IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


'ඒ හීනයත් ළඟදීම සැබෑවේවි'

2016-10-16-ent-84

රංගනයට ඇති කැමැත්ත නිසා එහි ගැඹුර සොයා යන අරමුණින් ක්ෂේත‍්‍රයට ඔහු අවතීර්ණ වුවේ කැමරා සහ අලෙවිකරණ අංශයේ එනම් තාක්ෂණික අංශයේ ශිල්පියකු ලෙසය. ඒ ආ ගමනේ දී කාලය විසින් ඔහු චරිතාංග නළුවකු බවට පත්කරන ලදී. එහිදී ලැබෙන චරිතයට උපරිම දක්ෂතාවය මුසුකරන සම්පත් ශ්‍රී රෝෂන් අද වන විට නළුකමට එහා ගිය නිර්මාණකරුවකු ද වෙයි. මේ ඔහු අපට හමු වූ මොහොතකි.

 

සම්පත් කියන්නද? රෝෂන් කියන්නද? ඔබ වඩා කැමති?

2016-10-16-ent-83රෝෂන්

 

රෝෂන් මේ දිනවල ඔබ දැකගත හැකි නිර්මාණ

ආදරය ගින්දරක් (රංගන සහ සඳවතියේ) එය මෑතකදී ඉවර වුණා. මේ දෙකට මෑතකදී දායක වුණේ

 

ඔබ වෘත්තියෙන්?

රංගනය සහ අධ්‍යක්ෂණය

 

එහෙම වෙලත් ඔබ නිතර දකින්න නැහැ?

නාට්‍ය දෙකක් වුණත් එකකට බැඳී සිටියාම කාලය ඉවරයි. බොහොමයකට වඩා මම ආසා කරන චරිත නිර්මාණ එකක් හෝ දෙකක් එක්ක බැඳීම සතුටක්. නැත්නම් ගොඩ බදාගත්තාම කෙටි කාලයක දී විසි වෙලා යාවි. මේ යන රිද්මය එක්ක මගේ ටෙලිනාට්‍යයක් ද නිර්මාණය වෙනවා.

 

මෑතකදී ඔබ කළ නිර්මාණ මොනවද?

මෑතකදී ‘‘සබ්බ සකල මනා’’ නමින් ජාතික රූපවාහිනියේ 7.30 ට එකක් විකාශය වුණා. තව අලූත් එකක් පටන් ගෙන තිබෙන්නෙ.

 

මේ දක්වා කීයක් විතර නාට්‍ය අධ්‍යක්ෂණය කළාද?

මම කළ ඒවා 9 ක් විතර විකාශය වුණා. දැන් තව නිර්මාණයකට ලැහැස්ති වෙනවා.

 

මේ දක්වා කළ නිර්මාණ වෙතින් වඩාත් සාර්ථක වුණේ?

උපුලි ටෙලි නිර්මාණය ජාතික රූපවාහිනියට කළේ. ඊට සම්මාන ද්විත්වයක් පවා ලැබුණා. මම ආසාවෙන් කළ නාට්‍යයක් එය. ඊට අමතරව වහින්න මුතු වැස්සක් (ස්වර්ණවාහිනියේ* ගංගා ශයිනිගේ කතාවකට කළ එකක්. ඒකටත් හරිම ආසයි.

 

මේ විදියට කතා හදන ඒ කියන්නෙ නාට්‍ය නිර්මාණ කරන ඔබ ඔබගෙ ජීවිතයේ කතාව කෙටියෙන් කිව්වොත්?

මුලින්ම ක්ෂේත‍්‍රයට ආ තැන සිට බැලූවාම එක්වර පිපුණ කෙනෙක් නෙවෙයි. මුලින්ම ටැක්ලියර් ත්‍සකප ආයතනයේ කැමරාකරණ - ආලෝකකරණ ශිල්පීයකු ලෙස කටයුතු කළා. පළිපාන මහතා එහිදී මට බොහෝ උදව් කළා. පසුව අධ්‍යක්‍ෂවරු බොහෝ පිරිසක් යටතේ සහාය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළා. ඒ නිසා දැනුමක් වගේම බොහෝ දෙනෙක් හඳුනාගත්තා. ඒ අතරේ රංගන ජීවිතයට ආවේ සංජය විතානගේ මහතාගේ ‘‘නිල් අහස වගේ’’ නාට්‍යයෙන්.

 

සම්පත්ගේ ඉගෙනීමේ දී තිබුණු අරමුණ?

