(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි)
පුද්ගලයකු පැහැරගෙන දේපළ බලහත්කාරයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා අද (9) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.
2023 වර්ෂයේ අගෝස්තු 2 වෙනි දින රත්නපුර කුරුවිට මැණික් ව්‍යාපාරිකයකු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණ ඔහුට අයත් රුපියල් කෝටි 14 ක් පමණ වටිනා වාහන සහ මැණික් ඇතුළු දේපළ තොගයක් එම ප්‍රදේශයේ පුද්ගලයකු බලහත්කාරයෙන් ලබාගත් බව පවසමින් පැමිණිල්ලක් සිදුකර තිබූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
එකී පැමිණිල්ලට අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකව සිටි සහකාර පොලිස් අධිකාරීවරයා විසින් බලහත්කාරයෙන් එම දේපළ ලබා ගත් බව කියන පුද්ගලයාව එම දේපළ සමග කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන විත් එම දේපළ පැමිණිලිකරු වෙත ඒක පාර්ශ්විකව ලබා දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය එම පුද්ගලයා කරන ලද පැමිණිල්ලකට අනුව අනාවරණය වීමෙන් අනතුරුව සහකාර පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගෙන ඇත.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇතත් නිසි ක්‍රමවේදයකින් තොරව එම දේපළ පැමිණිලිකාර පුද්ගලයා වෙත භාරදී ඇති බව විමර්ශන වලදී අනාවරණයවී ඇත.
ජාතික පොලිස් කොම්ෂන් සභාවේ අනුමැතිය පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 11 දෙනෙකුට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ස්ථාන මාරු ලබා ද
හමාස් ග්‍රහණයේ පසුවන, ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සියලු දෙනා ලබන 20 වැනිදාට පෙර වහාම නිදහස් කළ යුතු බවටත්, හමාස් සංවිධානය එසේ නොකරන්නේ නම්, ඔවුන්ට දරුණු විද
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ටිබෙට් නේපාල දේශසීමාවේ, ටිබෙටයට අයත් චීන පාලනය යටතේ පවතින පළාතක් ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි.
මෙරට ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල් ප්‍රවර්ධනය කිරීම සඳහා දිරි ගැන්වීම් ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
අනුරාධපුර හබරණ කිලෝවෝල්ට් 220ක නව සම්ප්‍රේෂණ රැහැන් මාර්ගය ඉදිකිරීමේ ලංසුව පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
ඒ.එස්.පී නෙවිල් සිල්වා අත්අඩංගුවට
kasun Monday, 09 December 2024 09:58 PM
මේ අයට ප්‍රසිද්ධියේ ගල් ගහන්න දෙන්නකෝ...!
sam Tuesday, 10 December 2024 07:10 AM
ඒ කියන්නේ හැම අංශයකම හොරු රජ කරපු.. කඩා වැටුණු රටක්..!