IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ඒ.එස්.පී ඇතුළු එස්.ටී.එෆ් 12ක් රිමාන්ඩ්

විශ්ව විද්‍යාල ප්‍රවේශය බලාපොරොත්තුවෙන් සිටි සිසුන් හතර දෙනකු සහ මොරටුව විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබූ සිසුවකු 2006 ජනවාරි දෙවැනිදා ත්‍රිකුණාමල වරාය පොලිස් වසමේ මුහුදු වෙරළේදී වෙඩි තබා ඝාතනය කළැයි සැකපිට   පොලිස් විශේෂ කාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරීවරයකු සහ කොස්තාපල්වරුන් 11 දෙනකු ලබන 18 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් යූ එල් ඒ අස්හාර් මහතා නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසු ඔවුන් අනුරාධපුර බන්ධනාගායේ රඳවා තබන ලෙස  ද නියෝග කැරිණි.

අත්අඩංගුවට ගත් වාස් පෙරේරා නම් සහකාර පොලිස් අධිකාරීවරයා එවකට පොලිස් පරීක්ෂකවරයකු ලෙස කටයුතු කර ඇත.

වෙඩි තබා මරා දමා තිබුණේ මොරටු සරසවියේ ඉංජිනේරු ශිෂ්‍ය තංගතුරායි සිවනාදන් හා උසස් පෙළ විභාගයෙන් පසු සරසවි වරම් අපේක්ෂාවෙන් සිටි යෝගිතසාන් රොහාන්ත්, ශන්මුගරාජා සජීන්තිරන්, මනෝහරන් රාජිහාර් සහ යෝගරාජා හේමචන්ද්‍රන්  යන පස් දෙනායි. ඔවුහු 1985 වසරේ උපත ලැබුවෝ වෙති.

ත්‍රිකුණාමලයේ නැව් තටාංගනයට හා ෆෙඩ්රික් කොටුවට අසළ වෙරළේ මේ පිරිස විනෝද වෙමින් සිට ඇත.

එම අවස්ථාවේ ඔවුන් පසු කර  ත්‍රීරෝද රථයක් ගොස් ඇති බවත්, ඒ සමගම බෝම්බයක් පිපිරී ඇති බවත්, ඉන් පසු ආරක්ෂක අංශයක බව කියන වාහනයකින් පැමිණි පිරිසක් ඔවුනට හිරිහැර කර වෙඩි තබා ඇති බවත් වාර්තා විය.

ඔවුනගෙන් තිදෙනකුගේ හිසටත්, අනිත් දෙදෙනාගේ පපුවට හා උදර ප්‍රදේශයටත් වෙඩි වැදී තිබිණි.

එතැන සිටි තව දෙදෙනකු මුලින් එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් කැරුණු සැකකරුවන් සහ තවත් සැකකරුවෙක් 2006දීම අත්අඩංගුවට ගෙන සාක්කි නැති කමින් නිදහස් කැරිණි.

තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නියමිතය. ඔහු දැන් ප්‍රභූ ආරක්ෂක අංශයට අනියුක්තව සේවය කරන බව දැනගන්නට ඇත.

මෙම ඝාතන සිද්ධිය මානව හිමිකම් ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක් විය.

 

(ඡායාරූප අන්තර්ජාලයෙනි)

 



අදහස් (0)

ඒ.එස්.පී ඇතුළු එස්.ටී.එෆ් 12ක් රිමාන්ඩ්

විජය Friday, 05 July 2013 09:09 AM

මේ තරුණයන් මරුනේ බෝම්බ ගැහුවේ මොවුන් කියා වැරදි ලෙස හඳුනාගැනීමක් නිසා . යුද්ධ වලදී මෙසේ වෙනවා . ඇමෙරිකන් ඩ්‍රෝ න් වලින් වැරදිලා පොඩි දරුවන් බුරුතු පිටින් මරන්නේ . මිනි මැරූ කොටින්ට වසර 1 කින් සමාව දී නිදහස් කර පොලිසියට පවා බඳවා ගත් ලෙසට මොවුන්වද සමාව දිය යුතුයි. (ස)

:       0       0

පෙරේරා Friday, 05 July 2013 09:19 AM

ශිෂ්‍ය කම නිදහසට කාරණාවක් නෙමෙයි..ත්‍රස්තවාදියා ත්‍රස්ත වාදියාම තමයි. (ස)

