IMG-LOGO

2024 නොවැම්බර් මස 11 වන සඳුදා


ඔබට පුතේ මඟක් ඇතේ

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය නැරඹීමට   විශාල පිරිසක් ජා-ඇල පිවිසුමට පැමිණෙති. බදාදා (24) අලි රේස්, තිරික්කල් රේස්, චිත්‍ර තරග, සරුංගල් තරග, පාසල් වාදන සංදර්ශන ආදි වැඩසටහන් රාශියක් ජා-ඇල පිවිසුමේදී පැවැත්විණි. 

මහින්ද රාජපක්ෂ ජනපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්වරු ඇතුළු පිරිසක් අද උදේ අධිවේගී මගේ පයින් ගියහ.

(ඡායාරූප අශේන් සේනාරත්න)

(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (0)

ඔබට පුතේ මඟක් ඇතේ

රොෂේන් ද සිල්වා Thursday, 24 October 2013 02:46 PM

මේ පුතා හැර අනාගතයක් තියෙන තව පුතුන් සිටීද? ඒ පුතුනුත් මේ පුතත් හැර සුබම සුභ අනාගතයක් තියෙන පුතුන් සිටීද? ඒ කවුද? (ලංකාදීප ඔබ උගත් පිරිසකි, මම හැමදාමත් සටන් කරන්නේ ඔබෙත් මගෙත් සියලුම පුතුන්ට හොදක් කරන්නයි. මේක දාන්නේ නැත්නම් මම තරහයි)(නදී)

:       0       0

කිසන්ත Thursday, 24 October 2013 02:56 PM

විශාල ජයග්‍රහණයක් .ජනාධිපති තුමාට ජය වේවා. මෙතනින් නොනැවතී තව රට දියුණු කල යුතුයි. (ස)

:       0       0

ලලෙන්ද්‍ර Friday, 25 October 2013 01:02 PM

එමඟ යන්න සල්ලි නැතේ (ස)

:       0       0

ජගත් Thursday, 24 October 2013 10:37 PM

තිලක්, ඔයා ඩුබායි වල කොහෙද? (නි)

:       0       0

චන්දි Thursday, 24 October 2013 10:44 PM

දිර්ඝායුෂ වේවා මහරජාණෙනි!!! (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 25 October 2013 01:09 PM

මම අන්තිමට දාපු අදහස් වලට මොකද වුනේ?.(නදී)

:       0       0

පෙරේරා Thursday, 24 October 2013 11:05 PM

මම ලංකාවේ ඉන්න කාලේ (1986) තොටළග ඉදලා සීදුවට මිනිත්තු 7න් ආවා, මේ හයි වේ එකේ මොන මිනිත්තු ද ? (නි)

:       0       0

ලාල් Friday, 25 October 2013 01:27 PM

"හෙට මේ මග අපෙ පුතේ....! සල්ලි ඇතොත් නුබේ පුතේ..! උජාරුවට කීවට ලක්ෂ ගානක් අවේ රටේ වැඩ කරන දිනවල නේද? ජාතික සංවර්ධනයට බලපෑමක් නැතිව ඇති, මේ වැඩට යන ජනතාවක් නෙවේද, විරැකියාවෙන් ඉන්න පිරිසක්ද? (ස)

:       0       0

උපාලි බණ්ඩාර Thursday, 24 October 2013 03:52 PM

අපේ අභිමානවත් නායකයා. (ස)

:       0       0

උපාලි බුලත්ගම Thursday, 24 October 2013 03:54 PM

කටුනායකට පමණක් නොව ලොවට දොර විවර කල අභිමානවත් නායකයා. (ස)

:       0       0

මනෝජ් Friday, 25 October 2013 12:28 AM

ඩුබායි තිලක්.තමුන් හැමදාම යන්නේ හරහට කකුළුවා වගේ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 25 October 2013 07:46 PM

මේවා දකිද්දී අැගේ ලේ උණු වෙනවා. (නි)

