IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඔබ මේ දරුවා දෙසත් බැලුවොත්..

බිම්සර කෞෂාන්ගේ වයස අවුරුදු  පහ ලබන්නේ ලබන මාසේ පස්වෙනිදාටය.

යන්තම් බහ තෝරන බිම්සරට පියාගේ ආදරයත් රැකවරණයත්  ලැබුණේ සිය මවගෙනි

ඇය එච්. ඒ.  බන්දුමතීය.

මොවුන් වෙසෙන්නේ මතුගම සිරිකඳුර  සඳසිරිගම ය.  

උපන්දා සිට නැතත් වයස අවුරුදු දෙකේදි බිම්සර හදිසියේ රෝගි වෙද්දී ඇයට කළ හැකිවූයේ නිවසේ සිට සැතපුම් අටක් පමණ  දුෂ්කර මඟ ගෙවා මතුගම ඩිස්පැන්සරියට දරුවා රැගෙන ඒමය

එදා වේල පිරිමහගැනිමටත් අපහසු තත්වයෙන් සිටියදි සිය සොහොයුරන් දෙදෙනාගෙන් ලැබෙන උපකාරයෙන් යාන්තම් දිවිගෙවන බන්දුමතී ට දරුවාගේ අසනීප තත්වය වෛද්‍යවරුන් පැවසු ආකාරයට හිසට පාත්වු හෙණයක් බඳුය.

මුලින් කළුතර නාගොඩ රෝහලටත් දෙවනුව කොළඹ රෝහලටත් යොමු කළ දරුවාගේ අවසාන රෝග නිර්ණය සිදුකළේ මහරගම පිළිකා රෝහලේය.

...අම්මේ මේ බබාගේ ඇට මිඳුළුවල පිළිකා තත්වයක් ඇතිවෙලා අපි බලමු සනීප කරගන්න හැකිවේවි ...

වෛද්‍යවරුන් බිම්සර දෙස බැළුවේ ඒ පුංචි ඇස්දෙකේ තිබුණාටත් වඩා කාරුණික බැල්මකිනි.

මෙසේ වසරක් ගෙවිණි දැන් බිම්සර මඳ සුවයකින් පසුවන ලකුණු පහළ වි ඇත

නමුත් දිගින් දිගටම ඔහුට බෙහෙත් ලබා දිය යුතුය

ඊට වැය වන මුදල අධිකය මේ ආදරණීය අම්මාගේ සොහොයුරන් දෙපළ නොවන්නට මේ දරුවාත්  තරුණ මවත් මේ වන විට මහ මඟය

හදිසි අවස්ථාවක දරුවා ප්‍රතිකාර සඳහා රැගෙනයාමට  යායුතු දුර කෙතරම් වුවද  ඇතැම් අවස්ථාවලදි බන්දුමති සිය දරුවා වඩාගෙන සැතපුම් අට ගෙවා මාර්ගයට යන්නීය

උදේ බසය වැරදුණහොත් ත්‍රී රෝද රථයකට රුපියල් 800 ක් ගෙවිමට ඇයට සිදුවෙයි

අසනීප දරුවා තනිකර දමා රැකියාවක් කරගත නොහැකි ඇයට මේ දරුවා රැක ගැනිමටත් දිවි ගෙවිමටත්  දිවියට අත්වැලක් සපයන ලෙස අප ආයාචනා කරන්නෙමු

ලිපිනය -එච් .එම් බන්දුමතී -     සඳසිරිගම  මතුගම 

ජාතික ඉතිරි කිරිමේ බැංකුව (පානදුර ශාඛාව)

ගිනුම් අංකය    1 - 004380- 0609-1

දුරකථනය- 072 9769889



අදහස් (0)

ඔබ මේ දරුවා දෙසත් බැලුවොත්..

ප්‍රසන්න සේනානායක Wednesday, 19 March 2014 02:26 PM

දර්ශන ඔයා නිදිමතෙන්ද ප්‍රවෘත්තිය බැලුවේ.. ප්‍රවුත්තිය අන්තිමේ මවගෙ නම ගිණුම් අංකය හා බැංකුවේ නම තියනවා දැක්කේ නැද්ද.. හැම මාසයකම මගේ වැටුපෙන් මුදලක් මම මේවගේ අසරණ අයට ලබා දෙනවා, එම මුදල මේ ගමන මේ දරුවටත් මීට කලින් ලංකා දීපයේ පළවුණු ලිපියේ සිටින දරුවාටත් මම ලබා දෙනවා.(නදී)

:       0       0

සිරියලතා කෙන්ය Wednesday, 19 March 2014 02:47 PM

චුටි පුතේ ඔයාට ඉක්මන් සුව,අපි ඔබට හෙකි තරම් උදව් කරන්න (අ)