:       0       0

අරුණ Friday, 05 July 2013 07:04 PM

එස්.ටී.එෆ් එක ඒ දවස් වල වැඩ කරනකොට ඔය කාටත් හොදා. දැන් තමා කට්ටියටම මානව හිමිකම් මතක් වෙන්නේ මොකද දැන් කොහෙවත් බෝම්බ පුපුරන් නැහැනේ. එල්.ට්.ට්.ඊ එකේ මහා මොළ කාරයෝ එලියට ආවේ යාපනය කැම්පස් එකෙන් තමා. අපේ සිංහල ජාතියට ඉක්මනටම හැම දෙයක්ම අමතක වෙනවා. ඒ මිනිස්සු අද හිරේ ඉන්නේ මේ රට වෙනුවෙන් වැඩ කරලා. ගොඩක් කට්ටිය බන කියනවා දැන්. ආයෙමත් යුද්දයක් ආවා නම් බලන්ඩ පුළුවන් බන කියන අය මොනාද කියන්නේ කියලා. මෙහෙම වෙන කොට තමා සුද්දා සිංහලුන් ගැන කියපු කතාව ඇත්ත කියලා හිතෙන්නේ.(නදී)

:       0       0

පෙරේරා Friday, 05 July 2013 09:24 AM

වරුණ හීන දකිනවා.මේ සිද්ධිය අපි දැක්කේ නැහැ.නමුත් ඔය කියන සිද්ධි දෙක අපි දැක්කා. එයාලා හැසුරුණු විදිය දැක්කා. (නි)

:       0       0

සුලෝචනා Friday, 05 July 2013 09:38 AM

වරුණ මොකද මේ හැමනිතරම කටුනායක වෙළඳ කලාප ඝාතනයක් ගැන කතා කරන්නේ ? ඔයාගේ නෑදෑ කෙනෙක්ද මැරුනේ? (ස)

:       0       0

මේනක Friday, 05 July 2013 09:43 AM

මේකද සාධාරනේ? මොනවා වුනත් මේ වගේ දේවල් වලට දඬුවම් තීරණය වෙන්නේ ස්වභාව ධර්මයෙන්. එය නීතියට වඩා දරුණුයි. එතකොට විනාශ වෙන්නේ පවුල් පිටින් (නි)

:       0       0

අරුණ Friday, 05 July 2013 07:30 PM

ඒ මිනිස්සු අද හිරේ ඉන්නේ රට වෙනුවෙන් වැඩ කරන්ඩ ගිහින්. එල්.ටී.ටී.ඊ එකේ මහා මොළ කාරයෝ ගොඩක් හිටියේ කැම්පස් වලින් ආපු අය. අපේ අය මනුස්ස කම ගැන කතා කරනවා දැන් මහා ලොකුවට. ඒ මොකද දැන් යුද්දේ ඉවර නේ. සිංහල ජාතියට තරන් මුල අමතක වෙන ජාතියක් තවත් මේ ලෝකේ නැතිව ඇති. ඒ මිනිස්සු ආසාවට මිනි මරුවා නෙවේ මේ රට වෙනුවෙන් තමා ඒ දේවල් කරන්ඩ ඇත්තේ. ගොඩක් අයට දැන් තමා දුක හිතිල තියෙන්නේ ආයෙමත් යුද්දයක් ආව නම් බලා ගන්ට පුළුවන් ඔය දැන් බන කියන අය මොකද කරන්නේ කියලා. අපේ සෙබළුන්ගේ මිනි උඩින් නැගිටපු ජාතියක් අපි. ඒ නිසා මේ ජරා එල්.ටි.ටි.ඊ එක වෙනුවෙන් කඩේ යන්ට එපා සිංහලුනේ.(නදී)

:       0       0

පීටර් Friday, 05 July 2013 03:11 PM

අනේ, දැනුයි මෙයා මතක් උනේ මේක උසාවියට දාන්න. (අ)

:       0       0

සම්පත් Friday, 05 July 2013 09:49 AM

ආත්ම ආරක්ෂාවට වෙන්න ඇති වෙඩි තියලා තියෙන්නේ. (නි)

