IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඒ ජේලර් මනුෂ්‍යයෙක් නොවේ?

ජාතික සිරකරු දිනය නිමිත්තෙන් විරකරුවෝ 1500ක් පමණ ජනපති පොදු සමාව යටතේ අද නිදහස ලදහ.

සුළු වැරදි හා දඩ ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාර ගත වූවන් හා වයස අවුරුදු 70 ඉක්ම වූ රැඳැවියෝ මෙසේ නිදහස් වූහ.

වැලිකඩ බන්ධනාගාරයෙන් ද අද උදෑසන 10.30ට පමණ මෙලෙස සිරකරුවන් 64 දෙනකුට නිදහස ලැබිණි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා සියලු රැදවියන්ට අතට අත දී සුබ පතා ආශිර්වාද කෙළේය.

සිරකරුවන් නිදහස් කිරීම බන්ධනාගාරයේ ඉල්ලීම පරිදි වාර්තා කිරීමට ගිය විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීන්ට වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ගේට්ටුව අසල පරීක්ෂා කිරීමේ මුරකුටියේ රාජකාරි කළ ජේලර්වරයෙක් වාචික අඩත්තේට්ටම් කළේය.

ඔහු මාධ්‍යවේදීනට නීති දමමින් පැවසුවේ කොමසාරිස්ට පැමිණිලි කළත් මට ප්‍රශ්නයක් නෑ යනුවෙනි.

‘සිරකරුවොත් මනුෂයෝය‘ යන්න සිරගෙදර තාප්පයේ ලොකු අකුරින් ලියා තිබිණි.



අදහස් (0)

ඒ ජේලර් මනුෂ්‍යයෙක් නොවේ?

ගයාන් Thursday, 12 September 2013 06:36 PM

ජේලර් හරි. (දී)

:       0       0

විජිත් Friday, 13 September 2013 03:13 AM

.කොච්චර උනත් මෙතන ඕන තරම් ඉන්නවා ඇති දුප්පත් කම නිසා දඩ ගෙවාගන්න බැරිව දඩුවම් විදි අය.(අ)

:       0       0

සරත් කුමාර Friday, 13 September 2013 01:01 PM

බන්දුල පෙරේරාට හොද දෙයක් අගය කරන්න දන්නේ නැහැ. හැම දෙයකම වැරැද්ද දකින්න එපා.(නදී)

:       0       0

පහන් මඩුගල්ලේ Thursday, 12 September 2013 06:46 PM

මට මතක් වෙනවා එක චිත්‍රපටයක විජය සහ ෆ්‍රෙඩි සිල්වා මේවගේ හිරෙන් නිදහස් වෙලා එනවා .ෆ්‍රෙඩි කියනවා ගිහින් එන්නම් කියල .ජේලර් මහත්තය කියනවා නෑ නෑ ආයේ මෙහෙ එන්න ඕනේ නැහැ කියල .(දී)

:       0       0

අමිල කටුනායක Friday, 13 September 2013 06:03 AM

හිරකරුවෝත් මනුෂ්‍යයෝය (නි)

:       0       0

සුනිමල් බංඩාර Friday, 13 September 2013 06:25 AM

මෙහෙ බන්ධනාගාර ජේලර්ලයි, ගාඩ්ලයි ජීවත් වෙන්නෙ හිරකාරයන්ගෙ අසූචි කාල. හිරේ ඉන්න තරමට මෙයාලා කැමතියි. 1500ක් නිදහස් කරනවට ජේලර්ලා කොහෙත්ම කැමති නෑ. ඒකයි ඔය මූණු එල්ලගෙන ඉන්නෙ.(නදී)

:       0       0

පැහැසර Friday, 13 September 2013 06:57 AM

මේ ජේලර් කියන ඒවා එච්චර ගණන් ගන්න එපා (නි)

:       0       0

කින් බෙනට් Friday, 13 September 2013 06:59 AM

ඇතුලට දාන්නම ඕනෑ 15000 ක් විතර ඔය වගේම සුදු සරම් කමිස ඇඳගෙන මේ රටේ ඉහළින් වැජඹෙන කට්ටියගේ සහයෝගයෙන් එළියේ " සතුටයි , නිදහසයි " බුක්ති විදිනවා (නි)

:       0       0

වරුණ Friday, 13 September 2013 07:58 AM

සිර කරුවන්ට හම්බවෙන තෝර බීඩියෙනුත් මාටිය ගහන කොට්ටාසයක් තමයි ගාඩ් මහත්තුරු කියන්නේ,සුනිමල් බණ්ඩාර කියනවා වගේ මොවුන් බාගෙට බාගයක්ම රැදවියන්ගේ ජරාව කාල ජීවත්වෙන එවුන්. (අ)

:       0       0

කුමාර Thursday, 12 September 2013 07:26 PM

ජේලර්ගෙ කෙලි ඇතුලෙදි විතරයි නේ .එලියෙදි රිටර්න් එකක් දුන්න නම් අහවරයි (දී)

:       0       0

නිමල් Friday, 13 September 2013 08:20 AM

අළුගෝසු තනතුරටපත්කරමු (අ)

:       0       0

ඩී.උපුල් Friday, 13 September 2013 08:38 AM

නිදහස් කල එක හොඳයි. නැතිනම් මේ 1500 නඩත්තු කරන්න වෙන්නෙත් අපටම තමයි. එසේම "හිර කරුවොත් මනුෂ්‍යයෝය" පුවරුව වහාම ඉවත් කල යුතුයි. මෙයාල බාල අපචාර, ස්ත්‍රී දුෂණ, මිනී මැරුම් කරනකොට කොහෙද තිබුනේ මේ මිනිස්කම? (අ)

:       0       0

අමිල කටුනායක Friday, 13 September 2013 08:41 AM

ගොපලුවාගේ වික්‍රමය ඔයාලා දක්කාද?

