IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘ඒ දෙදෙනා දක්ෂයෝ‘

හිටපු අබාධිත හමුදා සාමාජිකයකුට කහටගස්දිගිලියේ දි  පහර දෙන අයුරු දැක්වෙන  වීඩියෝව සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බව උතුරු  මැද හා වයඹ පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවරුධන මහතා කියයි.

ඔහු එසේ කියනුයේ පොලිස් අණ නොතකා යතුරු පැදියක් ධාවනය කළ ආබාධිත යතුරු පැදිකරුවකුට  පොලිස් සැරයන්වරයකු හා කොස්තාපල්වරයකු කහටගස්දිගිලිය නගරයේ දී  ප්‍රසිද්ධියේ පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝව අන්තර්ජාලයේ හා යූ ටියුබ් මගින් ලොව පුරා ප්‍රචාරය වීම සම්බන්ධයෙනි

එම පොලිස් සාමාජිකයන් දෙදෙනා දක්ෂයන් බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කියයි.

යුද්ධයේදී පාදයක් අහිමි වු හමුදා සෙබල බේත්කෑවේ පදිංචි ජේ.කරුණාරත්න පවසනුයේ යතුරුපැදිය නතර කරන ලෙස අණ කළත් බොරු කකුලක් පැළඳ සිටි නිසා එකවර නතර කරගත නොහැකි නිසා මඳ දුරක් ගොස් යතුරු පැදිය නතර කර ගත්තා.  පසු පසින් ආ පොලිසියේ මහත්වරු දෙදෙනා කොලරයෙන් අල්ලා මට පහරදුන්නා.

 



අදහස් (0)

‘ඒ දෙදෙනා දක්ෂයෝ‘

ප්‍රියන්ත Friday, 25 September 2015 06:06 AM

මාර නීතියක්නේ එක,යහපාලනයේ පොලිසිය හොදේ, (අ)

:       0       0

පෙරේරා Thursday, 24 September 2015 05:05 PM

පොලිස් සාමාජිකයන් දෙදෙනා මිනිසුන්ට ගහන්න දක්ෂයන් බව නම් හොඳට පේනවා. පොලිසියට නීතියක් විනයක් නැද්ද? (නි)

:       0       0

සංජීව Thursday, 24 September 2015 05:09 PM

දෙන්නගේ දක්ෂකම ලෝකයම දැක්කා. ප්‍රසිද්ධියේ මෙහෙම පහර දෙනවා නම්, පොලිසියට ගියාම කොහොම සළකාවිද? රාළහාමිලා දෙන්නට සුබ අනාගතයක්! (නි)

:       0       0

නාත් Thursday, 24 September 2015 05:15 PM

යහපාල උන්නැහේ, අපි දන්නවා මහින්ද මහත්තයාගේ කාලේ පොලීසියේ විනය. (නි)

:       0       0

සෑම් Friday, 25 September 2015 06:30 AM

විනය නැති දක්ෂයෝ මේක කියපු පොලිස් ලොක්ක මොන දක්ෂයෙක් වෙන්න ඕනද (ම)

:       0       0

දිනේෂ් Thursday, 24 September 2015 05:18 PM

කකුලකුත් නැතුව බයිසිකල් පැදලා පාරේ යන අහිංසක ළමයෙක් එහෙම හප්පලා මැරුවා නම් කවුද වගකියන්නේ. (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Friday, 25 September 2015 06:34 AM

නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ නිර්දේශය හරිනේ.දක්ෂයෝ දෙන්නෙක්. (බ)

:       0       0

ධනුක Thursday, 24 September 2015 05:29 PM

රට වෙනුවෙන් ජීවිතය පවා පරදුවට තෑබු අයෙකුට සළකන හැටිද මේ? (නි)

:       0       0

ඉන්දික ගාලේවත්ත Thursday, 24 September 2015 05:35 PM

මිනිස්කම අමතක වෙනවා අපේ අයට හරි ඉක්මණට (නි)

:       0       0

සාගර Thursday, 24 September 2015 05:48 PM

අපි නොදන්න පොලිසිය! (නි)