:       0       0

ලකී Friday, 05 July 2013 10:11 AM

ඔන්න අපේ "විරෝධාර රණවිරුවන්ගේ" නියම පැටිකිරිය එලියට එනවා. මේ වගේ නොදියුණු රටකයි, දියුණු ශිෂ්ට සම්පන්න රටකයි අතර වෙනස තමයි, පැමිණිල්ල ආපු ගමන්ම ඒක ගැන පරීක්ෂණ කරලා වැරදිකරුවන් අල්ලලා දඬුවම් කරනවා. ඒත් මෙහෙ ඒකේ අනිත් පැත්ත. මම හුණා වගේ කියනවා ඔය ඔක්කොම බේරෙනවා අන්තිමට. ඒක තමයි ආසියාවේ ආශ්චර්යය කියන්නේ. (නි)

:       0       0

සම්පත් Friday, 05 July 2013 10:26 AM

මේවා සහගහන අපරාධ. මේවා ඉතිහාසයේ කළු පැල්ලම්.මෙයාලා නීතිය ඉස්සරහට ගෙනැල්ලා දඩුවම් දෙන්න. ඒක ලෝකයටම අපි යුක්තිගරුක ජාතියක් කියලා පෙන්වීමක්.අපේ ජනතාවගේ මුදලින් ආරක්ෂක අංශ නඩත්තු කරන්නේ ජනතාවගේ ආරක්ෂාවට. (නි)

:       0       0

චාමික Friday, 05 July 2013 03:36 PM

විදු, කව්ද එතකොට 88/89 කාලේ දිවි පුදපු 60,000 ට ආසන්න තරුණ ජීවිත වලට වග කියන්නේ? ඔයාද? දැන් ඔය වලවල් වල ඇටසැකිලි මතු වෙන්නේ. කිසිම වගකියුතු ආරක්ෂක අංශයකට බැහැ අහිංසක මිනිස්සු මරන්න. ඇමරිකවේ වුනත් ලංකාවේ වුනත් වැරැද්ද වැරැද්දමයි. හදවතට කතාකරලා අහන්න ඔබේ පුතාට දුවට ඔය දේ වුනොත් ඔබ ඔය විදියටම කතා කරාවිද කියලා. මනුෂ්‍යයෙක් ලෙස කල හැකි වටිනාම දේ තමයි මිනිස් ජීවිත ආරක්ෂා කිරීම. මිනිස් ජීවිත විනශ කරන මිනිස්සු වෙනුවෙන් පෙනීසිටින්න එපා. එය තවත් මිනිස් ජීවිත විනාශ කිරීමට අනුබල දීමක්. වැරැද්ද වැරැද්ද විදියට දකින්න. (දී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 05 July 2013 08:45 PM

මෙයාලා අහිංසකයෝ කරන්න කට්ටිය හදන්නේ. එද තිබුණු විදිය දන්නේ අපි. මේ වයසේ කොල්ලෝ තමයි එල්.ටී.ටී එකේ වැඩි හරියක් හිටියේ. ගම් වලට පැනලා ළමයි කපල කොටලා මැරුවේ. බස් වලට බෝම්බ තියලා අහිංසකයෝ මැරුවේ. පිස්ටල් කල්ලි වල ඉදන් මිනී මැරුවේ. එදා තිබුණු තත්වේ උඩ රෑට මුහුදු වෙරළේ විනෝද වෙන්න කව්ද යන්නේ.(නදී)

:       0       0

සනත් Friday, 05 July 2013 10:49 AM

මේ සිද්ධිය වුනේ ජනවාරි 02. ඊට දවස් 4 කට පස්සේ මේ සිද්ධිය මුල් කරගෙන ජනවාරි 06 වෙනිදා අලුයම ත්‍රිකුණාමලයේ මුහුදේදී සාමාන්‍ය රාජකාරියේ යෙදුනු ඩෝරා යාත්‍රාවක් මිනීමරු කොටි විසින් මුහුදුබත් කළා. ඒකෙ හිටපු නිලදාරීන්ගේ ජීවිත වලට වග කියන්නේ කව්ද ? (නි)

:       0       0

චන්දන Friday, 05 July 2013 10:52 AM

මේගොල්ලෝ 2006 කරපු මිනීමැරුමකට දැන්ද අත් අඩංගුවට ගන්නේ? (නි)

