IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ඒ Interview එකට ගිය 50 වැනියා මමලු..

2016-06-19-ent-199
 

බොහෝ දෙනෙක් ආදරය කරන උදාරි වර්ණකුලසූරිය මේ දිනවල තිරගත වන ආදරණීය කතාවක් චිත්‍රපටයේ පියවි හංසිකා ලෙසින් සිනමා ප්‍රේක්ෂකයින් අතරට එනවා. ඒ ගැනයි මේ ළෙන්ගතු කතාබහ.

 

2016-06-19-ent-197උදාරි කොහොමද ජීවිතේ?

මේ දවස්වල ජීවිතේ ගොඩක් සතුටින් ඉන්නවා. මගේ පුංචි දියණිය ශෙනර්යා උමේලිට අවුරුදු 4ක් වෙනවා මේ මාසෙට. ඉතිං මවක් බිරිඳක් හැටියට ගොඩක් සතුටුයි. රංගන ශිල්පිනියක් හැටියට මේ දායක වූ ආදරණීය කතාවක් චිත්‍රපටයට ප්‍රේක්ෂක ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් ඉන්න කාලයක්.

 

මේ දවස්වල නියැලෙන කලා නිර්මාණ?

ආදරණීය කතාවක් එකට අමරතව සුපුන් රත්නායකගේ මගේ ආදර අවනඩුව නාට්‍යයේ රූපගත කිරිම් කරනවා. ඊට අමතරව සංජය නිර්මාල්ගේ දේදුනු මායා ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් සහ චරිත් අබේසිංහ කරන සිද්දලයා නාට්‍යයේ වැඩ කරනවා. ඒ එක්කම අලුත් චිත්‍රපටයකට මට ආරාධනා ලැබිලා තියෙනවා. ඒක ලංකාවට අලුත් අත්දැකීමක් වේවි. මොකද හැරී පෝටර් වැනි 3D චිත්‍රපටයක් ඒක.

 

ආදරණීය කතාවක් චිත්‍රපටයට ආරාධනා ලැබු‍ණේ කොහොමද?

මට ඒ චිත්‍රපටය ගැන කිව්වේ ඩොනල්ඩ් ජයන්ත් සහය අධක්ෂකවරයා. ඔහු තමා මට කිව්වේ ප්‍රියන්ත කොළඹගේ මහතා එයාගේ අලුත් චිත්‍රපටයට කෙනෙක් හොයනවා කියලා. ඒ වෙද්දී පියවි කියන චරිතයට 49 දෙනෙක්ම Interview කරලා තිබුණා. මං ඊට පස්සෙ තමා හිටියෙ. මට කිව්වා දෙබසක් කියන්න කියලා. එයාගේ හිතේ තියෙන පියවි හංසිකාව එයා දකිනවද බලන්න. ඉතිං මාව තෝරා ගත්තා. පෙර වාසනාවකට මට ඒ චරිතය ලැබුණා.

 

හේමාල් රණසිංහ එක්ක රඟපාන මුල්ම අවස්ථාව. කොහොමද?

ඔහු සමඟ රඟපෑම. හේමාල්ගෙන් ලැබුණු දායකත්වය ඉතා විශිෂ්ටයි. ප්‍රධාන නළුවා හැටියට ඔහු ලොකු සහයෝගයක් ලබා දුන්නා. මාස තුනක කාලයක් රූගත කිරීම් කළා. දවසකට අපි එකක් හෝ දෙකක් වගේ රූගත කළේ. අපේ කණ්ඩායම ඉතාම කැපවීමක් කළා මේ නිර්මාණයේදී මම හිතනවා මගේ අවුරුදු 10ක කලා ජීවිතය තුළ මම රඟපාපු හොඳම රංගනය මේ චිත්‍රපටය තුළින් ප්‍රේක්ෂකයින්ට දකින්නට පුළුවන් කියලා. අපි කරපු කැපවීම්වල ප්‍රතිඵලයක් තියෙනවා කියලා චිත්‍රපටය දකිද්දී මට දැනුණා.

 

අමතක නොවන සිදුවීම් තියෙනවාද?

කැමරා කළේ රැවන් කොස්තා මහතා. ඔහු සහ අධ්‍යක්ෂකවරයා තෘප්තිමත් වෙනකම්මඑක සිද්ධියක් 16 වතාවක් රූපගත කළා. එහි තියෙන්නේ ටික දුරක් දුවගෙන ගිහින් ආපහු හැරිලා බලන දර්ශනයක්. මට ඒ 16 එකම විදියයි.

නමුත් ඔවුන් දකින විදිය වෙනස්. ඒක මට අමතක වෙන්නේ නෑ. තව දෙයක් හේමාල් ගෙදර තියෙන වීදුරු බඩු ටික කුඩු කරනවා. මට තිබුණේ ඒ වීදුරු කටු උඩින් දුවගෙන ගිහින් හේමාල්ගෙ කකුල බදාගෙන අඬන්න. නමුත් මම දුවගෙන යද්දී මට දෙබස් අමතක වුණා. ඒක මට කවදාවත් අමතක වෙන්නේ නෑ. මොකද ආයේ වීදුරු කුඩු කරන්න බැහැනේ. ඒ වෙලාවෙ කැමරා ඈන්ගල් එක වෙනස් කරලා ගත්තා.

