එච්.අයි.වී. ආසාදිතයකුට වුවද අසාධාරණයක් නොවිය යුතු බවත්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 27(2) (ඇ) වගන්තිය යටතේ සෑම ළමයකුටම අධ්‍යාපනය ලැබීමේ මූලික මිනිස් අයිතිවාසිකමක් ඇති බවද අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතා අද (14) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසීය.
අගවිනිසුරු මෙලෙස සඳහන් කළේ තම දරුවා එච්.අයි.වී. ආසාදනය වී ඇතැයි පැතීරි කටකතා හේතුවෙන් පාසලකට ඇතුළත් කර නොගැනීම එරෙහිව හා එමඟින් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි කුලියාපිටිය ප‍්‍රදේශයේ මවක අධ්‍යාපන අමාත්‍යවරයා ,වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා ඇතූළු පිරිසකට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බලමිනි.
මෙම පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන් සහ ඊවා වනසුන්දර යන විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
මෙම ළමයා රජයේ පාසලකට නොගත්තේ මන්දැයි නියෝජ්‍ය සොලිසිටර් ජනාරාල් නෙරීන් පුල්ලේ මහතා අගවිනිසුරුගෙන් ප‍්‍රශ්න කර සිටියේය.
ළමයා මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලයට ඇතුළත් කර ඇති බවත් අධාපන අමාත්‍යාංශය ප‍්‍රමුඛ රජය මැදිහත් වීම මත සියලූ වියහියදම් සිදුවන බවත් ඔහු කීවේය.
පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සේනානි දයාරත්න මහතා කියා සිටියේ දරුවා මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලය ගත් පසුව රජයේ අවධානය යොමු වූ බවයි. එතෙක් කිසිදු රජයේ පාසලකට ළමයා නොගත් බවත් ඕ කීවාය.
කෙසේ නමුත් සිද්ධිය දැනට විසඳී ඇති බැවින් පෙත්සම මඟින් ඉල්ලා සිටි සහනද ලැබී ඇති හෙයින් අදාළ පෙත්සම් විභාගය අවසන් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. එහෙත් යම් ගැටළුවක් ඇති වුවහොත් පෙත්සම්කාරියට මෝසමක් මඟින් කරුණු ඉදිරිපත් කොට යළි නඩුව කැඳවීමට හැකි බවද අධිකරණය දන්වා සිටියේය.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘ඒ දරුවාට පාසල් දොර වැහුවේ ඇයි දැයි අගවිනිසුරු අහයි‘
නිම්මි Monday, 14 March 2016 02:31 PM
වෙන මොකක්ද අගවිනිසුරු තුමනි මේ රටේ මිනිස්සුන්ගේ කුහක කමනේ. දැන් පෙන් නැද්ද මේ රටේ මිනිස්සුන්ව කොටියාගෙන් බේරා ගත්ත නායකයට කරන දේවල්? (බ)
සුමිත් Tuesday, 15 March 2016 02:59 AM
එ්කට ජාතියේ ආඩම්බරකාර තාත්තාගේ දරුවෝ බලන්නකෝ කොච්චර පොහොසත් වෙලාද කියලා. (නි)
චන්දි Tuesday, 15 March 2016 03:01 AM
වයඹ අධ්‍යාපන බලධාරීන් මෙම දරුවාට වන්දි මුදලක් ගෙවිය යුතුයි.දැන් මේ ප්‍රශනය හරිගියා කියලා ළමයාගේ මුලික අයිතීන් කඩවුණ එක හිලවු කරන්න බැහැ. ත්‍රිත්ව විද්‍යාලයට ගන්නවා කිවුවහම තමයි අනෙක් ඔක්කොටම මේ ප්‍රශ්නය ගැන අඩුගානේ අහන්නවත් හිතුනේ. (නි)
නිශාන්ත Tuesday, 15 March 2016 03:11 AM
දරුවාට කළේ අසාධාරණයක්. අපිත් ඒක අනුමත කරන්නේ නැහැ (නි)
චමින්ද Tuesday, 15 March 2016 03:07 AM
දරුවෙකුට ලැබියයුතු මූලික අයිතිවාසිකමක් අධ්‍යාපනය. ඒක ලබානොදීම නම් බොහොම වැරදියි (නි)
ජෙරී බේතම් Tuesday, 15 March 2016 08:54 AM
දුමින්දගේ කතාවට මමත් එකඟයි. (ර)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Tuesday, 15 March 2016 12:19 PM