:       0       0

ලෙස්ලි Friday, 25 September 2015 07:07 AM

බැරි මිනිහෙකුට උඩපැන පැන පහර දුන්නට මම වගේ එකෙකුට ගහන්න ආවනම් දෙන්නටම දුවන්න දෙනවා (ම)

:       0       0

ගෞරියෙල් Thursday, 24 September 2015 06:47 PM

හදිසියට නතර කරන්න බැරි යතුරුපැදිය පාර මාරුවෙන පොඩි ළමයෙක් යටකරගෙන ගියා නම් ඒත් බනින්නේ පොලිසියට (නි)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Friday, 25 September 2015 07:35 AM

අනේද කියන්නේ අපේ පොලියේ ය වහනය නතර කරන්න කියන්නේ අන්තීම මොහොතේ. අත දානේ එයාල අත දාන විදිහට නතර කළොත් අපි ඉවරයි.ඒවා ගැන කතා කරන වැඩක් නැ. කවුරු කොහොම කීවත් ලංකාවේ පොලිසිය ගැන කිසිම පැහැදීමක් නැ ජනතාවට එක එයාල කවුද කියන්න මුළු ලෝකෙම දන්නවා. පිටරට අයත් දන්නවා . කැමතිනම් මේ දේ පල කරන්න .පොඩි කතාවක් මමම ඇසින් දුටු.නිවාඩුවට අපු වෙලාවක රාත්‍රියේ ආප්ප කන්න ගියා රාත්‍රී ආප්ප කඩේකට .එහිදී සිවිල් ඇදුමින් සිටි හතර දෙනක් (බීල හිටියෙත්)ආප්ප කන්න ඇවිල්ල හිටියා ආප්ප ඇනවුමක් දුන්න (බිත්තර ආප්ප වල ගෙවන්න කියල ආප්ප කොලුවා කීවා.සමහර අය අනවුම දීල අරගෙන සේරම කන්නේ නෑලු .තව කෙනෙකුට දෙන්නත් බෑනේ .එක නිසා ආප්ප සාලි දීල ගන්න ඕනි. මුදලාලි කියල තියෙන්නේ නැත්නම් අර අහිංසක කොලුවාගෙන් පඩියෙන් කපනවා .මෙයාල චන්ඩි කමෙන් ආප්ප කාල ඉතුරු ඒවාට සල්ලි නොදී යන්න ගියා කොලුවා ටිකක් රණ්ඩු කළා. මත්තයාල පොසියේ වුණාට මෙහෙම කරන්න එපා මට තමයි ගෙවන්න වෙන්නේ කියලා.වරදක් වුණේ නැ.එත් මෙයාල එවෙලේ අනික් අයට පෙන්නේ ගිහිල්ල ආයේ අවා පොලිසියේ වාහනයකින්. මමම හිතන්නේ ස්ථානාධිපති එක්ක වෙන්න ඕනි. ඇවිල්ල කොයි එක්කද උබලට පාර්ට් දැම්මේ කියලා අනේ අර අහිංසක කෙසඟ කොල්ලට හොදටම ගහලා නහයෙන් කටින් ලේ දාන්න මුදලාලිටත් ගහල කෙසෙල් ගෙඩි කකා කොල්ලව ජීප් එකට දාගත්තා.මට ඉන්න බැරි කමට මම නැගිට්ටා එත් යාළුවා කීව නිකන් ඉදපන් උබේ පාඩුවේ කියලා.උබ පිට රට යන්න ඉන්න එකා කියලා. අනේ ලංකාවේ නීතියට ජනතාවට දෙවියන්ගේ පිහිටයි (අ)

:       0       0

ජනක මනතුංග Friday, 25 September 2015 07:36 AM

අට පස් එවුන් පොලිසියට ගත්ත හම වෙනදේ. (අ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Friday, 25 September 2015 07:46 AM

නියෝජ්‍ය පොලිස්පති වරයා නිකරුනේ දක්ෂයන්ව මෙතරම් කාලයක් උසස් වීම් වලට යොමු කළේ නැත්තේ ඇයි? දක්ෂ කම කියන්නේ යුද පෙරමුණට ගොස් සටන් කළ ආබාධිතයෙකුට පහර දෙන එකද? (බ)

