(සුජිත් හේවාජුලිගේ)
කොරෝනා වැළඳුනහොත් ආරක්ෂාවීම සඳහා සමහරුන් ඔක්සිජන් සිලින්ඩර නිවෙස්වල ගබඩා කිරීමට පටන්ගෙන ඇති බවත් ඔක්සිජන් හිඟයට එයද එක් හේතුවක්වී ඇති බවත් සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති.
ජනතාව නිවෙස්වල හිතුමතේ ඔක්සිජන් සිලින්ඩර ගබඩාකර ගැනීම ඉතා වැරදි ක්‍රියාවක් බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පැවැසීය.
වෛද්‍යවරුන්ගේ උපදෙස් නොමැතිව ඔක්සිජන් ලබා ගැනීම ඉතා අවදානම් බවත් ඔක්සිජන් වැඩිපුර ලබාදීමෙන් නියුමෝනියා තත්වය මෙන්ම ඇස් අන්ධවීම පවා සිදුවිය හැකි බවත් ඔහු සඳහන් කළේය.
රෝගියෙකුට ඔක්සිජන් ලබාදිය යුතු නියමිත ප්‍රමාණ තිබෙන බව පැවසූ විජේසූරිය මහතා රෝගියකුට ඔක්සිජන් ලබා දීම සඳහා ඒ සඳහා අවශ්‍ය සුදුසු උපකරණද තිබිය යුතු බවත් පැවසුවේය.
රෝහල්වල ප්‍රමාණවත් ඔක්සිජන් තිබෙන හෙයින් නිවෙස්වල ඔක්සිජන් ගබඩා කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කීවේය.
2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්දය සළකුණු කිරීම සඳහා ලබා දී ඇති අවසන් අවස්ථාව අදින් (8) අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු ඇමතිවරයෙකු හබරාදුව ප්‍රදේශයේ උත්සව ශාලාවක ඊයේ (07)රාත්‍රි සංවිධානය කර තිබු දේශපාලන සාදයක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල
කුරුණෑගල කේන්ද්‍ර කර ගනිමින් පිරමීඩ් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් තැන්පත්කකරුවන්ගේ රුපියල් කෝටි 1,000 ක පමණ මුදල් ප්‍රමාණයක් වංචා කර , රටින් පළා ගිය එම
උතුරු සහ උතුරු - මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තු
ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සුබ පතා ඇත. ‘ට්‍රම්ප් ධෛර්යවන්ත පුද්ගලයෙක්’
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් බිරිඳ කිම් කියෝන් හේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ, කිම් කියෝන් හේ ඉතා මිල අධික ‘ඩියෝර්’ වර්ගයේ අත්බෑගයක් ත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඔක්සිජන් ගෙවල් වල ගබඩා කරගැනීම ඔක්සිජන් හිඟයට හේතුවක්
මුණසිංහ Thursday, 26 August 2021 02:45 PM
මමෝඩයෝ පිරිච්චි රටක් වෙලා. LP ගෑස් වගෙ මෙකත් ගෙදරට ප්‍රයෝජනයට ගන්න පුළුවන් කියල හිතං ඇති . අනෙක ඉතා විශාල අනතුරු වෙන්න පුළුවන් . AL ගෑස් එක්ක ඔක්සිජන් සිලින්ඩර. හරිම අපූරු යි.
janahitha Thursday, 26 August 2021 02:45 PM
ඔක්සිජන් අනවශ්‍ය පළාත් ද තිබෙනවා එම නිසා හිඟයක් ඇති නොවේවි.
nirodayana Thursday, 26 August 2021 02:47 PM
ඔක්සිජන් ගබඩා කලොත් හිඟයක් ඇති වෙන්නේ නැහැ.
Ruwan R Thursday, 26 August 2021 03:38 PM
රෝහල්වල ප්‍රමාණවත් ඔක්සිජන් තිබෙන හෙයින් නිවෙස්වල ඔක්සිජන් ගබඩා කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කීවේය. රෝහල්වල ඔක්සිජන් තිබුනට ලෙඩ්ඩුන්ව බේරා ගන්නේ නැත්නම් මොකද කරන්නේ.?
මුණසිංහ Thursday, 26 August 2021 03:56 PM
ගෙවල් වලදී ඔක්සිජන් දීල හොඳ කරගන්න ද අදහස . ගෙවල් වලදී ඔක්සිජන් දෙන හැටි දන්නවා ද. දිය යුතු පීඩනය දන්නවා ද. නිකම්ම සිලින්ඩරය නාසයටට සම්බන්ධ කරන්න පුළුවන් කියල ද හිතන්නේ .