IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ඔබාමා ලංකාවට එන ලකුණු

ඇමරිකා  ජනපති බැරක් ඔබාමා ශ්‍රී ලංකාවේ  සංචාරයකට එනු ඇතැයි වසර 47 කට පසු ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී කොළඹදී ප්‍රබල ඉඟියක් කළේය.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා කොළඹදී පැවති පුවත්පත් හමුවකදී පැවසූවේ ආසියා සංචාරයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනපති ඔබාමාට නිර්දේශ කරන බවයි.

ජෝන් කෙරී අවධාරණය කළේ තමා ශ්‍රී ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකාවේ කටයුතු වලට ඇගිලි ගැසීමට නොව  ශ්‍රී ලංකාවේ පවත්නා යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ඇති වු සතුටුදායක තත්වය නිසා බවයි.

 



අදහස් (0)

ඔබාමා ලංකාවට එන ලකුණු

සම්පත් Sunday, 03 May 2015 07:14 AM

ජාත්‍යන්තරයේ හිත දිනානොගෙන කිසිම රටක් ඉදිරියට යා නොහැක. (නි)

:       0       0

ප්‍රසාද් Tuesday, 05 May 2015 06:49 AM

කෝ අර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කිය කියා කෑගහන අය කොහෙද? (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Sunday, 03 May 2015 07:32 AM

රණේපුර මහතාගේ කතාව මසුරන් වටිනා එකක්. එහෙත් කොටසකට මෙය නොවැටහීම කණගාටුවක් (නි)

:       0       0

ශාන සෞදි Sunday, 03 May 2015 08:18 AM

මමත් රණේපුර මහතාගේ කතාවට එකඟයි. එසේම රටේ අනන්‍යත්වය හා ජාතික ආරක්ෂාවට පවතින පාලන ක්‍රමයට අත තැබීමට ඔහුට හෝ වෙනත් අයෙකුට අවසර නොදිය යුතුයි. (නි)

:       0       0

සුපුන් Sunday, 03 May 2015 08:24 AM

බොහොම හොඳයි. (නි)

:       0       0

දමිත් Sunday, 03 May 2015 08:25 AM

මමත් රණේපුර මහතාට එකඟයි. පාප් වහන්සේගේ සිට අප රටට පැමිණි හැම නායකයෙකුම බෞද්ධ ආගමට දැක්වූ ගෞරවය අප අගය කළයුතුයි. සෑම පුද්ගලයෙක්ම සතුරෙක් යැයි සිතීමට අපට බුදු දහමේ කොතනකවත් උගන්වා නැහැ (නි)

:       0       0

පුබුදු Sunday, 03 May 2015 08:54 AM

මමත් රණේපුර මහතාගේ කතාවට එකඟයි. බලවත් රටවල් කොහොමත් අපේ රටට ආදරෙයි. මොකද ලෝකයේ හොඳම තැනකයි අපේ රටේ පිහිටීම වෙලා තියෙන්නේ. (නි)

:       0       0

සුමුදු හේවා Wednesday, 06 May 2015 06:57 PM

මං කිව්වේ රණවීර විරුද්ධව කියපු හුඟක් දේ එහෙම්පිටින්ම කැපුවා කියලයි. (නදී)

:       0       0

රූපසිංහ Sunday, 03 May 2015 09:07 AM

ලෝක පොලිස්කාරයාට ඔලුව පිරෙන්න වැඩ තියෙද්දී අනේ ඇයි මේ පුංචි තිතක්වන් ලංකාවටම එන්න හිතුනේ? (නි)

:       0       0

සුමුදු හේවා Wednesday, 06 May 2015 06:57 PM

විරුද්ධව මොකුත් නොකියනවා නෙවෙයි මාධ්‍ය සදාචාරය එයයි (නදී)

:       0       0

රෝහි Tuesday, 05 May 2015 03:31 PM

සමදරා ආරියදාස නැන්ද කියන්නේ විදේශ ඇමති වෙන්න රනේපුරට අර සුදුසුකමත් තියෙනවා කියලද? අපි නං එහෙම එකක් නැන්දා කියනකං දැනං හිටියෙ නෑ. (බ)