:       0       0

චාමික Friday, 05 July 2013 11:06 AM

සුලෝචනා, ඔයාට දෙයක් කතා කරන්න නෑයෙක් මැරෙන්නම ඕනෑ වුනාට අනික් මිනිස්සුත් ඔයා වගේම ආත්මාර්ථකාමී කියලා හිතන්න එපා. තමන්ගේ නෑයන්ටත් ඔහොම වෙයි ඔය විදියට යනකොට. එතකොටවත් ඔයා ඒ අපරාධ ගැන කතා කරන්නකෝ. (නි)

:       0       0

ගිම්හානි Friday, 05 July 2013 11:09 AM

ඉන්දික, ඔබ හරි (නි)

:       0       0

ප්‍රභූ Friday, 05 July 2013 11:20 AM

එතකොට සෝමපාල උඩුගම්පොල.(නදී)

:       0       0

සනත් Friday, 05 July 2013 11:34 AM

මේකත් අවුරුදු ගානක් පෙන්නන මෙගා ටෙලි නාට්‍යයේම කොටසක් විතරයි කියලා අපේ මිනිස්සු කවදා තේරුම් ගනීවිද මන්දා? අවසානයේ පාලක සියල්ලෝ සතුටින් නැවත වැජබෙනු ඇත. අපේ මිනිස්සු මෙගා කොටස්වල රසයට හුරේ දමා සියලු බර අදිනු ඇත.(නදී)

:       0       0

සුබසිංහ Friday, 05 July 2013 04:27 PM

මේවා අහස පොලව නුහුලන අපරාධ. මේ වගේ අපරාධ වලට දඩුවම් දෙන්න ඕනෑ. කාගේ කාගේත් කිල්ලෝට වල හුණු තියෙන්න පුළුවන්. (දී)

:       0       0

තිලක් සෑම් Friday, 05 July 2013 12:02 PM

එතකොට ට්‍රින්කෝ සෙල්ලම් දාපු කොටි පිස්ටල් ක්ලික් එකට මොකද උනේ?(නදී)

:       0       0

විදු Friday, 05 July 2013 12:05 PM

ලංකාවේ සමහර මිනිස්සුන්ගේ ප්‍රතිචාර දැක්කම හිතෙනවා අවුරුදු 30ක් ලංකාවේ ත්‍රස්තවාදයක් තිබුනා කියලා මිනිස්සුන්ට අමතක වෙලා කියලා. මම මේ සම්පත්ගෙන් අහන්නේ යුද්ධය නිසා දිවි පිදු 30000 කට අධික රණවිරුවන්ගේ ජීවිත වලට වග කියන්නේ කව්ද? එහෙනම් ඒ දෙමාපියන්ටත් කියන්න තමන්ගේ දරුවෝ වෙනුවෙන් මානව හිමිකම් නඩු දාලා ඒ අයටත් යුක්තිය ඉටුකරන්න කියලා (නි)

:       0       0

ලකී ජයසූරිය ලන්ඩන් Friday, 05 July 2013 03:08 AM

පොලිසිය ගැනනම් සතපහක විශ්වාසයක් නැහැ. එස්.ටී.එෆ් හා හමුදාව ගැන මිනිස්සු හරි ආඩම්බරෙන් ඉන්නේ. මේ පිළිබඳව සොයා බලා අගතියට පත් අයට සාදාරණය ඉටුකරන්න කියා ඉල්ලනවා. (නි)

:       0       0

තිලක් Friday, 05 July 2013 04:42 PM

ලකී තව දුරටත් මේ නොදියුණු අපිට පවු නොදී කොහේ හරි තියන රටකට මක බෑවෙනවකෝ. ලොකු උදව්වක්.(නදී)

:       0       0

සම්පත් Friday, 05 July 2013 03:27 AM

මේ වගේ අපරාද වලට දඩුවම් දෙවියන්ගෙන්ම ලැබෙන්න ඕනෑ. 89 මගේ අයියටත් ඕකමයි වුනේ. (නි)

:       0       0

මැක්සි Friday, 05 July 2013 03:36 AM

මෙයාලා ඔහොම්මමයි (නි)

:       0       0

බමුණු Friday, 05 July 2013 03:36 AM

ඉතින් මේ මිනිස්සු වෙනම රටක් පොලිස් සහ ඉඩම් බලතල ඉල්ලන එක අහන්නත් දෙයක්ද ? (නි)

