IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ඔඩෙල් විකුණුව එක ගැන අද මට දුකක් නැහැ

2016-10-22-ent-11

ව්‍යවසායිකාවක මෙන්ම සමාජ සේවිකාවක් වන ඔටාරා ගුණවර්ධන ගැන කතා කරද්දී අලුත්ම ආරංචිය තමා හීරෝ නීරෝ හරහා සිනමාවට පැමිණීම. ඉතින් හිතුණා දේශය හදසරින් මේ අලුත් අත්දැකීම ගැන ඔටාරා එක්ක කතා කරන්න.

 

මේ දවස්වල කොහොමද?

හොඳයි. හොඳින් ඉන්නවා. එම්බාර්ක් එකයි, ඔටාරා පදනමේ වැඩ කටයුතුයි කරගෙන ඉන්නවා. සතුන් සුව කිරීම, වන ජීවින් සහ පරිසරය සුරුකීම තමා අපි ඒ හරහා කරන්නේ.

 

ඔබේ ඔඩෙල් ආයතනය විකුණලා දැන් කොච්චර කාලයක්ද?

දැන් අවුරුදු 2ක් වෙනවා.

 

එතකොට එම්බාර්ක් ව්‍යාපාරය පටන්ගෙන?

තාම අවුරුද්දක් විතර වෙන්නේ. බලමු ඉතින් පොඩියට පටන්ගෙන තමා මම මේ ගමන යන්නේ.

 

එම්බාර්ක් ව්‍යාපාරයේ ශාඛා කීයක් තියෙනවද?

දැනට ශාඛා 10ක් විතර තියෙනවා. තනි ඒවත් තියෙනවා. සමහර ඒවා ඔඩෙල් සහ Cool Planet එක ඇතුළේ තියෙන්නේ.

 

ඔඩෙල් ව්‍යාපාරය විකිණීම ගැන දුකක් නැද්ද?

නැහැ. මම ඒක ගොඩක් හිතලා ගත්ත තීරණයක්. මම ඒ තීරණය ගත්තේ ආයේ ආපසු හැරිලා බලද්දී දුකක් නැති වෙලාවක. ඒ වෙලාව මට ආවා. ඒ නිසා තමා මම ඒක විකුණුවේ.

 

දැන් ඔඩෙල් සාප්පු දකිද්දිවත් දුකක් නැද්ද?

මිනිස්සු හැටියට ගොඩක් දේවල්වලට බැඳීම් තියෙනවා. නමුත් පුළුවන් තරම් බැඳීම් වලින් ඈත්වෙන තරමට ජීවත් වෙන්න ලේසියි. මම හිතන්නේ ඒ විදිහට. ඉතින් බැඳීම් අත්හරින එක ලේසි නැහැ. නමුත් මම උත්සාහ කරනවා බැඳීම් වලින් ඈත් වෙන්න.

අනික මම හිතන්නේ අපිට ජීවත් වෙන්න ඒ තරම් විශාල දේවල් ඕනේ නැහැ කියලා. ඒ නිසා මම හරිම සතුටින් තමා ඔඩෙල් ව්‍යාපාරය විකුණුවේ. ඒ ගැන දුකක් නැහැ.

 

2016-10-22-ent-08

 

ඔඩෙල් අත්හරින ඔටාරා ආයේ පටන් ගත්තේ එම්බාර්ක් ව්‍යාපාරය. පුංචි කාලේ ඉඳන් ආසාව තිබ්බේ ව්‍යාපාර කරන්නද?

නැහැ. මට පුංචි කාලේ ඉඳන් එහෙම ලොකු ආසාවක් තිබ්බේ නැහැ. නමුත් මම ආසයි පුංචියට පටන්ගෙන ලොකු දියුණුවක් ඇති කරන්න. ඒ හරහා මම ගොඩක් අයට රැකියා අවස්ථා පවා ලබා දුන්නා. ඒ ගැන හිතද්දී මට සතුටක් තියෙනවා. මට දැනුත් ඕනේ එහෙම පොඩියට පටන්ගෙන දියුණු කරන්න මේ එම්බාර්ක් ව්‍යාපාරයත්.

 

අපට ඉදිරියේදී ඔබව සිනමාවෙන් දකින්න ලැබෙනවා?

ඔව්. මම ඉතාම කැමැත්තෙන් දායක වුණු චිත්‍රපටයක් හීරෝ නීරෝ කියන්නේ. මොකද ඒක සුනඛයෙක් සහ පොඩි ළමයි සතුන්ට දක්වන කරුණාව එක්ක නිර්මාණය වුණු චිත්‍රපටයක්. ඒ නිසා මට ඒ අය කතා කළාම මම කැමති වුණා. ඉතින් මම කිව්වා මම ඒක කරන්නම් කියලා. මට හරි සතුටුයි එයට සහභාගී වෙන්න ලැබීම ගැන.

 

එහි චරිතය ඔබමයි?

ඔව්. ඇත්තෙන්ම මම එහි ඉන්නේ මගේ ස්වරූපයෙන්මයි. ඉතින් ඒකේ ඉන්න දරුවන් මාව හමුවෙන්න ඇවිත් එයාලා මගෙන් මේ උදව් ඉල්ලන්නේ මේ සුනඛයා වෙනුවෙන්. සුනඛයා බේරගන්න උදව් කරන්න කියලා. ඒ නිසා මට ලොකු කැමැත්තක් ඇතිවුණා.

 

කොහොමද ඒ අත්දැකීම?