:       0       0

මාගලී Thursday, 24 September 2015 06:57 PM

පිවිතුරු යහපාල කියන බොරු නමක් දාගෙන ඉන්න කෙනාට පුදුම උණක් තියෙන්නේ (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Thursday, 24 September 2015 07:37 PM

නිලධාරීන් දක්ෂ බව ඇත්ත. නමුත් පහරදීම ගැන ඔබතුමා දක්වන අදහසට එකඟවිය නොහැක. පොලිසිය ගැන ජනතා ප්‍රසාදය ලැබෙන මෙකල මෙයින් නැවත පොලිසිය ජනතා උදහසට නතුවීම වැළැක්විය නොහැක (නි)

:       0       0

චූලා Thursday, 24 September 2015 08:08 PM

දක්ෂයෝ වුණත් නුනත් පොලිසියේ ආචාරධර්ම පද්ධතිය පිළිපැදීම අනිවාර්යයි (නි)

:       0       0

හේවාවිතාරණ Thursday, 24 September 2015 08:50 PM

එදා ඒ ආබාධිත සෙබළා නොහිටින්න මේ කතාකරන ඔබ අපි අද ජීවතුන් අතර නොහිටින්න පුළුවන් නේද? (නි)

:       0       0

කණිෂ්ක Thursday, 24 September 2015 08:55 PM

ඒ දෙන්නා දක්ෂයින්ද? (නි)

:       0       0

ගමගේ Thursday, 24 September 2015 09:02 PM

වැරදි නම් අල්ලාගෙන පොලිසියට ගෙනයනවා මිස එහෙම ගහපු එක නම් බොහොම වැරදියි (නි)

:       0       0

ගාමිණි Friday, 25 September 2015 08:06 AM

මේ ක්‍රියාව හොද නෑ.වහාම මේ සම්බන්ධයෙන් පියවර ගන්න.(හේ)

:       0       0

විපුල Friday, 25 September 2015 08:19 AM

කෙනෙකුට මේ ආකාරයෙන් පහරදීම වැරදි . (හේ)

:       0       0

ඩෙන්සිල් Thursday, 24 September 2015 10:16 PM

දක්ෂයි කියලා කියන තරමින්ම ශ්‍රී ලංකා පොලිසිය ගැන හිතාගන්න පුළුවන්. (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 24 September 2015 10:48 PM

දක්ෂයින් නම් උසස්වීමක් දෙන්න. හැබැයි මිනිසුන්ට ගහන්න දෙන්න බැහැ. මිනිහා වැරැද්දක් කළා නම් නඩු දමන්න. අපි වරදකදී තව කෙනෙකුට ගැසුවා නම් මෙම නිලධාරීන්ම නීතිය අතට ගත්ත කියා අපිට විරුද්ධව නඩු දානවා. එහෙනම් මෙතන මොකද වෙන්නේ? තව මිනිහෙකුට ගහන්න ඔබට කිසිම අයිතියක් නැත. අපේ සහ දකුණු ආසියා රටවල පොලීසි මෙහෙම වුණාට ලෝකේ අනික් රටවල පොලීසි වලට සංවරයක් තිබෙනවා (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 24 September 2015 10:55 PM

ලැජ්ජා නැද්ද ආබාධිතයෙකුට ගහන්න? නීති සංවිධානයකින් මීට විරුද්ධව නීති මඟින් කටයුතු කරනවා නම් හොඳයි. (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 24 September 2015 11:01 PM

අපි කතා කරන්නේ යතුරුපැදියක් පැද්දේ මොකද කියලා විතරක් නොවෙයි. වැරදිකාරයෙකුට වුණත් බිමදාගෙන ගැහුවේ මොකද කියලා. මිනිහෙකුට ගහන්න කවුද අවසර දීලා තිබෙන්නේ? එහෙනම් අපිටත් ගහන එකාට ගහන්න නීතියෙන් අවසර තිබෙනවා, ආත්ම ආරක්ෂාවට. (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 24 September 2015 11:03 PM

