IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘ඔබ එන තුරු භාරතය බලා සිටී‘

ඉන්දියාවේ නිල සංචාරයක නිරතවීමට නියමිත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  ප්‍රමුඛ ශ්‍රී ලාංකා  දූත පිරිස පිළිගන්නට ඉන්දියා  රජයත්, ජනතාවත්  සතුටින් බලා සිටින බව ඉන්දීයා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  අද උදේ දුරකතන ඇමතුමක් දෙමින් ජනපතිට පැවසීයැයි ජනපති මාධ්‍ය අංශය කියයි.

ඉදිරියේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට  සුබ පතන බවත්,    1996 වසරේදී මෙන්ම ලෝක කුසලානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හැකිවේවායිද ප්‍රාර්ථනා කරන බවත් ඉන්දියා අගමැති පැවසීය.

සිරිසේන මහතා  ලබන 15 වැනි දා සිට 18 වැනි දා දක්වා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

එම සංචාරයේ දී  ඉන්දියා ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි හා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.



අදහස් (0)

‘ඔබ එන තුරු භාරතය බලා සිටී‘

නඩරාජා Friday, 13 February 2015 09:31 PM

උඩින් හකුරු යටින් කතුරු ,සිරිසේන මහත්තයෝ බලගනයි , උතුර දීපන් කියල ,ඔවු කිව්වොත් ඔබ කුජීතයි , අපි මෙහෙ සන්තොසයන් ඉදල ඉවරයි (ස)

:       0       0

කුමාර් Friday, 13 February 2015 11:12 PM

ජනාධිපති තුමෝ, හැබයි එයාලා කියන කියන එකට; එහෙයි එහෙයි කියනවා හෙම නොවෙයි. (ස)

:       0       0

ඇන්ජලෝ Saturday, 14 February 2015 12:14 AM

රටට හොඳක් වෙනවා නම් ඒ ඇති (නි)

:       0       0

රංග Saturday, 14 February 2015 12:37 AM

නඩරාජා පිස්සුවෙන් වගේ කියවනවා කියලයි මට හිතෙන්නේ (නි)

:       0       0

කමල් Saturday, 14 February 2015 12:40 AM

මෛත්‍රී මැතිතුමා ඉන්දියාවේ යනවා කිවුවහම මෙතැන කී දෙනෙකු කලබල වෙලාද? ඒ වෙනුවට වෙන කෙනෙක් තිරුපති යනවා කිව්වා නම් මෙහෙ ඉඳලා හොඳට ආවඩනවා (නි)

:       0       0

රවීන් Saturday, 14 February 2015 12:45 AM

අනේ නඩරාජා, තමුන්නැහේට ඕනෑ නම් පස්සෙන් ගිහිල්ලා ඔත්තු බලාගන්න එකයි ඇත්තේ. මොකටද මගේ කට? (නි)

:       0       0

කෙවින් Saturday, 14 February 2015 01:18 AM

මහින්ද මහතා කොහේ සංචාරයකට ගියත් ඒකට කමක් නැහැ. මෙතුමා ගෙදර අවශ්‍යතාවයකට එළියට බැස්සත් ඒකත් සමහරුන්ට වැරදියි. (නි)

:       0       0

මහේන් Saturday, 14 February 2015 01:36 AM

නඩරාජා(බන්දුල යහපාල), තව කාලයක් ගියා නම් සමහරුන්ගේ ගුවන් ගමන් වල වියදම් නිසා මුළු රටම විනාශ වෙනවා. බලාගෙන! (නි)

:       0       0

ප්‍රසාද් Friday, 13 February 2015 08:52 AM

එතකොට අවන්කවම ඉන්දියාවට ලෝක කුසලානය දිනාගැනීමට එතුමා ප්‍රර්ථනා කරන්නේ නැද්ද?(හේ)