:       0       0

පද්මේ Wednesday, 19 March 2014 04:23 PM

අර කෙනෙක් ඡන්දෙට 100 ගානේ එකතු කරලා ඡන්ද කරනවා වගේ මේ දරුවටත් සියලු දෙනාම හැකි පමණින් ආධාර කරමු.(නදී)

:       0       0

චන්ද්‍රා Thursday, 20 March 2014 02:22 AM

දරුවට බැංකු නොම්මරය දෙන්න.(නදී)

:       0       0

විජයාණී Thursday, 20 March 2014 02:23 AM

ලංකාදීපයට බොහොම පින්සිදු වෙනවා මෙවැනි අසරණවූ පවුල් හදුන්වාදීම ගැන. මමත් මේ පවුලට උදව් කරනවා.(නදී)

:       0       0

චිත්‍ර - මුට්වල් Wednesday, 19 March 2014 04:53 PM

කරුණාකරලා ලිපිනය පල කරන්න. (දී)

:       0       0

ශ්‍රීම Wednesday, 19 March 2014 05:07 PM

මෙවෙනි ලිපියක් පළකරන්නේ මේ දරුවට උපකාරය ක් බලාපොරොත්තුවෙන් නම් බැංකු ගිණුම සදහන් කරන්න (දී)

:       0       0

සුරංග Monday, 24 March 2014 09:20 PM

පුංචි පුතුට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා. මමත් දුප්පත් අතේ තියන විදියට උදව් කරනම්. අපිටත් දරුවෝ ඉන්නවා ඒක දුක දන්නවා. හැකි හැමෝම උදවූ කරනවනම් පින් (දී)

:       0       0

ජබ්රි සපායි Thursday, 20 March 2014 07:06 AM

අසනීප දරුවා තනිකර දමා රැකියාවක් කරගත නොහැකි ඇයට මේ :දරුවා රැක ගැනිමටත් දිවි ගෙවිමටත් දිවියට අත්වැලක් සපයන ලෙස අප ආයාචනා කරන්නෙමු.(නදී)

:       0       0

අජිත් සිරිවර්දෙන Wednesday, 19 March 2014 06:10 PM

කරුණාකර දුරකථන අංකය අපට දන්වන්නේ නම් මුදල් බැරකර විමසිය හැකිය .(දී)

:       0       0

චිත්‍රා Wednesday, 19 March 2014 06:20 PM

රට ඉන්න උදවියට පහසු මනිග්‍රෑම් .ඒ නිසා හැදුනුම්පතේ තියෙන නම දෙන්න . ස්තුති. (දී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Thursday, 20 March 2014 08:03 AM

මාත් පුළුවන් විදිහට මෙයාලට උදව් කරනවා.මම හිතුවේ ලංකාවේ කට්ටිය ලංකාවේ දියුණුව ගැන කියන විදිහට මෙහෙම පවුල් දැන් ලංකාවේ නැහැ කියලා. ගිය අවුරුද්දේ ඒක පුද්ගල අදායම ඇමරිකන් ඩොලර් 2000 විතර කිව්වා මතකයි. (නදී)

:       0       0

නදීෂා නිල්මිණී Thursday, 20 March 2014 08:54 AM

අපිත් අමාරු‍වෙන් ජීවත් වුනත්,‍මෙ‍හෙම ‍දෙයක් ඇහුවම කා‍ගෙද හිත උනු‍වෙන් නැත්තේ,මට පුළුවන් තරමින් උදව් කරනවා. (අ)

:       0       0

නීල් Thursday, 20 March 2014 09:16 AM

කරුණාකර දුරකථන අංකයක් අපිට ලැබෙන්න සලස්සවන්න.අපිට පුළුවන් කතා කරලා මුදල් දෙන්න.දරුවට ඉක්මන් සුවය ලැබෙන්න ඕනේ (දී)

:       0       0

ලසන්ත Thursday, 20 March 2014 09:35 AM

ඉතාම වටිනා පින් ඇති වැඩක් ,ස්තුතිය් ලංකාදීප. (දී)

:       0       0

සමන් Thursday, 20 March 2014 09:50 AM

නිදුක් නීරෝගී සුවය පතමි. හැකි පමණ උදව් කරන්නම් (දී)

:       0       0

සුනෙත් Wednesday, 19 March 2014 08:03 PM

හොඳ වැඩක් ලංකාදීප.(නදී)

:       0       0

චමින්ද Thursday, 20 March 2014 12:03 PM

පුතාට ඉක්මන් සුවය පතනවා. අනවශ්‍ය දේවලට වියදම් කරන සල්ලිවලින් රු.100 ගානේ මේ දරුවා වෙනුවෙන් දෙන්න පුළුවන්නම් ඒක ලොකු පිනක්. (ත)