හදිසියේ නවතාගන්න බැරි නම් ඒ වගේ යතුරුපැදියක් පැද්දේ මොකද? ආබාධිතයින් සඳහා සුදුසු වාහන තියනවා. (නි)

:       0       0

සිසිර Friday, 25 September 2015 08:53 AM

දක්ෂයන් බව දුටුවා (අ)

:       0       0

රාධා Friday, 25 September 2015 12:10 AM

යතුරුපැදිය පැදීම වැරදියි. නොනැවැත්වූ එකත් වැරදියි.හැබැයි ගහපු එකත් වැරදියි. (නි)

:       0       0

චාමික Friday, 25 September 2015 12:13 AM

මානව හිමිකම් සහ මනුස්සකම් නොතකා මාර්ග නීති කඩකිරීමේ වරදට ආබාධිතයෙකුට බිමදාගෙන පහරදෙන එක හරිද? (නි)

:       0       0

සත්‍යයා Friday, 25 September 2015 12:20 AM

ගහපු දෙන්නා දක්ෂයි කීමෙන් මොනවා අදහස් කළත් අපිට නම් හැඟෙන්නේ වෙනත් දෙයක්. වර්තමාන පොලිස් ආකල්ප සමඟ මොවුන්ගේ හැසිරීම නම් හොඳින්ම ගැළපෙනවා. (නි)

:       0       0

භාතිය Friday, 25 September 2015 12:27 AM

පොලිසිය එම සේවයට සහ රටට ඇතිකළේ කළු පැල්ලමක්.මෙතන අනෙක් බරපතල ගැටලුව මට පෙනෙන්නේ පාදයක් අහිමි පුද්ගලයෙක් රෝද දෙකක යතුරුපැදියක් පැද යාමේදී අනෙක් රියදුරන් හා මඟීන් මුහුණදෙන අනතුරුදායක තත්වය. (නි)

:       0       0

ලුම්බිණි Friday, 25 September 2015 12:32 AM

මොනතරම් දක්ෂ වුණත් වැරදි වැඩේට දඬුවම් තිබිය යුතුයි. (නි)

:       0       0

දිනේෂ් Friday, 25 September 2015 09:21 AM

රෝහණ කුමාර් මෙන්ඩිස්ගේ කතාව නීතිය සහ සාමය ඇමතිතුමාට යොමු කරන්න කෙනෙක් නැද්ද. ඇහෙනකොටත් හිරිකිතයි. (බ)

:       0       0

දිනේෂ් Friday, 25 September 2015 09:23 AM

යොහාන්, පොලිසියේ වැරැද්ද තියෙන්නේ වෙන කොතනකවත් නෙවෙයි. මිනිසුන්ට පහර දීමේ විලාසයටයි. නීති පොතේ තියෙනවාද අල්ලගත්ත ගමන් ගහන්න කියලා. ආත්මාරක්ෂාවට ගහපු බවක් මෙයින් පෙනෙන්නෙත් නැහැ. (බ)

:       0       0

රංග Friday, 25 September 2015 12:42 AM

දක්ෂයන් කියන්නේ මොන පදනමින්ද? පොලිස් දෙපාර්තමේන්තුවේ ගෞරවය රැකගැනීමට "දක්ෂයින්" නියම ලෙස හඳුනාගැනීම ඉතා වැදගත් (නි)

:       0       0

දිසානායක Friday, 25 September 2015 12:46 AM

කොච්චර හොඳ, දක්ෂ පොලිස් නිලධාරියෙක් වුණත් මෙහෙම ගහන්න බැහැ. (නි)

:       0       0

සිරා Saturday, 26 September 2015 05:58 AM

ඒ දෙන්නා අති දක්ෂයි අසරණයන්ට පහර දෙන්න. (අ)

:       0       0

ද සිල්වා බෙර්ලින් Friday, 25 September 2015 12:57 AM

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතුමා කර ඇති මෙම විග්‍රහයට මට නම් එකඟ වෙන්න අමාරුයි (නි)

:       0       0

කල්ප Friday, 25 September 2015 01:03 AM

මට හිතෙන දේ මෙතන ලියන්න බැහැ (නි)