:       0       0

දම් Friday, 05 July 2013 03:38 AM

උණ්ඩයක්වත් හදන්න තාක්ෂණයක් නැති අපි අධිරාජ්‍යවාදීන්ගේ උපායන්ට හසුවී අපේම අනාගත පරපුර වනසනවා. (නි)

:       0       0

චාමික Saturday, 06 July 2013 12:25 AM

අරුණ, අතීතයට පන දෙන්න හදන්න එපා. කොටි මිනී මරපුවත් වැරදියි තමයි. කොටින්ටත් මේ වගේම දඩුවම් කරන්න ඕනෑ. 88/89 කලේ මරපුවත් වැරදියි තමයි. ඒවටත් දඩුවම් කරන්න ඕනෑ. ඒවාට නම් ගොඩක් අයට දඩුවම් හම්බ වුණා ස්වභාව ධර්මයෙන්. කල් ගිහින් හරි අනික් යටත් හම්බ වේවි. (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 05 July 2013 04:49 AM

සිද්ධිය සෝචනීයයි නමුත් 2006 සිද්ධියක් දිහා බැලිය යුත්තේ එදා පැවති වාතාවරණයට අනුකුලවයි.(නදී)

:       0       0

සුමිත් Friday, 05 July 2013 05:34 AM

මම සිංහල. කවුරු කළත් වැරැද්ද වැරැද්දමයි.මේ දරුවන්ගේ ජිවිත අපරාදේ. අපරාද වලට දඬුවම් දිය යුතුමයි. හමුදාව කියන්නේ ප්‍රභාකරන්ගේ ගෝලයෝ වගේ ත්‍රස්තවාදී වැඩ කරන අය නොවෙයි. ඒ අය හරි විනයක් ඇතුව ඉන්න, කටයුතු කරන්න ඕනෑ (නි)

:       0       0

ලුම්බිණි Friday, 05 July 2013 05:55 AM

කවදා වාතාවරණය යටතේ බැලුවත් අපරාධය අපරාධමයි. (නි)

:       0       0

සමන් Friday, 05 July 2013 06:04 AM

අදහස් සැමටම පොදුවන ලෙස ප්‍රකාශ කරන්න වගබලා ගැනීම අප කාගේත් වගකීමක් වගේම ,ජිනීවා වලට මේක හොද ප්‍රවෘත්තියක් වේවි නේද? (නි)

:       0       0

උපසේන Friday, 05 July 2013 01:08 PM

බය වෙන් න දෙයක් නේ පොදු රාජ්‍ය සම්මේලනය ඉවර වනු ගමන් කට්ටිය එළියේ. (අ)

:       0       0

දමිත් යසේන්ද්‍ර Friday, 05 July 2013 06:20 AM

දහස් ගනන් මරපු කරුණව පාර්ලිමේන්තු ගෙනාවා. ගම්වලට පැනලා සිවිල් මිනිසුන් ඝාතනය කරපු කොටින්ව පුනරුත්තාපනය කරලා එළියට දැම්මා. මේ පොලිස් නිලදාරීන් මේ දේ කලේ ආණ්ඩුව ආරක්ෂා කරන්න මිසක් තමන්ගේ දේපලක් බේරාගන්න නෙමෙයි. මේ අය වහාම නිදහස් කළ යුතුයි.(නදී)

:       0       0

වරුණ Friday, 05 July 2013 07:18 AM

කටුනායක වෙළද කලාපේ සේවක අයිතීන් වෙනුවෙන් පැවති උද්ඝෝෂණයේදී වෙඩි තැබූ තරුණයට හා හලාවතදී වෙඩි තබා මරාදැමු ඇන්තනි ධීවරයා ඝාතනයට සම්බන්ධ කට්ටියවත් නුදුරු අනාගතයේදී මේ වගේ සිද්දියකට මුහුණ දෙන්න වේවි (නි)

:       0       0

බොරගල්ල Friday, 05 July 2013 07:29 AM

වාස්ලට අපලයි වගේ.(නදී)

:       0       0

චමල් Friday, 05 July 2013 07:39 AM

කාලෙකට පසු දුටු හොඳ ප්‍රවෘත්තියක්. යුද අපරාදකරුවන්ට දඬුවම් දීම දෙමළ මිනිසුන්ගේ හිත් දිනාගත හැකි ක්‍රමයයි.(නදී)