ඔව්. මම මීට පෙරත් චිත්‍රපට දෙකක විතර ඉතාමත් කුඩාවට දායකවෙලා තියෙනවා. ඒ වගේම මෝස්‌තර නිරූපණ වගේ කටයුතු කළ නිසා මට කැමරාව නම් ලොකුවට ආගන්තුක වුණේ නැහැ.

 

මීට කලින් සිනමාවට සම්බන්ධ වුණා නම් කියලා හිතිලා නැද්ද?

නැහැ. මට එහෙම නම් හිතිලා නැහැ. මම හිතන්නේ හරි වෙලාව ආවා. ඒ නිසා තමා මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න ලැබුණේ කියලා.

 

අධ්‍යක්ෂවරයා කිව්වා ඔබට දිග දෙබස් කියන්න තිබ්බේ කියලා. ඒක අභියෝගයක් වුණේ නැද්ද?

ඇත්තටම මමත් හිතුවා එහෙම වෙයි කියලා. ඒත් ඒක එහෙම වුණේ නැහැ. ළමයි ගොඩක් එක්ක මට රඟපාන්න තිබ්බේ. ලොකු කාලයක් ගියා. කොහොමත් එහෙමනේ හොඳ දෙයක් කරද්දී. ඒ නිසා හරි සුන්දරයි.

 

ඉදිරියටත් ආරාධනාවන් ලැබුණොත්?

බලමු නේද?

මට කවදාවත් ව්‍යාපාරිකාවක්, මෝස්‌තර නිරූපණ ශිල්පිනියක් හෝ නිළියක් වෙනවා කියලා අදහසක් තිබ්බේ නැහැ. මම නිකම් ජීවිතේ වෙන දේ වෙන්න දෙනවා.

 

චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න අදහසක්වත් ආරාධනාවක්වත් නැද්ද?

නැහැ. එහෙම ආරාධනා ලැබිලා නැහැ. මමවත් ඔයා දැන් ඔය කියනකම් ඒ ගැන හිතුවෙත් නැහැ. ඒ ගැන කල්පනා කළේවත් නැහැ. හැබැයි ඒකත් හොඳ දෙයක්.

පරිසරය ගැන හරි සත්තු ගැන හරි මූලික වෙච්ච නිර්මාණයකට ආරාධනා කළොත් නිෂ්පාදනයෙන් දායක වෙන්න කියලා. මොකද කරන්නෙ? ඇත්තටම එහෙම එකකට නම් මම ගොඩක් කැමැතියි. කවුරුහරි මට එහෙම දෙයකට කතා කළොත් හරි මා එක්ක වැඩ කරන්න කැමතියි හරි කිව්වොත් ඒ ගැන මම හිතනවා.

 

ආපස්සට හැරිලා බලද්දි ජීවිතය ගැන තෘප්තිමත්ද ඇත්තටම?

ඔව්. මම හිතන්නේ ජීවිතේ වෙලා තියෙන දේවල් මට වෙන්න තිබ්බ දේවල්. අනිත් එක නරක දේවල් නොකර අනිත් අයට නරක කතා නොකියා ඉඳීම තුළ තමන්ටත් නරක දේවල් වෙන එක අඩු වෙනවා. ඉතින් මම පුළුවන් තරම් ඒ විදිහට ඉන්න තමා උත්සාහ කරන්නේ. සමහර තැන්වලදී අපිට වරදිනවා. නමුත් ඒ තුළින් අපි නැවතත් ජීවිතය ඉගෙන ගන්නවා. මම කර්මය විශ්වාස කරන කෙනෙක්.

 

අවසාන වශයෙන් අනාගත බලාපොරොත්තු මොනවද?

මම දැකලා තියෙනවා ගොඩක් මිනිස්සු සහ සතුන් දුක් විඳිනවා. ඒ වගේම මට වෙලාවකට හිතෙනවා, ඒ දේවල් වෙනස් කරන්න පුළුවන් දේවල්. ඒත් ඇයි මෙච්චර කාලයක් ගිහිල්ලත් ඒ දේවල් වෙනස් කරන්න බැරි කියලත් හිතෙනවා. මගේ පැත්තෙන් මම උත්සාහ කරනවා මට පුළුවන් දේවල් කරන්න. ඒ වගේම ලාංකික අපිට ලස්සන පරිසරයක් සහ වන ජීවින් රැසක් උරුම වෙලා තියෙනවා. අපි ඒවා රැකගන්න ඕනේ. ඒ සඳහාත් මම වැඩසටහනක් කරන්න ඉන්නවා ඉදිරියේදී. බලමු ඉතින්.

 

අනූෂා රණසිංහ

 

2016-10-22-ent-10
2016-10-22-ent-09



අදහස් (0)

ඔඩෙල් විකුණුව එක ගැන අද මට දුකක් නැහැ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 16 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 114 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


කලුතරට විශේෂ පොලිස් ආරක්ෂාවක්
2024 ඔක්තෝබර් මස 10 607 0

නොවැම්බර් 14 වෙනිදිනට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන අවසන් දින වන අද (11) කළුතර දිස්ත්‍රික්කය පුරා පොලිස් නිලධාරීන්


මහාපරිමාණ මුදල් වංචාකරුවෙක් පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 10 352 0

මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් නමින් සමාජ මාධ්‍ය සබැඳියක් නිර්මාණය කොට ඒ හරහා මහා පරිමාණ මුදල් වංචාවක නිරත වූ බව කියන පුද්ගලයෙකු මහනුවර කොට්ඨාශ


විමලුත් මහ ඡන්දෙට නෑ
2024 ඔක්තෝබර් මස 10 1416 0

ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


ලක්ෂ 40ක ෆෝන් කාඩ් සොරාගත් දෙකක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 317 0

දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39724 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25833 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 47 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 378 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1242 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site