:       0       0

මනෝජ් Friday, 25 October 2013 12:38 AM

විරාජ් කාලිංග ,ඔවු අපි දුපත් වැසියෝ තමා. පිටරට ඉදලා තමන්ගේ රටේ අහිංසක මිනිස්සුන්ව විහිලුවට ගන්න එපා.අපේ ජනාධිපතිතුමා නිසා තමා ලංකාවේ අපේ අය අධිවේගී මාර්ග දැක්කේ (නි)

:       0       0

වසන්ත Friday, 25 October 2013 02:10 PM

විරාජ් කාලිංග එක්ක මම එකඟයි . මේ මනෝජ්ල වගේ ග්‍රාම්‍ය අදහස් තියන උන් ඉන්නකල් මේ රට හොරුන්ගේ රජ දහනක් වෙලා තියේවි !!! මුලින්ම මේ වගේ උන්ව පන්නන්න ඕනේ රට හදන්න නම් !! (ස)

:       0       0

තිලකරත්න Friday, 25 October 2013 02:11 PM

අපේ රටට නිදහස ලබාදී අපේ සිහින ඉටුකරන අපේ නියම නායකයා ඔබයි ගරු ජනපති තුමනි.....(නදී).............

:       0       0

කුමාරසිරි Thursday, 24 October 2013 04:28 PM

ජනාධිපතිතුමනි, මගේ රටට හා ඔබට දළදා හාමුදුරුවන්ගේම පිහිටයි ! (ස)

:       0       0

තිලකරත්න Friday, 25 October 2013 02:13 PM

අපේ අයට හැම දෙයක්ම නිකම් දෙනව නම් තමයි කැමති. කවදාවත් රට ගැන හිතන්න කැමතිම නැහැ.. .(නදී)

:       0       0

සරත් Thursday, 24 October 2013 04:35 PM

දන් -ඕවිටියා කළල් මතින් අළුත් පාර හැදෙනවා ..... (ස)

:       0       0

තිලකරත්න Friday, 25 October 2013 02:15 PM

හැමදාම කුඩු කාරයෝ කප්පම් කාරයෝ විතිරක් රජකරනවානම් තමා මේ ලොකු මිනිස්සු කියන කොටස කැමති................(නදී)....

:       0       0

චින්තක Saturday, 26 October 2013 10:51 AM

තිලක් ඔයා හරි. ඔකට මෙට්‍රො ට්‍රේන් දැම්මා නම් හරියට හරි. අදි වේගය බොරුවක. ජනපති තුමනි ඔබට එය කළ හැකියි.(නදී)

:       0       0

ලාල් Friday, 25 October 2013 02:35 PM

තිලකරත්න ,මිනිස්සු හැමදාම ඡන්දෙ පාලකයන්ට දුන්නේ නිකම් (අතලොස්සක් හැරුනම) උන්ට නිකම් ලැබුනේ එදා රැට ටීවි එකේ පෙන්නපු හින්දි චිත්‍රපට ටික පමණයි .ඒකේ කරන්ට් බිලත් ගෙව්වේත් උන් විසින්ම. (ස)

:       0       0

ද සිල්වා බෙර්ලින් Friday, 25 October 2013 03:01 AM

තිලක් ඩුබායි, මේගැන විවේචනය කරන්න තවම කාලය නොවේ. මේ පාරේ ලංගම බස් 5 දමන්න තීරණය කර තිබෙනවා. බස් මගින්ගෙන් සාධාරණ ගාස්තුවක් අය කාරවී කියලා මම බලාපොරොතු වෙනවා. එහෙම වුණොත් පුද්ගලික වාහන නොමැති සාමාන්‍ය ජනතාවටත් මෙමගින් වැඩක් සිදුවේවි කියලා හිතෙනවා (නි)

:       0       0

ලාල් Friday, 25 October 2013 03:18 AM

වැඩේ හොදයි, ලස්සනයි. උත්සව නතර කරලා ඒවාට යන සල්ලිත් ගමක පාරක් හදන්න යෙදෙවුවා නම් තවත් හොදයි (නි)

