මොරටුව වේල්ස් කුමර විද්‍යාලයයේ ගුරුවරුන් කිහිප දෙනකුට සහ පාසල් සංවර්ධන සමිතියේ ලේකම්වරයාට එල්ලවීයැයි කියන තර්ජන සම්බන්ධයෙන් මොරටුව පොලිසියට කළ පැමිණිලි ගැන නිසි විභාගයක් කර ගුරුවරනට බියකින් සැකයකින් තොරව රාජකාරි කරගෙන යෑමට අවශ්‍ය පසුබිම සකසා දෙන ලෙස ඉල්ලමින් ලංකා ගුරු සංගමය පොලිස්පතිට ලිඛිතව දැනුම් දුන් බව එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
කළමනාකරන කමිටුව නියෝජනය කර ගුරුවරුන් කිහිප දෙනකුට සහ පාසල් සංවර්ධන සමිතියේ ලේකම්ට එලෙස තර්ජනය කර ඇති බවත්, මේ හේතුව නිසා පාසල් සංවර්ධන සමිතියේ ලේකම් එම තනතුරින් ඉවත් වී ඇති බවත් ස්ටාලින් මහතා සඳහන් කරයි.
පාසල් පරිපාලනයට එරෙහිව සිදුවිය හැකි ක්‍රියාමාර්ග නතර කිරීමට කටයුතු කරන ලෙස ද විදුහල්පතිට, ගුරුවරුනට හා සිසුනට ගැටළුවකින් තොරව පාසල් කටයුතු කර ගැනීමට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන ලෙස ද හෙතම ඉල්ලයි.
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි
පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය
ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඒ පාර ගුරුන්ට තර්ජන?
ෂෙරිෆ් Sunday, 25 August 2013 10:04 PM
දණගහන්න සැරසෙනු....! (නි)
සේරම් Monday, 26 August 2013 12:19 AM
අහෝ රටකට ගිය කලක්! මොනවා කියන්නද මොනවා කරන්නද කියා නොදනී (නි)
උපාලි Monday, 26 August 2013 07:04 AM
සේරම්, ඔබ කියනවා වගේ 'අනේ අපේ රටට ගිය කලක්'. මෙවැනි හැම සිද්ධියකින්ම පෙනෙන්නේ නීතියේ බිඳ වැටීමයි. ඕනෑම කෙනෙකුට ඕනෑම විකාර වැඩක්, තර්ජනයක්, අපරාධයක් කර ඉන් බේරී සිටීම ඉතාම පහසුයි. පොඩි අත්තක් අල්ලගත්තාම ඇති. (නි)
සෙන්සා Monday, 26 August 2013 09:33 AM
කරුණාකර වාර්ථාව සමිපූර්ණයෙන් දමන්න. තර්ජනය කර ඇත්තේ කවිද?මොනවා සමිබන්ධයෙන්ද? පැහැදිලිව ලියන්න. නැතිනමි මෙම වාර්තාවෙ ඇති වටිනාකම මොකක්ද? (නදී)
ප්‍රසන්න Monday, 26 August 2013 10:20 AM
මේක හරිම කරදරයක් .. එක වෙලාවකට විදුහල්පතිට තර්ජන .. දැන් ගුරුවරුන්ට ..... ඔය ආදී ශිෂ්ශයෝ ටික තමයි පාසැල කන්නේ....මේ අයට ඕන කොහොම හරි සල්ලි කීයක් හරි කඩා ගන්න... එන එන එක ඒගොල්ලො එක්ක හිටියොත් හොඳයි. නැත්නම් එයා හොඳ නෑ... කානිවල් එකක් කරන්න තියෙනවානම් ඔය එක ප්‍රශ්නයක් වත් නෑ. (ස)