IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘ඒ ප්‍රහාරය මෛත්‍රී - රනිල් යුගයට නොගැලපේ‘ - මංගල

උසස් ජාතික ගණකාධිකාරී ඩිප්ලෝමා පාඨමාලාව උපාධි පාඨමාලවක් ලෙස පිළිගැනීම ඇතුළු ඉල්ලීම් වෙනුවෙන් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණය කළ සිසුනට පහරදීම වත්මන් රජය පසුගිය රජය හා සමාන බවට පෙන්වීමට උත්සාහයක් දැයි සැකයක් මතුවන බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

රාජපක්‍ෂ රෙජිමය සහ සිරිසේන - වික‍්‍රමසිංහ පාලනය අතර කිසිම වෙනසක් නොමැති බවට පෙන්වමින් එම ප්‍රහාරයෙන් පසුගිය මිලේච්ඡ යුගය සාධාරණීය කරන්නට උත්සාහ ගැනීමක් බව පෙන්නුම් කරන්නේ යැයි මංගල සමරවීර මහතා කියයි.

‘ශිෂ්ටසම්පන්න සමාජයක අදහස් ප‍්‍රකාශ කිරීම මෙන්ම, උද්ඝෝසණය කිරීම ද කෙනෙකුගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියකි. එම උද්ඝෝෂකයින් එම අවස්ථාවේදී ප‍්‍රචණ්ඩත්වයට හා කළහකාරී ලෙස හැසිරීමට යොමු වුවත් ඒවා මැඩ පැවැත්වීමේ පිළිගත් ක‍්‍රමවේදයන් තිබේ. නමුත් පුවත්පත්වල සහ සමාජ වෙබ් අඩවිවල ඇති ඡායාරූප අනුව පොලිසිය මෙම උද්ඝෝෂණය පාලනය කිරීමට හා ඔවුන් විසුරුවා හැරීමට කි‍්‍රයා කර ඇත්තේ ඉතාමත් සාහසික අන්දමින් බව මනාව පැහැදිලි වේ.‘

මෙවැනි සාහසික කි‍්‍රයාමාර්ග කිසිසේත්ම මෛතී‍්‍රපාල සිරිසේන - රනිල් වික‍්‍රමසිංහ යුගයට නොගැලපෙන බව අප පුන පුනා කිව යුතු  නොවන බවත් ඔහු කියයි.



අදහස් (0)

‘ඒ ප්‍රහාරය මෛත්‍රී - රනිල් යුගයට නොගැලපේ‘ - මංගල

යසාන් Tuesday, 03 November 2015 07:21 AM

අපිට ඕනෑ ප්‍රශ්න නැතුව ජීවත්වෙන්න (නි)

:       0       0

ඇන්ටන් ප්‍රනාන්දු Tuesday, 03 November 2015 07:27 AM

ආණ්ඩුව මාරුවුණාට පොලිසිය මාරුවුණේ නැහැනේ (බ)

:       0       0

ඉසුරන්දි Tuesday, 03 November 2015 07:41 AM

කිසිම යුගයකට ගැලපෙන්නේ නැති ප්‍රහාර මේවා. ඔබතුමාලත් මෙය ප්‍රහාරයක්සේ පිළිගන්නවානම් තව මොන කතාද? (බ)

:       0       0

ඉන්දික Tuesday, 03 November 2015 07:43 AM

ඇන්ටන්, එතකොට පොලිසිය ගිය ආණ්ඩුව කියන දේවල්ද තාම කරන්නේ? (නි)

:       0       0

සුනිල් Tuesday, 03 November 2015 07:42 AM

එක්කෙනෙක් හරි මේ දේ මෙහෙම පැවසූ එක අපිට සතුටට කරුණක්. (නි)

:       0       0

සුනිල් Tuesday, 03 November 2015 07:46 AM

ඇත්ත තමයි. ඇන්ටන් ප්‍රනාන්දු මහත්තයාගේ කීම හරියටම හරි. (නි)

