IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ඔයා ගප්පියාද?

20160314-oops-02

20160314-oops-03ශිවන්ත ප්‍රනාන්දු කියන්නෙ ලංකාවේ තරුණ පරපුර ආදරය කරන ගායකයෙක්. ඊට අමතරව මොහුව බොහෝදෙනා හඳුනන්නෙ මේරියන්ස් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් කියලා. නමුත් මේ කාරණා දෙකට වඩා වෙනස් විදිහටත් සමහරු මෙයාව දන්නවා කියලා තමයි ආරංචිය. දවසක් නුවර වෙඩින් එකක play කරලා.

සාමාන්‍යයෙන් වෙඩින් එකකදී කෙනෙක්ව දානවානේ බෑන්ඩ් එකේ ටේබල් එක බලන්න, ඒක ඕනෑ දේවල් දෙන්න. මේ වැඩේට තරුණ කොල්ලෙක් තමයි ඉඳලා තියෙන්නේ. ඉතිං කන්නද බොන්නද මේ හැමදේම මේ තරුණ කොල්ලා බලලා. මේ වැඩේ ඉවර වෙලා බෑන්ඩ් එකේ කට්ටිය එන්න යනකොට ශිවන්ත ගාවට ඇවිත් අර කොල්ලා අහලා "තව මොනවා හරි ඕනද? කරන්න මොනවා හරි දෙයක් තියෙනවාද" කියලා. ශිවන්ත කියලා "නැහැ ඕනේ නැහැ. බොහොම ස්තූතියි කරපු දේවල්වලට" කියලා. එතකොට මේ තරුණ කොල්ලා කියනවාලු "මට ඔයාව දැකලා පුරුදුයිනේ හොඳට. මම මේ ගොඩක් වෙලා ඉඳන් කල්පනා කළේ ඒකයි* කිව්වලු. දැන් ශිවන්ත හිතලා තියෙන්නෙ එයාගේ සිංදු එහෙම හරි මෑශප්වලින් හරි දැකලා වෙන්න ඇති කියලයි.

හැබැයි එයා එහෙම කියලා නැහැ. මේ කොල්ලා කියනවාලු "ඔයාගේ බෑන්ඩ් එකේ සීන් එකක් නෙමේ මට මතක.... ආ හරි ඔයා ගප්පියා නේද" කියලා අහලා. ශිවන්තට තරු විසිවෙලා ඒ අහපු දේට. "ඔයා ගප්පියා නේද? අර කොමිටල් වීඩියෝ එහෙම කරන්නේ" කියලා. "නැහැ නැහැ මම ගප්පියා නෙමේ" කියලා ශිවන්ත ප්‍රනාන්දු එතනින් හිමිට මාරු වෙලා ගියාලු.

20160314-oops-01



අදහස් (0)

ඔයා ගප්පියාද?

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 381 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 437 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 714 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 556 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 393 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 728 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site