:       0       0

සුමුදු හේවා Wednesday, 06 May 2015 06:59 PM

අනේද කියන්නේ යසීර්, මේ දේවදත්තයා එක්ක හොඳට සම්බන්ධකම් පැවැත්තුවොත් නොවැරදීම හොඳම අපායකට යන්න හරි හොඳම අපායක් ලක් පොළොවේම ඉදි කරගන්න හරි පුළුවන් වෙනවා තමයි. (නදී)

:       0       0

සොපී Sunday, 03 May 2015 09:14 AM

අඩුපාඩුවකට තිබුනේ ඔච්චරයි .. (ත)

:       0       0

රිතික් රෝහිත් Wednesday, 06 May 2015 07:00 PM

එ්කනේ රණේපුර, බල්ලොත් එක්ක නිදිය ගත්තොත් මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා නේ! (නදී)

:       0       0

සොපී Sunday, 03 May 2015 09:14 AM

අඩුපාඩුවකට තිබුනේ ඔච්චරයි (ත)

:       0       0

මැගී Sunday, 03 May 2015 09:16 AM

මේ අය පය තිබ්බ තැන් වලට හරි ගිහින් නැති බව මතක තියාගත්තොත් කොයි කාටත් හොදයි ....(ත)

:       0       0

ජයන්ත Monday, 04 May 2015 07:18 AM

ඇමරිකාව අපිට ඔච්චර ආදරේ නම් ඇයි අපිට අවුරුදු තිහක් කොටිත් එක්ක යුද්ධ කරන්න ආයුධ දුන්නේ නැත්තේ? අපේ හෙලිකොප්ටර් අලුත්වැඩියා කරන්න උදව් කළේ ඊශ්‍රායලය. අපිට කොන්ද පණතිබෙන නායකයෙක් ලැබුණු නිසා ත්‍රස්තවාදය නැති කරන්න පුළුවන් වුණා. පේනවා නේද හොඳට තිබුණු අරාබිකරයට වෙලා තියෙන දේ. සුඩානය දෙකට වෙන්කළා. දැන් අපිට පිට කාගෙවත් උදව් ඕනෑ නැහැ. අපේ වැඩක් කරගෙන යන්න දුන්නා නම් නේද හොඳ? (නි)

:       0       0

ජයන්ත Monday, 04 May 2015 07:20 AM

ලංකාවේ යහපාලනය ඇතිවෙලාද, දන්නෙම නැතුව? (නි)

:       0       0

ජානක Sunday, 03 May 2015 10:09 AM

අපිට ඕනෑ අරාබි රටවල් නෝව චීනය ඇමෙරිකාව වැනි රටවල්ය. (ත)

:       0       0

මොහමඩ් ෆාරුක් Sunday, 03 May 2015 10:15 AM

ලෝකයේ බලවතා අපේ රටට එනවා කියන්නේ , ඔවුන්ගේ පැහැදීම අප ගෙන තිබෙනවා කියන එක , ඇමරිකාව යුරෝපය අපට සිටිනවානම් ආර්ථිකව සහ මානුෂිකව නිදහස් ජීවිත අපට ලැබෙනවා. (ත)

:       0       0

රණවිර Sunday, 03 May 2015 01:35 PM

අද මොකද මේකට විරුද්ධව මොකුත් කට්ටිය නොකියන්නේ? (නි)

:       0       0

ප්‍රකාශ් Monday, 04 May 2015 12:39 PM

මේ ලෝක පොලිස්කාරය පයගහන රටවල් විනාශයි.ඒ ගැන තේරුම්ගන්න ඕනෑ.මේ රට එයාලට අවශ්‍ය විදියට නටවන්න දෙකඩ කරන්න කටයුතු කරන්න බැහැ අපිට. (නි)

:       0       0

චන්න බුවනක Sunday, 03 May 2015 03:30 PM

යහපත් දෙයක් සිදුවෙනවා නම් හොඳයි (නි)

:       0       0

සුමුදු හේවා Monday, 04 May 2015 05:40 PM

අනේද කියන්නේ යසීර්! (නි)

:       0       0

සුමුදු හේවා Monday, 04 May 2015 05:44 PM

විරුද්ධව මොකුත් නොකියනවාම නෙමෙයි රණවීර (නි)

:       0       0

සුමුදු හේවා Monday, 04 May 2015 05:48 PM

අනේ රණේපුර, දුදනන් ආශ්‍රය කිරීම පිරිහීමට කාරණයක් බව බුදු බණේත් තිබෙනවා නේද? (නි)

