesday, 01 April 2015 09:04 PM

හැමදේම ඉතින් එකපාර කරන්න බැහැනේ. ටික ටික හරියයි (නි)

:       0       0

සොපී Thursday, 02 April 2015 09:32 AM

දේශපාලන පත්වීම් දෙනවට අපිත් කැමති නැහැ. තානාපතිකම් දෙන්න ඕනේ මව් රටට ආදරය කරන උගත් බුද්ධිමතුන්ට. (ස)

:       0       0

බන්දුල ‍ Wednesday, 01 April 2015 11:01 PM

ආණ්ඩුවක් ආ හැටියේ තානාපතිවරු මාරුකරන එක සිරිතක්නේ. යවන්නම ඕනෑ අයත් හිටියා. එහෙත් සමහරු ලංකාවට කැඳවලා නැවත වෙන රටකට යන්නත් සුදානම්ලු. සමහරුන්ට පත්වීම් ලැබී මාස කිහිපයකින් යන්න සිදුවුණා. පත්වීම ලබන්නා දේශපාලනද අමාත්‍යංශද හෝ උගත්ද නැද්ද යන්නට වඩා ලංකාවට හා මිනිසුන්ට සේවයක් කරන්නට කැමති අයෙකු වීමයි වැදගත්. චක්‍රලේඛන වලට මුවාවී මිනිසෙකුට යම් සේවයක් නොකෙරෙන තැනට කරුණු හොයන එක තමයි බොහෝ නිලධාරීන් කරන්නේ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 02 April 2015 01:58 AM

තානාපතිවරු ඔය තරමටම හිඟනම් , ඔන්න ඔහේ මට එකක් දෙන්න. හැබැයි ඉතාලිය නැතුව හොඳේ ! (නි)

:       0       0

දුමින්ද Thursday, 02 April 2015 03:00 AM

සුදුසුකම් ඇති අය නැතිව නොවේ -පක්ෂ-පාතකම්-අඩු-පාඩුවේ. (ස)

:       0       0

දයා Thursday, 02 April 2015 03:59 AM

ඒ තමයි යහ පාලනයේ වෛර පාලන කටයුතු , අනේ මෙහෙම ආණ්ඩුවක් ! මකබෑවිලා යන්නේ නැතුව. (ස)

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Wednesday, 01 April 2015 02:56 PM

සියලුම රටවල් වලට වගේ පත්වුණේ දේශපාලන පත්වීම්. සුදුස්සන් පත්කළේ නැහැ. (නි)

:       0       0

නිශාන්ත රෝමය Wednesday, 01 April 2015 03:04 PM

අසිත පෙරේරා මහත්තයා ගියාට පස්සේ බෙනට් කුරේ මහත්තයා එන්න මාස හතරක් විතර ගියා. ඒ කාල සිමාවටම තානාපති පුරප්පාඩුව තිබුණා. බෙනට් කුරේ මහතා ගිහිල්ලත් දැන් මාසයකට වැඩියි. තව මාස කීයක් තානාපති කෙනෙක් නොමැතිව ඉතාලි අපේ තානාපති කාර්යාලය දුවයිද? (නි)

:       0       0

ලාල්-රෝමය Wednesday, 01 April 2015 03:11 PM

අද රෝමයේ තානාපති කාර්යාලට ගිහින් බලනකොට අපිටම ලැජ්ජා හිතෙනවා (නි)

:       0       0

නිශාන්ත රෝමය Wednesday, 01 April 2015 03:41 PM

ලාල්ගේ කතාව ඇත්ත. වටේම තියෙන තානාපති කාර්යාල දිහා බැලුවම අපි සොමාලියාවටත් වඩා අන්තයි. අතහැරලා දාපු මානසික රෝහලකටයි අපි අපේ තානාපති කාර්යාලය කියන්නේ. එකට ගියාම අපිටත් පිස්සු හැදෙනවා.ඉන්න සමහර නිලධාරීන්ට පිස්සු කියලා මම කියන්නේ නැහැ. යහපාලන ආණ්ඩුවට මම එක ඔත්තුවක් දෙන්නම් හොයන්න මෙතන එදා ඉදලම සිදුවුණු වංචා දුෂණ. කරොත් ඔන්න වැඩේ,නමුත් කරන්න බැහැ.ඒකට හේතුව කියන්න ගියොත් ආණ්ඩුවටත් පුංචිම හෝ කැළලක් එනවා.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 4 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 639 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 1521 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 3404 18

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1779 6

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 687 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38065 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25060 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 797 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site