:       0       0

අසේල Friday, 05 July 2013 01:43 PM

සිංහල දෙමල මුස්ලිම් අපි හැමෝම මෙවැනි සිදුවීම් වලට වගකිව යුතුයි.නිතිය බලය අතට ගන්න ගිහින් 89 කාලයේදී සිංහල අපට සිදු වුනෙත් මේ අසාධාරනයමයි. සිංහල දෙමල අපි බැට කෑ හැටි දැන දැනත් මුස්ලිම් නායකත්වය මුස්ලිම් තරුණ කොටස් උසි ගන්වමින් ගෙනයන්නේ මේ අවස්ථාවටම බව අවධාරණය කරනු කැමැත්තෙමි. (දී)

:       0       0

පෙරේරා Friday, 05 July 2013 07:57 AM

පොදුරාජ්‍ය සමුළුව කිට්ටු වෙනකොට කට්ටිය කලබලවෙන හැඩයි (නි)

:       0       0

චාමික Friday, 05 July 2013 08:13 AM

පිටිගල මිලානෝ, ඔයාගේ මල්ලි හරි පුතා හරි මේ විදියට මැරුනා නම්, ඒත් ඔයා එදා වාතාවරණය අනුව බලනවද ? (නි)

:       0       0

අසේල Friday, 05 July 2013 08:20 AM

මිනිස්සු නොමිනිස්සු වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ

:       0       0

ඉන්දික - උඩුමලගල Friday, 05 July 2013 08:27 AM

නීතිය සැමටම සාදාරන විය යුතුයි. ඇත්තටම එල්. ටී. ටී. ඊ. සංවිධානය වර්ධනය වුනේ මේ වගේ සිද්දීන් තුලයි. මේ අය එල්. ටී. ටී. ඊ. නම් අනුගමනය කල යුතු වෙනම ක්‍රියා පටිපාටියක් තිබුනා. 88 - 89 කාලෙත් මේ වගේ සිදුවීම් එවකට කුඩා ළමුන් ව සිටි අපට හොදට මතකයි. මොන විදියටවත් මේ වගේ සිදුවීම් සාදාරනය කරන්න එපා. මනුෂ්‍යත්වයේ නාමයෙන් මේ දේවල් තරයේ හෙලා දැකිය යුතුයි. (නි)

:       0       0

චාමික Friday, 05 July 2013 06:22 PM

ලාල් මහත්තයෝ, අපි ඔක්කොම මිනිස්සු. අපේ අය තමයි ඔක්කොම. අපේ අය නොවෙන්න අගහරු ලෝකෙන් ආපු මිනිස්සු නැහැනේ ලංකාවේ. මනුෂ්‍ය ජීවිත ගැන කැක්කුමක් තියෙන නිසා තමයි මේවට අපි විරුද්ධ. මම හැම වෙලේම හිතන්නේ මට මෙහෙම වුනොත්, මගේ දරුවෙකුට මෙහෙම වුනොත් කියලා හිතලා කොහොමද මට හිතෙන්නේ කියලා තමයි මම අදහස් දක්වන්නේ හැම වෙලේම. අපි හැමෝම මනුස්සයෝ ලාල් මහත්තයෝ. (දී)

:       0       0

රණා Friday, 05 July 2013 08:47 AM

අනේ වාස්ලට අපලයි වගේ (ස)

:       0       0

වසන්ත Friday, 05 July 2013 08:55 AM

මෙයට දැඩි දඬුවම් දිය යුතුයි. අපි සිංහල බහුතරය.. අපි සුළුතරය උනොත් කොහොමද වෙන්නේ කියල හිතලා කටයුතු කරමු. ලංකාවේ සියලුම අපරාදකරුවන්ට දැඩි දඬුවම් දිය යුතුයි. (ස)

:       0       0

ලාල් Friday, 05 July 2013 02:19 PM

මේකේ අදහස් දාන සමහරක් 50-50 කොහෙද? මෙයාලට අපේ අය ගැන කැක්කුමක් ඇත්තේම නැහැ. (දී)

:       0       0

ජනක Friday, 05 July 2013 09:01 AM

එස්.ටී.එෆ් එක වැරදි නම් උපරිම දඬුවම් දීල ඒ ළමයින්ගේ පවුල් වලට සාදාරණයක් ඉටු කරන්න ඕනේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 91 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 136 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2455 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 901 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 518 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1538 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37755 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site