:       0       0

සුමුදු හේවා Monday, 04 May 2015 05:58 PM

ආනන්ද දොඩන්ගොඩලට, රණේපුරලට, එරන්ගලට හේරත්ලට සෞදියේ දියබුං ගසමින් මෙහෙ පෑදීදිය බොරකරන ශාන්ලට, සහ ටිකිරි මොළැති ටිකිරිලාට ඇත්ත තේරෙනකොට මේ රටේ හැමෝගෙම කටේ පස්! (නි)

:       0       0

රිතික් Monday, 04 May 2015 11:35 PM

එයාලා අපේ රට ගැන එච්චර කරදරවෙන්නේ ආදරේටනේ රූපසිංහ. (නි)

:       0       0

ගැමුණු Wednesday, 06 May 2015 02:34 AM

නියම මිතුරා කිසීම දෙයක් බලාපොරොත්තු නොවී උපකාර කරයි (නි)

:       0       0

ප්‍රකාශ් Tuesday, 05 May 2015 11:28 AM

අනේ රණේ,මොකද අනේ, මෙයාල ගිය රටවලට වුනේ (බ)

:       0       0

රණේපුර Sunday, 03 May 2015 02:14 AM

ලංකාවට, සිංහල ජාතියට, බෞද්ධාගමට ආදරය කරන්නා අනිවාර්යෙන් මහින්දවාදියකු විය යුතුයැයි සිතමින් මානසික රෝගයෙන් පෙළෙන්නෝ මෙයත් වපර ඇසින් දකින්න පුලුවන්. ඔවුන්ට මහින්ද පාලනය නොකරන ලංකාවේ, මිනිහෙකුට අධෝ වාතයක් ගියත් එය යහපාලනයේ වරදක් ලෙසයි පෙනෙන්නේ. නමුත් මහින්දගේ කාලයේ සිදු වූ බොහෝ අයහපත් දේවලට ඔවුන් නිහඬයි. කෙසේ නමුත් මෙම පුවත රටට සුභ දෙයක් ලෙසදකින්න පුලුවන්. අප ජාත්‍යන්තරය මිතුරු කරගත යුතුයි. නමුත් ඔවුන්ගේ වහලෙකු නොවිය යුතුයි. අපගේ අනන්‍යතාවයන් රැකගෙන රටක් ලෙස ඉදිරියට යා යුතුයි. (නි)

:       0       0

එරංග Sunday, 03 May 2015 02:36 AM

මමත් රණේපුර මහතාගේ කතාවට එකඟයි (නි)

:       0       0

රසීර් Sunday, 03 May 2015 03:25 AM

ඔව්... අනික අපේ වගේ රටක් ඇමෙරිකාව තරහා කරගෙන තේරුමක් නැහැ.ලෝකයේ ප්‍රභලම රට එක්ක මිත්‍රත්වයක් ගොඩනඟා ගන්න එක වඩාත්ම හොඳයි (නි)

:       0       0

හරේන් Sunday, 03 May 2015 04:25 AM

ඡන්ද ගන්න මිනිස්සු රවටපු කාලේ ඉවරයි. අපි ජාත්‍යන්තරයත් එක්ක අත්වැල් බැඳගෙන ඉස්සරහට දිගු ගමනක් යමු... (නි)

:       0       0

ගාමිණී විජයරත්න Sunday, 03 May 2015 04:39 AM

ලෝකයේ සංවර්ධිත රටක් ලෙස ඉදිරියට යන්නට මෙය හොඳ අවස්ථාවක් කරගනිමු (නි)

:       0       0

රොහාන් සෞදි Sunday, 03 May 2015 05:05 AM

මමත් රණේපුර මහතාගේ කතාවට එකඟයි අපි වහලුන් නොවිය යුතුයි, මම දන්නා කලෙක ඇමෙරිකන් ජනපතිවරයෙක් ලංකාවට ඇවිත් නැහැ. එහෙම එන එක මොනතරම් හොදාද. (ර)

