IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


'ඔබවයි තවමත් ඕනා' ගෙනෙන චරිත්

2016-10-06-ent-73

චරිත් චින්තක හිත්තටියගේ මාතර, මාකදුර ප්‍රදේශයෙන් සංගීත ක්ෂේත්‍රයට පිවිසි නවක ගායන ශිල්පියෙකි. තවමත් උසස් පෙළ විභාගය හදාරන ඔහුගේ නවතම ගීතය "ඔබවයි තවමත් ඕනා" නමින් රසිකයන්ට තිළිණ කර ඇත. ඒ පිළිබඳව හා ඉදිරි සංගීත කටයුතු පිළිබඳව පැවසීමට ඔහු "තරුණයා" සමග මෙලෙස එක්විය.

 

සංගීතට යොමු වුණේ කොහොමද?

මට පොඩි කාලෙ ඉඳලම ලොකු ආසාවක් තිබුණා සංගීතය ඉගෙන ගන්න. මම පාසල් ගියේ කඹුරුපිටිය නාරන්දෙනිය ජාතික පාසලට. සාමාන්‍ය පෙළට වගේම උසස් පෙළටත් සංගීතය තමයි කරන්නෙ. රටේ මිනිස්සු දන්න ගායකයෙක් වෙන්න තමයි එදා ඉඳන් ඕන වුණේ. එහෙම තමයි මගේ ගමන පටන් ගත්තේ.

 

"ඔබවයි තවමත් ඕනා" කියන ඔබගේ නවක ගීතය පිළිබඳව පැවසුවොත්?

"ඔබවයි තවමත් ඕනා" ගීතය ලිව්වෙ සත්සර කසුන් පතිරණ, සංගීතවත් කළේ උලිප් මිරැන්ඩෝ, මෙයට හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඉදිරියෙදි මෙම ගීතයට රූප රචනාවක් කරන්නත් බලාපොරොත්තු වෙනවා.

 

"මට පෙම් කළ" ගීතයේ රූප රචනාවකුත් කළා නේද?

ඇත්තටම ඔව්, මගේ පළවෙනි ගීතය "වැටෙන කඳුලක්" නමින් එළිදැක්වුවා. ඒ මීට මාස 10කට පමණ පෙර, එහි රූපරචනාව කරලා තාම මාස 03 ක් වගේ තමයි වෙන්නෙ. ගීතය ලිව්වෙ හිරන්ත විරාජ්, සංගීතවත් කළේ තිළිණ තාරක. ඉතින් මෙම ගීතය දැන් රූපවාහිනි නාළිකා තුළ හා අන්තර්ජාලයේ ප්‍රචාරය වෙනවා. හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

 

නවකයෙක් විදියට සංගීත ක්ෂේත්‍රයට පිවිසීමේදී මොන වගේ අභියෝගයක්ද තියෙන්නේ?

නවකයෙක් කිව්වම අද සංගීත ක්ෂේත්‍රයේ පිළිගැනීමක් නැහැ, තැනක් ලැබෙන්නෙත් නැහැ. ඔවුන්ට මේ ක්ෂේත්‍රයට පිවිසීමම ලොකු අභියෝගයක්. ක්ෂේත්‍රයේ තැනක් හදාගත්ත කෙනා මොන දේ දුන්නත් රසිකයන් පිළිගන්නවා. නමුත් නවකයන් අතරත් දක්ෂ අය ඉන්නවා. ඒ අයට පිවිසෙන්න යම් වැඩපිළිවෙළක් හදනවනම් හොඳයි.

 

ඔබ සංගීත කණ්ඩාමක කටයුතු කරනවා නේද?

ඔව්, කඩුවෙල "ස්ටේජ් ක්‍රිංග්" කණ්ඩායමේ නියාමක ගායකයෙක් විදියට කටයුතු කරනවා. එයට සම්බන්ධ වුණෙත් අහම්බෙන්. ෆස්බුක් හරහා ඔවුන් මගේ දක්ෂතාවය දැකලා මට කතා කරලා බෑන්ඩ් එකට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කළා. ඉතින් අපේ බෑන්ඩ් එකේ නායක දර්ශන සුගත් අයියත් මගේ ගමනට ලොකු සහයෝගයක් ලබාදෙනවා.

 

මෙම ගමනෙදි අතහිත දුන් අය

මුලින්ම මතක් කරන්න ඕන මගේ අම්මා, තාත්තා, සහ අයියලා දෙන්න. ඒ වගේම අපේ ඉස්කෝලෙ විදුහල්පති ලාල් ප්‍රියදර්ශන සර්, සෝමසිරි ගුණසේකර සර්, ඉසුරු චාමර, දසුන් චාමර, අරුණි අක්කා, නිමන්ත චින්තක, මහින්ද ගමගේ, පැතුම් චතුරංග ඇතුළු මේ තාක් මගේ ගමනට සහයෝගය දුන් සැමට ස්තුති කරනවා.

 

077 9412461 - 071 2444508

ඡායාරූප සහ සටහන - මහේෂ් මලවර ආරච්චි

 

2016-10-06-ent-74



අදහස් (0)

'ඔබවයි තවමත් ඕනා' ගෙනෙන චරිත්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 134 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 11 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 521 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 257 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 707 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


කමල් අද්දරආරච්චි උවිඳු විජේවීර එක්ක ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1581 3

ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39620 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25777 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1207 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site