IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ඓශ්චර්යා ලංකාවට එක්ක ඇවිත් චිත‍්‍රපටයක් කරන හීනයක් මටත් තිබුණා

2016-12-29-ent-76

ඔහු රිදී තිරය හැඩ කරන්නට පටන්ගත්තේ සිටු කුමරියෝ චිත‍්‍රපටයෙනි. විරාගයේ අරවින්ද ලෙස රංගන ෙක්‍ෂත‍්‍රය වෙනුවෙන් අසීමිත කැප කිරීමක් කළේය. කලින් කල විවිධ සම්මාන වලටද හිමිකම් කී ඔහු ප‍්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලකය.

දහස් සංඛ්‍යාත රසික රසිකාවියන්ගෙ අසීමිත ආදරයට පාත‍්‍ර වූ ඔහු පෙම්කරන තරු රාශියක් ද තිබේ.

මේ එම තරු පිළිබඳව ඔහු කරන අව්‍යාජ හෙලිදරව්වයි.

 

ඔබ කුඩාකළ පෙම්බැදි රංගන ශිල්පිනිය කවුද?

සන්ධ්‍යා කුමාරි

 

ඇයි ඇයට පෙම් බැන්දේ?

සමකාලීන නිළියන් අතරේ ඇගේ යම්කිසි ආකාරයක ලස්සනක් තිබුණා. නමුත් සන්ධ්‍යා තුළ තිබුණු ප‍්‍රසන්න බවත් කෙළිලොල් බවත් මගෙ ළමා සිත හොරකම් කළා. පසුකාලීනව මම දැනුම් තේරුම් ඇතිව සිනමාවට ආවට පසුව දැනගන්න ලැබුණා ඇය තමයි හිටපු වඩාත්ම ෆොටෝ ජෙනික් නිළිය කියලා. මොන කැමරා කෝණයෙන් ගත්තත් ඇයගේ රූප ස්වභාවය විශිෂ්ට තැනක තිබුණා. ඇයට ලක්ෂ සංඛ්‍යාත රසිකයන් පිරිසකුත් හිටියා.

 

ඇය සමඟ එකට රඟපාලා තියෙනවද?

මම සිනමාවට ආවට පසුව ඇයව හමුවුණා. එතකොට ඇය තරුණ දියණියන් දෙදෙනෙකුගේ මවක්. ඇය සමඟ රඟපාන්න නම් ලැබුණේ නෑ, නමුත් ඇය රඟපෑ ශත පනහ, ධීවරයෝ, සැනසුම කොතැනද ඒවගේ චිත‍්‍රපට වල චරිත මගේ හිතේ ගොඩක් ඇදුණු චරිත.

 

2016-12-29-ent-79ඇය වගේ පෙම්වතියක් ඔබට හිටියනම් හොඳයි කියලා හිතුණෙ නැද්ද?

ඒක ළමා මනසට එක්තරා විදියකට එන මනෝ විද්‍යාත්මක දෙයක්නෙ. එහෙම වෙනවනෙ. මම දැකලා තියෙනවා ඒ කාලෙ විජය කුමාරතුංගට පෙම් බැඳි ඉතා කුඩා දැරියක්. ඒ වගේ දේවල් ඇතිවෙනවනෙ. ඒ ගැන මට විග‍්‍රහ කරන්න අමාරුයි.

මගෙ ජීවිතෙත් සිනමාවට සම්බන්ධ වෙලා ඉද්දි මම නළුවෙක් විදියට නෙමෙයි පුද්ගලයෙක් විදියට මට ප‍්‍රිය කරපු කුඩා දැරියන් හිටියා.

 

ඇයගෙන් පසුව වර්තමානයේ පෙම් කළ තරුව කව්ද?

මම ෙඓශ්චර්යාට ගොඩක් කැමතියි. ඇය ලෝක රූ රැුජිනියක් විදියට සිනමාවට ප‍්‍රවිශ්ට වුණාට පසුව ඇය හැමවෙලේම දකින්න ලැබුණෙ පරමාදර්ශී පෙම්වතිය විදියට. නමුත් ඒ තුළින් ඇයගේ සමකාලීන නිළියන්ට වඩා ඇය සතු වූ රූප ස්වභාවයයි. උසට සරිලන ඇඟයි එක්ක විවිධාකාර චරිත කළා. ඒ අතර සමහර බෙංගාලි චිත‍්‍රපටවලට පවා ඇය දායක වෙලා හිටියා. ඒ සමහර චිත‍්‍රපට ලංකාවට ආවෙ නෑ.

 

ඔබ නිෂ්පාදනය කළ චිත‍්‍රපටයකට ඇයව දායක කරගන්න හිතිලා නැද්ද?

අදහසක් තිබුණා. ඒක කළ හැකි දෙයක්ද කියන ප‍්‍රශ්නෙ තමයි ආවෙ. මට එක්තරා මොහොතකදී අමිතාබ් බච්චන් හමු වූ වෙලාවකදිත් චිත‍්‍රපටයක් පිළිබඳ කතා කළා. ඔහුවත්, ඓශ්චර්යවත් ලංකාවට ගෙනල්ලා කිසියම් විදියක දෙයක් පටන් ගන්න හදන තැනදීම ඒක අවුල් වුණා. මොකද ඒ වකවානුව ලංකාව තුළ තිබුණෙ ගැටලූ සහගත තත්ත්වයක්. ඉන්දියානු නළු නිළියො ලංකාවට ආවම දකුණු ඉන්දියාවෙන් සුවිශේෂ බලපෑම් ආවා.

