IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘ඔක්කොම හොඳයි : මුක්කම නරකයි‘

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න කලක සිටම ඡන්ද භාරව කටයුතු කරයි.

අගෝස්තු 17 වැනි දා ඡන්දයේ ආරක්ෂාව ඇතුළු පොලිස් රාජකාරි ඔහු අතේය.

පළපුරුද්ද අතින් ඔහු මුල්තැනක සිටී. වසරකට සේවා දිගුවක් ද මෑත දී ඔහුට ලැබුණේය. යහ පාලන රජයේ ඇමැති මණ්ඩලය ඒ සේවා දිගුව දුන්නේය.

ගුරුන්ටත් අකුරු වරදින න්‍යාය ඔහුටත් අදාලය. සියලුම නියෝජ්‍ය පොලිස්පතිවරුනට, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හා පොලිස් අධිකාරීවරුන්ට, දිසා භාර නිලධාරීන්ට හා පොලිස් ස්ථානාධිපතිවරුනට ඔහු හදිසි චක්‍රලේඛයක් යැවීය.

එහි පිටු පහකි. අංකය අටයි. නිල ඡන්ද දැන්වීම්පත් බෙදා හැරීම සඳහා තැපැල් ඡන්ද දායකයනට රක්ෂණ පැකැට්ටු බෙදා හැරීම සම්බන්ධයෙන් ඔහු මේ චක්‍රලේඛය යවයි. බැලූ බැල්මට එය අගෝස්තු 17 වැනි දා ඡන්දයේ නිල ඡන්ද පත්‍රිකා සම්බන්ධ චක්‍රලේඛයක් බව පෙනේ.

එහෙත් චක්‍රලේඛයේ මාතෘකාව යොදා ඇත්තේ ‘ජනාධිපතිවරණය - 2015.01.08‘ යනුවෙනි.

සිරත්සලය එසේ යොදනා ඔහු ඔහුගේ උපදෙස අනුව රක්ෂණ පැකට්ටු ආදිය 2015.07.24 වැනි දා පෙරවරු 8.30ට සිදු කිරීමට නියමිත බව දක්වා ඇත. ඒ අනුව කොතැනක හෝ ලොකු වැරැද්දක් වී ඇති බව පෙනී.

නම හෙළි කිරීමට අකමැති වූ පොලිස් ප්‍රධානීන් කිහිප දෙනකුම පැවසුවේ එය පරණ චක්‍රලේඛයක් බවයි. ජනපතිවරණයේ චක්‍රලේඛ දැන් එවන්නේ කුමටදැයි කොස්තාපල්වරයකු ඇසූ ඇසූ ප්‍රශ්නයෙන් තමා උඩ ගොස් බිම වැටුණු බව එක් පොලිස් ප්‍රධානියෙක් කියයි.

මෙහි පිටපත් ඡන්ද කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට ද යවා ඇත.

ගාමිණී නවතරන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන හා මැතිවරණ) යනුවෙන් නවරත්න මහතා එහි අත්සන් තබා ඇත. ඔහුගේ නිල මුද්‍රාව ද එහි ඇත.

මෙය සුළු වැරදීමක් හෝ අතපසුවීමක් සේ සැලකිය නොහැක.

doc1



අදහස් (0)

‘ඔක්කොම හොඳයි : මුක්කම නරකයි‘

කිරි ගමරාල Friday, 24 July 2015 08:24 AM

ආයතනයක හෝ ආයතනයක අංශ ප්‍රධානියෙක් ලිපියකට අත්සන යෙදීමට පෙර එය කියවා බැලීම ඔහුගේ අනිවාර්ය වගකීමක්. මෙම චක්‍රලේඛය එසේ මෙසේ එකක් නොවෙයි. එය 2015 මැතිවරණයට අදාළ උපදෙස් අඩංගු චක්‍රලේඛයක්. වචන ගැලපීමේ හෝ දාතම සම්බන්ධයෙන් වරදක් සිදු වුණොත් මැතිවරණ නීති කඩ කිරිමේ වරදකට කෙනෙකුට චෝදනා පත්‍රයක් සකස් කිරීමේදී තමයි ප්‍රශ්න මතුවෙන්නේ. (ම)

:       0       0

කින් බෙනට් Saturday, 25 July 2015 10:46 AM

ඕක එච්චර ගණන් ගත යුතු දෙයක් නෙමෙයි .. සියලුම අමාත්‍යංශ සහ රජයේ ආයතනවල වැඩ කටයුතු වෙන්නේ ඔහොම තමයි .. මින් ඉස්සරහට කවුරු හරි , හරි විදියට වැඩක් කලොත් පමණක් පුවතක් ලෙස පලකලොත් හොඳයි කියා සිතමි ..දැන් දැක්කනේ ඊයේ පෙරේද අර ලොකු නිලදාරියෙක් හොර නොම්බර ගහපු වැන් එකක් එක්ක දාපු සෙල්ලම .. ඒ වගේ ඉස්සර ඉඳලම අද වෙනකම්ම රජයේ නිලදාරීන් , සේවකයන් , බලදාරින් ඔක්කොම සෙල්ලම තමයි දාන්නේ .. ඒ නිසා ඕවා එච්චර ලොකු දේවල් නෙමෙයි . (ස)

:       0       0

කොස්වත්ත Saturday, 25 July 2015 01:29 PM

කින් බෙනට් මල්ලී, බයවෙන්න එපා (නදී)

:       0       0

චමි Wednesday, 12 August 2015 04:30 AM

ඕක එච්චර ගණන් ගත යුතු දෙයක් නෙමෙයි(නදී)

:       0       0

සිසිර Friday, 24 July 2015 06:36 AM

මෙවැනි අතපසුවිමකට හෝ වැරැද්දකට දඩුවමක් තියනවද (බ)

:       0       0

දිලිප් Friday, 24 July 2015 07:12 AM

මේවගේ දේවල් ඕන තරම් වෙනවා සම්පුර්ණ ලිපිය කියව නිවැරදි අර්ථකතනයක් ගත යුතුයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 524 0

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 74 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්
2024 සැප්තැම්බර් මස 23 462 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී


ඡන්දෙ දාන්න ගමේ ගියත් වැඩට එන්න බස් නෑ
2024 සැප්තැම්බර් මස 23 269 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තොරාපත් කර ගැනිම සදහා ඉකුත් (21) දින පැවැත් වු ජනාධිපතිවරණයේදි සිය ජන්දය භාවිතා කිරිමට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප


අනුරගෙන් හිස් වූ පුටුවට නිපුණාරච්චි
2024 සැප්තැම්බර් මස 23 982 0

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස්වන එම මන්ත්‍රී ධූරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින්


ශ්‍රි ලංකාවේ ගමනට සහය දෙන්න ලෑස්තියි
2024 සැප්තැම්බර් මස 23 937 1

ශ්‍රී ලංකාව 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩ නැගීම


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21634 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21306 7



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 115 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 333 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 170 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site