IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ඒ.අස්.පීත් ඉඩම් ගනුදෙනුවක පැටලේ?

සින්නක්කර ඔප්පුවකින් මිල දී ගත් රුපියල් ලක්ෂ තුන් සියයක් පමණ වටිනා කඩ කාමර තුනකින් කඩ කාමරයක් අනවසරයෙන් වෙනත් කාන්තාවකට පවරා දුන් බව කියමින් වේයන්ගොඩ පදිංචි කාන්තාවක කෑගල්ල දිස්ත්‍රික්කයේ සහකාර පොලිස් අධිකාරීවරයකුට එරෙහිව රහස් පොලිසියට පැමිණිලි කර ඇතැයි පොලිස් ආරංචි කියයි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ පර්චස් 27ක පමණ එම ඉඩම් කැබැල්ල ඔවුන් මිල දී ගත්තේ 2014 පෙබරවාරි දෙවැනි දා බවත්, එම වසරේ අගෝස්තු පළමු වැනි දා එහි එක් කඩ කාමරයක් අලුත්වැඩියා කරමින් සිටිය දී පොලිසිය පැමිණ සේවකයන් දස දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවත්, ඉඩම හා කඩ කාමර තමාගේ යැයි සියලු ලියකියැවිලි සහ බදු ගෙවන ලේඛන පොලිසියට ඉදිරිපත් කළ ද පළක් නොවුණු බවත් එම කාන්තාව සිය පැමිණිල්ලෙන් කියන්නීය.

එදිනම සිද්ධිය සම්බන්ධයෙන් සීඅයිබී දෙක146/10 අංකයෙන් මාවනැල්ල පොලිසියටත්, 2014 අගෝස්තු 29 වැනි දා පොලිස් මූලස්ථානයටත්, 2014 සැප්තැම්බර 13 වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළත් සහකාර පොලිස් අධිකාරීගේ බලපෑම මත විමර්ශන නතර වී ඇතැයි කියමින් එම සහකාර පොලිස් අධිකාරීට එරෙහිව රහස් පොලිසියට පැමිණිලි කර තිබේ.

උසස් පොලිස් නිලධාරියකු කීවේ වෙනත් කාන්තාවක ඉදිරිපත් කළ ඔප්පුවක් පදනම්කරගනිමින් පොලිසිය එසේ හැසිරී ඇති බවයි. එම ඔප්පුව ව්‍යාජ ඔප්පුවක් බවට වේයන්ගොඩ කාන්තාව පැමිණිලි කළත් ඒ ගැන පොලිසිය ක්‍රියාත්මක වී නැති බවත් එම නිලධාරියා කීවේය.

පොලිස් මූලස්ථානයෙන් ඇගේ පැමිණිල්ල පොලිස්පතිගේ අත්සනද සහිතව කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීටත්, ඉන් පසු කෑගල්ල නියෝජ්‍ය පොලිස්පතිටත් යොමු කළ බවත්,  මේ වන තෙක් ඒ ගැන සාධාරණයක් ඉටු නොවුණු බවත් කියමින් එම කාන්තාව පොලිස් මූලස්ථානය හා දුක්ගැනවිලි දිසාවේ නියෝජ්‍ය පොලිස්පති ඒ රවීන්ද්‍ර වෛද්‍යාලංකාර මහතාට පැමිණිලි කර තිබේ.

ඒ ගැන අවධානය යොමු කළ නියෝජ්‍ය පොලිස්පති වෛද්‍යාලංකාර මහතා අයිජීපී/පීඒසී/0/1018/14 අංකයෙන් සබරගමුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල් ඒ ජයසිංහ මහතාට ලිඛිතව දන්වා ඇත්තේ සිද්ධිය ගැන නැවත විමර්ශනයක් කරන ලෙසයි.

‘මෙම පැමිණිලිකාරිය තම අයිතිය තහවුරු කර ගැනීමට බදු ගෙවූ ලේඛණ පොලිස් මූලස්ථානයට ඉදිරිපත් කළ අතර මාවනැල්ල පොලිසියෙන් සහ කෑගල්ලේ සහකාර පොලිස් අධිකාරීවරයකු මේ සම්බන්ධයෙන් පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට තව දුරටත් ප්‍රකාශ කරන ලදී. ඒ අනුව කෑගල්ල නියෝජ්‍ය පොලිස්පතිව සිටි මැක්සි ප්‍රොක්ටර් මහතා විමර්ශනයක් සිදු කර ඇතත් එම විමර්ශන අතරමග අත්හිටුවා ඇත.‘ යනුවෙන් ද වෛද්‍යාලංකාර මහතා විසින් යැවුණු ලිපියේ සඳහන්ය.

පැමිණිලිකාර කාන්තාවගේ භුක්තියට හා හිමිකාරත්වයට අදාළ තීරණ අධිකරණය මගින් ගත යුතු බවත්, අයිතියේ සිටින පාර්ශ්වකරුවන් අධිකරණ නියෝගයකින් තොරව ඉවත් කිරීමට නෛතික ප්‍රතිපාදන පොලිසියට නැති බවත්, ඔවුන් සාපරාධී අයුතු ඇතුළු වීම යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීම කිසිසේත් නීත්‍යනුකූල නොවන බවත් වෛද්‍යාලංකාර මහතා දන්වා ඇත.



අදහස් (0)

ඒ.අස්.පීත් ඉඩම් ගනුදෙනුවක පැටලේ?

දුමින්ද Friday, 13 February 2015 06:14 AM

වැටත් නියරත් ගොයම් කානම් (නදී)

:       0       0

විජයබාහු Friday, 13 February 2015 08:43 AM

මෙව්වට යහපාලනය ක්‍රියාත්මක නොකරන්නේ කිමද ? (නදී)

:       0       0

පාලිත Friday, 13 February 2015 09:27 AM

මේවා පටන් ගත්තේ ආස්චර්යමත් කාලේ. මේ යහපාලන කාලයයි (නදී)

:       0       0

සෙනරත් Friday, 13 February 2015 11:15 AM

මොන පාලනය ආවත් සියයට දහයක් පමණ වන මෙවැනි පොලිස් නිලධාරීන් කරන මෙවැනි වැඩ නවතන්න බැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 49 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 143 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 112 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 904 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


අල්ලස් ගත් සැරයන් - පීසි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 36 0

මඩකලපුව පනෙයි අරුප්පන් කෝවිලේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වැලි පනෙයි අරුප්පන් වැවෙන් ගොඩ දැමීමට එරෙහිව නීතිමය කටයුතු නොකර සිටීමට රුපියල් 2000ක අල්ලසක


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 79 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38430 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25316 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 891 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 323 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site