:       0       0

කෝසල Tuesday, 03 November 2015 07:59 AM

බොහොම හොඳයි මහත්තයෝ. ඔහොම යමුකෝ (නි)

:       0       0

සඳරුවන් Tuesday, 03 November 2015 08:05 AM

අපි කවුරුත් ඔය කාගෙ කාගේත් වැඩ පසුගිය කාලේ දැක්කා (නි)

:       0       0

ගාමිණී Tuesday, 03 November 2015 08:21 AM

රජ කාලේ පොලිස් මහත්වරු. ඔහොම යන්. (ස)

:       0       0

ලන්කාසිරි Tuesday, 03 November 2015 08:53 AM

ආණ්ඩු මාරු වුණාට ආයතන වල වැඩ කරන මිනිස්සු මාරු වුණේ නැහැ. මේවා පිරිසිඳු වෙලා නියම යහෙපාලනය එන්න තව කල් යනවා. නියමාකාර යහපාලනයක් ගෙන එන්න බැරි තරමටම ලංකාව දුෂණය වෙලා. (අ)

:       0       0

රවී Tuesday, 03 November 2015 09:09 AM

ඒ කතාව හරි.(හේ)

:       0       0

ඇස්ලි Tuesday, 03 November 2015 09:12 AM

අලුත් එක්කක් නෙමි ඉල්ලනේ, ඉස්සර තිබ්බ පිළිගැනිම රැකගැනීමට. මේක රජයේ ලංඡනය සහිත හොඳම සහතිකයක් අපේ කාලේ. (ර)

:       0       0

රංචාගොඩ Tuesday, 03 November 2015 12:11 PM

මොහාන් මහත්තයෝ, ඔහෙලා වගේ අයට මේ ආණ්ඩුව මොන වරද කළත් තාමත් ගිය ආණ්ඩුවේ මොකක්හරි අල්ලාගෙන ඒක සාධාරණීකරණය කරන්න පුළුවන් නේද ලැජ්ජා නැතුව? (නි)

:       0       0

දහම් Tuesday, 03 November 2015 05:20 AM

ඉතින් ඇයි වහාම මේ අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නේ නැත්තේ? (නි)

:       0       0

සුරේන් Tuesday, 03 November 2015 05:24 AM

දැන් ඉන්න ජනතාව බුද්ධිමත් මහත්තයෝ (නි)

:       0       0

පුෂ්ප Tuesday, 03 November 2015 05:41 AM

අපේ රටේ දේශපාලනය ගැන ඇතිවන්නේ ඉතා කළකිරීමකි. ඔවුන් කියන දෑ නොකරන මිනිසුන් පිරිසකි. නුගත්කම සහ මෝඩකම සමඟ බලය එක් වූ විට ඕනෑම දෙයක් සිදුවිය හැකිය. (නි)

:       0       0

දිනේෂ් Wednesday, 04 November 2015 03:32 AM

මොකද කියන්නේ මංගල සර්, කුරුඳු පොලුවලින් ගැහුවොත් විතරද ගැලපෙන්නේ. (ම)

:       0       0

රාජා Wednesday, 04 November 2015 03:38 AM

රාජපක්ෂ කාලේ ඔහොම කොල්ලෝ කෙල්ලන්ට පොලිසියෙන් ගැහුව බවක් මට නම් මතක නැහැ (නි)

:       0       0

දිලිප් Tuesday, 03 November 2015 05:40 AM

මම නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)

:       0       0

හේමන්ති Tuesday, 03 November 2015 05:46 AM

ඔබ කවදත් කෙලින් කතා කළ කෙනෙක් හරි දේට හරි කියන්නත් වැරැද්දට වැරදි කියන්නත් පසුබට නුන කෙනෙක් ඔබෙත් අඩුපාඩු තිබුනා. නමුත් ඔබ අනෙක් අයට වැඩිය නීතිගරුක බව අපි දන්නවා. (බ)

