IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ඔරුපාරු යළි කොළොම්පුරේ

කොළඹ  ඇළ මාර්ගය ඔස්සේ ක්‍රියාත්මක වන ප්‍රවාහන ක්‍රමයක් හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ.

බෝට්ටු භාවිත කරමින් ඇළ මාර්ග ඔස්සේ ජලාශ්‍රිත විනෝදාස්වාද ක්‍රියාකාරකම් හඳුන්වා දීම, ඇළවල් ඔස්සේ පාවෙන වෙළඳසැල් වැනි වාණිජ ක්‍රියාකාරකම් හඳුන්වා දීම ආදී ක්‍රියාකාරකම් රැසක් හඳුන්වා දීමට සැලසුම් කර ඇත.

මෙය ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

දිගින් කිලෝමීටර 43 ක් වන කොළඹ ඇළ මාර්ග පද්ධතිය වර්තමානයේදී ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් නඩත්තු කරනු ලබයි. වසර ගණනාවක් තිස්සේ ඵලදායි කාර්යයක් සඳහා භාවිතයට ගෙන නොමැති මෙම ඇළ මාර්ග පද්ධතිය භාණ්ඩ සහ මගීන් ප්‍රවාහන කිරීමේ කාර්යය සඳහා යොදාගැනීමෙන් රථවාහන තදබදය අවම කර ගැනීමටත්, සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා යොදා ගැනීමටත් හැකියාව ඇති බව හඳුනා ගෙන ඇති බව රජය ප්‍රකාශ කර සිටී.

නාවල සිට වැල්ලවත්ත දක්වා නිවික හමුදාව කලකට පෙර ආරම්භ කළ බෝට්ටු සේවාව මාස කීපයකට පෙර නතර කර ඇත.

ලන්දේසි හා පෘතුග්‍රීසී සමයේ කොළඹ හා තදාසන්න පෙදෙස්හි ජල මාර්ග ගමන් බිමන් හා බඩු ප්‍රවාහනය බෙහෙවින් ප්‍රචලිත වී තිබිණි.



අදහස් (0)

ඔරුපාරු යළි කොළොම්පුරේ

සිරි Friday, 12 February 2016 03:21 PM

මේ වැඩේ කරන්න පුළුවන් සීමිත ප්‍රදේශයක පමණයි. පාලම් යටදී පාදම බෝට්ටුව පතුලේ වදින එක ලොකු ප්‍රශ්නයක් (උදා.නාවල පාලම) අධික දුර්ගන්ධය තවත් ප්‍රශ්නයක් (උදා වැල්ලවත්ත ඇල). (කෞ)

:       0       0

ඉමේෂ් Friday, 12 February 2016 11:32 AM

පටන් ගත්තුවා නතර කරලා අයෙත් පටන් ගන්නවා. මාර විහිලු තමයි ඔය පිස්සු රටේ පාලකයෝ කරන්නේ. (බ)

:       0       0

අමා Saturday, 13 February 2016 09:13 AM

ක්‍රියාත්මකව තිබුණු ඒවා නවත්වලා, ආයේ මේගොල්ලන්ගේ වගේ පටන් ගන්නවා. මාර යහපාලන සංවර්ධනය .(ම)

:       0       0

උපාලි Friday, 12 February 2016 11:52 AM

බැංකොක් වල කුණු ඇල එයාලගේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යක් . ඇයි අපට බැරි මෙච්චර හොඳ ඇලවල් තියෙද්දී . ඉතාමත් හොඳ යෝජනාවක්. (බ)

:       0       0

කරුණාරත්න Friday, 12 February 2016 12:23 PM

මේක නම් ඉතාම හොඳයි (නි)

:       0       0

ඇන්ටන් Friday, 12 February 2016 01:01 PM

අතීතයේ කොළඹ සිට පුත්තලම දක්වා හැමිල්ටන් ඇළ දිගේ භාණ්ඩ ගෙනයාමට පාරු සේවයක් තිබිලා තියෙනවා. නමුත් දැන් ඒ හැමිල්ටන් ඇළ දෙපැත්තේ මිනිස්සු පැල්පත් හදාගෙන කුණු, අසුචි පවා ඒකට දානවා. සමහර තැන්වල ඇළක් දකින්නත් නැහැ (නි)

:       0       0

වසන්ජය Friday, 12 February 2016 09:57 PM

ඇළ මාර්ග දිගේ නොව ගුවනින් ගෙනයන්න කටයුතු කරන්න (නි)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Friday, 12 February 2016 11:07 PM

ඉමේෂ්, මහින්ද මහතාගේ යුගයේදී මෙය පටන් ගත්තත් ක්‍රියාත්මක වුණේ නැහැ. මෙය ක්‍රියාත්මක කළ හැකිනම් හොඳ දෙයක්. එනිසා කවුරු පටන් ගත්තාද නොවේ වැදගත්, හොඳ දේවල් ක්‍රියාත්මක කරන එකයි (නි)

:       0       0

විජිත් Friday, 12 February 2016 10:45 AM

හරියට කරගන්නට හැකිනම් ඉතාම සාර්ථක ව්‍යාපෘතියක් වේවි.මේ සඳහා මහාජනයාගේ සහයෝගය ඉතාම අවශ්‍ය කරුණකි.ජලය අපවිත්‍ර කිරීමෙන් පරිසරයට සහ මහජනයාට සිදුවන හානීන් සහ මෙමගින් ඔවුන්ට අත්වන වාසින් පෙන්වා දීම කළ යුතුයි.අවට පාසල්වලදිත් දරුවන් දැනුවත් කළ යුතුයි. දියුණුවේ ඉහලම අඩියක සිටින බටහිර රටවල් භාවිතාකරන ඉතාම පහසු හා කාර්යක්ෂම ප්‍රවාහන ක්‍රමයක් වන මෙය ,.හොඳ සැලසුමක් ඇතිව ක්‍රියාත්මක කලොත් සංචාරක ප්‍රවර්ධනයට කියාපු වැඩක්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 412 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 2253 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 1641 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 705 1

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 610 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 709 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37708 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24856 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site