IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ඒ ටි එම් කාඩ්පත් සොරාගෙන කෝටි ගණන් වංචා කළ දෙකක් දැලේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පොලිස් වසම් 18ක ඒ  ටි එම් කුටි අසල රැඳී සිටිමින්  මුදල් ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන් මුලාකර ඔවුන් සතුව තිබෙන  ඒ ටි එම් කාඩ්පත්  සූක්ෂම ලෙස සොරාගෙන  රුපියල් කෝටියකට අධික මුදලක්  වංචා කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය කියයි

එම සැකකරුවන් දෙදෙනා සමඟ  වංචාව  සඳහා යොදාගත්  ඒ ටි එම් කාඩ්පත් 13 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 20 කට අධික ප්‍රමාණයක් මෙන්ම  යතුරු පැදියක් ද පොලිස් භාරයට ගෙන ඇත

එම කාඩ්පත් රාජ්‍ය බැංකු 2කට සහ පෞද්ගලික බැංකු 2 කට අයත් ඒවා බව පොලිසිය කියයි

කඩුවෙල  පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ මහතාගේ උපදෙස් මත කඩුවෙල   විහාර මාවතේ විශේෂ මාර්ග බාධක රාජකාරි යෙදී සිටි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රුවන්  චතුරංග  මහතා ඇතුළු නිලධාරීන්   සැකකරුවන් පැමිණි යතුරුපැදිය නවතා එයට අදාළ ලිපි ලේඛන පරික්ෂා කිරීම සඳහා ඉල්ලූ බව පොලිසිය කියයි

එම අවස්ථාවේ පැදිකරු සිය මුදල් පසුම්බිය හැඳ සිටි කලිසම් සාක්කුවෙන් පිටතට ගැනීමේ දී ඒ ටි එම් කාඩ්පත් කිහිපයක් ඒ සමඟ බිමට වැටීමත් සමගම අපරාධ අංශයේ ස්ථානාධිපති ගේ නෙත ගැටීමෙන් අනතුරුව ඇති වූ සැකයක් මත පොලිස් නිලධාරීන් ලවා සැකකරුවන් දෙදෙනා එම ස්ථානයේම රඳවා ගෙන දැඩි පරීක්ෂාවට ලක් කිරීමේදී පැදිකරු සන්තකයේ ඒ ටි එම් කාඩ්පත් 13 ක්  මෙන්ම අයිස් මත්ද්‍රව්‍ය  ගෑම් 15 මිලිගෑම් 300 ක්  හා පසු පැදිකරු සන්තකේ අයිස් මත්ද්‍රව්‍ය  ගෑම් 5 මිලිගෑම් 600 ක්  තිබී හමුවූ බව පොලිසිය කියයි



අදහස් (0)

ඒ ටි එම් කාඩ්පත් සොරාගෙන කෝටි ගණන් වංචා කළ දෙකක් දැලේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාඨලීත් මැතිවරණයට තරඟ නොකරයි
2024 ඔක්තෝබර් මස 10 142 0

එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


කබ්රාල්ට එරෙහිව නඩුවේ අධි චෝදනා පත්‍ර බාරදෙයි
2024 ඔක්තෝබර් මස 10 227 0

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැ


බංග්ලාදේශ අන්තර්වාර පාලකයාත් ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 178 0

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 263 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 466 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


කලුතරට විශේෂ පොලිස් ආරක්ෂාවක්
2024 ඔක්තෝබර් මස 10 2028 0

නොවැම්බර් 14 වෙනිදිනට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන අවසන් දින වන අද (11) කළුතර දිස්ත්‍රික්කය පුරා පොලිස් නිලධාරීන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39737 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25837 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 52 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 379 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1244 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site