:       0       0

ඩයස් Tuesday, 03 November 2015 05:50 AM

යහපාලන ආණ්ඩුවක් රටේ පිහිට වූ ජනතාව යහපාලනය රටේ ස්ථාපිත කරනතෙක් බලාසිටී. ඔබට ලැබුණු බලය ඒ සඳහා යොදන්න. ජනතාව රටේ දියුණුව වෙනුවෙන් රට මෙහෙයවිය යුතුය. (නි)

:       0       0

රකිත් Tuesday, 03 November 2015 05:55 AM

අනේ අපි දන්නෙ නැහැ මහත්තයෝ ඕවා (නි)

:       0       0

සංජය Tuesday, 03 November 2015 05:56 AM

මේ දේවල් මේ වගේ වෙන බව අපි කලින් පුන පුනා කිවුවා. (නි)

:       0       0

වීරතුංග Tuesday, 03 November 2015 05:59 AM

ගැළපීම නොගැළපීම කෙ‍සේවෙතත් දැන් එය සිදුව අවසන්නේ (නි)

:       0       0

අජිත් Tuesday, 03 November 2015 06:20 AM

අපි බලාපොරොත්තු උනේ යහ පාලනය. ඒත් දැන් කියෙන්නේ යස පාලනය. (ස)

:       0       0

වික්‍රම Tuesday, 03 November 2015 06:19 AM

ඉතින් මහත්තයෝ ඔහේගේ ප්‍රකාශේ ගැන අපි පුදුම වෙන්නේ නෑ, මොකද ගිය ආණ්ඩුවේ ඉඳන් හැමදේටම අත උස්සල දැන් වෙන කථා කියන අය තමයි ලොකු පුටුවල ඉන්නෙත්. (ස)

:       0       0

මොහාන් Tuesday, 03 November 2015 06:21 AM

ජනවාරි අට වෙනිදා පෙරලුවේ දූෂිත ගස පමණි. එහි උඩට පෙනෙන්නට තිබු කොටසට වඩා මුදුන් මුල සහ පරිවාර මුල් විශාල බව දැන් පෙනෙනවා.අසාධාරණයෙන් හම්බ කල මුදල් මෙම මුල ආරක්ෂා කිරීමට නිරන්තරයෙන් යෙදවෙනවා.රටේ නිලධාරි පැලැන්තිය එක මුදුන් මුල දේවත්වයෙන් ආරක්ෂා කරනවා. ඒ නිසා පරිපාලනය හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. (ස)

:       0       0

ප්‍රසන්න Tuesday, 03 November 2015 07:03 AM

දැන් එතකොට මොකක්ද ඔබතුමා අපිට කියන්නේ? දැන් බලනකොට මේ ප්‍රශ්නයේත් අවසානයක් නැහැ වගෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4197 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


යටියන්තොට සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 5 0


මැතිවරණ රාජකාරියට ආ කොස්තාපල්ගේ දුරකථනය කොල්ල කාලා
2024 සැප්තැම්බර් මස 22 111 0

මැතිවරණ රාජකාරී සඳහා මරදාන පොලිස් ස්ථානයෙන් කහතුඩුව පොලිස් ස්ථානයට තාවකාලිකව අනුයුක්ත කර සිටි නිලධාරියෙකු අනවසරයෙන් පලා ගොස් පුද්ගලයකුගේ ජංගම දුරක


කලාවැව අනුරට
2024 සැප්තැම්බර් මස 22 263 0

කලාවැව මැතිවරණ කොට්ඨාසයේ ජය අනුර කුමාර දිසානයක මහතා ගත්තේය. අනුරු කුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 52380 කි.


කොළොන්නාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 261 0


දෙවැනි මනාපෙට යයි
2024 සැප්තැම්බර් මස 22 3282 2

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට අදාළව දෙවැනි ගණනය කිරීමකට යෑමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14686 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 240 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site