:       0       0

වසන්ත Thursday, 12 September 2013 03:58 PM

පෙනුමෙන්ම කියන්න පුළුවන් අළුගෝසු තනතුරට ගැලපෙන බව (දී)

:       0       0

වරුණ Thursday, 12 September 2013 04:00 PM

මට අමතක උනා අර අපේ රූකාන්ත මහතා සමාව දෙන්න කියපු අර මැඩම්ගේ අම්බැට්ටයින්ට නිදහස හිමිඋනේ නද්ද? (දී)

:       0       0

සදුනි Thursday, 12 September 2013 08:53 PM

ෂුවර් එකටම මේ අළුගෝසු උන්නැහේ තමයි.උසස් වීමක් ලැබුන කිව්වනේ. (දී)

:       0       0

රියල් Thursday, 12 September 2013 04:05 PM

ජේලර් තනතුර ගලෝලා මෙයාට දෙන්න තියෙන්නේ අළුගෝසු තනතුර ඒක මෙයාට හොදට ගැලපෙයි (දී)

:       0       0

එදිරිසිංහ Thursday, 12 September 2013 09:03 PM

ක්‍රියාකාරී ජේලර් කෙනෙක් මිසක් මොවුන්ට අවශ්‍ය සාන්ත දාන්ත ජේලර් කෙනෙකුද (දී)

:       0       0

මනෝජ්-සාජා Thursday, 12 September 2013 09:13 PM

පහන් මඩුගල්ලේ නම් නියම විනෝද කාමියෙක් (දී) .

:       0       0

රේමා Friday, 13 September 2013 09:57 AM

උපුල් මේ අය සුළු වැරදි කරපු අය (ස)

:       0       0

රත්නායක රච්චිගේ Friday, 13 September 2013 10:09 AM

මාධ්‍යට බය වෙන්න හේතුවක් ඇති. ඔය අහිංසකින් අතරේ අර ගොල්ලන්ගේ ගෝලයෝ දෙතුන් දෙනෙක් ඉන්න ඇති. (ස)

:       0       0

දෙනෙත් Friday, 13 September 2013 10:18 AM

1500ක් නෙවෙයි ඊයේ නිදහස් කලේ 938 දෙනයි. අම්මෝ තව 562ක්ම කවුරු හරි හොරෙන් නිදහස් කරලද? (ස)

:       0       0

රජදුත Thursday, 12 September 2013 09:45 PM

දෙවෙනි පින්තුරේ ඉන්න ජේලර් මහත්වරු සෙට් එක ආචාර සමාචාර ගැන අහල නැද්ද? ඒ අහිංසක මිනිස්සු හිතේ සතුට පුරවාගෙන ආචාර කරනවා. මේ ගොල්ලන්ගේ ඔලුවල අස්මිමානය පුරවාගෙන.(දී)

:       0       0

මහි Thursday, 12 September 2013 04:41 PM

70 ට වැඩි දකිනකොට නම් අනුකම්පාවක් දැනෙනවා. (නි)

:       0       0

නිමල් Thursday, 12 September 2013 10:10 PM

එක පාරටම ජේලර් මහත්තයට දොස් කියන්න බැහැ මොකද ඔතනට එන්නේ පන්සිල් ගත්තු උපසකලා නෙමේ? නියම මනුස්සයෝ කියන්නේ අනුන්ගේ දුක තේරෙන කිසිම සතෙකුට හිරිහැරයක් නොකරන රටේ නීතියට ගරුකරන අයට.තව එකක් අවදාරන්යෙන් කියන්න ඕනේ ඔය හිරබත් කන සමහර අය නියම වැරදි කාරයෝ නොවන බවද. (දී)

:       0       0

ෂෙරිෆ් Thursday, 12 September 2013 10:24 PM

නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි. (දී)

:       0       0

නිමාලි Thursday, 12 September 2013 04:59 PM

සිරකරුවන්ගේ ඡායාරූප ගන්න එක හොදයිද...? (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 12 September 2013 06:19 PM

මරණ දඩුවම හිමි 70ට වැඩි අයත් නිදහස් කරන බවක් කියල තිබුන..එම දේ වුනානම් බොහොම භයානකයි ..හැට පැන්නත් වදුරෝ බිම යන්නේ නැහැ කියනවා වගේ මේ අයගෙන් සමාජයට අයහපතක් මිස යහපතක්නම් වෙන්නේ නැහැ..(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 110 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 48 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 925 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 373 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 1025 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි
2024 සැප්තැම්බර් මස 24 202 0

ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30001 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23663 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 136 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 414 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site