:       0       0

දිනේෂ් Sunday, 03 May 2015 05:08 AM

රණේපුර සහ එරංග, ඔබලාගේ මතය හරි වෙන්න පුළුවනි. එත් ඔය කියන ජාත්‍යන්තරය කොටින් නැසූ යුද්ධයේදී ලංකාවට පිටු පෑවා. ඔය ජාත්‍යන්තරයේම ඉඳගෙනයි මේ ලියන්නේ. ඒ කාලයේදී එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය දෙකම සහ එක්සත් ජාතීන්ගේ සංගමය එක්සත් වුනා කොටින්ගේ පැත්ත ගෙන.මා ජීවත්වන ඕස්ට්‍රේලියානු රජය පමණයි ඒ වෙලාවේ මානුෂික මෙහෙයුමට සහයෝගය දැක්වූ රට. ඔවුන් එය කරේ ත්‍රස්තවාදයට මුල්‍යමය ආධාර එකතුකිරීම තහනම් කිරීම සහ අනික් ක්‍රියා වලින්. සිතිය යුතු පුවත නම් එක්සත් කණ්ඩායම ඒකාලයේ මුණ ගැසී රටේ සිදුවෙන තත්වය ගැන හිලරි ක්ලින්ටන් ඇතුළු කණ්ඩායමට තමන්ගේ විරෝධය පෑ අය අද බලයේ සිටීමත් ඔවුන් බලයේ සිටිද්දී ඔවුන්ට එදා ඇහුන්කම් දුන් අය අද අපේ රටට හොට දැමීමත්. ඇයි එහෙම වන්නේ? 1802 සහ 1815 අතර අපේ රටට වුනු දේ සිහි කරන්න. (ර)

:       0       0

උපාලි Sunday, 03 May 2015 05:09 AM

සහතික ඇත්තත එත් සමහර අයගේ දුපත් මානසිකත්වය අයින් කරන්න බැහැ. ලිදේ ඉන්න මැඩියෝ වගේ කරන්න දෙයක් නැහැ ඔය වගේ අය බුදුන් වහන්සේගේ කාලෙත් හිටියනේ. (ර)

:       0       0

රජින්ද Sunday, 03 May 2015 05:36 AM

දැන් මේ වෙන්නේ අපට ඕනෑ දෙය නොව ඔවුන්ට ඕනෑ දෙය අපේ බව ඇගවීමක් පමණි. යුද්ධයේදී අන්තිම මොහොත දක්වා අපව කකුලෙන් ඇද අපව තනි කල ඇමෙරිකාව පසුව ව්‍යාජ යුධ අපරාධ උගුළක අපව හිර කෙරිණි. ඇමෙරිකානු සැළසුම් කිසිවක් ආණ්ඩු මාරු සමග වෙනස් වන්නේ නැත. යථාර්තය පෙනී පෙනී මේ වැටෙන්නට යන්නේ දැවැන්ත උගුලකය. එහි ප්‍රථිපලය එනවිට අපේ දීර්ඝකාලීන හිතවතුන්ව සිටි රුසියාවත් චීනයත් අපට අහිමි වෙලාය. (ර)

:       0       0

හේරත් Sunday, 03 May 2015 05:44 AM

රණේපුර මහතා හරි (නි)

:       0       0

සමදරා ආරියදාස Sunday, 03 May 2015 05:46 AM

පුතේ රණේපුර, ඔබ විදේශ ඇමති වගේ තනතුරක් ලබන්න කැමති නැද්ද? (නි)

:       0       0

ඇසළ Sunday, 03 May 2015 05:48 AM

මමත් එකඟයි රණේපුර. (නි)

:       0       0

ටිකිරි Sunday, 03 May 2015 06:00 AM

රණේපුර මහතාගේ අදහසට එකහෙළාම එකඟවෙමි. (නි)

:       0       0

යසීර් Sunday, 03 May 2015 06:03 AM

නැතුව නැතුව, අපි දන්නෙ නැද්ද අමෙරිකාවත් එක්ක හොඳ සම්බන්ධකම් පවත්වපු රටවල්වලට වෙච්ච හරිය? (නි)

:       0       0

බණ්ඩාර Sunday, 03 May 2015 06:09 AM

හරියටම හරි. දැන් ලෝකේ ලොක්කා අපිත් එක්ක.අපි කාටද බය ? (නි)

:       0       0

චාමර Sunday, 03 May 2015 06:28 AM

රණේපුර මහතාගේ කතාව හරි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 419 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 472 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 147 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1443 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1088 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 425 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 747 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site