 

2016-12-29-ent-77ඔබ සමඟ එකට රඟපෑ රංගන ශිල්පිනියන් අතරින් ඔබ වඩාත්ම කැමැති?

අයිරාංගනී සේරසිංහට

 

ඇයි ඒ ඇයට වඩාත්ම කැමති හේතුව?

ඇය රඟපෑ චරිත සහ ඒ තැනැත්තිය අතර තිබෙන සීමාවන් හැමවෙලේම බින්දුවයි. ඒ කියන්නෙ ඇය තමන්ගෙ සාමාන්‍ය ස්වරූපය, අයිරාංගනී සේරසිංහ කියන ස්වරූපයෙන් මිදිලා චරිත ස්වරූපයන් වැළඳගන්නෙ. ලංකාවෙ චිත‍්‍රපට නිළියන් අතරින් තමා රඟපෑ හැම චරිතයකටම සාධාරණය ඉෂ්ට කරපු රංගන ශිල්පිනියක් තමයි අයිරාංගනී සේරසිංහ කියන්නෙ.

 

ඇයත් සමඟ ඔබ චිත‍්‍රපට කීයක පමණ වැඩ කළාද?

චිත‍්‍රපට හතරක විතර වැඩ කළා. ඒ අතරින් හොඳට මතක තියෙන්නෙ සක්මන් මළුව සහ දෙවනි ගමන චිත‍්‍රපට දෙක

 

ඒ අතරින් මතකයේ රැුදුණුම ජවනිකාව මොකද්ද?

දෙවෙනි ගමන චිත‍්‍රපටයෙ මම බඳින්න හිටියෙ සබීතා. ඒ එක තැනකදී සබීතාගේ කන්‍යාභාවය පිළිබඳ ප‍්‍රශ්නයක් ඇතිවුණ වෙලාවෙ මම කියනවා මේ පිළිබඳ මට ප‍්‍රශ්නයක් නෑ. ඒ කිසිදෙයක් අදාල නෑ කියලා. පසුව අයිරාංගනී සේරසිංහ මහත්මිය මට කියන්නෙ

‘‘මේක වුණේ උඹේ අතින් නෙමෙයි නම් මේ දේ වුණු විදිය උඹ දන්නෙත් නැත්නම් උඹ තවමත් මෙයාව පිළිගන්නවද මෝඩයෝ’’ කියලා. ඉතින් ඒ දෙබස් ඛණ්ඩය ඇයව හමුවන හැම මොහොතකදීම මම කියනවා.

ඒ හැම වෙලාවකදීම ඇය කියන්නෙ සනත් ඔයාට මේ දේවල් තවමත් හොඳට මතකයි නේද කියලා.

 

ඔබ වඩාත්ම කැමති ගායිකාව කව්ද කියල මම ඇහුවොත්?

2016-12-29-ent-78නිරෝෂා විරාජිනී කියලා මම උත්තර දෙනවා.

 

ඇයි ඔබ ඇයට වඩාත්ම කැමැති

මම ලියපු ගීතයක් තියෙනවා

හිරවී තිබුණා හද පතුලේ

ඔබ වෙත පිදු සෙනෙහේ

අවදි කළා ඔබ නොසිතු මොහොතක

මා සඟවා සිටි ආදරේ

නමින්

මේ ගී පද රචනය මම දුන්නා නිරෝෂා විරාජිනීට

මේ පදවැල දැකපු ඇය බොහොම ආශාවෙන් බොහොම කැමැත්තෙන් මේ ගීතය බාර අරන් ගායනා කළා. ඇගේ සී.ඞී. පටයකටත් මේ ගීතය ඇතුළත් කළා. ඊට පස්සෙ මගේ සිනහව අතරින් චිත‍්‍රපටයටත් මම මේ ගීතය ඇතුළත් කළා. ඒකට හේතුව වුණේ මේ ගීතය සිනහව අතරින් චිත‍්‍රපටයට වඩාත් ගැලපීම

නමුත් මම නිරෝෂාට කැමැති ඇය මගේ මේ ගීතය ගායනා කිරීම නිසාම නෙමෙයි. ඇගේ හඩට, ගායන විලාශයට මම ආදරය කරනවා. කොටින්ම මම ඇගේ රසිකයෙක්

 

ධනු විජේරත්න

 

 



අදහස් (0)

ඓශ්චර්යා ලංකාවට එක්ක ඇවිත් චිත‍්‍රපටයක් කරන හීනයක් මටත් තිබුණා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්ස බස්නාහිර පාසල් වහයි
2024 ඔක්තෝබර් මස 13 279 0

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) වසා තැබීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන ඇත.


හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි
2024 ඔක්තෝබර් මස 13 3407 0

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු


ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 13 609 0

කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


රට වෙනුවෙන් වැඩ කරන ප්‍රබල බලය මහ ඡන්දෙ දී ගන්නවා
2024 ඔක්තෝබර් මස 13 1093 3

රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ


පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 785 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 828 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26101 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 330 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 421 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1361 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site