:       0       0

කුමාරි Thursday, 24 October 2013 05:29 PM

ජය වේවා ජනාදිපතිතුමනි! මුළු රට එක් සේසත් කල නායකයාණනි, මුළු ලංකාවම බබළවන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා. ඔබට තෙරුවන් සරණයි!(නදී)

:       0       0

චින්තක Thursday, 24 October 2013 05:32 PM

ශය පාර හැදුවට ඕකේ යන්න හොද කාර් එකක් ඕනේ. ඉන්දියාවේ තියෙන මෙට්‍රො කියලා කෝච්චියක්. ඒවගේ එකක් දැම්මා නම් හැමෝටම අඩු ගානින් යන්න පුලුවන්. ඔය වැඩෙන් සැපට යන්න පුලුවන්නේ සල්ලි තියෙන අයට විතරයි.(නදී)

:       0       0

ප්‍රියන්ත Saturday, 26 October 2013 12:09 PM

හැම දෙනාටම හොදට තේරුම් ගන්න නම් විරාජ් කාලිංගගේ අදහස බලන්න.(නදී)

:       0       0

රකිත් Friday, 25 October 2013 06:30 AM

ඔබට පුතේ මගක් ඇතේ.. නමුත් පුතුන් සිඟා කතේ.. ඒ ගැන නම් දුකයි පුතේ.. (නි)

:       0       0

නිහාල් Thursday, 24 October 2013 05:58 PM

1965 ඩඩ්ලි සේනානායක මැති තුමාගේ සංකල්පයක් අනුව එවකට රජයේ වැඩ ඇමති මොන්ටේගු ජයවික්‍රම මැති තුමා කොලඹ කටුනායක අධිවේගී මාර්ගයක් සැදීමට මුලපිරුවා. එහි එක පාලමක කොටසක් තමයි පැලියගොඩ නව කැළණි පාලම ලග තිබුනු කොන්ක්‍රීට් ආරුක්කුව. නමුත් ඊට පසු 2005 දක්වා තිබුණු කිසිම රජයක් ඒ ගැන උනන්දු උනේ නෑ. නමුත් අපෙත් මතු පරපුරෙත් වාසනාවට මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා ඒ වැඩපිළිවෙල තවත් නවීකරනය කරමින් වැඩි දේපල හානියක් නොකරමින් ජාතියට දායාද කළා. ඔබතුමාට නිරෝගී සැප සම්පත් සමගින් දීර්ඝායුෂ පතමි.(නදී)

:       0       0

රකිත් Friday, 25 October 2013 06:57 AM

අලි රේස් නම් ඉතින් හැමදාම අරෙහෙත් පෙන්වනවානේ.. (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 24 October 2013 06:09 PM

චින්තක,අපි අවුරුදු 10යක් විදේශගත වෙලා දුක් මහන්සියෙන් උපයාගත් මුදල් වලින් අරන් තිබෙන කාර් එක අධිවේගී මාර්ගයට ඇතුළු කරන්නවත් බැහැ.අද 95% ක දුප්පත් ජනතාවට ඔය පාරෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ කියලයි මම නම් කියන්නේ. (නි)

:       0       0

රනිල් Friday, 25 October 2013 07:18 AM

යන්න ගත්විට ගාස්තු අඩුද වැඩිද කියලා පෙනෙයි 27 වැනිදායින් පස්සේ. (නි)

:       0       0

වරුණ Thursday, 24 October 2013 06:25 PM

ජනපතිතුමනි ඔබ අපේ රටේ හොදම නායකයා (දිල්)

:       0       0

අමිල කටුනායක Friday, 25 October 2013 07:32 AM

අපේ අය ගැන නම් ඉතින් කතාකරලා වැඩක් නැහැ (නි)