ජනක, යුද්ධය එයා තනිවම අවසන් කළේ නැහැ. ජනාධිපතිතුමාගේ නියෝගයෙන්, ආරක්ෂක ලේකම්ගේ උපදෙස් මත, විශ්‍රාම නොගන්වා අවැසි සියලුම දේවල් සමඟ යුද හමුදාවේ සහයට නාවික, ගුවන්, පොලිස්, විශේෂ කාර්ය බලකා සහ අලුතින් පිහිටුවාදුන් සිවිල් ආරක්ෂක බලකායේද සහයෝගය මත අවසන් කරන ලද්දක් (නි)
මුණසිංහ Monday, 14 March 2016 03:35 PM
සමාජගත ප්‍රශ්න සහ නීතිය අතර වෙනසක් තියෙන බව තේරෙන්නේ නැත්ද?(අ)
ජගත් Tuesday, 15 March 2016 12:24 PM
එතකොට වයඹ කුලියාපිටියේ අධ්‍යාපන බලධාරීන්, පාසල් බලධාරීන් වැරැද්දක් කළේම නැද්ද...? ඔවුන්ට විනය ක්‍රියාමාර්ග ගන්නවාද ..? පෙත්සම් කෙසේවෙතත් රජය මේ බලධාරීන්ගේ හිතුවක්කාර පිළිවෙත ගැන විනය පියවරක් ගත යුතුමයි. (නි)
කුමාර් (ගල්ෆ්) Monday, 14 March 2016 03:51 PM
මෙ ළමයා ගන්න ඔය පම්පොරිගහන සිංහල බෞද්ධ එකම පාසලක්වත් තිබුනේ නැද්ද ලංකාවේ. අන්තිමට එයාට පිහිට වුණේ කිතුනු පාසලක්. (අ)
චතුරි Monday, 14 March 2016 04:54 PM
නිම්මි කොටියාගෙන් රට බේරාගත්තේ. අපේ රණවිරුවෝ. ඒ අය තමයි සටන් කෙරුවේ ඔය කියන කෙනා කවුද . හසලක රණවිරුවා මරාගෙන මැරුණා ඒ අයට තමයි කියන්නේ. නායකයෝ කියලා සමහරු සිතල කාමර වල ඉදගේන අණදුන්නා (අ)
මුදිතා Tuesday, 15 March 2016 04:55 AM
චන්දි ගේ අදහසට මමත් එකඟ වෙනවා. අධ්‍යාපන බලධාරීන්ට ක්‍රියාත්මක වියයුතු ක්‍රමව්දයක් දෙන්න තිබුණු අවස්ථාව මගහැරීම අනාගත සිසුවෙකුට මෙවැන්නක් නොවීමට ගතහැකිව තිබු මහඟු අවස්ථාව මගහැරීමක්. (බ)
එරික් Tuesday, 15 March 2016 05:05 AM
ජපානයේ මිනිස්සු ආගම් අදහන්නෙ නැති කට්ටිය වැඩියි. ඒත් අනිත් මිනිස්සු ගැන හිතනවා. මීනී මැරැම් අඩුයි. ඒකට ලෝකෙම උතුම් රට පම්පෝරි ගහන අපේ රට? (බ)
ජනක Monday, 14 March 2016 07:32 PM
ඔව් නිම්මි ඔයා හරි. කුහකකම මතකනේ අපිටත්. ඒ නායකයා යුද්ධය අවසන්කළ ජනරාල්ට කරපු දේ.... (නි)
ඉන්ද්‍රා Tuesday, 15 March 2016 06:11 AM
නිම්මිගේ කතාවට මමත් එකඟයි. සරත් ෆොන්සේකා මහත්තයාට කළ හිංසා වලට ඒ කරපු අයට පළදෙන්නම ඕනෑ. එයා නොහිටින්න තාමත් යුද්ධය. (නි)
නිමල් රාජපක්ෂ Monday, 14 March 2016 08:21 PM
කුමාර්, අනේ කෝ ඔය කියන බෞද්ධ සංදර්ශන දාපු බලවේග? ඔය සංවිධාන වල ඉන්න කාටවත් මේ ළමයට වුණ අසාධාරණය පෙනුනේ නැද්ද? මේකද ඔය කියන බෞද්ධකම සහජීවනය? නියම සහජීවනය මොකක්ද කියලා තේරෙනවද දැන්? මේ පාසල තුළ සෑම ජාතියකම ළමුන් සිටිනවා. සහජීවනය අත්දකින්න ඕනෑ නම් යන්න මෙතනට (නි)
දුමින්ද Tuesday, 15 March 2016 06:32 AM
අපේ රටේ මිනිසුන්ට අමතක වීමේ රෝගය හැදිලා නේද (බ)
සුමුදු Monday, 14 March 2016 10:08 PM
නිම්මිත් ඔය රටේ අයගෙම කෙනෙක් කියලා මතක තියාගන්න. (නි)
ඇන්ටන් Monday, 14 March 2016 10:28 PM
ඒත් තමන්ගේ ළමයා අනතුරේ දාන්න කවුද කැමති වෙන්නේ? (නි)
ශ්‍රියානි මංගලිකා Tuesday, 15 March 2016 04:13 PM
මිනිසුන්ට තර්කානුකූලව හිතන්න බැහැ. භීතිකාවක් තිබෙනවා (නි)
ඉමේෂ් Tuesday, 15 March 2016 01:33 AM
අප්පච්චි රට දියුණු කළ තරම පේනවානේ මේ සිදුවෙන දේවල් වලින්ම. (නි)
සුරන් Tuesday, 15 March 2016 02:38 AM
මුලින් මාත් හිතාගෙන හිටියේ ඔය ගමේ මිනිසුන් මෝඩයි කියලා. නමුත් හිතෙනවා ගමේ මිනිසුන්ගේ ලොකු වැරැද්දක් නැහැ කියලා. මේ දරුවාගේ අනාගතය දීප්තිමත් කිරීමට ඔහු ජීවත්වූ පරිසරයෙන් වෙන්කර පුනරුප්තාපනය කළයුතුය. (නි)
මලික් Tuesday, 15 March 2016 02:43 AM
දෙමාපියන්ගේ ගැටළුකාරී තත්ත්ව වලට අහිංසක දරුවන්ගෙන් පළිගන්න එක වැරදියි (නි)
ජුඩ් Tuesday, 15 March 2016 08:00 AM
විනිසුරුතුමනි ඔබතුමා ලොකු ආදර්ශයක් හැමටම (කෞ)