:       0       0

ප්‍රියමාල් ජයතිලක Friday, 13 February 2015 09:08 AM

මහින්ද මහත්තයා එද්දි විරෝධතා කරන්නයි, මෛත්‍රී එද්දි මල් මාලා දාලා පිලිගන්නයි. හරි ශෝක්. (නදී)

:       0       0

වික්‍රම Friday, 13 February 2015 09:16 AM

ප්‍රසාද් මටත් ඒ්කම හිතුනා. ඉන්දියාවට ලෝක කුසලානය ඒපා වෙලාද?(හේ)

:       0       0

විජේසිංහ Friday, 13 February 2015 09:20 AM

දෙරටේම ගෞරවය ඉහලින්ම ආරක්ෂා කරගතහැකි,ආර්ථික දේශපාලනික ආරක්ෂක හා සංස්කෘතික කරුණු ගැන මිත්‍රශීලී සබඳතාවක් ඇතිකර ගැනීමට හැකිවේවා යනු මගේ පතුමයි (නදී)

:       0       0

සම්පත් Friday, 13 February 2015 09:23 AM

මේ මෝඩ කතා ඉස්සර ජනපති මාධ්‍ය අංශයෙනුත් කිව්වා. (නදී)

:       0       0

මංජුල Friday, 13 February 2015 09:23 AM

ගියපාර ලෝක කුසලානේ දිනුවේ කොහොමද කියලා එතුමා දන්නවා ඇති. (නදී)

:       0       0

ඇසළ Friday, 13 February 2015 09:30 AM

එන්න කියන්නේ ආදරේටද උතුර දෙන්න කියයි පොරොන්දු උන විදියට. එච්චර තමයි. (නදී)

:       0       0

චන්ද්‍රා Friday, 13 February 2015 09:56 AM

පුදුම හදිස්සියක් තියෙන්නේ.මොකද දන්නෙ නැහැ ..... (නි)

:       0       0

‍සෝමදාස Friday, 13 February 2015 10:06 AM

වැඩි ආදරේ දබරෙටයි කිව්වලු. කලබල නොවී ඔහොම ටිකක් බලාඉඳිමු. (නි)

:       0       0

දුමින්ද Saturday, 14 February 2015 04:02 AM

තමිල්නාඩුවත් එක්කද. දැන් හොඳ අවස්ථාවක් තියනවා වැරදුන තැන හදන්න (නදී)

:       0       0

සොපියා Friday, 13 February 2015 10:52 AM

ආදරෙන් පිලි ගන්නද පළි ගන්නද කියල සැකයි . (ස)

:       0       0

මිකේ Friday, 13 February 2015 10:55 AM

මට පෙන්නේ මේකේ වෙන දෙයක්, මෝඩි ආසියාවේ ලොක්ක කියල හිතන් ඉන්නවා වගේ ආසියාවට කුසලානේ ගේන්න කියන්න....(ස)

:       0       0

ප්‍රසන්න Saturday, 14 February 2015 04:22 AM

මට පේන විදියට ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව මොන විදියටවත් කියන්නේ නෑ උතුරේ වෙනම පාලනයක් දෙන්න කියලා. මොකද එහෙම උනොත් වැඩිකල් යන්න ඉස්සර තමිල්නාඩුව වෙනම ස්වාදීන වෙන්න ඉල්ලනවා.(නදී)

:       0       0

ටි‍රෝන් Friday, 13 February 2015 11:12 AM

මට නම් මොකුත්ම හිතාගන්න බැහැ (නි)

:       0       0

රාමන් Friday, 13 February 2015 11:17 AM

ඇසළ, මෝඩ කතා කියන්න එපා (නි)

:       0       0

යසිරු Friday, 13 February 2015 11:49 AM

ප්‍රියමාල් ඊර්ෂ්‍යාවේ පැලෙනවා. බලාගෙන බ්ලඩ් ප්‍රෙෂර් එහෙම තියනවා නම් පරිස්සම් වෙන්න. (නි)