:       0       0

ටෙෂාන් Friday, 25 September 2015 01:17 AM

මොනවා? දක්ෂයින්? මේ මොනවද කියන්නේ? (නි)

:       0       0

ඉමේෂ් Friday, 25 September 2015 01:23 AM

රට බේරාගත් රණවිරුවෙක් නේද මේ? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 25 September 2015 01:26 AM

මහින්ද මහත්තයාගේ කාලය මතක නැති සමහරු මැරිලා ඉපදිලා වගේ කතා කරනවා. (නි)

:       0       0

ජයන්ත Friday, 25 September 2015 01:38 AM

මෙතන තියෙන ප්‍රශ්නය මේකයි. පොලීසියේ කාර්ය මොකක්ද කියලා කවුරුත් දන්නේ නැහැ. (නි)

:       0       0

බන්දුල Friday, 25 September 2015 02:04 AM

මේ යතුරුපැදියෙන් ගිහින් වෙන අනතුරක් වුණා නම් අද මේ කතා මෙහෙම කතාකරයිද? (නි)

:       0       0

හිරාන් Friday, 25 September 2015 02:07 AM

රට බේරාගත් රණවිරුවන්ගේ අනාගතය කෙබඳුවේද? (නි)

:       0       0

නිමල් Friday, 25 September 2015 02:07 AM

ලොවට මානව හිමිකම් පුරාජේරු කියවන සමයක මේවා මානව හිමිකම් නොවේද? (නි)

:       0       0

ටෙෂාන් Friday, 25 September 2015 02:09 AM

මේ කතා අහනකොට අපිට හිතෙන දේ මෙතන ලියන්න බැහැ (නි)

:       0       0

රෝහණ Friday, 25 September 2015 02:11 AM

ආබාධිත වුණත් දුබල වුණත් හමුදාවේ හිටියත් අයථා විදියට හැසිරෙන්න බැහැ.නිල ඇඳුමක් ඇන්දා කියලා වැරදි විදියට හැසිරෙන්න බැහැ.අපි හමුදාවේ විනය ආරක්ෂා කළයුතුයි (නි)

:       0       0

රොෂාන් Friday, 25 September 2015 02:27 AM

මේ වගේ අයටද දක්ෂයෝ කියන්නේ? (නි)

:       0       0

යොහාන් Friday, 25 September 2015 02:41 AM

පොලිසිය ගැන එක එක්කෙනා මොන දේ කිවුවත් මට නම් මේ පොලිස් නිලධාරීන්ගේ වරදක් පෙනෙන්නේ නැහැ (නි)

:       0       0

සෙනරත් Friday, 25 September 2015 02:45 AM

අපි ඒ ආබාධිතයාගේ පැත්තෙනුත් සිතන්න ඕනෑ නේද? (නි)

:       0       0

සකුන්තලා Friday, 25 September 2015 02:45 AM

කෝ මේ මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් ගැන කතාකරන සිවිල් සංවිධාන? (නි)

:       0       0

ගයාන් Friday, 25 September 2015 02:50 AM

ප්‍රථමයෙන් රථවාහන පොලිසිය විසින් රථවාහන නැවතීමේදී නිවැරදි ලෙස රථවාහන නැවතීමට කටයුතු කළයුතුය.මන්ද ඔවුන් මාර්ගය දෙපස කොහේ හෝ සැගවී සිට බසයකට මඟීන් අතදමන අයුරින් රථවාහන නැවතීමට පියවර ගනී.මාගේ අදහස අනුව ප්‍රථමයෙන් පොලිස් නිලධාරීන් නිවැරදි අයුරින් රථවාහන නැවතීම, රියදුරන්ට ගෞරව කිරීම, නීතිගරුක සදාචාර සම්පන්න ලෙස රාජකාරිය සිදුකිරීමට කටයුතු කිරීමට උපදෙස් දියයුතුය (නි)

:       0       0

බන්දු Friday, 25 September 2015 03:10 AM

මහ පාරේ දමාගෙන කරන පහරදීම නම් අනුමත කරන්න බැහැ. පාරේ මෙහෙම නම් අරගෙන ගියානම් සැළකිලි කොහාමට හිටියිද? වරදක් කළා නම් දඬුවම වරදේ ස්වභාවයට සාධාරණ වියයුතුයි (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Friday, 25 September 2015 03:18 AM