:       0       0

ලියනගේ Thursday, 24 October 2013 06:50 PM

නායකයාණෙනි, ඔබට සුභ පතමි (නි)

:       0       0

අචිනි Thursday, 24 October 2013 06:56 PM

නමුත් පුතේ රටක් නැතේ... (නි)

:       0       0

වසන්ත Thursday, 24 October 2013 06:56 PM

අධිවේගී මාර්ගය මිනුවන්ගොඩ හරහා නිට්ටඹුව දක්වා දිගු කළොත් හොඳයි. තවද මීගමුව හරහා පුත්තලම දක්වාත් එතැන් සිට අනුරාධපුර දක්වාත් අධිවේගය දිගු වෙයි කියා බලාපොරොත්තු වෙනවා. (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Thursday, 24 October 2013 06:57 PM

ආඩම්බරයි පියාණෙනි .....! තව දෙයක් කියන්න ඕනෑ. ඒක රෝසෙන්ද සිල්වා මහත්තයා කියලා තිබෙනවා.ඒ අදහස නැවත බලන්න (නි)

:       0       0

අකිල Thursday, 24 October 2013 06:59 PM

තිලක් කියන කතාවට මම එකගයි. (නි)

:       0       0

සෑම් Thursday, 24 October 2013 01:31 PM

ආශ්චර්ය ටික ටික ළගාවෙනවා (නි)

:       0       0

සරත් Thursday, 24 October 2013 07:09 PM

කොහොම වුණත් වියදම ගැන නොසිතා මේ වගේ පාරක් හදපු එක නම් ගොඩක් වටිනවා.කැසිනෝ වැඩෙත් ඉක්මණට කළා නම් නියමයි. (නි)

:       0       0

නීල් Thursday, 24 October 2013 07:23 PM

නිදහසෙන් පසු බිහිවුණ එකම එඩිතර ජනනායකයා. ඔබට අපි හැමෝම ගොඩක් ගරු කරනවා (නි)

:       0       0

වයි. Thursday, 24 October 2013 01:43 PM

නියමයි. ඒත් ඉතින් වාහන විතරනේ (නි)

:       0       0

කලන Thursday, 24 October 2013 07:46 PM

මේවා සාමාන්‍ය දේවල් රටක දේශපාලඥයෝ කළ යුතු. කොහොමහරි කළ එක අගය කරනවා. (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Thursday, 24 October 2013 01:47 PM

වැඩේ නම් හොදයි. දුෂ්කර නොදියුණු ප්‍රදේශත් දියුණු කළොත් නේද හොද? (නි)

:       0       0

අකිල Thursday, 24 October 2013 07:53 PM

තිලක්-ඩුබායි : ඔයාගේ කාර් එක එච්ච්චර ලොකුද?(දිල්)

:       0       0

පෙරේරා Thursday, 24 October 2013 08:01 PM

අපි මාර වාසනවන්ත් ජයනතාවක් (දිල්)

:       0       0

ගාමිණි Thursday, 24 October 2013 08:01 PM

අධිවේගී මාර්ග වගේම බඩුමිල,බස්ගාස්තු,විදුලි බිල,ජල බිල,ගැනත් හිතන්න .(දිල්)

:       0       0

විරාජ් කාලිංග Thursday, 24 October 2013 08:04 PM

මේ පොටෝ ටික දැක්කාම මේ රටේ මිනිස්සු කොයිතරම් මෝඩ දුපත් වැසියෝ ටිකක්ද කියල හිතෙනවා,පාරක් හැදුවාම මිට කලින් දැකල නැහැ වගේ ගිහින් බලන් ඉන්නවා මැජික් පෙන්නනවා වගේ,,කවදා තේරුම් ගනීද දන්නේ නැහැ අපි රැවටිලා ඉන්නේ කියල,(දිල්)

:       0       0

දුබි ශාන්ත Thursday, 24 October 2013 08:05 PM

රට ඉදිරියටම රැගෙන යමු .ජය වේවා(දිල්)