මගේ ගෙදර පසුබිම වුණේ ව්‍යාපාරික අංශයයි. පවුලේ හැමෝම වගේ ඒ නිසා මාත් එහෙම වේවි කියලා හිතුවා. නුවර මගේ ගම. මගේ ගම වූ නුවරදී ආනන්ද පෙරේරා මහතාගේ සංගීත කලායතනයේ (MGP) ඉගෙන ගන්න ලැබුණා. ඒ අභාෂය මාව කලාවට යොමු කළා. එතැන හොඳ මග පෙන්වන තක්සලාවක් වුණත් පසුව ගෙදර අය මගේ ගමනට ආශීර්වාද කළා

 

සම්පත් පෙනුමෙන් ටිකක් අහිංසක නැහැ වගේ?

එහෙමම නැහැ. සමහර කාලවල දී එක් එක් චරිත නිසා රසික බැල්ම වෙනස් වුණා. රවීන්ද්‍ර විජේරත්න මහතා කළ ජීවිතය ලස්සනයි. පන්සිළු චරිතය මගේ රංගන ජීවිතය වෙනස් කළ චරිතයක් වුණා. ඊට පසුව පේ‍්‍රමවන්තයා. දුෂ්ඨයා චරිතය වැඩි වුණාම ඒ මිම්මෙන් මාව මැනීමත් වුණා. නමුත් මම එහෙම නැහැ.

 

එහෙම නම් ඔබ කොහොම කෙනෙක්ද?

ඇත්තටම කිව්වොත් එක්තරා විදියට ජීවිතය අරමුණු කරගෙන ඒවා සාර්ථක කරගන්න හදන එකට උත්සාහ ගන්න කෙනෙක්. මගේ හීනය සැබෑ කරගන්න උත්සාහ ගන්න කෙනෙක්.

 

මොකක්ද රෝෂන්ගෙ හීනය?

මගේ හීනය හොඳම චිත‍්‍රපටයක් ලෝකයට දායක කරවීමයි. විදේශීය අගැයීමට ලක්වන තරමේ විශිෂ්ට වින්දනීය නිර්මාණයක් කිරීම ලොකු හීනයක්. ජාත්‍යන්තරය පිළිගන්නා තරමේ නිර්මාණයක් කිරීම කිව්වොත් හරි.

 

ඒ හීනය දරාගෙන යන ඔබගේ ආදර හීනය ගැන කිව්වොත්?

ආදර හීනයක් තියෙනවා. එය නොබෝ කාලයකින් එයත් ඉටුවේවි කියලා මම හිතනවා. මාපිය x රසික ආදරයත් නොඅඩුව ලැබෙනවා. මගේ ආදරයත් ඉදිරියේ දී සැබෑවේවි.

 

අද ලංකාවේ බිහිවන ටෙලි වගේම සිනමා නිර්මාණ ගැන ඔබගෙ අදහස් මොන වගේද?

මම රංගනයේ දායක වෙන්න ගියාම මම බලාපොරොත්තු වන දේම ලැබෙන්නෙ නැහැ. ජාත්‍යන්තරයේ දකින දේ මුළු ලෝකයම වැළඳ ගන්න බව සැබෑව. නමුත් සිංහල කියන දේ අපට පමණක් තවම උරුමයි. ලෝකයේම රසිකත්වයට තවම අපේ ටෙලි නාට්‍ය හැදෙන්නෙ නැහැ. ජාත්‍යන්තරයෙන් අපි සම්මාන ගෙනාවට, අපි අපේ නිර්මාණයක් චිත‍්‍රපටයක් අඩු කරමින් ඉන්දියාවේ විකාශය වනවා. තිරගත වනවා කියලා අපට අහන්න දකින්න ලැබෙන්නෙ නැහැ. ලොකු වියදමක් දරා කරන නිෂ්පාදන කළ හැකි වන්නෙත් එක් සීමාවක සිට. මේකට ඇත්තටම රාජය අනුග‍්‍රහයක් අත්‍යවශ්‍යයි. නැත්නම් එක් තැන පල්වෙන. අපිම හදලා අපිම ඒවා විකාශය කරගන්න නාලිකාවලට ගිහින් වැඳ වැටිලා කරන කලාවක් තියෙන්නෙ. කලාවෙත් පාර්ලිමේන්තුවට යන කෙනා පත් කරන්නෙත් එක්කෝ වාරි කර්මාන්තයට. ඉතින් ඒකෙන් ඵලක් නැහැ. තවම අපි අපේ කලාවෙන් හරි ඵල නෙලා ගෙන නැහැ. ඒ තැන හදන්නයි අපි හැමෝම උත්සාහ ගන්න ඕනෑ.

 

සඳුන් ගමගේ

 

2016-10-16-ent-85



අදහස් (0)

'ඒ හීනයත් ළඟදීම සැබෑවේවි'

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 38 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 221 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1030 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 163 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2830 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 326 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39676 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25800 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 369 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1221 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site