පොලිස් පුහුණුවීම් වලදී උගන්වන පළමුවෙනි පාඩමද දන්නේ නැහැ මිනිසුන්ට තඩි බාන එක. (ම)

:       0       0

ජුනියස් Friday, 25 September 2015 03:29 AM

කිසිම හේතුවක් නිසා පොලිසිය මිනිස්සුන්ට ගහන්න කිසිම අයිතියක් නැහැ. වැරැද්දක් කළා නම් දඩ ගහන්න හරි නඩු දන්නා හරි ඕනේ.(ම)

:       0       0

සිරි Friday, 25 September 2015 04:03 AM

ආබාධිත අයගේ රියදුරු බලපත් නැවත පරීක්ෂණයක් කර අලුතින් නිකුත් කළ යුතුය.(ම)

:       0       0

සිරි Friday, 25 September 2015 04:04 AM

ආබාධිත අයගේ රියදුරු බලපත් නැවත පරීක්ෂණයක් කර අලුතින් නිකුත් කළ යුතුය.(ම)

:       0       0

පිටිගල Friday, 25 September 2015 04:06 AM

මේ ප්‍රකාශය කළ නියෝජ්‍ය පොලිස් පති වරයාත් ඒ වගේම දක්ෂයෙක්. (ම)

:       0       0

බුද්ද්දී Friday, 25 September 2015 04:11 AM

අවම බලය ආබාධිත අයගේ බොරු කකුල් ගලවා මහමඟ පහරදීමද ? (ම)

:       0       0

ශානක Friday, 25 September 2015 04:16 AM

ශ්‍රී ලංකා පොලිසිය ගැන කවර කතාද, බොරු යහපලනය. නීතිය තිබ්බත් වැඩ පහළට වැටිල තියෙන්නේ දැන්

:       0       0

බණ්ඩාර Friday, 25 September 2015 04:20 AM

රථ වාහන් පොලිසියේ තරම බදාදා හවසට මීරිගම සිට ගිරිඋල්ලට යන්න ගියා නම් තේරෙනවා . ලෝලුවාගොඩ සිට ගිරිඋල්ලටම වාහන පෝලිම පැයකට වඩා යනවා ඔය කි. මි 5 -6 යන්න . (අ)

:       0       0

ඩී.උපුල් Thursday, 24 September 2015 02:45 PM

හදිසියේ නවත්ත ගන්න බැරිනම් ඒ වගේ යතුරු පැදියක් පැද්දේ මොකද? ආබාධිතයින් සඳහා සුදුසු වාහන තියනවා. කොහොමත් පහර දීපු එක නම් වැරදියි. (බ)

:       0       0

කුෂාන් Friday, 25 September 2015 04:27 AM

දක්ෂ නිලදාරී දෙන්නෙක් බව පේනවා.(ම)

:       0       0

දයා නන්දසිරි Thursday, 24 September 2015 02:55 PM

වැඩේ වැරදියි (බ)

:       0       0

ධම්මික Thursday, 24 September 2015 03:03 PM

දක්ෂයින් කියල නම් පේනවා හොඳට. ලංකාවේ උසාවියක් කියල දෙයක් තියෙන්නේ මොකටද එතකොට. වැරැද්දක් කළානම් නඩු දාන්න සත්තු වගේ මහ පාර මැද්දේ හැසිරෙන්නැතිව. (බ)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 24 September 2015 03:10 PM

මහින්ද මහත්තයාගේ කාලේ පොලීසිය හික්මීමක් සහිතව හිටිය මේ ආණ්ඩුව පොලිසියව යමයන් කරලා (බ)