 

චිත්‍රපටය තුළ ඉතාම සුන්දර ගැමි පරිසරයක් තියෙනවා.

ඔව් ඒ ගැන කියන්නම ඕන. චිත්‍රපටයේ හැටියට මගේ ගම බිබිල. අපි ඒ දර්ශන තලයට යොදාගත්තේ බෙලිගල්ඔය ප්‍රදේශය. එහි රූගත කිරීම් කරපු කාලයේ මට අමතක වෙන්නේ නැහැ. සාමාන්‍ය වෙලාවට හිටගෙන ඉන්න බැරි තරම් සුළඟක් තිබුණා. ඒ වෙලාවට හිටියේ තව දෙයක ආධාරයෙන්. මගේ ගමත් බලංගොඩ. ඉතිං මගේ ආච්චිලා කැවුම් එහෙම හදාගෙන ආවා. ඒ කාලේ. හරිම සුන්දරයි.

 

ස්ථිර පදිංචිය තාමත් සිංගප්පූරුවේද?

2016-06-19-ent-195මෙහෙමයි මගේ දයාබර සැමියා සුජිත් ඉන්දීවර වි‍ජේරත්න සිංගප්පූරුවේ වෛද්‍යවරයෙක්. ඒ නිසා ලංකාව තුළ ස්ථිර පදිංචිවීම අමාරුයි. රූපගත කිරීම් තියෙන කාලය තුළ පමණයි මම ලංකාව තුළ රුඳෙන්නේ. මේ සැරේ තමා වැඩි කාලයක් ලංකාවේ හිටියේ.

 

ඔබ රඟපානවට සැමියා කැමතිද?

ඔව් මගේ ආදරණීය සැමියා සුජිත් ඔහු මාව හොඳින් තේරුම්ගත් කෙනෙක්. ඔහු මට එහෙම තහනම් දාලා නැහැ. ඔහුගෙන් මට ලැබෙන්නේ ලොකු සහයෝගයක්.

 

ඒ කියන්නේ උදාරි දිගටම රඟපානාවා ඔව්. මොකද මට ආදරය කරන ආදරණීය ප්‍රේක්ෂකයන්ට මට ආසාධාරණයක් කරන්න බැහැ. මගෙන් ඔවුන් නිතර අහනවා මොනවද කරන්නෙ?

අලුත් නිර්මාණ මොනවද කියලා. 2011 දී මම මගේ පළමු ටෙලිනාට්‍ය බොඳ මීදුම් හරහා වසරේ ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළියට හිමි සම්මානය ලබාගත්තා. ඒක මට ලබාදුන්නේ ආදරණීය ප්‍රෙක්ෂකයින්. මට ඒක අමතක කරන්න බැහැ. මම රංගනයට සමුදෙන්නෙ නැහැ.

 

උදාරි අනාගත බලාපොරොත්තු?

මගේ ජීවිතයේ හැමදාම මුල් තැන දුන්නේ මගේ පුවල් ජීවිතයට. ඒක හැමදාමත් එහෙමයි. මගේ මහත්තයා සහ මගේ දරැවා අංක එක. රංගන ශිල්පිනියක් පැත්තෙන් කිව්වොත් මට හොඳ චරිත ලැබෙනවා. නමුත්ම මට ලැබෙන හැම චරිතයක්ම භාරගන්නෙ නැහැ. මට සාධාරණයක් කරන්න පුළුවන් චරිත විතරයි මම භාර ගන්නෙ. ඉදිරියටත් ඒක එහෙමයි.

 

අවසාන වශයෙන් උදාරි ආදරණීය ප්‍රෙක්ෂකයින්ට මොනවද කියන්නෙ?

ඇත්තටම මමත් ගොඩක් ආදරයෙන් කරපු චරිතයක් තමයි පියවි හංසිකා කියන චරිතය. ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ චමින්ද ගමගේ නිෂ්පාදනය කළ ආදරණීය කතාවක් චිත්‍රපටය තුළින් දකින්නේ. ඉතිං මේ දවස්වල චිත්‍රපටය තිරගත වෙනවා. මම ආදරණීය ප්‍රේක්ෂකයින්ට ආදරණීය ඇරයුමක් කරනවා. ආදරණීය කතාවක් චිත්‍රපටය බලන්න කියලා.

 

අනූෂා රණසිංහ

සේයාරූ : සුමුදු හේවාපතිරණ

 

2016-06-19-ent-198
2016-06-19-ent-196



අදහස් (0)

ඒ Interview එකට ගිය 50 වැනියා මමලු..

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 587 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1147 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 1704 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 429 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 1142 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 2102 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38797 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site