:       0       0

තලංගම Thursday, 24 October 2013 08:10 PM

මෙය මෑත කාලයේදී රටට කරපු හොදම ආයෝජනයයි . ජය වේවා (දිල්)

:       0       0

හේමලාල් Thursday, 24 October 2013 08:12 PM

තිලක් ඕක කාර් එකක්ද , බරකරත්ත්යකද නැත්නම් කොච්චියක්ද .(දිල්)

:       0       0

විරාජ් කාලිංග Friday, 25 October 2013 10:25 AM

මනෝජ්, මිත්‍රයා තමුන් ගැනත් මට කණගාටුවක් තියෙනවා. 65% විතර ලංකාවේ ජනතාවත් ඔය කියන මතේම එල්ලීගෙන ආශ්චර්ය එනකන් බලන් ඉන්නවා. බොහෝ දෙනෙක් තාමත් දන්නේ නැහැ අපි කොතනද ඉන්නේ කියලා. හොරුන්ට කුඩු කාරයින්ට පගා මරුවන්ට රැවටෙන ජනතාවක් ඉන්නේ ලෝකේ වෙන කොහෙද ලංකාවේ මිසක්.(නදී)

:       0       0

ජයලාල් Thursday, 24 October 2013 08:15 PM

ඉස්සෙල්ල රට දියුණු කල යුතුයි , එතකොට මිනිස්සු නිකම්ම දියුණු වෙනවා. මෝඩ කම් අඩු වෙනවා , ජය වේවා. (දිල්)

:       0       0

රාධා Thursday, 24 October 2013 02:01 PM

තවත් මෙවන් දේ කිරීමට රටට වාසනාව ලැබේවා(දිල්)

:       0       0

ලංකා Thursday, 24 October 2013 08:18 PM

ජය ලලිතට තව ජෙලස් ඇති .(දිල්)

:       0       0

ශාන් Saturday, 26 October 2013 03:46 AM

යුද්ධය කරගෙන යනකොටත් ඒකටත් අකුල් හෙළපු මිනිස්සු ඉන්න රටේ,මේ වගේ රට වෙනුවෙන් හදපු දෙයකටත් අකුල් හෙළන්න මිනිස්සු හිටියෙ නැත්නම් තමා පුදුමෙ. සමහරක් හිතාගෙන ඉන්නෙ මේ අධිවේගී මාර්ගයේ යන්නෙ ලොක්කෝ විතරයි කියලා. මෝඩකම සහ කුහකකම. (නි)

:       0       0

ඇෆ්ගන් නිමල් Thursday, 24 October 2013 08:21 PM

බඩගිනි උනාම අදිවේගයේ යන්න බඩ පිරෙයි හොදටම.(දිල්)

:       0       0

ද සිල්වා බෙර්ලින් Friday, 25 October 2013 04:47 PM

අධිවේගී මාර්ග රටේ සංවර්ධනයට යොදා ගන්න නම් මගින් වැඩිපුර ගමන්ගන්න බස් රථ වලිනුත් කාර් වලින් අයකරන මුදලම අයකර එහි වාසිය මගියාට ලබාදිය යුතුයි. එවැනි ක්‍රමයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ නම් පෙන්නේනට නැත ? .(නදී)

:       0       0

වරුණ Thursday, 24 October 2013 02:19 PM

හරි දැන් බන්නින්න ගන්න. කව්ද පළවෙනියා ?(දිල්)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 24 October 2013 02:20 PM

මෙහි ලංගම බස් රථ පහක් ගමන්කිරීම ඉතාම කාලෝචිත දෙයක් නමුත් සාමාන්‍ය ජනතාවට දැරිය හැකි ගාස්තුවක් අයකරන්න , බස් , ලොරි, කන්ටේනර් වල වේගය පැයට කිලෝමීටර අසුවට සිමා කරන්න , (දිල්)

:       0       0

සෙන්තිල් Thursday, 24 October 2013 08:49 PM

හරියටම හරි විරාජ් කාලිංග (නි)