:       0       0

සකූ Monday, 24 March 2014 01:03 PM

ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා.(නදී)

:       0       0

චන්දි Thursday, 20 March 2014 12:34 PM

අනේ සොයුරියේ.., ඔබේ දරු දුක මගේ මෙන් මට දැනුනේ මා නෙතු කදුලින් පුරවාය. මා අදම ඔබට මුදල් දමන්නෙමි මනි ග්‍රෑම් ක්‍රමයෙන් ඔව් මේ අදම පුංචි පුතේ ඔයාට සියලු දෙවි දේවතාවුන්ගේ පිහිට ආශීර්වාදයෙන් ඉක්මනින් සුව වේවා කියා පතන්නම්..!! විශේෂයෙන් ලංකාදීප කතෘ තුමාට මගේ ගෞරවය මෙවැනි අසරණ දරුවන් ගැන අපිට දන ගැනීමට සැලැස්වීම පිලිබදව...!!(නදී)

:       0       0

දර්ශන Wednesday, 19 March 2014 01:02 PM

බැංකු ගිණුම් විස්තර දැම්මනම් අපටත් පුළුවනි හැකි පමණ උදව් කරන්න (දිල්)

:       0       0

චමින්ද ප්‍රදීප් සිල්වා Wednesday, 19 March 2014 01:27 PM

කරුණාකරලා ලිපිණය හරි බැංකු ගිණුම් අංකය හරි ලබාදෙන්න.(නදී)

:       0       0

පෙරේරා Wednesday, 19 March 2014 01:37 PM

කරුණා කරලා ගිණුම් අංකයක් පලකරන්න එහෙම නැතුව මේ දෙය පලකරාට ප්‍රති පලයක් නැහැ.(නදී)

:       0       0

ගයාන් Thursday, 20 March 2014 01:07 PM

මේ මිනිස්සුන්ගේ ඇස් වලට හෙන ගහලද මන්දා ලිපියේ පහලින් නම ලිපිනය ගිණුම් අංකය සියල්ලම දාල තියෙනවා.(නදී)

:       0       0

ජගත් සෞදි Wednesday, 19 March 2014 01:39 PM

ගිණුම් අංකයට සල්ලි වැටේවි. තුති ලංකාදීප දැනුවත් කළාට.(අ)

:       0       0

රුවන් මැදිරිගිරිය Wednesday, 19 March 2014 01:54 PM

අපිට හැකි ලෙසින් සහය වෙමු මෙම අසරණ පවුලට (අ)

:       0       0

මද්දුම Wednesday, 19 March 2014 02:06 PM

දරුවා වෙනුවෙන් යම් දෙයක් කරන්නම් හැකි පමණින් උදව් කරන්නම් මේදරුවාගේ විස්තර දෙනවද ලිපිනය ලංකාවේ

:       0       0

චමිල Wednesday, 19 March 2014 02:10 PM

දෙදාස් ගානක් මේක කියවල තියනවා. අපි හැමෝම 100 දුන්නත් මේ අම්මට පුතාට ලොකු සහනයක් වේවි. මම දෙනවා. ඔයාලටත් පුළුවන්නන් .......(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අනුරට එංගලන්තයෙනුත් සුබ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 137 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බව එක්සත් රාජධානි පාර්ලිමේන්තු මන්ත්‍රිනි කැත්රි


අනුර පත් වූ සතුටට රට්ටු කිරිබත් කති
2024 සැප්තැම්බර් මස 23 0 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) දිවුරුම් දීමෙන් පසු පාක්ෂිකයෝ තැන තැන රතිඤ්ඤා දල්වමින්,කිරිබත් පිසිමින් සිය සතුට


ඌව - සබරගමු ආණ්ඩුකාරවරුත් ඉල්ලා අස්වෙ
2024 සැප්තැම්බර් මස 23 79 0

ඌව ආණ්ඩුකාරය අනුර විදානගමගේ සහ සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානයක මහත්වරු සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන්හ.


මධ්‍යම ආණ්ඩුකාර ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 23 557 0

මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගෙ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසී


මිරිහානේ පහරදීමකින් අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 23 596 0

නුගේගොඩ, උඩහමුල්ල දුම්රියපොළ මාර්ගයේ දී දියණියගේ පෙම්වතාගේ ඥාතියකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව මිරිහාන පොලිසිය


ජනපති ලේකම් ධූරයට සනත් කුමානායක
2024 සැප්තැම්බර් මස 23 4734 0

සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21199 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20514 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 110 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 321 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 168 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site