IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


ඒ.ටී.එම් යන්ත්‍රයට පහර දුන් සැරයන්ගේ වැඩ තහනම්

 

(ඉන්දිකා රාමනායකප සහ ගයාන් සුරිය ආරච්චි )

මුදල් ගැනීමට ගොස් කාඩ් පත ඒ ටී ඒම් යන්ත්‍රයේ සිරවුණයි කෝපයට පත්ව ඒ.ටී.එම් යන්ත්‍රයට පහරදී අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ මහජන සාමය කළමනාකරණ කොට්ඨාශයට අනුයුක්තව පොලිස් සැරයන් වරයෙකි.

සැකකාර සැරයන් ඉකුත් (9) දින රාත්‍රියේ බීමතින් කොළඹ  තිබිරිගස්යාය  ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීමට යාමේදී කාඩ් පත  සිරවී ඇති,අතර මුදල් ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙන් ඔහු ඒ ටි ම් යන්ත්‍රයට පහරදී අලාභ හානි සිදු කර ඇත. 

සම්බන්ධයෙන් නාරහෙන්පිට පොලිසියට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා සැකකාර සැරයන් අත්අඩංගුවට ගෙන ඇත. 

මහජන සාමය කළමනාකරණ කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා ඊයේ  (12) සිට සැකකාර සැරයන්ගේ වැඩ තහනම් කර ඇත.

 

 



අදහස් (4)

ඒ.ටී.එම් යන්ත්‍රයට පහර දුන් සැරයන්ගේ වැඩ තහනම්

Pradeep Wednesday, 13 November 2024 04:02 PM

අනුන්ගේ කාඩ්පතක් අරගෙන හොරකමේ ගිහිල්ලා කරගත් දෙයක් වෙන්නත් පුළුවන්... කොහොම වුණත් තමන්ගේ කාඩ්පතේ අංකය වරදින්න බැහැ...

:       1       4

මංජුල Wednesday, 13 November 2024 04:56 PM

ඔහුගෙ බීම කාඩ්පත සිරවීමට හේතුවක්ද, දඬුවම සැර වැඩි නැද්ද?

:       9       5

Premasiri Thursday, 14 November 2024 08:24 AM

මහජන සාමය කොට්ඨාශයේ සාජන් කෙනෙක් වුනාම සංවරයක් තියෙන්න ඕන රටේ සාමය රකින්න සිටින නිලධාරී ජනතා ප්‍රයෝජනයට තියෙන සම්පත් විනාස කිරීම වැටත් නියරත් ගොයම් කනවා වගේනෙ එනිසා වැඩ තහනම් කරල මදි සේවයෙන් පහකිරීමට කටයුතු කරන්න ඕන

:       0       0

සදුන් මාරසිංහ Thursday, 14 November 2024 09:03 AM

මහජන සාමය ආරක්ෂා කිරීමේ මණ්ඩලය අනුයුක්ත කර තෝරගෙන තියෙන්නෙ විශිෂ්ට පොලිස් නිලධාරියෙක් ඔහුව රස්සාවෙන් පහ නො කර ඔහුට පදක්කමක් පිළිගැන්විය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රටවිරු වාහන පර්මිට් 1000ක් පිල්ලි ගිහින්
2024 නොවැම්බර් මස 22 772 0

විදෙස් ගත ශ්‍රමිකයන්ට (රට විරුවන්ට) විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත කර ඇතැයි ජාතික විගණන ක


නීතීපතිවරයාගේ ස්ථාවරය පිළිබඳ වැලිසර මහෙස්ත්‍රාත් විමතිය පළ කරයි
2024 නොවැම්බර් මස 22 958 0

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධනය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී වෙඩි තබ


චීනයේ කර්මාන්ත ශාලාවක රොබෝ කැරැල්ලක්
2024 නොවැම්බර් මස 22 1917 0

චීනයේ ෂැන්හායි නගරයේ ප්‍රදර්ශනාගාරයක සේවය කළ රොබෝ යන්ත්‍රවලට වෘත්තීය සමිති නායකයකු වූ කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු එර්බායි නැමැති කුඩා රෝබෝ යන්ත්‍


ලොව උසම කත සහ මිටිම කත හමු වී
2024 නොවැම්බර් මස 22 1465 0

මෙම වසරේ ගිනස් ලෝක වාර්තා දිනය සැමරීම සඳහා ලොව උසම කාන්තාව සහ ලොව මිටිම කාන්තාව ලන්ඩනයේ සැවෝයි හෝටලයේදී පසුගියදා තේ පැන් සංග්‍රහයක් සඳහා මුණ ගැසුණාය.


ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ UN කොමිසමේ අසුනක් ලංකාවටත්
2024 නොවැම්බර් මස 22 328 0

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට පසුගියද 20 වැනිදා තෝරා පත්කර ගන්නා ලද සාමාජිකයන් 31 දෙනා අතරට ශ්


තායිලන්තයට රැගෙන ගිය මුතූගේ දළ කපන්න යයි
2024 නොවැම්බර් මස 22 2615 0

ශ්‍රී ලංකාවේ සිට තායිලන්තයට රැගෙන ගිය මුතුරාජාගේ ඇත් දළ කැපීමට එරට ලම්පාන්ග් පළාතේ තායි අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ පශු වෛද්‍යවරු යෝජනා කර ඇතැයි තායිලන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 483 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 708 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1983 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site