:       0       0

රූපවතී Thursday, 24 September 2015 03:18 PM

ඒ දෙදෙනා දක්ෂයින් වග අපි හොදට දැක්කා ඒ අාබාධිත පුද්ගලයාට තඩිබාපු හැටියෙන්....ඔය පොලිසියේ දෙන්නව ගෙදර යවන්න යුනිෆෝමිඑක ගලවගෙන....ඒ සෙබලට කළ අපහාසෙට එකාගෙන් ලක්ෂ දෙකහමාර බැගින් වන්දි ගෙවන ලෙසත් වන්දි නොගෙවන්නේනමි වසර 5 බැගින් හිරේට අනිවාර්ය දඩුවමක් නියම කළා නම්.. අනාගත පොලිස් කාරය බුදධිමත්ව වැඩකරන්න මේ දඩුවම පාඩමක් කරගන්නවා..අනිවාර්යයි. රටේ නිතියක් නැති එකතමයි පළවෙනිම දුර්වලකම. (බ)

:       0       0

මහින්ද Friday, 25 September 2015 04:45 AM

සාමාන්‍යයෙන් හමුදාවේ අයට පොලිසි එක්ක ගහ ගන්න පොඩි උණක් තියෙනවා. ඒ අනුව මෙයා අණ නොතකා යන්න හදන්න ඇති. කොහොමත් අබාධිත නම් නඩුවක් දාන්නම වෙනවා. පොලිසියේ අයට මෙහෙම කරන්න බෑ. ඒ දෙන්නට විනය ක්‍රියාමාර්ගයක් ගන්නම වෙනවා . (අ)

:       0       0

සංජය Thursday, 24 September 2015 03:27 PM

එක්කෝ බොරු, නැත්නම් හදිසියේ බ්‍රේක් ගහන්නත් බෑ (බ)

:       0       0

දහම් Thursday, 24 September 2015 03:34 PM

හරිම කැතයි ඒ පහර දීම. ඔහුගේ ආබාධිත බව සලකන්නටවත් මේ පොලිස් නිලධාරීන් දෙදෙනාටම මානුෂීය හදවතක් නැති බව හොඳට පෙනෙනවා. (බ)

:       0       0

අමල Friday, 25 September 2015 04:57 AM

ගයාන් මහතා. ඔබ නිවැරදි. වාහනයක් නවත්වද්දී නියමිත නීතියට නැවැත්විය යුතුයි. එක ලංකාවේ නිලධාරීන්ටට උගන්වන්න ඕන. ඒ වගේම පහසුකම් දෙන්නත් ඕන. මේ නිලදාරීන් අපෙන් පඩි ගන්නේ. ඒ වුණාට ඉන්නේ එයලා හැදෙන් බැහැපු ගානට.(අ)

:       0       0

පීටර් Friday, 25 September 2015 04:57 AM

කාටවත් ගහන්න පොලිසියට අයිතියක් නෑ

:       0       0

පාර්තිපන් Thursday, 24 September 2015 04:01 PM

අිත් දක්ෂයෝ තමයි රාළහාමි ආබාධිත හමුදා සෙබළකුට ගැහැව්වට කමක් නැද්ද එතකොට ඔයා වීඩියෝ බලනවද (බ)

:       0       0

සෙනරත් Thursday, 24 September 2015 04:12 PM

අති දක්ෂයන් බව පේනවා වරදක් කරනම් නීතියෙන් දඬුවම් කරන්න ඕන (බ)

:       0       0

ලංකා Friday, 25 September 2015 05:18 AM

ඒ දෙදෙනා දක්ෂයෝ ද යක්ෂයෝද? (බ)

:       0       0

කසුන් Friday, 25 September 2015 05:32 AM

පොලිස් ප්‍රකාශවරයා මොනාද කියන්නේ (බ)

:       0       0

ස්මිත් Friday, 25 September 2015 05:35 AM

දෙන්නගේ දක්ෂකම පේනවා වීඩියෝ එක බැලුවම. මේවගේ නරියන්ව ගහල එලවන්න ඕනි පොලිසියෙන්. (බ)

:       0       0

ප්‍රබාත් රණසිංහ Friday, 25 September 2015 05:40 AM

නියමයි.පට්ට පොලිස් කාරයෝ දෙන්නෙක් එල එල. (අ)

:       0       0

ගයන්ත Thursday, 24 September 2015 04:50 PM

දක්ෂයින් යනු මෙවැන්නන්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 839 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 749 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 157 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 1020 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 203 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1209 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site