:       0       0

වයි. Thursday, 24 October 2013 02:30 PM

පාර නම් හොදටම තිබෙනවා.පයින් යන්න පුලුවන් කී දවසද? දන්නවනේ වාහන ඉගිලෙනකොට? (නි)

:       0       0

අජිත් Thursday, 24 October 2013 09:22 PM

විරාජ් කියපු එකම තමා මාත් හිතුවේ, ගොඩක් දුක හිතෙනවා ලංකාවේ මිනිස්සු ගැන. (නි)

:       0       0

මාගලී Thursday, 24 October 2013 09:24 PM

ඔව් ඔව් තව ඇමතිවරු ටිකක් දිවුරුම් දෙනවලු නැවතත්.හොදයි හොදයි ගොඩාක් හොදයි. (නි)

:       0       0

රන්ජිත් Thursday, 24 October 2013 02:40 PM

ප්‍රවේශමෙන් පුතේ! (නි)

:       0       0

සම්පත් ප්‍රියංකර Thursday, 24 October 2013 02:41 PM

ජනාධිපතිතුමාට පින්සිද්ධ වෙන්න ලංකාවේ අධිවේග මාර්ග හැදෙනවා. ජනාධිපතිතුමනි, ඔබට චිරන් ජයතු ...! (නි)

:       0       0

ලාල් Thursday, 24 October 2013 09:27 PM

මේ වෙනුවෙන් තම දේපළ අහිමි වූ ප්‍රදේශවාසීන්ටත් ප්‍රණාමය හිමිවිය යුතුයි. (නි)

:       0       0

ඡායා Thursday, 24 October 2013 02:42 PM

හොද දේ හොදයි, ජයවේවා !!! රුහුණු මාර්ගය හැදුවේ කිරි ගේන්න කියපු අය, මේකට මොනවා කියාවිද? බලමු.....(නදි)

:       0       0

නිමල් Thursday, 24 October 2013 09:35 PM

මුලින්ම දාලා තිබෙන එක නම් හරියටම හරි. මොකද තව අවුරුදු 20 කින් ඔය පොඩි දරුවට පාර කෙසේවෙතත් ණය දොර නම් අධිවේගය වගේ ඇරෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’සනත්ගේ ගේ බාර දෙන්න අදත් කවුරුත් නෑ’’
2024 නොවැම්බර් මස 11 126 0

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ සනත් නිශාන්ත මහතා ඔහු ජීවත්ව සිටියදී ලබා දී තිබූ රජයේ බංගලාව අදත් කවුරුත් නොපැමිණි බව එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.


තලෛ මන්නාරම - කොළඹ කෝච්චි ගමන හෙට සිට අරඹයි
2024 නොවැම්බර් මස 11 99 0

මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් කලක් තාවකාලිකව නවතා තැබූ තලෙයිමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය හෙට (12) සිට නැවත ආරම්භ කි


පිල්ලයාන් හෙට CIDයට
2024 නොවැම්බර් මස 11 275 0

හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන සිවනේ සතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ගෙන් හෙට (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත බව පොලිස් මාධ්‍ය


යාපනය චුන්නාකම් පොලිසියේ 4කගේ වැඩතහනම් කරයි
2024 නොවැම්බර් මස 11 335 0

අනතුරකින් පසුව පුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් සිදුකල පරික්ෂණයකින් අනතුරුව යාපනය චුන්නාකම් පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කි


චැනල් 4 සාකච්ඡාවක් ගැන සී.අයි.ඩිය පරීක්ෂණයක්
2024 නොවැම්බර් මස 11 292 0

පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රූපවාහිනී නාළිකාවක් වන චැනල් 4 නාලිකාව මගින් ශ්‍රී ලාංකිකයකු සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවක් සම්බන්ධයෙන්


’’ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා’’
2024 නොවැම්බර් මස 11 172 0

නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 145 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 499 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1541 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site