:       0       0

රවී Friday, 13 February 2015 12:13 PM

ඇසළ සතුටු වෙන්නේ අසවලා ඉන්දියාවට ගොහින් තිරුපති වඳින්න ගියාම තමයි. එයාව සංතෝෂ කරන්න පුළුවන් වෙන ජනාධිපති කෙනෙක් මේ ලෝකේ නැහැ. තුන් ලෝකෙම ඉන්න නායකයන්ට බැන ගත්ත ගමන්මයි. කවදා මේ අසහනය නැති වේවිද මන්දා ! (අ)

:       0       0

හේමා පෙරේරා Friday, 13 February 2015 12:15 PM

මෛත්‍රී මෝඩි ළඟ හිස නවනවා.මහින්ද එහෙම නැහැ .ඒකනිසා තමයි මේ වෙනස .අපේ රට ඉන්දියාව ඉදිරියේ බාල්දු වුනා.අපි ලාංකිකයෝ බව මෛත්‍රී අමතක කළා. (අ)

:       0       0

සිල්වා Friday, 13 February 2015 12:53 PM

මින් පෙර UNPය මහින්දගෙන් ඇසුවාසේ,දැන් අපටත් අසන්න සිදුවනවා,මෛත්‍රී සිංහලෙන්ද මෝදි එක්ක කථා කලේ.මෙවන් අපහාස කලේ UNPයයි.අපට මතකයි පසුගිය ආසියාතික නීතිවරුන්ගේ සංගමයේ කථාව කලෙත් මෛත්‍රී නොව රනිලුයි.(අ)

:       0       0

මහින්ද උයන්ගොඩ Friday, 13 February 2015 02:03 PM

හැමෙද්ම සැකේන් බල්නන හොඳ නැහැ විවෘතභාවය සහ අවංකකම ඉතා වැදගත් අපි බලමු (අ)

:       0       0

මහේන්ද්‍ර Saturday, 14 February 2015 09:03 AM

අපේ මාළු ටික ගන්නයි , දහතුන ඉල්ලන්නයි, මරුටි කාර් ටික පටවන්නයි , සීපා ගිවිසුම ගැන කතා කරන්නයි වෙන්න ඇති. (නදී)

:       0       0

සාලිය වික්ස් Friday, 13 February 2015 04:36 PM

පොඩ්ඩක් ඉවසලා ඉන්න. මම ඉක්මනට එනවා! (නි)

:       0       0

සෙනරත් Friday, 13 February 2015 05:31 PM

මෙම ක්‍රිකට් කතාව ඉන්දියාවේ පත්තරවල පළ උනොත් ඉන්දීය ක්‍රිකට් ලෝලීන් මොනවා කරයිද දන්නේ නැහැ (නදී)

:       0       0

නිහාමනි Saturday, 14 February 2015 10:52 AM

ඇසල...කුහක වෙන්න එපා.සත්‍යට මුහුණ දෙන්න .

:       0       0

නිශාන්ත Friday, 13 February 2015 06:06 PM

මේක බොහොම යහපත් ප්‍රවේශයක්. අපේ පුංචි රට ලෝකයේ හැම රටක් සමගම හොද සබද තාවයක් ගොඩ නගාගත යුතුයි. එහෙම නැතුව හිටපු ජනාධිපතිතුමා වගේ ඇමරිකාවට පට්ට බැනුම් බැනල අසනීප වලට බෙහෙත් ගන්න ඇමරිකාවට යන ප්‍රතිපත්ති තවදුරටත් අපට අවශ්‍ය නැහැ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 236 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 164 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 142 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 1087 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


අල්ලස් ගත් සැරයන් - පීසි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 60 0

මඩකලපුව පනෙයි අරුප්පන් කෝවිලේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වැලි පනෙයි අරුප්පන් වැවෙන් ගොඩ දැමීමට එරෙහිව නීතිමය කටයුතු නොකර සිටීමට රුපියල් 2000ක අල්ලසක


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 82 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38433 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25317 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 268 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 895 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 323 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site